ඕක කතරගම ඉදන්.බුත්තලට යන්න ගම් උදාවට හදපු පාර.පලවෙනිම දේ ඕකේ යන්න එපා.පොඩ්ඩ්ක් දුර වුනාට අනිත් පාරේ යන්න.ඔය පාර කැලේ මැද්දෙන් යන්නේ වාහනේ කැඩුනොත් එහෙම අලියාට කියලා තමා තල්ලුවක් දාන්න වෙන්නේ.ඔය පාර දෙපැත්තේ මුරට මිනිස්සු ඉන්නවා අලිගම් වදින එක නවත්තන්න සීනි සමාගමෙන් දාලා,එයාලා කියනවා අලියා ඇවිල්ලද ඉන්නේ කිය්ලා..ඕකෙන් යනවා නන් කොමඩු ගෙඩි ටිකක් අරන් යන්න ඔහේ කොමඩු අඩුවට තියනවා.අලියා ඉන්නවා නන් අලියට කොමඩු ටික දාලා අලියා ඒ ටික කන්න යනකොට ඇදලා ඇරලා යන්න...අතින් දෙන්න වන්දානා කරන්න වගේ වැඩ වලට යන්න එපා..ඕකේ යන ලොකු වාහනයක් අල්ලගෙන පස්සෙන් යන්න...දෙපාරක් ගිහින් තියනවා එක පාරක් නන් රෑ පූජාව තියලා ආවේ.මගේ නන් ඇගේ ලේ වතුර වෙලා තිබ්බේ.එලවපු කෙනා මොනරාගල අයියා කෙනෙක්.මිනිහා නන් බය නැතුව යනවා ඒ වුනාට රෑට ඌරා වගේ සත්තු පාරට එනවා.උන් එකෙක් වුනත් වදින්න පුලුවන් වාහනේ....රෑ නන් යන්න එපා.