මෙහෙමයි මටත් ඕක හිතුණා ඉස්කොලෙ යන කාලෙ .
මන් හිතාගෙන හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණීස් නැහැ කියලා.
ගූගල් ,යාහු වගෙ එව්වානෙ අපි දැනන් හිටියෙ.
ඒ කාලෙ හිතුණා අපෙ රටෙත් මෙහෙම දෙයක් හැදුවානම් හොඳයි කියලා.
එත් අපෙ රටවල් වලට ඒ වගෙ තැනකට යන්න තරම් කැපැසිටි එකක් නැහැ බන් .
අපිට විතරක් නෙමෙ ඔච්චර අයි ටී ඔස්තාර්ලා ඉන්න ඉන්දියාවෙවත් තාම එහෙම එකක් නැහැ නෙ ?
අපි කවුද බන් එහෙම උනහම.
අර උඩ රිප්ලයි එක වගෙ ගූගල් ,යාහු ෆේස්බුක් කියන්නෙ ප්‍රඩක්ස් ගොඩක එකතුවක්.තනි පුද්ගලයෙක්ගෙ වැඩක්වත් තනි කම්පැණි එකක වැඩක්වත් නෙමෙ.
ප්‍රඩක්ස්,ටෙක්නොලොජීස්,සොෆ්ට්වෙයාර්ස් බර ගාණක එකතුවක්.
එතන නැබැයි වැදගත්ම දේ කන්සෙප්ට් එක.
නිකන් මෙහෙම හිතපන් .
වාහනයක් තියෙනවා
වාහනෙ බොඩිය, ටයර් එක බ්‍රේක් සිස්ටම් එක රන් වෙන සොෆ්ට්වෙයාර් එක වගෙ දෙවල් වලදි එකම කම්පැණියෙන් හදන්නෙ නැහැ නෙ ?
කම්පැණිස් බර ගාණකින් ඒ අදාල කොටස හදල එව්වා ගෙනල්ල ඇසෙම්බල් කරල තම හදන්නෙ.
එකම දේ ඒ ඇසෙම්බල් කරල හදන්න පහසුකම ඒ වගෙම ඒ හදන ප්‍රඩක්ට් එකට මාකට් එක ඒ රටට තිබීම වගෙ කාරණා වැදගත්.
ටොයොටා අනං මනං කොච්චර හැදුවත් ජර්මනියෙ බෙන්ස් මාකට් එක වට්ටන්න බැහැ නෙ ?
මොකද උන් ලක්ෂරි සෙඩාන් මාකට් එකෙ නම හදාගෙන තියෙන්නෙ මුල් කාලෙ ඉඳලාම.
ඒ වගෙම බෙන්ස් ,බී එම් ඩබ්ලිව් ,අවුඩි කොච්චර හැදුවත් ඉතාලියෙ ලැම්බොර්ගිනි වැටෙන්නෙත් නැහැ නෙ ? ඒ කැටගරි එකෙ මාකට් එක උන් වෙනම හදාගෙන තියෙන්නෙ.
ඒ වගෙ තමා ඔය අපි දකින ගොඩක් ප්‍රඩක්ට්ස් ඇමරිකාවෙන්ම එන්නෙ ඇමරිකාව ඒ පැත්ත අල්ලගෙන ඉන්නෙ මුල ඉඳලාම.
ඇමරිකාවෙන් පිට මන් දන්න තරමින් උබ කියන ජාතියෙ ප්‍රඩක්ස් හැදුනෙ එස්තොනියාවෙ (ස්කයිප්) ,ඊශ්‍රායල් (වයිබර් ) වගෙම චීනෙ ( ටික් ටොක් )
විතරයි .
චීනෙ උනත් හැදුණු අනික් ප්‍රඩක්ස් තනිකරම් ඇමරිකන් කොපි .
Google, Amazon, Facebook කියන්නේ ප්‍රොඩක්ට් එකක් නෙවේ ප්‍රොඩක්ට් ගොඩක එකතුවක්. ඒවගේ එකක් කරන්න ගොඩක් සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපේ රටේ එහෙම බිලියන් ගනන් ඉන්වෙස්ට් කරන්නත් බැ. අනික ලංකාවට විතරක් කරනවනම් ටාර්ගට් ඕඩියන්ස් එක අඩුයි (උපරිම මිලියන 20) . ඉතින් ප්‍රොෆිට් අඩුයි. අලුත් ස්ටාර්ටප් එකක් උනත් USA වගේ රටක තියෙන එක වාසි. උන්ට ඉන්වෙස්ට් කරන්න කට්ටිය හොයගන්න ලේසියි.
ලංකාවේ ගොඩක් කරන්නේ සර්විස්. වෙන රටක උන්ට ඕන විදියට මෙහේ ප්‍රොඩක්ට් හදනවා. CEO, Sales, Product Owner ලා ඉන්නේ පිටරට. Software Engineers, QA, DevOps උන් ලංකාවේ. ඉතින් ලංකාවේ අය හොද ප්‍රොඩක්ට් එකක් හැදුවත් නම යන්නේ පිටරට කම්පැණි නම.
හැබයි ප්‍රොඩක්ට් හදන කම්පැනිත් තියෙනවා. ඒත් ඒවට Google, Facebook වගේ ලොකු මාර්කට් එකක් නැ. එඋනාට ලංකාවේ උන්ට ලක්ෂ ගනන් ගෙවලා ප්‍රොෆිට් එකක් තියෙන්න තරම් ආදායමක් තියෙනවා.
උබෙ කතාව තමා හරි .