බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මං එනවා ඔහේ.. තුන් දෙනාම එක්ක. ඉතුරුකරන්න ඕනේ නෑ. ජීවත් වෙන්න පුළුවන් ගතමනාවක් එන ජොබක් ඇති.. :(

    ඉන්න එන්න එපා මචෝ. කීයක් හරි හොයාගෙන යනන් වරෙන්. උබල එනව නම් මම ෆුල් සප් එක දෙනව. ඉන්න වෙන රටක් සෙට් කරගම්මු
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මහ වේදනාවක් දැනෙනව බං. ගිය කිසිම රටක් ලංකාව වගේ සෙට් උනේ නෑ. අපේ රට වගේ මිනිස්සු හොද, ලේසියෙන් ඉන්න පුලුවන් රටක් තියෙනවද දන්නෙ නෑ ඒත් ගිය ඒවල නම් එහෙම නෑ. එහෙමයි කියල මේ යන විදියට මේ රටේ ඉන්න විදියක් නැති වේගන යනව කියලයි හිතෙන්නෙ. වෙනද ලන්කවට සල්ලි දානකොට වෙනද ඩොලර් එකට හම්බ උන රුපියල් 9* ගාන වෙනුවට 105ක් ලැබෙනකොට කාලකන්නි සතුටක් ආවත් ඒ එක්කම මතක් වෙනව මේ කෙලවෙන්නෙ අපේම රටට නේද කියල.
    මාත් ඉන්නෙ නෝනයි පොඩ්ඩියි ආපුවාම නිව් සීලන්ඩ් PR දාන්න. මොනව කරන්නද බං. අම්මලවත් එක්කගෙන යනව පුලුවන් විදියට. ගෙවල් හදන ප්ලෑන් තිබුන. ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ තාවකාලිකව.
    මාත් සතුටු වෙනව එදා වෙනසට චන්දෙ නොදුන්න එකට. මහින්දගෙ තිබුන වැරදි හිංදා ආයෙම දෙන්න බෑ කියල තීරනය කරා වගේම, අපිව පොලොන්නරුවෙදි මරන්න හදපු මයිත්‍රිට දෙන්නත් හිත හදාගන්න බැරි හින්ද කාටවත් දුන්නෙ නෑ. හැබයි ඊලග පාර නම් කවුරු ආවත් මුන්ට විරුද්දව දීල දානව.
    Gedara kattiya eida ban? Krishantha aiyath yana kathawak kiya kiya hitiya. Dan nam kohomada danne na.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් දාමු බ්‍රෝ... :rofl:
    ඇඩ්වර්ටයිසින් වල හැම මගුලම.
    රු. 2 ප්‍රින්ට් අවුට් එකේ ඉදලම මිලියන ගණන් ප්‍රොජෙක්ට් දක්වාම..
    මගේ ඔලුවෙ වැඩ කරන්නෙ කවද හරි ඇනිමෙ8 වගේ එකක් කරනවමයි කියල තමයි.. ඒ ප්‍රින්ටින් වලින්..

    ඊට අමතරව
    ක්‍රිෙය්විට් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, ඕඩියෝ, ප්‍රඩක්ෂන් හවුස්, ෂැඩියුලින්, පබ්ලිෂින්,
    ටීවී රේඩියෝ, පත්තර, වෙබ්, ෆොටෝග්‍රැෆි (වෙඩින් නෙමෙයි - කොමර්ෂල්) ඔය හැම මගුලම සෙට් වෙන විදිහෙ ෆර්ම් එකක්.. මේකනන් ලෙසටම සල්ලි හොයන්න පුලුවන් වැඩක්..
    අන්න හිටංගෙ දුවත් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් ආණ්ඩුවේ ඔක්කොම වැඩ ටික කරගෙන කරගෙන කාගෙන කාගෙන යනවලු. රස දන්නෝ අතඅරින්නෙම නැහැ..

    :):) සහෝ ශොප් එකේ බැනර් වගයක්.... බෝඩ් වගයක් කරගන්න තියේ..... දන්න එකෙක් ඉන්නවා නම් එවපන්කෝ පොඩ්ඩක්..... :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උදෑසන සහ දවසම සුභවේවා යැයි පතමි. ඒත් රට යන සයිස් එකේ හැටියට සුභ කකුල් දෙක පල්ලෙන් බේරී යනවා පෙනේ..

    ඊයේ ලංකා රෝහලට ගියා චූටි දුව වෛද්‍යවරයාට පෙන්වන්න ඇපොයින්ට්මන්ට් එකක් ගන්න. කවුන්ටර් එකේ තඩි අකුරෙන් ගහලා තියෙනවා 15% will be added to your bill කියලා. රු.1500ට ගත්ත ඇපොයින්ට්මන්ට් එක රු.225කින් වැඩි වෙලා. රු.1725ක් වෙලා. චූටි දුවගේ EDD තිබුනේ මැයි 03. එදාට ඩිලිවරි එක උනා නම් රු. 24,000ක් අමතර බදු ගෙවන්න වෙනවා..

    මස් ටිකක් ගන්න ෆුඩ් සිටි එකට ගියා එන ගමන්. චිකන් බ්‍රෙස්ට් නෑ. බෙලි කෑලි ටිකකුයි ලෙග්ස් ටිකකුයි විතරයි තිබුනේ. හැමදාම මට මස් කිරලා දෙන එකා උන්නා ලොන්ත කොකටුවෙක් වගේ විරවගෙන. මම ඇහුවා උගෙන් මොකෝ බන් මේ කියල. ඌ කියපි සර් මස් එන්න තව දවස් දෙකක්වත් යයි. ටැක්ස් එකෙන් වැඩි වෙලා එන්නේ ඒ නිසා මස් දාන්නේ නෑ විකුනන්න කියලා. ක.පු. වහගෙන කොකටු ලීලාවෙන් විරවගෙන සොසේජස් පැකට් එකක් අරගෙන ගෙදර ආවා.

    ඡන්ද කොලේ ලොකු ඉරකින් කපලා දාලා ආපු නිසා මට පවු නෑ.. මම තනි යූ.ඇන්.පී. කාරයා. පරම්පරාවම. හිතට එකඟව මහින්දව පරාදකරන්න කතිරේ ගහන්න හිතුනේ නෑ. එහෙමයි කියලා දැන් ඉන්න ආන්ඬුව පත් කරවන්න හිත දුන්නෙත් නැති නිසා කොලේ ලොකු ඉරකින් කපලා ආවා. ආයේ කිසි ඡන්දෙකට එකෙක්ටවත් කතිරේ ගහන්නෑ "සජිත් ප්‍රේමදාස මහත්මයා" ජනාධිපති අපේක්ෂක වෙලා ජන්දේ ඉල්ලනකන්..

    මේ විදියට ටැක්ස් කරාම පොඩි මිනිස්සු කොහෙන් නතර වේවිද? ඕක හදපු ඩෑල් එක කීවේ ජනතාවට සහන ලැබෙනවා කියලා නේ ටැක්ස් එකෙන්. ටැක්ස් කරාම කොහොමද බන් සහන ලැබෙන්නේ? මට නිකන් කොයිල් වගේ..

    බිරින්දෑ සහ චූටි දූ ඇන්න රට තොලොන්ජි වෙමි. නංගි කොහොමත් රට යන්න ඉන්නේ. අම්මාගේ කැමත්ත අවසාන කාලයේ උපන් ගමේ මහගෙදර ඇයගේ අවිවාහක අක්කා සමඟ ජීවත් වීම නිසා ඇයට ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දී තොලොන්ජි වෙමි.

    කිඹුලා මාමි හැමතිස්සෙම කියන "අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නෑ යකෝ මෙහෙම ගියොත්" කියන ස්ටේට්මන්ට් එකේ බරපතල්කම තේරෙන්නේ දැන්ය..
    තොපිලා ඔක්කොටම කියන්නේද එයමය.. තොලොන්ජි වෙලා පලයව්!!!!


    :(:(

    ෆේක් හදාගෙන පිස්සු කෙලින උන් වැඩි වෙනකොට
    කිරිය දාල යනවා වගේ වැඩක් නේ ඔය කියන්නේ..:dull:

    හැම එකාම රට දාල යනවට වඩා
    වෙනස් විදියක දෙයක් කරන්න හිතුවොත් මොකද මාමේ...
    මේක යන අත වෙනස් කරන්න බැරිද එකතු වෙලා...
    මේක දාල යනවට වඩා ඒක හොඳ නැද්ද?



    කොහොම උනත් මං නම් කියන්නේ
    ගහක් යට මැරුනත් මේ පුංචි ලබු ගෙඩියෙන්
    වෙනත් රකට යන්න හිතන්නේවත් නෑ කියල විතරයි:no:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉන්න එන්න එපා මචෝ. කීයක් හරි හොයාගෙන යනන් වරෙන්. උබල එනව නම් මම ෆුල් සප් එක දෙනව. ඉන්න වෙන රටක් සෙට් කරගම්මු

    agreed

    :shocked::shocked: මහ රෑත් අයියලා එක්කමයි නේහ් මූ....!! :baffled:

    :lol::lol::lol::lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මගෙත් යන අයිඩියා එකක් තිබ්බේ නෑ..ඒත් දැන් නම් යන්න හිතිලා තියෙන්නේ...:(:(
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන කියන අවිඥාණික ඇම්ම ට තියනවා.

    මාත් මේ දවස් වල කට්ට කාගෙන ගේමක් ගහනව. හරි යයිද නැද්ද නම් දන්නෙ නෑ. බලමු ඉස්සරහට.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):) සහෝ ශොප් එකේ බැනර් වගයක්.... බෝඩ් වගයක් කරගන්න තියේ..... දන්න එකෙක් ඉන්නවා නම් එවපන්කෝ පොඩ්ඩක්..... :D

    විස්තර කියපන්.... මම කරන්නන්...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :(:(

    ෆේක් හදාගෙන පිස්සු කෙලින උන් වැඩි වෙනකොට
    කිරිය දාල යනවා වගේ වැඩක් නේ ඔය කියන්නේ..:dull:

    හැම එකාම රට දාල යනවට වඩා
    වෙනස් විදියක දෙයක් කරන්න හිතුවොත් මොකද මාමේ...
    මේක යන අත වෙනස් කරන්න බැරිද එකතු වෙලා...
    මේක දාල යනවට වඩා ඒක හොඳ නැද්ද?



    කොහොම උනත් මං නම් කියන්නේ
    ගහක් යට මැරුනත් මේ පුංචි ලබු ගෙඩියෙන්
    වෙනත් රකට යන්න හිතන්නේවත් නෑ කියල විතරයි:no:
    Ape batch eke hitiya machan 100k withara. Dan 25k withara rata gihin iwarai. Thawa yanna plan karan inna un godai machan.
    Mama private institute machan. Eth dan me awrudde moratuwen out wechcha man andurana yaluwo katha karanne 2 year experience hadagena aussie , NZ PR ganna yana eka gana. Hithapanko ithin ratata hari yaida? :dull: Igena gaththa ungen kidenaida mehe ithuru wenne :dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ.. ග්‍රීන් වෙජි කන්සෙප්ට් එකට ඉල්ලුමක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒත් "හොඳ" ඉල්ලුමක් ඒ කියන්නේ බිස්නස් එකකින් සර්වයිව් වෙන්න පුළුවන් තරමේ එකක් තියෙනවද? අනික කොහොමද අපි මිනිස්සුන්ට කන්වින්ස් කරවන්නේ අපේ ප්‍රඩක්ට් එක ග්‍රීන් වෙජිමයි කියාලා??
    ඕක නෙ බැරි...උඹල දකින්නේ පොඩි දුරයි. මම කියන්නේ ග්‍රීන් වෙජි මාකට් එකට දාන කතාවක් කෙනෙවි. ග්‍රීන් වෙජි අපිම වවලා ප්‍රොෙසස් ෆුඩ් විදියට දෙන රෙස්ටුරන්ට් චේන් එකක් ගැන......
    :rolleyes::rolleyes: මාමේ පර්චස් 92 ක ඉඩමක් තියෙනවා පොලොන්නරුවේ...... මොකද කියන්නේ....?? විකුණන්න හදන්නේ....?? :rolleyes: උඹ මොකක් හරි දැන්ම කරනවා නම්..... මම නවත්තගන්නම් විකුණන්නේ නැතුව..... :yes: :D
    දැන් ම...!!!
    උඹ හිතන්නේ බිස්නස් දැන් හුතුවා හෙට දැම්ම වගේ කරන්න පුළුවන් කියල ද?
    මම මේ ක්ලිනික් එක කරන්න ප්ලෑන් ගහන්න ගත්තේ කැම්පස් ගිය දවසේ ඉදන්....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන කියන අවිඥාණික ඇම්ම ට තියනවා.
    :(:)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Gedara kattiya eida ban? Krishantha aiyath yana kathawak kiya kiya hitiya. Dan nam kohomada danne na.

    ammala nam manaapa na. eth amma nam kiyanne mehe inna bari wenawa nam danma palayalla kiyala. mata ammalawa dala yanna ba mama witharaine. danata eka ratakata hira nowi innawa (gewal hadala ehema). issarahata ena widiyata balanawa
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං දන්න බඩු ඩීල් කරන එකෙක් හිටියා.. අවුරුදු දෙකකින් ඌ වාහන බිස්නස් එකක් කරන තරමට සල්ලි එකතුකර ගත්තා..:dull:
    මේවා ඇත්ත කථා..


    ඕව හෙන ගහන වැඩ ඩෝ:no:.....

    ඊට වඩා සැපයි උබ කියපු විදියට රට තොලොංචි වෙන එක:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක නෙ බැරි...උඹල දකින්නේ පොඩි දුරයි. මම කියන්නේ ග්‍රීන් වෙජි මාකට් එකට දාන කතාවක් කෙනෙවි. ග්‍රීන් වෙජි අපිම වවලා ප්‍රොෙසස් ෆුඩ් විදියට දෙන රෙස්ටුරන්ට් චේන් එකක් ගැන......

    දැන් ම...!!!
    උඹ හිතන්නේ බිස්නස් දැන් හුතුවා හෙට දැම්ම වගේ කරන්න පුළුවන් කියල ද?
    මම මේ ක්ලිනික් එක කරන්න ප්ලෑන් ගහන්න ගත්තේ කැම්පස් ගිය දවසේ ඉදන්....

    ෆුල් ඕර්ගනික් ග්‍රීන් ප්‍රඩක්ට් ගන්නන් අඩුම ගානෙ තව අවුරුදු 5 ක්වත් දුර ප්ලෑනක් ගහන්න වෙනවා.
    දැනට තියෙන පස් වල අනිවා රසායනික ජෝගි කවලන් නිසා ඒවා හරියට දැන් ඉදලම නවත්තල දැම්ම පටන් ගත්තොත් ෆුල් ඔර්ගනික් ප්‍රඩක්ට් ටිකක් තව අවුරුදු 5,6 කින් මාර්කට් එකට දාන්න පුලුවන්..
    අපේ බොසොග දිගු කාලීන ප්ලෑන් එකක් තියෙනවා. පොර ලංකාවෙ මල් වවන උන්ගෙන් ඉහලින්ම ඉන්න එකෙක්.. පොර මේ ළගදි ආණ්ඩුවෙ එකෙක්ට හෙන ලොකු ‍ප්‍රොෙජක්ට් රිපෝර්ට් එකක් දුන්න ලංකාවෙ හරියට ග්‍රීන් හවුස් කරන්න කොහොමද කියල අදහසක් දෙන්න