බීරළු රේන්ද - Galle Lace

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
105cw06.jpg

බීරළු රේන්ද කර්මාන්තය ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි. ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. පෘතුගීසීන් විසින් මීට වසර 600 කට පෙර බීරළු කර්මානතය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාළු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන් වේ.

එහෙත් මෑත යුගයේ බෙහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයකි. පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වැටී තිබුණාවූ අභාග්‍යමත් තත්වය හමුවේ දී ද මෙ කර්මාන්තය පණ අදිමින් හෝ රැකුනේ කුඩා පරිමාණයේ පුද්ගලික අංශයේ දායකත්වයෙනි. එය බොහෝ විට දශක ගනනාවක් කර්මාන්තය හා ඔවුන් අතර තිබූ බැඳීමේ සහජිවනය වෙන්න පුලුවනි.

විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමක් දකින්නට ලැබීම අත්කම් කර්මාන්තයන්ට යහපතක් වෙනු ඇත. එහෙත් බීරළු රේන්ද ගෙතීම මෑත කාලයේ මහළු අම්මලාට සීමාවූ කර්මාන්තයක් බවට පත්ව ඇති නිසා එහි දිගුකල් පැවත්ම අනතුරක් අඟවයි. තරුණ උදවිය මෙවන් කර්මාන්ත වල නියැලීමට මැලිකමක් දක්වන්නේ විවිධ සමාජීය-ආර්ථික හේතූන් නිසා වෙන්න පුලුවනි.

බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් සේ බැලූ බැල්මට දිස්වුවද එය උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි. රේන්ද මොස්තරය ප්‍රස්ථාර කොලයක ඇඳ (මෙය රූපරේඛාවන් - Graph යන යෙදුමෙන් නිර්මාණයේ සඳහන් කර ඇත), කාඩ්බෝඩ් පටියක සලකුනු කර වියුම හැසිරවිය යුතු ආකාරය අධ්‍යයනය කර එසදහා ඇල්පෙනෙති යොදා සකසන එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) බීරළු කලාවේ උසස් නිර්මාණත්මක තත්වය මොනවට පැහැදිලි කරයිද?

නව තාක්ෂණය, නව අදහස්, කාලීන නිර්මාණ හා වෙළඳපොලේ නැඹුරුතා ආදිය සැලකිල්ලට ගෙන මෙ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ප්‍රථිලාභ ගෙනෙන, යොවුන් උදවිය ඇද බැද තබගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙනු නොඅනුමානයි.

එය සියවස් ගනනාවක් නම රැන්දු ගාළු රේන්ද (Galle Lace) කලාව සුරකිනු ඇති. නූතන ලෝකයේ පරිසරය-රකින මත (green) ප්‍රවණතා වලින් මෙවන් පරිසර-හිතකාරී (eco friendly) කර්මාන්ත ආර්ථික වාසි අත්පත් කරගෙන ඉදිරියට පියමනිනු ඇත.

ලන්ඩන් නුවර මූලිකව Powre of Hands Foundation ආයතනය අපේ බීරළු රේන්ද කර්මාන්තය උදෙසා කාර්ය භාරයක් ඉටුකරන ආයතනයකි.
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉතාම වටිනා නිර්මානයක් සහෝදරයා....
බීරළු ගොතනවා දැක ඇතත් මෙතරම්ම විස්තරාත්මකව දැනගත්ත ප්‍රථම අවස්ථාව කිව්වොත් වඩාත් නිවැරදියි....

පාරම්පරිකව ඉදිරියට ඇදී ආ බීරළු කර්මාන්තය පසු බෑමකට කල්වෙලා තියෙන මෙවන් යුගයක නිර්මාණයක් හරහා වුව අනිත් අයව දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි...

ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඉතාම වටිනා නිර්මානයක් සහෝදරයා....
බීරළු ගොතනවා දැක ඇත්ත මෙතරම්ම විස්තරාත්මකව දැනගත්ත ප්‍රථම අවස්ථාව කිව්වොත් වඩාත් නිවැරදියි....

පාරම්පරිකව ඉදිරියට ඇදී ආ බීරළු කර්මාන්තය පසු බෑමකට කල්වෙලා තියෙන මෙවන් යුගයක් නිර්මාණයක් හරහා වුව අනිත් අයව දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි...

ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්

:yes:
අපූරැ නිර්මාණයක් සහො
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිර්මාණයක් හැටියට වින්ඳා වගේම නොදැන හිටපු ගොඩක් දේ දැන ගත්තා.
    නිර්මාණ කලාවෙන් දැනුම ලබා දෙන කලාවට ඔයා සෑහෙන්න දක්ශයි.
    සුබ පැතුම් සහෝ.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හැමදාමත් වගේ රසාස්වාදයට වඩා වැඩි යමක් සහිත නිර්මාණයක් අයියේ... එම්ඛ්‍රොයිඩර් තාක්ෂනයෙ දියුණුවත් එක්ක මේ කර්මාන්තය සෑහෙන්න පහත වැටුනා.

    සාර්ථක නිර්මාණයක් අයියේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානයෙන් ඔබ කරලියට ගෙනත් විවෘත කල මාතෘකාව හරිම කාලෝචිත අර්ථ පූර්ණ එකක්..

    සරු වෙලඳාම හා පාරිභෝගික ඉල්ලුම විශේෂයෙන් යුරෝපයේ සමහර රටවල මේ බීරළු හා ලේස්වලට තවමත් තියෙනවා..

    කර්මාන්තය ගැන ඔබ කිවු පරිදි මීට වඩා පෞද්ගලික අංශයෙත්..රාජ්‍යය අනුග්‍රහයත් නොමදව ලැබුනොත් එයින් දිවි රැක ගන්නා දකුනේ පවුල් සම්භාරයකට හොඳ අනාගතයක් එයින් එලි පෙහෙලි වෙනවාට කිසිදු සැකයක් නෑ...

    මට මතකයි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැම නව කථාවකම හා දැනට සිනමාවට හා ටෙලි නාට්‍යයට නැඟී ඇති ගම්පෙරලිය, විරාගය හා කළුවර ගෙදර නිර්මානයන්හී පවා මේ බීරළු ගෙතීමට මුල් තැනක් දී තිබුනා...මොකද මෙය විශේෂයෙන් ඒ දවස්වල දකුණේ මුහුදුබඩ තීරයෙන් කල එලි බැසගත් යුවතියන් අතර ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයක් වී තිබූ නිසා...

    ඉතාමත් පැහැදිලි සමාජ විශ්ලේශනයක් හා අපේම ජන කොටසක් ගැන කරන ලද විශිෂ්ඨ අගැයීමක් ලෙසටයි මා මෙය දකින්නේ..

    සහෝදරයා දැනටමත් නිර්මානකරුවෙකුගෙන් ඉටුවිය යුතු වගකීම් සම්භාරය එහෙම පිටින්ම කරේ තියාගෙන යන මේ සාර්ථක ගමනට මං නිරතුරුව ඉති සිතින් සුබ පතනවා..

    ඔබට ජය...
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉතාම වටිනා නිර්මානයක් සහෝදරයා....
    බීරළු ගොතනවා දැක ඇතත් මෙතරම්ම විස්තරාත්මකව දැනගත්ත ප්‍රථම අවස්ථාව කිව්වොත් වඩාත් නිවැරදියි....

    පාරම්පරිකව ඉදිරියට ඇදී ආ බීරළු කර්මාන්තය පසු බෑමකට කල්වෙලා තියෙන මෙවන් යුගයක නිර්මාණයක් හරහා වුව අනිත් අයව දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි...

    ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්
    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ සටහනට.

    2001 වසරේ ඉන්දියාවෙදී මට හමුවුනා ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියක්. ඇගේ අදහස අනුව බීරළු ගෙතීම මානසික හා කායීක සෞඛ්‍යය (mental and physical health) සම්බන්දව ඉතා අගෙ සේවයක් ඉටු කරන්න සමත්. මෙ වියුමෙ සූක්ෂමතාවය හා නිර්මාණ හැකියාව යොදාගෙන තරුණ අය හැඩගැස්සීමෙ හැකියාව ඇය ලස්සනට ගෙනහැර දැක්වූවා. අගේ මතය අනුව මුදල් උපයන මාර්ගයක් ලෙස නෙවුවත් විනෝදාංශයක් (pass time) සේ මෙ කලාව ඉගෙනීම තරුණියන්ට ජීවිත ජයගන්න උපකාරි වෙන්න පුලුවනි.

    ඒත් ස්ථාවර පදනමක්, වැඩපිලිවෙලක් නැති කල එවන්නක් කර හැකිද?
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    නිර්මාණයක් හැටියට වින්ඳා වගේම නොදැන හිටපු ගොඩක් දේ දැන ගත්තා.
    නිර්මාණ කලාවෙන් දැනුම ලබා දෙන කලාවට ඔයා සෑහෙන්න දක්ශයි.
    සුබ පැතුම් සහෝ.
    ඉතා අගනා සටහනක් එක්කරාට බොහෝම ස්තුතියි සොයුර
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හැමදාමත් වගේ රසාස්වාදයට වඩා වැඩි යමක් සහිත නිර්මාණයක් අයියේ... එම්ඛ්‍රොයිඩර් තාක්ෂනයෙ දියුණුවත් එක්ක මේ කර්මාන්තය සෑහෙන්න පහත වැටුනා.

    සාර්ථක නිර්මාණයක් අයියේ...
    කවදත් වගේ වැදගත් සටහනක් එක් කර තිබීම සතුටක්. බොහෝම ස්තුතියි මල්ලි.
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Ahh ape palathe wistarayak ne :P maxxa thanks for sharing bro...biralu renda gothanawa harima lassanai kotuwa athule tiyanawa ekata wenama thanak ape school eken A/L's kale api group project ekakuth kala oya gana watina nirmaanayak :D
     
    nwnbs

    Member
    අගය කල යුතු නිර්මාණයක් යාළුවා... ඉතාමත් සාර්ථකයි... අපිට විස්තර ගොඩක් ලබා දීල තියෙනව. බොහොම ස්තුතියි ඔබට...
    අපේ අක්කත් පහුගිය කාලයක ඔය ගැන පාඨමාලාවක් හැදෑරුව. ඒත් ඒක එහෙම්මම නැවතුනා. මෙයින් ජීවිතය ගැටගහගන්න අපේම මිනිස්සුන්ට මේ සඳහා යම් කිසි සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් මේ කලාවන් අපෙන් ගිලිහිලා නොගිහින් තියෙයි...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    නිර්මානයෙන් ඔබ කරලියට ගෙනත් විවෘත කල මාතෘකාව හරිම කාලෝචිත අර්ථ පූර්ණ එකක්..

    සරු වෙලඳාම හා පාරිභෝගික ඉල්ලුම විශේෂයෙන් යුරෝපයේ සමහර රටවල මේ බීරළු හා ලේස්වලට තවමත් තියෙනවා..

    කර්මාන්තය ගැන ඔබ කිවු පරිදි මීට වඩා පෞද්ගලික අංශයෙත්..රාජ්‍යය අනුග්‍රහයත් නොමදව ලැබුනොත් එයින් දිවි රැක ගන්නා දකුනේ පවුල් සම්භාරයකට හොඳ අනාගතයක් එයින් එලි පෙහෙලි වෙනවාට කිසිදු සැකයක් නෑ...

    මට මතකයි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැම නව කථාවකම හා දැනට සිනමාවට හා ටෙලි නාට්‍යයට නැඟී ඇති ගම්පෙරලිය, විරාගය හා කළුවර ගෙදර නිර්මානයන්හී පවා මේ බීරළු ගෙතීමට මුල් තැනක් දී තිබුනා...මොකද මෙය විශේෂයෙන් ඒ දවස්වල දකුණේ මුහුදුබඩ තීරයෙන් කල එලි බැසගත් යුවතියන් අතර ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයක් වී තිබූ නිසා...

    ඉතාමත් පැහැදිලි සමාජ විශ්ලේශනයක් හා අපේම ජන කොටසක් ගැන කරන ලද විශිෂ්ඨ අගැයීමක් ලෙසටයි මා මෙය දකින්නේ..

    සහෝදරයා දැනටමත් නිර්මානකරුවෙකුගෙන් ඉටුවිය යුතු වගකීම් සම්භාරය එහෙම පිටින්ම කරේ තියාගෙන යන මේ සාර්ථක ගමනට මං නිරතුරුව ඉති සිතින් සුබ පතනවා..

    ඔබට ජය...
    දීර්ග සටහනක් එක් කරමින් ලොකු ඇගයීමක් කිරීම ගැන ගොඩාක් ස්තුතියි. මෙ සමඟම ඉදිරිපත් කර අනික් නිර්මාණය (අපෙ අත්කම් කලාව) අලලා අපි කර දීර්ග සාකච්චාව මෙතැනට ද අදාලයි.

    බීරළු ගෙතීම බලන් ඉන්න ආස අත්කමක්. ඒ අම්මලා බීරළු පොඩි අතින් අතට විසිකර වියන ඉක්මන අපූරුයි.

    ඔබ සඳහන් කල පරිදි මාර්ටින් වික්‍රමසිංහයන් මඩොල්දූව පටන් හැම කෘතියකින්ම තම පලාතේ ඇඳුම් පැලඳුම වලට විශේෂ තැනක් දී තිබුනා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Ahh ape palathe wistarayak ne :P maxxa thanks for sharing bro...biralu renda gothanawa harima lassanai kotuwa athule tiyanawa ekata wenama thanak ape school eken A/L's kale api group project ekakuth kala oya gana watina nirmaanayak :D
    Ettha Ape-palathe wistara tamaa!

    Bohoma satutuyi Beeralu gena project ekak kala kenek munagaheema gena.

    Vatinaa adahas ek kiriima gena sthutiya.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අගය කල යුතු නිර්මාණයක් යාළුවා... ඉතාමත් සාර්ථකයි... අපිට විස්තර ගොඩක් ලබා දීල තියෙනව. බොහොම ස්තුතියි ඔබට...
    අපේ අක්කත් පහුගිය කාලයක ඔය ගැන පාඨමාලාවක් හැදෑරුව. ඒත් ඒක එහෙම්මම නැවතුනා. මෙයින් ජීවිතය ගැටගහගන්න අපේම මිනිස්සුන්ට මේ සඳහා යම් කිසි සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් මේ කලාවන් අපෙන් ගිලිහිලා නොගිහින් තියෙයි...

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
    අපේ අත්කම් කලාව අලලා අපි කල දීර්ග සාකච්චාව මෙතැනට ද අදාලයි.
    උත්සාහ කරමු අපෙන් කරන්න පුලුවන් දෙය ඉටුකරන්න.