බීරළු රේන්ද කර්මාන්තය ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි. ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. පෘතුගීසීන් විසින් මීට වසර 600 කට පෙර බීරළු කර්මානතය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාළු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන් වේ.
එහෙත් මෑත යුගයේ බෙහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයකි. පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වැටී තිබුණාවූ අභාග්‍යමත් තත්වය හමුවේ දී ද මෙ කර්මාන්තය පණ අදිමින් හෝ රැකුනේ කුඩා පරිමාණයේ පුද්ගලික අංශයේ දායකත්වයෙනි. එය බොහෝ විට දශක ගනනාවක් කර්මාන්තය හා ඔවුන් අතර තිබූ බැඳීමේ සහජිවනය වෙන්න පුලුවනි.
විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමක් දකින්නට ලැබීම අත්කම් කර්මාන්තයන්ට යහපතක් වෙනු ඇත. එහෙත් බීරළු රේන්ද ගෙතීම මෑත කාලයේ මහළු අම්මලාට සීමාවූ කර්මාන්තයක් බවට පත්ව ඇති නිසා එහි දිගුකල් පැවත්ම අනතුරක් අඟවයි. තරුණ උදවිය මෙවන් කර්මාන්ත වල නියැලීමට මැලිකමක් දක්වන්නේ විවිධ සමාජීය-ආර්ථික හේතූන් නිසා වෙන්න පුලුවනි.
බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් සේ බැලූ බැල්මට දිස්වුවද එය උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි. රේන්ද මොස්තරය ප්‍රස්ථාර කොලයක ඇඳ (මෙය රූපරේඛාවන් - Graph යන යෙදුමෙන් නිර්මාණයේ සඳහන් කර ඇත), කාඩ්බෝඩ් පටියක සලකුනු කර වියුම හැසිරවිය යුතු ආකාරය අධ්‍යයනය කර එසදහා ඇල්පෙනෙති යොදා සකසන එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) බීරළු කලාවේ උසස් නිර්මාණත්මක තත්වය මොනවට පැහැදිලි කරයිද?
නව තාක්ෂණය, නව අදහස්, කාලීන නිර්මාණ හා වෙළඳපොලේ නැඹුරුතා ආදිය සැලකිල්ලට ගෙන මෙ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ප්‍රථිලාභ ගෙනෙන, යොවුන් උදවිය ඇද බැද තබගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙනු නොඅනුමානයි.
එය සියවස් ගනනාවක් නම රැන්දු ගාළු රේන්ද (Galle Lace) කලාව සුරකිනු ඇති. නූතන ලෝකයේ පරිසරය-රකින මත (green) ප්රවණතා වලින් මෙවන් පරිසර-හිතකාරී (eco friendly) කර්මාන්ත ආර්ථික වාසි අත්පත් කරගෙන ඉදිරියට පියමනිනු ඇත.
ලන්ඩන් නුවර මූලිකව Powre of Hands Foundation ආයතනය අපේ බීරළු රේන්ද කර්මාන්තය උදෙසා කාර්ය භාරයක් ඉටුකරන ආයතනයකි.

maxxa thanks for sharing bro...biralu renda gothanawa harima lassanai kotuwa athule tiyanawa ekata wenama thanak ape school eken A/L's kale api group project ekakuth kala oya gana watina nirmaanayak 