බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    කිසිම ආගමක් රාජ්‍ය ආගම කර ගත යුතුව නැත . රාජ්‍ය හා ආගම වෙන වෙනම පැවතිය යුතුය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...

    අතිරික්තයක් හැදුවම පුරවන්න ලේසියි. අවුරුදු 500 ගාණක් පරන මිශන් වැඩ කරන්නෙ සමහර තැන් වල.
     
    • Like
    Reactions: Gunther

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකට නැත කියල වොට් කලට උබල අපයේ යන්නේ නැහැ.

    මේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක.
    මාර dial එකක් තමා ඌ.. අපේ මතය බලන්න ය කියලා poll එකක් දාලා නූල මැද්දෙන් ඒක hijack කරනවා උට ඕනේ response එක ගන්න 😆
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?
    ඔය සේරම වෙන්නේ බුද්දාගම නිසා තමයි.
    හැබැයි විවස්තාවෙ බුද්දාගමට මුල් තැන කියලා ලියල තියන නිසා නෙමෙයි.

    මේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක. ඒ නිසා ඇත කියන එක එපා කියන එක ගැන කියන්න ගොඩක් දේවල් එයාලග ඇති. බලමු ඔය ප්‍රශ්නෙට උත්තර මොනවද කියල. සමහර විට මම වැරදි වැටහීමක ඉන්නව වෙන්න පුලුවන් නෙ.
    මම කියන්නේ ඔය මුල්තැන දෙනවා කියන වාක්ය තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ. නිකන් වාර්ගික චන්ද ගන්න බලාගෙන කරපු වැඩක්
    ------ Post added on May 2, 2022 at 9:08 PM
     
    • Like
    Reactions: siri_ayya

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    mama dakala thiyena deyak thamai godak aya poth liyanne buddagama gana,godak aya udaharaneta ganne buddagama,godak aya wenas karanna hadanne buddagama,godak aya gatenne buddagama ekka,ai a? ,,,mkada ehema kara kiyala kauruth beli kapanne na,maranne na,sambadaka danne na,adumagane baninewath na,,,a nisa hamoma porawal wage thama banala inne,puluwannam islam agama gana wihilu karanna barida?poth liyanna barida?tharka karanna barida?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,360
    113
    සිරාවටම බං
    මමත් හිතුවට වඩා හීනමාන ලෙඩ් තියන උන් සෑහෙන මේකෙ ඉන්නවා 😐
    මුන්ව චූන් කරන්න දෙන මෙලෝ තේරුමක් නැති ජන්ද පොරොන්දු වලින් තමා රට මේ තත්වෙට වැටුනේ 🤦


    නැත. ව්‍යවස්ථාවට ආගම ආදාලම නොවිය යුතුය
    ------ Post added on May 2, 2022 at 8:48 PM
    එක තමයි සින්හලෙන් කිව්ව්ව්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ
    eken mokuth haniyak wenne nathnam thibbata kamak nahane ithin..
    bangladesh wla una wage buddhist genocide ekk lankawe wunoth waradila hari
    oka constitution eke thiyena eka watinawa
    mokada kapa kotagena prashna wisadana eka buddhagamata wiruddha nisa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔය සේරම වෙන්නේ බුද්දාගම නිසා තමයි.
    හැබැයි විවස්තාවෙ බුද්දාගමට මුල් තැන කියලා ලියල තියන නිසා නෙමෙයි.


    මම කියන්නේ ඔය මුල්තැන දෙනවා කියන වාක්ය තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ. නිකන් වාර්ගික චන්ද ගන්න බලාගෙන කරපු වැඩක්
    ------ Post added on May 2, 2022 at 9:08 PM

    ඒක තමා ඔතන තේරුන්ගන්න ඕනි තැන දැන් ඕක තිබ්බ නැතා කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. එතකොට ඕක තිබ්බ කියල රිදෙන්නෙ කාටද?

    දැන් මේ නූලම ගනින්. දාපු එකා ප්‍රශ්නයක් අහල නූල පුරාම නැත කියන එක කියන එක ප්‍රමෝට් කරල ඒකට පක්ෂ අය ලවා අදහසක් කියවගන්නව. ඒම කරන්නෙ උට එකපාර ඇවිත් බුද්ධාගමේ මම මෙන්න මේ අඩුපාඩු දකිනව ඒක නිසා මේක රාජ්‍ය විසින් ප්‍රමුක කරන්න ඕනි නෑ කියන එක කියාගන්න බැරි නිසා. එතකොට ඌ කරල තියෙන්නෙ බලලු ලවා කොස් ඇට බාවගන්නව වගේ මිශන් එකක්. දැන් උබ හිතපන් අපිට ජීවත් වෙන්න වෙන්නෙත් ඔය වගේ පරිසරයක කියල. ඔහොම මයින්ඩ් සෙට් තියෙන උන් ඉන්න රටවල් ගැන උබල දන්නවනෙ. ප්‍රශ්නයක් අහල උන්ට ඕනි උත්තරේ දෙනකන් අනික් උන්ව චාටර් කරනව කියන්නෙ කෝ ඒකෙ කතා කරන අදහස් ප්‍රකාශ කරන නිදහස.

    ඕක වාර්ගික චන්ද බලාගෙන කරපු දෙයක් නෙවෙයි 1815 ගිවිසුම එක්ක එන දෙයක් ඕක. 1815 ගිවිසුමට කලින් රට පාලනය කරේ අවුරුදු 2000කට විතර කලින් ඉදල දුටුගැමුණු රජතුමාගෙ ඉදලම ආපු නීති පද්දතියකින්. ඒකෙ බුද්ධාගමට ප්‍රමුකස්තානය දෙන්න ඕනි කියල දෙයක් නෑ දුන්නෙ නැත්තන් කෝමත් ගෙදර යන්න වෙන සිස්ටම් එක හදල තිබ්බෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රශ්නයක් අහල උන්ට ඕනි උත්තරේ දෙනකන් අනික් උන්ව චාටර් කරනව කියන්නෙ කෝ ඒකෙ කතා කරන අදහස් ප්‍රකාශ කරන නිදහස
    mehema ewun agamika samanathmathawa gana katha krana ekath wihiluwak
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක තමයි සින්හලෙන් කිව්ව්ව්
    "මොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ"

    පහලින් තියන්න කියන්නේ කොහොමද?
    එහෙම ඉහලින් පහලින් තියන්න බෑ. ඒවා කාරණා දෙකක්

    ගූ ගොඩේ ගල් බනිස් යකෝ
    ------ Post added on May 2, 2022 at 9:19 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...

    කිසිම හීන් නූලක් නෑ මචං. ආපු කාලෙ ඉඳන් ආස්ථානය පැහැදිලි කරලයි තියෙන්නෙ. රාජ්‍යය සෙක්‍යුලර් විය යුතුයි. ඕව ප්‍රතිපත්ති. කුමන්ත්‍රණ නෙමෙයි. උඹ එක්කො මාව මේ මාස දෙකට කලින් දැකල නෑ (එඩිට්: තෝ ඇවිත් තියෙන්නෙ 2022 Feb 🙂)

    බුද්ධාගමේ එහෙමට වැරැද්දකුත් දකින්නෙ නැහැ. ඒත් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන අයිඩියොලොජිය ඉතාම ලොකු ප්‍රශ්න ඇති කරවන්නක්, අන්න ඒකෙන් නම් වැරදි බොහොමයක් වෙලා තියෙනව. මම මේ කතා කරන්නෙ ප්‍රබන්ධයක් ගැනත් නෙමෙයිනෙ, මේ රටේ බහුතර ජනතාව ඇත්තට හිතේ දරන් ඉන්න ස්වෝත්තමවාදී අදහසක්. අපියි සුලුතරය මෙතනදි.

    මේවට බුද්ධාගම කියන එක උන්නාන්සෙටත් කරන අපහාසයක් ඇත්තටම. මේ තියෙන්නෙ සිංහල-බුද්ධාගම, වෙනම ethno-religious සංකීර්ණයක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,360
    113
    "මොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ"

    පහලින් තියන්න කියන්නේ කොහොමද?
    එහෙම ඉහලින් පහලින් තියන්න බෑ. ඒවා කාරණා දෙකක්

    ගූ ගොඩේ ගල් බනිස් යකෝ
    ------ Post added on May 2, 2022 at 9:19 PM
    පහලින් කියන එකෙන් අදසහ් කරේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ නෑ කියන එක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?

    යැපුම් මානසිකත්වය සහ වසංගතයක් වගේ අපේ උන්ගෙ තියෙන apathy එක එන්නත් බුද්ධාගම හේතු උනා. හොඳ වගේම නරකත් කතාකරන්න පුලුවන් එහෙම බැලුවොත්. ඒත් ඒ වගේ ප්‍රායෝගික අර්ථෙකින් මේක බලන එක- ඒ කිව්වෙ හරි හෝ වැරදි කතා කරන එක- මේ ව්‍යවස්ථා කාරණාවට අදාළ නෑ මන් හිතන්නෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන අයිඩියොලොජිය ඉතාම ලොකු ප්‍රශ්න ඇති කරවන්නක්
    ඔය තර්කය සෞදිය වගේ රටවල ඉස්ලාම් ආගමටත්, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල ක්‍රිස්තියානි ආගමටත් අදාළ ද?

    අදාළ නම් ඇයි ඒ ගැන මොකෙක්වත් කතා නොකරන්නේ?

    අදාළ නැත්නම් බුද්ධාගම ට විතරක් ඔය කතන්දර වලංගු වෙන්නෙ කොහොමද?

    යැපුම් මානසිකටුවය සහ වසංගතයක් වගේ අපේ උන්ගෙ තියෙන apathy එක එන්නත් බුද්ධාගම හේතු උනා.
    වැරදි කතාවක්.. මේකට හේතු වුණේ ලංකාව දීර්ඝ කාලයක් එක ඒකා යටතේ තිබ්බ නිසා ස්වාධීන චින්තනයක් හදාගන්න බැරි වීම මිසක් බුද්ධාගම නෙවෙයි..
    ------ Post added on May 2, 2022 at 9:59 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    ඔය තර්කය සෞදිය වගේ රටවල ඉස්ලාම් ආගමටත්, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල ක්‍රිස්තියානි ආගමටත් අදාළ ද?

    අදාළ නම් ඇයි ඒ ගැන මොකෙක්වත් කතා නොකරන්නේ?


    ඇමරිකාවයි ලංකාවෙයි තියෙන වෙනස gdp එකයි මිනිස්සුන්ගෙ ස්පිරිට් එකයි පමණයි. අනිත් ගොන් කම් සියල්ලම පොදුයි, කොටින්ම යක්ක ගති පවා. ඇමරිකාව ගැන උනත් මම කියන්නෙ මේක තමයි. ඒත් එයාල ලෙජිස්ලේචර් වලින් සමාජය ප්‍රශංසාත්මක මට්ටමකට ලෙවල් කරල තියෙන බව කියන්නත් ඕනෙ. (1st Amendment: Congress shall make no law respecting an establishment of religion, or prohibiting the free exercise thereof; or abridging the freedom of speech, or of the press)

    කැනඩා සහ ස්කැන්ඩියානු රටවල් තදබල කතෝලික හයිරාකි එකක් එක්ක ගොඩනැගුන රටවල්. අද වෙද්දි රාජ්‍යය ඒවයින් වියුක්තයි. උදාහරණ නම් ඕනෙ ලෝකය ඒවා සපයනව.

    අදාළ නැත්නම් බුද්ධාගම ට විතරක් ඔය කතන්දර වලංගු වෙන්නෙ කොහොමද?

    මම ලංකාවෙ මනුස්සයෙක් නිසා.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අද වෙද්දි රාජ්‍යය ඒවයින් වියුක්තයි.
    හරි.. අපි කියමු ලංකාවේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම වාක්‍ය අයින් කරා කියලා.. එතකොට මොකක්ද ලංකාවට වෙන හොඳේ?
     
    • Like
    Reactions: Gunther

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,008
    1,192
    113
    Buddagamata krnna puluwan lokuma gawrawaya eka deshapalanayata gawa ganne nathuwa inna eka. Eka nisa Buddagamata labenna oni thana buddagama therum gatta minissu hadawathin dei eka wiyawasthawen denna gihin buddagme mulika harayata oatahani dewal krnna oni na
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පහලින් කියන එකෙන් අදසහ් කරේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ නෑ කියන එක.
    දැන් නම් උබ කියන දේ, අරමුණ පැහැදිලි නෑ
    අය වැයෙන් සංස්කෘතික අමාත්යන්ශයට බුද්දාගම වෙනුවෙන් සල්ලි දෙන එකට මම 100% සපෝට් කරනවා
    උබ දෙන්න එපා කියන්නේ මොනවද?
     
    • Like
    Reactions: Tz4400

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Ow buddhagama Rajya Bashawa wela thiyenakan, oya hama aagamakama samagiya thiyewi. ehema nathi unoth Sinhala,demala,burger,christian unta kona kapaganna wenne. (issara buddhist wela thibunu ratawal, dan muslim unaama mokada wela thiyenne kiyala balapanko). Rajapakshala arina arilla sapai kiyai ethakota :P