බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටි

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටි

    අපේ තරුණ කොල්ලෙකු තම ආච්චිගේ වයසේ පසුවන මහලු සුද්දියකු සමග දීග කන බව මා කීවොත් ඔබ එක්වරම පුදුමයට පත්වනු ඇත.

    06-Rasa-P1-01.jpg



    බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටිනා

    සුද්දන් හා සුද්දියන් සමග විවාහ වී පවුල් ජීවිත ගත කරන අප රටේ පිරිමි හා ගැහැණුද සිටිති. මේ දීග කෑමට වයස් භේදයක්, හෝ ආගම්, ජාති, කුල මල කිසිදු බේදයක් නැත. අපේ තරුණ කොල්ලෙකු තම ආච්චිගේ වයසේ පසුවන මහලු සුද්දියකු සමග දීග කන බව මා කීවොත් ඔබ එක්වරම පුදුමයට පත්වනු ඇත.

    අපේ කෙල්ලක් තම සීයාගේ වයසේ මහලු සුද්දෙකු සමග එකගෙයි වසන බව කීවොත් මොකද ඔබට හිතෙන්නේ. විශ්වාස කරන්න. වෙරළ අසබඩ මේ සියලු දේ සිදුවෙයි.

    යුරෝ, ඩොලර්, පවුම් මේ සියල්ලට වයස් භේද නොව ස්ත්‍රී පුරුෂ කියා ලිංග බේදයක් ද නොපෙනේ. හෝටල් හා සුපිරි නිවාසවල යාන වාහන තබාගෙන අතට පයට දැසි දස්සන් තබාගෙන මේ බොහෝ දෙනා දිවි ගෙවන්නේ සුපිරි ජීවිතය.

    අපේ රටේ පමණක් නොව පිටරට වලද මොවුහු විශාල පිරිසක් දරු පවුල් හදා වඩාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරති. අපේ කෙල්ලෝ පමණක් නොව අපේ ඇතැම් කොල්ලෝද මේ සුද්දන් සමග පවුල් ජීවිත ගත කරති. මොවුහූ අපේ කොල්ලන්ට අත දිගහැර වියදම් කර සියලු යස ඉසුරු ලබාදෙති.

    අට පාස් නැති ඇතැම් “බීච් බෝයිලා” විදේශීය භාෂා කීපයක් කතා කරන්නේ චතුර ලෙසිනි. කොණ්ඩා ගොතා පාට කර කනට කරට කරාඹු දමා සිටින අය මෙන්ම සංචාරක ව්‍යාපාරය ගැන හොඳින් දන්නා අයද බීච් බෝයි සමාජය තුළ දකින්නට පුළුවන. මේ අය කුමන අන්දමකට අපිට පෙනුනද, සුද්දන්ට හා සුද්දියන්ට මොවුන් බොහෝ වටින්නේය.

    මේ අයියේ මගේ නමත් ගමත් පත්තරේ දාන්න එපා යැයි මුලින්ම ඉල්ලා සිටි බීච් බෝයි තවමත් අවුරුදු විසි පහක් නොඉක්මවූ කඩවසම් තරුණයෙකි. මා ඔහු හමුවීමට ගියේ නිශාන්ත නම් වූ ඔහු දන්නා හඳුනන මිතුරකුගේ මාර්ගයෙනි.

    “ට්‍රැවල් ඒජන්සි වලින් හෝටල් වලට ගෙනැත් දාන ඩීසන් සුද්දෝ-සුද්දියේ බීච් එකට ඇවිත් අපිත් එක්ක සෙට්වෙන්නෙ කලාතුරකින්” යි ඔහු කතාවට මුල පුරමින් කීය.

    “අයියා දන්නවද... හෝටල් කාමරේ ඉඳලා සුද්දා අපි ළඟට ආවම සුද්දා ආපහු උගේ රටට යවන්නේ සුද්ද කරලා...” ඔහු සිනහසෙමින් පැවැසීය.

    “කොහොමද මල්ලි පාටි සෙට් කර ගන්නේ” මම ඔහුගෙන් විමසීමි.

    06-Rasa-P1-03.jpg


    “යුරෝප් සුද්දෝ ඩීසන්.. පොරවල්... හොඳ බඩු රසියන්-යුක්රේන් එවුන් පට්ට හිඟන්නෝ.

    “අපි වැල්ලට වෙලා පාටියක් බලාගෙනම ඉන්නේ. වැල්ලට පිටින් කවුරුත් බහිනවට අපි කැමති නැහැ. මොකද අපේ ගාණනේ කැපෙන්නේ...” “මුලින්ම ගෙස්ට් ගාවට ගිය කෙනාට තමයි පාටිය. ඒක තමයි වැල්ලේ ක්‍රමය. ඒක ත්‍රිවිල් වල ටර්න් ක්‍රමය වගේ...” ඔහු කීය.

    “ඉතිං” මම විමසීමි.

    පාටියට කොක්ක ගහපු මුල්ම කෙනාට පාටිය. සුද්දා එංගලන්ත එකෙක් නම් අපි කියන්නේ මහ රටේ සුද්දෙක්... කියලා. ඉන්දියාවේ එකෙක් නම් අල්ලපු රටේ එකෙක් කියලා. අපි කියන්නේ...”යි බීච් බෝයිලාගේ භාෂාව ගැන මාව දැනුම්වත් කරමින් ඔහු කීවේ වෙරළ තීරය දෙස තියුණු බැල්මක් යොමු කරමිනි.

    “ජර්මන්, එංගලන්ත වගේ පොහොසත් යුරෝප් රටවල සුද්දො ආවම අපිට වාසියි. යුක්රේන් රෂියන් ආවම වැඩක් නැහැ. ඉස්සෝ ප්ලේට් එක දීලා උන් සෙට් කරගන්න පුළුවන්. අනික් උන් ටිප් (සන්තෝසමක්) දෙන්නෙත් නැහැ. කඩෙන් කන්නෙ. උන් අමු.. ජාතියක්” යි කීය.

    ගෙස්ට්ලා පාටියක් රැගෙන රටේ විවිධ කඩ සාප්පු (මැණික්, තේ, වෙස්මුහුණු) වලට යන මේ බීච් බෝයිලා හෙවත් ටුවරිස්ට් ගයිඞ්ලාට සියයට හතළිහ පනහ අතර කොමිස් මුදලක් අනිවාර්්‍යයෙන්ම කවරයක දමා අතමිට මොලවන්නේ සන්තෝසමක් ලෙසිනි.

    ෂොප්වලට සුද්දො ගෙනිච්චාම අපි කොමිස් ගැන අහන්නේ නැහැ. අපි අහන්නේ මගේ කොන්ඩෙ හොඳද. ලොකු කොණ්ඩයක්ද පොඩි කොණ්ඩයක්ද කියලා. ස්පයිස් ගාර්ඩන් වලින් සියයට හැටක් ලැබුණාම සියයට පනහක් ගයිඞ්ට සියයට දහයක් ඩ්‍රයිවර්ට.”

    “පාටියක් සෙට් වුණාම උන් අනිවර්යයෙන් මුහුදේ නාන්න වැල්ලට එනවා. එතකොට අපි සුද්දට තැඹිලි අන්නාසි කෙසෙල් දෙනවා. හැබැයි ශත පහක්වත් උගෙන් ගන්නේ නැහැ” ඔහු කීය. “ඇයි ඒ...” මම ඇසුවෙමි. “අපි උන්ට දෙන තටුවක් ඒ. උන් ඊට පස්සෙ පෙරේතයෝ වෙගේ අපේ පස්සෙ වැටෙනවා.
    “මුහුදේ නාන්න ගියාම උන්ගෙ හම පිච්චෙනවා. එතකොට අපි ගෙදරින් අරගෙන යන කෝමාරිකා උන්ගේ පිටේ ගානවා. එහෙම කරන්නේ කොහොම හරි පාටිය අපිට සෙට් කරගන්න. අපි ඊට පස්සෙ කරන්නේ උන්ගෙ කොණ්ඩෙ කපනවා...”

    “එහෙම සෙට් වෙලා බැඳපු ගයිඞ් කෙනෙක් සොයාගන්න බැරිද?” යළිත් මම ඇසුවෙමි.

    06-Rasa-P1-05.jpg


    ටික දුරක් වෙරළේ ඇවිද ගොස් රෑන ගස් අතරින් වැටී ඇති අඩි පාරේ ගොස් කුඩා නිවසක් අසල නැවතුනා. ජර්මන් කාන්තාවක් හා විවාහ වූ 28 හැවිරිදි තරුණයකු මට හඳුන්වා දෙමිනි. ඔහු මෙතැන් සිට විනෝද් නමින් හඳුන්වන්නේ නම හෙළි කිරීමට තිබූ අකමැත්ත හේතුවෙනි.

    “සුදු හම තියෙන මේ අය වැඩිම කැමති අපි වගේ කළු හම තියෙන කොල්ලන්ට...” විනෝද් මා දෙස බලා කීවේ මදසිනහවක්ද පාමිනි.

    විනෝද් කියන කතාවට මෙතැන් සිට අපි සවන්දෙමු.

    “මම බීච් එකට ගියේ සුනාමියෙන් පස්සෙ 2006 අවුරුද්දෙ. ඒ ලයිෆ් ගාඞ් කෙනෙක් හැටියට. බීච් එකේදී තමයි මට ක්‍රිස්ටිනා හමුවුණේ.”

    “ක්‍රිස්ටිනා ජර්මනියේ. වයස අවුරුදු තිස් හතක් විතර ඇති.”

    “බීච් එකේ වොලිබෝල් ගගහ ඉන්න දවසක තමයි මුලින්ම ක්‍රිස්ටිනා දැක්කේ. මුල්ම දවසේ කතා කරා මාදු ගඟේ යන්න. මොකද හොඳ කෑල්ලක් එනකම් අපි බලා ගෙන ඉන්නේ. වැඬේ කියන්නේ එදාම හරියටම මටම මේක මාට්ටු වුණා.

    මම මුලින්ම කතා කරලා කීවේ මාදුගඟ බලන්න යමුද කියලා. පහුවදාම අපි බෝට්ටුවක් අරගෙන ගඟෙ ගියා. ආදරේ පෙන්වලා තමයි ලයින් වෙන්නේ. එදා ගඟෙන් ගොඩට එන කොට මෙයා මට ගාණට සෙට් වුණා.

    ඊළඟ දවසේ රෙස්ටූරන්ට් එකකට ගිහින් කෑම කන්න මම කතා කළා. එදා බියර් බීලා කෑම කාලා අපි දෙන්නා රෑ ආවේ බීච් එක දිගේ. අපි දෙන්නා එදා බෙහොම සමීප වුණා.

    ඊට පස්සෙ මම අයිඩියා එක දැම්මා. කැස්බෝ බලන්න රෑට වැල්ලට යමුද කියලා. අපි කැස්බෝ බලලා පැටව් අරගෙන මුහුදට දමලා ඇඟේ වැදි වැදී ෆුල් ෆන් එකේ ආවේ.” එදා එයා මට එන්ටර් වුණා. අපේ ටෝක් එකට තමයි එයාලා අහුවෙන්නේ.

    “ඊට පස්සෙ දවසේ අහනවා මුහුදේ නාන්න යමුද කියලා. එයා කැමති වුණා. මම එදා ක්‍රිස්ටිනා එක්ක මුහුදේ නාන්න ගියේ ගොඩක් රෑ වෙලා. එයා රෑට මුහුදේ නාන්න හරිම ආසයි. රෑට මුහුදු වතුර රස්නෙ නිසා. එදායින් පස්සෙ එයා මගේ පස්සෙම වැටිලා. මම නැතුව කිසි තැනක යන්නේ නැහැ. අපි හොඳට එන්ටර් වුණා. අපිව හමුවන්න එනවා. අපේ හිතවත්කම දැන් අවුරුදු ගාණක්. ජර්මන් ගිහින් මට සල්ලි එවනවා. මේ රෙස්ටූරන්ට් එක හදන්නේ ක්‍රිස්ටිනා එවපු සල්ලි වලින්. එයා බැඳලා නැහැ. එයාට මං දැන් නැතිවම බැහැ..”යි විනෝද් කීවේ අතට අත දී අපගෙන් සමුගනිමිනි.

    ඊළඟට අපට මුණගැසුනේ විසිපස් හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ජීවිතයට වාසනාව උදා වූවද ටික කලකින් ඒ වාසනාව ඔහු වෙතින් ඈත්ව ගියේ හීනෙකින් හෝ නොසිතූ පරිදිය.

    20 හැවිරිදි තරුණයකු වූ ඔහු කපිල ලෙස හඳුන්වාදෙන්නේ නම හෙළිකිරීමට ඔහු තුළ තිබූ බලවත් අකැමැත්ත නිසාය.

    හික්කඩුව, නාරිගම වැල්ලේ කරක් ගසමින් සිටි කපිල පාසල් ගියේ දහය ශ්‍රේණිය තෙක් පමණි. පාසල් යන කාලයේද ඔහු වැඩිකලක් සිටියේ පාසලට වඩා වැල්ලේය. ඒ අතට කීයක් හෝ දිනපතා ලැබුණු නිසාය. ඒ මුදලින් ඔහු පිස්සු නැටුවේ නැත. කුඩු බී විනාශ කළේ ද නැත. ඔහුට සිහිනයක් තිබුණේය. ඒ ලස්සන ගෙදරක ජීවත් වීමටය. ඒ සිහිනය ලස්සන නිවසක් දකින හැම මොහොතකම අලුත් වූවේය. වැල්ලෙන් ලැබෙන කීයක් හෝ ගෙදර එදිනෙදා වියදම්වලට දුන් කපිල ඉන් සුළු මුදලක් බැංකු ගිණුමට දැම්මේ තම සිහිනය කෙදිනක හෝ සැබෑ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුවය.

    “සුද්දිට වයස හැත්තෑවයි. එතකොට මගේ වයස අවුරුදු විස්සයි.” කපිල සිය මතක සටහනේ පිටු පෙරලන්නට විය.

    “සුද්දි මට පිස්සු වැටිලා හිටියේ. මට හිතාගන්න බැහැ ඇයි ඒ කියලා. මට මුලින් ඕන වෙලා තිබුණේ සල්ලි විතරයි. ඒත් පස්සෙ ඒක ආදරයක් බවට පත් වුණා.

    06-Rasa-P1-04.jpg

    කපිල ආදරයෙන් බැඳුණු 70 හැවිරිදි සුදු කතගේ ස්වාමි පුරුෂයා මියගොස් වසර දහයකට වැඩිය. ඇය කෝටිපති කතකි. කපිලට වඩා වැඩිමහල් වයස දරුවන් තිදෙනකු සිටි ඇය ගෙවා දැමුවේ කිරිල්ලියක මෙන් නිදහස් ජීවිතයකි.

    70 හැවිරිදි මේ මහලු සුදු කාන්තාව සමග විවාහ වන 20 හැවිරිදි කපිල මාස කිහිපයකින් පසු ඇය සමග එතරෙට පියාසර කරන්නේ ඇයගේ සුපිරි කැදැල්ලේ දිවි ගෙවීමටය.

    දිවිගෙවූ ඇගේ සුවිසල් නිවසේ අශ්වයෝ කිහිපදෙනකු වූහ. විසි හැවිරිදි කොල්ලෙකු සමග දීග කෑම පටන් ගත් සිය මව සමග ඇයගේ දරුවන් තුළ වූයේ අකමැත්තකි. සිය මවගේ තීරණයට අභියෝග කිරීමට ශක්තියක් ඔවුන්ට තිබුණේ නැත. ඇයගේ වැඩිමහල් දරුවන් සියලු දේ ඉවසා සිටියේ කළ හැකි කිසිවක් නොවූ නිසාය.

    ගත වූයේ දින කිහිපයකි. හදිසියේම කපිලගේ ආදරණීය බිරිඳ රෝගාතුර විය. සිය පෙම්වතිය අසල හැම මොහොතක් ගත කළ කපිල, ඇය අස්වැසීමට ප්‍රයත්න දරුවේය. කොතෙකුත් ප්‍රතිකාර කළත් දිනෙන් දිනම රෝගය උත්සන්න විය. ඇය වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ප්‍රතිකාර කළද ඵලක් නොවීය. මාස තුනක් ගත වූ මොහොතේ ඇය සදාකාලික නින්දකට වැටී සිටියාය.
    06-Rasa-P1-02.jpg


    ඇයගේ දේපල වලින් හරි අඩකට හිමිකම් කීමට කපිල වාසනාවන්ත වූවද ඊට නිවසේ සිටි සුදු කතගේ වැඩිමහල් දරුවන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. කපිලට සිදුවූයේ ඔවුන්ගේ බාරයේ නිවාස අඩස්සියේ පසුවීමටය. කිසිවක් කර කියා ගත නොහැකිව නිවසටම කොටු වූ කපිල මරණ බයෙන් තැතිගත්තේය. අවසානයේ සිදුවන සියල්ල ගැන ලංකාවේ සිය මිතුරෙකුට දැනුම් දුන්නේ තම නිවසේ අයට ඒ පණිවුඩය දෙන ලෙස කියමිනි.

    “පුදුම වැඩක්... ඒ ගෙදර කොටුවෙලා මම කොහොම හිටියද කියන්න අමාරුයි. අපේ ගෙදර අය සෙත්කවි කියවන බව මට යාලුවා කියා එව්වා.

    සෙත් කවිවල බලේද දන්නෙ නැහැ. ගෙදර අයගෙ අදහස් වෙනස් වුණා. මෙගේ වියදමට සල්ලි දීලා රස්සාවකුත් හොයලා දීලා මාව නිදහස් කළායි කපිල කීවේ තම ජීවිතය බේරා ගැනීමට හැකි වීම ගැන දෙවියන්ට බුදුන්ට පින් දෙමිනි
    “යමු තවතැනකට කෙල්ලට 23යි, සුද්දට 70යි.” මට මඟ පෙන්වූ මිතුරා කීය.” යමුද කෙල්ල එක්ක කතා කරන්න බලන්න” ඔහු මට යෝජනා කළෙමි.
    “යමු” අප යළි ගමන ආරම්භ කළේ සෙව්වන්දි හමුවීමේ අදහසිනි.

    සෙව්වන්දිගේ නිවසට ගොඩ වූ අප ආ හේතුව දැනුම් දුන්නද ඇය අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ අමනාප නොවන ලෙස කියමිනි. අපි ඇයගේ නිවසෙන් පිට වී ඒමට සූදානම් වීමු.

    “මොනව හරි බීලා යන්න ඉන්න” ඇය අපගෙන් කාරුණිකව ඉල්ලා සිටියාය.

    කමක් නැහැ... මහත්තයෝ මට වෙච්ච දේ කියන්නම්... ඒක පත්තරේ කියවලා කවුරුහරි බේරෙනවා නම් ඒකත් මට ලොකු පිනක්..” දැනට 30 වියේ පසුවන සෙව්වන්දි කීවාය.

    සෙව්වන්දිගේ කතා බහ, හැසිරීම ඇඳුම් පවා බටහිර පන්නයටය. සිය සැමියා සමග අවන්හලක් පවත්වාගෙන යන ඇය අප සමග කතා බහ ආරම්භ කෙළේ මෙලෙසිනි.

    “අපි හරිම දුප්පත්. තාත්තට හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. අම්මා ලණු අඹරලා අපිව ජීවත් කරවන්න පුදුම දුකක් වින්ඳා. නංගීයි මල්ලියි, මම පවුලේ වැඩිමලා. ඉස්කෝලෙ ගියේ ගොඩාක් ප්‍රශ්න මැද මට ඕනෑ වුණේ හොඳට ඉගෙන ගෙන මේ නරා වළෙන් අපි ඔක්කොම ගොඩට එන්න. සමහර දවස්වලට උදේ ඉස්කෝලෙ යන්නෙ කට්ට බඩගින්නේ. උදේ කාලා ගියොත් දවල්ට කන්න දෙයක් නැහැ. ගොඩාක් දවස් රෑට කාපු වේල් ගණනට වඩා නොකාපු වේල් ගාන වැඩියි.

    අපේ පංතියේ කෙල්ලෝ මට කිව්වෙ උඹ කළු වුණාට බං දැකුම් කළුයි කියලා. කොණ්ඩ කරල් දෙක ගොතා ගෙන සුදු ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙ යන කොට අම්මා මට කිව්වේ මගේ කෙල්ල ලස්සනයි. පරිස්සම් වෙයන් පුතේ... කියලා.

    ඉස්කෝලේ කොල්ලෝ දෙතුන් දෙනෙක් මට ට්‍රයි කරා. ඒ මගේ ආදරය දිනාගන්න. මම ඒ එකකුටවත් කැමති වුණේ නැහැ. මට ඕනෑ වුණේ මොන ප්‍රශ්න තිබුණත් හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න.

    සුරංගි කියලා මට යාළුවෙක් හිටියා. එයා යාලුවෙලා හිටියේ නිමන්ත කියලා පන්තියෙම කොල්ලෙක් එක්ක. අපි සතියකට දවස් දෙක තුනක් ටියුෂන් ක්ලාස් යනවා. සුරංගි නම් ටියුෂන් පන්ති එනවා කියලා නිමන්ත එක්ක කොහේ හරි රවුමක් ගහලා පංති ඇරෙන වෙලාවට ස්ටෑන්ඞ් එකට එනවා. මගේ අසරණකමට දුප්පත් කමට මට ෆ්‍රී කාඞ් එකක් දීලා තිබුණා. අඳුනන කෙනෙකුගෙ මාර්ගයෙන්.

    එක දවසක් සුරංගිගෙ බල කිරීමටම ටියුෂන් ක්ලාස් එන ගමන් අකුරල කහට හරියේ තැනකදි බස් එකින් බැස්සා. ගාලු පාර දිගේ අපි ටික දුරක් එනකොට පාර අයිනේ පාළු තැනක නිමන්තයි තව කොල්ලෙකුයි හිටියා.

    සුරංගි-නිමන්ත එක්ක අතින් අල්ල ගෙන වැල්ල අයිනේ රෑන පඳුරක් යටට ගියා. මට කර කියා ගන්න දෙයක් නැතිව තනි වුණා. ඒ කොල්ල මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියේ. මට පුදුම බයක් ඇති වුණේ. මම වැල්ලේ රෑන පඳුරක් යට ගලක් උඩ වාඩි වෙලා හිටියේ. ගෙදර ගැන අම්මා, තාත්තා ගැන මතක් වුණා. මට බය හිතුණා. ජීවිතේටම මේ වගේ ගමනක් ආපු පළමු දවස.

    නිමන්තගේ යාළු කොල්ල පේන්න හිටියේ නැහැ. ටික වේලාවකට පස්සේ බීම බෝතල් හතරක් අරගෙන ආවා. දෙකක් සුරංගිට හා නිමන්තට ගෙනිහින් දුන්නා. මගේ ළඟට ඇවිත් ආ නංගී මා එක්ක කතා නොකරට කමක් නැහැ. මේ බීම බොන්න කියලා බෝතලේ මට දුන්නා. පිපාසෙන් හිටපු මම බැරිම තැන බීම උගුරක් බිව්වා. මගේ මුළු ගතම සීතල වෙලා ගියා.

    බීම බෝතලේම එක හුස්මට බීගෙන ගියා. ටික වේලාවකදි මට තද නිදි මතක් හැදුණා. මට මතක එච්චරයි.

    එදා මම නැගිටින කොට මට වෙන්න ඕන සියලු දේ වෙලා ඉවරයි. මම සුරංගිව බදාගෙන පැයකට වැඩියේ ඇඬුවා. මට හිතුණේ එදාම මුහුදේ පැනලා දිවිනහගන්න. ඒ කොල්ල මට පොරොන්දු වුණා නංගි මම කසාද බඳින්නම් කියලා. පස්සේ තමයි එයා කුඩුකාරයෙක් කියලා දැනගත්තේ. ගෙදර හැමෝම ඒ කොල්ලට විරුද්ධ වුණා. මම ඉස්කෝලෙ ගමන නැවැත්තුවා.

    මට මම ගැනම වගේම ලෝකයම එපා වුණා. මාර කලකිරීමක් දුකක් තනිකමක් හිතට ආවා. මට මගේ ජීවිතෙන් පළිගන්න හිතුණා.

    ඊට පස්සෙ තමයි ජෝන් කියන සුද්දට මම කැමැති වුණේ. එයා අපේ තාත්තටත් වඩා වැඩිමහල් සුද්දට අවුරුදු 70ක්. එතකොට මගේ වයස 23ක් සුද්ද නැවතිලා හිටපු රූම් එකට යන්නෙ අපේ ගෙදර ළඟින්. ඒ යන එන කොට හිනහ වුණා. කතා කරා. පස්සෙ චොකලට් සෙන්ට් දුන්නා. ටික දවසකට පස්සෙ සුද්දා ගෙදරට ආවා. අම්මට සල්ලි දුන්නා. මාසයක් විතර ගියාට පස්සෙ මගෙන් ඇහුව මැරි කරන්න කැමති ද කියලා. මම දෙපාරක් හිතන්නේ නැතිව කැමති වුණා. හික්කඩුවේ අපි දන්න හොටෙල් එකක වෙඩින් එක ගත්තා.

    මට ලක්ෂ දහයකට වැඩියේ වටිනා රත්‍රං බඩු අරන් දුන්නා. සුද්ද මට පිස්සු වැටිලා හිටියේ. අපි දෙන්න රට වටේ හැම තැනම ගියා. මම බැඳපු සුද්දා මාස තුනකට පස්සෙ රට ගියා. ඒ ගියේ මාව ගෙන්න ගන්න පොරොන්දු වෙලා. මම සුද්දගෙ රටට යන්න දින ගණන් මාස ගණන් බලාගෙන හිටියා. ඒත් අද වෙනකම් එයාට මොකද වුණේ ඉන්නවද නැද්ද කියලා දන්නෙ නැහැ”යි සෙව්වන්දි කීවේ දිගු හුස්මක් ගෙන පිට කර හරිමිනි.

    බලාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා මට තේරුණා. ආපහු සුද්දෙක් එක්ක යාළු වුණා. ඒ සුද්දට එච්චර වයස නැහැ. එයා තමයි මේ ඔක්කොම කරන්න සල්ලි දෙන්නේ...” සෙව්වන්දි කීවේ අපේ කතා බහ අවසන් කරමිනි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් මට ඉරිසියයි ඌට නාකි සුද්දියෙක් සෙට් වෙලා ඉන්න එකට...:rofl:
    නාකි උන් එක්ක සෙට් වෙන්නෙ නෑ උන් සෙට් වෙන්නෙ තරුණ ලස්සන කෙල්ලො එක්ක. ලිදේ ඉන්න ගෙම්බට හොදටම රිදිල. උඹෙ කෙල්ලව එක්ක යමන් හික්කඩුව පැත්තට තොට කෙල්ලව හන්ගන්න කොරල් පරයක් හොයන්න වෙයි එතන උන් සෙට් වෙලා ඉන්න කෙල්ලො දැක්කහම. ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් නිකම්ම බහිනව ඔය හික්කඩුව උණවටුන පැත්තෙ ආවහම. තොපි ලින් මැඩියො තව කඩේ යනව ලංකාවෙ කෙල්ලන්ට.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    නාකි උන් එක්ක සෙට් වෙන්නෙ නෑ උන් සෙට් වෙන්නෙ තරුණ ලස්සන කෙල්ලො එක්ක. ලිදේ ඉන්න ගෙම්බට හොදටම රිදිල. උඹෙ කෙල්ලව එක්ක යමන් හික්කඩුව පැත්තට තොට කෙල්ලව හන්ගන්න කොරල් පරයක් හොයන්න වෙයි එතන උන් සෙට් වෙලා ඉන්න කෙල්ලො දැක්කහම. ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් නිකම්ම බහිනව ඔය හික්කඩුව උණවටුන පැත්තෙ ආවහම. තොපි ලින් මැඩියො තව කඩේ යනව ලංකාවෙ කෙල්ලන්ට.

    මං එදා උබව සුවර් කරේ නෑ ඒත් අද සුවර් කරනවා :lol: