ape business keline koheda yakooදවස් ගානකිං මේකට ආවෙ. දැකපු නිසා මොකක් හරි කොටලා යන්න ආවෙ. ත්‍රෙඅඩ් එක සේරම කියෙව්වා. හැමෝගෙම කරුණු දැක්වීම්, අදහස් දැක්වීම් හොඳයි.
මමයි, නෝනයි UK ඇවිල්ලා යන්තං අවුරුදු දෙකයි මේ ඔක්තෝබර් වලට. මේකෙ ඉන්න අයියලා, පයියලා, ඔස්තාර්ලා උදව් කලා නොසෑහෙන්න මගෙ thread වලට උත්තර දීලා. උං හැමෝටම රොම්බ තෑන්ක්ස්. මම මගේ experience එක් share කරනවා නම්, මේ ටික කාලෙට, කෙලින්ම student visa එන අය 30 කට වඩා උදව් කලා January intake එකට. June වල එක්කෙනක් ආවා. October intake එකට නම් 80ක්, 100ක් විතර මැසේජ් කලා. ගොඩක් උං එන්නෙ agentලා හරහා. තනියම apply කරලා student එන අයත් කිහිප දෙනෙක්ම හිටියා. කෙලින්ම work visa එන තුන් දෙනෙක්ට උදව් කලා වීසා දාන්න. උදව් කලා කියන්නෙ legal advice නෙවේ. අපේ experience එක share කරගත්තා එන එවුං එක්ක. අපිට අවුරුදු දෙක ඇතුලත student ආපු ඩිග්‍රියත් ගොඩ දාගෙන, ළමයෙකුත් හදාගෙන, work visa එකකුත් ගොඩ දාගෙන සාපේක්ෂව හොඳ ස්ථාවරේකට එන්න පුළුවන් වුන නිසයි උපදෙස් දෙන්නෙ. නැතුව වෙන පකීර් කමක්ට නෙවේ.
ඇත්තටම මාරම විදියට යාළුවොම කෝල් කරලා රට යන්න විස්තර අහනවා. යාලුවන්ටත් දවස්, වෙලාවල් දීලා, කතා කරන්න කියන මට්ටමටම වැටිලා දැං ඒක. හැම එකාම option හොයන්නෙ රටෙන් පනින්න. මම අනුරාධපුරේ වෙලත් මගෙ යාලුවෝ 8ක් විතර මේ පාර October intake එකට UK එනවා. කොළඹ පැත්තෙන් කොච්චර එනවද හිතපල්ලකො එතකොට.
IELTs සල්ලි දීලා ගන්න එපා මචංලා. ඇත්තටම එහෙම සල්ලි වලට කරන සීන් එකක් තියනවා ඉන්දියාවෙ. ලඟදි (2022 April) ගුජරාට් එකෙක් එහෙම සල්ලි දීලා IELTs කරලා, interview එකකදි English බෑ කියල අහුවෙලා investigate කරලා. ඌ සල්ලි දීලා හොරට කලා කියන එක prove කරගත්තට පස්සෙ, උගෙ Center එකෙං කරපු හැම කෙනෙක්ටම English skills නැවත පෙන්නන්න කියලා recall කරලා තියනවා. Case by case හැම එකාවම වෙන වෙනම interview කරලා, band එකට ගැලපෙන English skill නැති හැමෝවම depot කරලා. කේරලෙන් ආපු NHS nurse කෙනෙක් තමා මට විස්තරේ කීවෙ. උඹලා එහෙම risk එකක් ගන්න ඕන නම් සල්ලි දීලා ගනිල්ලා. ආය කිසිම රටකට යන්න වෙන්නෑ depot කලාම ඉතිං. ඒ වෙලාවෙ ටිකක් මහන්සි වෙලා exam එකක් කරගත්තා නම් සැපයි කියලා හිතෙයි.
IT අයට opportunities වැඩියි කියලා කෙනෙක් කියලා තිබ්බා. ඒක ඇත්තක් ඉතිං. ඒ වගේම තමා කෙනෙක් ඩිග්‍රියක් ගහලා ඩිග්‍රියට අදාල experience තියනවා නම්, උන්ටත් රටකට ගිහිල්ලා ඒ පාරෙන්ම ජොබක් ගොඩ දාගන්න ලොකු සම්භාවිතාවක් තියනවා.
කෙනෙක් කියලා තිබ්බා ඩොකා ලා 8 දෙනෙක්ම රට ගියා, 5ක්ම ගියෙ England. උන්ට කිසි හෙනයක් නෑ කියලා. මචං ඒ වගේ regulated jobs වලට යනකොට වෙනම pathway එකක් තියනවා. ඒකට අනුකූලතාවය හදාගන්න අයට විතරයි වැඩ කරන්න පුලුවන් වෙන්නෙ ඒ ජොබ් එකක. ඩොකා ලා, නර්ස් ලා, ඩෙන්ටිස්ට් ලා, වෙට් ලා එහෙම ගොඩක්ම MSc in Public Health කියලා මගුලකට UK student එනවා සමහර agentලගෙ කීමට. එන්නන් වාලෙ එහෙම එන්න එපා මචංලා. හොයලා බලලා හරි pathway එකට වරෙල්ලා. නැති නම් ඒකට ආපහු මහන්සි වෙන්න ඕන.
ගොඩක් එවුං දන්නෙ නෑ කෙලින්ම ජොබ් එකකට එන්න තරම් තමන්ට qualification හදාගන්න පුළුවන් කියලා. හොයලා බලලා, අවබෝධයෙන් කරපල්ලා කරන දෙයක්. ලංකාවෙ ඉඳලා විඳවන්න ඕන ජීවිත නෙවේ ගොඩක් අයට තියෙන්නෙ කියල මම විශ්වාස කරන නිසයි රට එන්න විස්තර අහන ඕනම එකෙකුට යතාර්තය නොවලහා ඉදිරිපත් කරන්නෙ. හැබැයි ඕනෑවට වඩා අනවශ්‍ය ප්‍රශ්ණ අහන එවුංව නම් block කරලා දානවා දෙපාරක් හිතලා.![]()
kohomath brown skin ne athe parak gahala nida ganing
Last edited:
