බීමතින් රිය පදවා තරුණයෙකු මරා ගනියි [Dash Cam Video]
බීමතින් රිය පදවා රිය අනතුරු සිදු කිරීම මේ වනවිට ශ්‍රී ලංකාවේ දැඩි සමාජ ගැටලුවක් වී තිබෙනවා. බීමතින් රිය පදවා තවත් පුද්ගලයන්ගේ ජීවිත, දේපළ බිළි ගන්නා නොමිනිසුන් පිළිබඳ පුවත් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා වූවා.
පසුගිය 2019.04.06.මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නිරෝමි හන්දියේදි මෙවන් අනතුරක් සිදු වුනා. එහිදී බීමතින් රිය පැදවූ මෝටර් රථ රියැදුරකු සිදු කළ මාරක රිය අනතුරක් හේතුවෙන් යතුරුපැදිකරුවෙකුට ජීවිතය අහිමි වූවා. එම යතුරුපැදිකරු මෙම වසරේ ජනවාරි මාසයේ විවාහ වූ අයෙක් වන අතර, ඔහු ඇනවුම් කරන ලද ආහාර මෝටර් සයිකලයෙන් ගොස් බෙදා හරින්නෙක් ලෙස කටයුතු කර තිබුනා.
එම අනතුරින් තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු තුවාල ලැබූ අතර ඔහු පැදවූ ත්‍රීරෝද රථයද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුනා.
මෙම අනතුරේ සම්පූර්ණ වරද බීමතින් මෝටර් රථය පැදවූ රියදුරාගේ බව කියවෙනවා.