උදෑසන සහ දවසම සුභවේවා යැයි පතමි. ඒත් රට යන සයිස් එකේ හැටියට සුභ කකුල් දෙක පල්ලෙන් බේරී යනවා පෙනේ..
ඊයේ ලංකා රෝහලට ගියා චූටි දුව වෛද්‍යවරයාට පෙන්වන්න ඇපොයින්ට්මන්ට් එකක් ගන්න. කවුන්ටර් එකේ තඩි අකුරෙන් ගහලා තියෙනවා 15% will be added to your bill කියලා. රු.1500ට ගත්ත ඇපොයින්ට්මන්ට් එක රු.225කින් වැඩි වෙලා. රු.1725ක් වෙලා. චූටි දුවගේ EDD තිබුනේ මැයි 03. එදාට ඩිලිවරි එක උනා නම් රු. 24,000ක් අමතර බදු ගෙවන්න වෙනවා..
මස් ටිකක් ගන්න ෆුඩ් සිටි එකට ගියා එන ගමන්. චිකන් බ්‍රෙස්ට් නෑ. බෙලි කෑලි ටිකකුයි ලෙග්ස් ටිකකුයි විතරයි තිබුනේ. හැමදාම මට මස් කිරලා දෙන එකා උන්නා ලොන්ත කොකටුවෙක් වගේ විරවගෙන. මම ඇහුවා උගෙන් මොකෝ බන් මේ කියල. ඌ කියපි සර් මස් එන්න තව දවස් දෙකක්වත් යයි. ටැක්ස් එකෙන් වැඩි වෙලා එන්නේ ඒ නිසා මස් දාන්නේ නෑ විකුනන්න කියලා. ක.පු. වහගෙන කොකටු ලීලාවෙන් විරවගෙන සොසේජස් පැකට් එකක් අරගෙන ගෙදර ආවා.
ඡන්ද කොලේ ලොකු ඉරකින් කපලා දාලා ආපු නිසා මට පවු නෑ.. මම තනි යූ.ඇන්.පී. කාරයා. පරම්පරාවම. හිතට එකඟව මහින්දව පරාදකරන්න කතිරේ ගහන්න හිතුනේ නෑ. එහෙමයි කියලා දැන් ඉන්න ආන්ඬුව පත් කරවන්න හිත දුන්නෙත් නැති නිසා කොලේ ලොකු ඉරකින් කපලා ආවා. ආයේ කිසි ඡන්දෙකට එකෙක්ටවත් කතිරේ ගහන්නෑ "සජිත් ප්‍රේමදාස මහත්මයා" ජනාධිපති අපේක්ෂක වෙලා ජන්දේ ඉල්ලනකන්..
මේ විදියට ටැක්ස් කරාම පොඩි මිනිස්සු කොහෙන් නතර වේවිද? ඕක හදපු ඩෑල් එක කීවේ ජනතාවට සහන ලැබෙනවා කියලා නේ ටැක්ස් එකෙන්. ටැක්ස් කරාම කොහොමද බන් සහන ලැබෙන්නේ? මට නිකන් කොයිල් වගේ..
බිරින්දෑ සහ චූටි දූ ඇන්න රට තොලොන්ජි වෙමි. නංගි කොහොමත් රට යන්න ඉන්නේ. අම්මාගේ කැමත්ත අවසාන කාලයේ උපන් ගමේ මහගෙදර ඇයගේ අවිවාහක අක්කා සමඟ ජීවත් වීම නිසා ඇයට ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දී තොලොන්ජි වෙමි.
කිඹුලා මාමි හැමතිස්සෙම කියන "අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නෑ යකෝ මෙහෙම ගියොත්" කියන ස්ටේට්මන්ට් එකේ බරපතල්කම තේරෙන්නේ දැන්ය..
තොපිලා ඔක්කොටම කියන්නේද එයමය.. තොලොන්ජි වෙලා පලයව්!!!!