මේක මීට අවුරුදු විස්සකට විතර කලින් උන කතාවක්, එතකොට අපි හෙන පොඩි අවුරුදු හත අටක් වගේ. බයිසිකල් පිස්සුව තියෙන කාලෙනෙ. දවසක් අපෙ නෑවෙන දුර ගෙදරක අවුරුද්දට ගියාම ඒ පැත්තෙ අනිත් නෑයොත් එහෙට සෙට්වෙලා පාටි ඉතින්, එහෙට ආවා අන්කලයෙක් බයිසිකලේකින්, එහෙ ඉන්නවා මටවැඩිය ඖරුදු 2ක් විතර වැඩිමල් එකෙක් ඌ ඕකෙමයි ඉතින්. අන්කලයත් බීලා කාලා එලියට එද්දිත් අරූ බයිසිකලේ උඩ. අන්කලයා ලගට ඇවිත් අරූව ඉබලා කරලා තියාගනින් බයිසිකලේ කොල්ලෝ අද ඉදන් ඕක උබේ කීවා. පස්සෙ පර්ස් එක අරගෙන ඒකෙ තිබුන සල්ලි ඔක්කොම මටත් එක්ක එතන හිටිය අනිත් පොඩි එවුන් දෙන්නට දුන්නා.මට රු 800ක්ද කොහෙද හම්බුනා. ඔහොම දීලා අන්කලේ පයින්ම ගෙදර ගියා. අරූට හෙන හැපි ඉතින් හීන මව මව හිටපු බාන්ඩෙ එකපාරම දෙය්යො දුන්නා වගේ හම්බුනාම. මූ ඒ ගැම්මෙන්ම ගෙට දුවලා ගිහින් කැටෙත් කඩලා සල්ලි අරගෙන මාවත් දාගෙන ටවුන් එකට පැදලා ඩයිනමෝවකුයි ලයිට් එකකුයි හයිකරගත්තා. පහුවදා උදේ ඒ අන්කලයගෙ ගෑනි ආවා එහෙට, ඇවිත් අන්කලයගෙ පලු අරිනවා හෙනට, බැලින්නම් මූ වෙරි මරගාතෙ දන් දීලා උදේ ගෑනිට කියනවලු ඊයේ වැඩිවෙලා ඉද්දි වැරදීමකින් බයිසිකලේ පොඩි එකාට දුන්නා ගිහින් අරන් එන්න පුලුවන්ද කියලා. ඌට එන්න ලැජජයිලු. අරූ ඉතින් පුක මූනෙ තියන් ඩයිනමෝව ගලවගෙන බයිසිකලේ ඇන්ටිට දුන්නා.
උබලත් බීපු වෙලාවට මේවගෙ වැඩ කරනවද?
උබලත් බීපු වෙලාවට මේවගෙ වැඩ කරනවද?

