සුනඛයන් 38ක් වසදී මරලා
Published on Thursday, 23 May 2013 09:08
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා ඇතැයි 'මවුබිම' පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත දොළේවත්ත මහතා ගෙන් කල විමසීමකදී, කවුරුන් විසින් සුනඛයන් මරා දැමුවේද යන්න තමා නොදන්නා බවත් සභාවේ කිසිම සේවකයකු ඊට සම්බන්ධ නොවූ බවත්පැවැසීය.
බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් තිස් අටක මළ සිරුරු ඊයේ (22 ) නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කළ බැව් ද ඔහු පැවසිය.
බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මීට පෙර පැවැති සාකච්ඡාවකදී දඩාවතේ යන සුනඛයන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳ සාකච්ඡා වුවත් සුනඛයන් මරාදැමීමට තීරණය කර නොතිබිණ.
මේ පිළිබඳ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ බුත්තල නගරයේ හා ඒ අවට සැරිසරන සුනඛයන් වස දී මරා දැමීම පිළිබඳ ජලභීතිකා රෝග මර්දන ඒකකයෙන් විමසන ලෙසය. පසුගිය මාසයේදී සුනඛයන් සපා කෑමෙන් ජල භීතිකා රෝගය වැලැඳුණු දෙදෙනකු මියගිය බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය වෙසක් සතිය ආරම්භ වූ දිනයේදීම මෙසේ සුනඛයන්ට වස දී මරා දැමීම පිළිකුල් සහගත බව ප්‍රදේශවාසීහු පවසති.