Covid19 නිසා Coursere එකේ කෝසස් 100ක් ෆ්‍රී දෙනවා. මේවයෙන් 15කට certificate හම්බෙන්නෙ නෑ අනිත් 85ටම Free Certificate එකකුත් හම්බෙන්වා. දෙසැම්බර් 31 වෙනකන් විතරයි මේ කෝසස් වලට Enroll වෙන්න පුලුවන්. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කෝසස් ටික බලන්න.
https://www.businessinsider.com/free-online-coursera-courses
https://www.businessinsider.com/free-online-coursera-courses
නිකක් දෙන නිසා හැම එකටම එන්රෝල් වෙන්න යන්නෙපා. Coursera ගැන MihiCherub ගෙ පොස්ට් එකත් බලල ඉන්න
:. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:
:. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:
මේ ත්‍රෙඩ් එක මීට හුග දවසකට කලියෙන් දාන්න හිටියත් කිහිප දෙනෙක්ම මේ සම්බන්දව ත්‍රෙඩ් දාල තිබුන නිසා දැන්මෙ නෑ. ඒත් Gayan_BC සහෝ පුලුවන් නම් මේ සම්බදව වැඩිපුර විස්තරයක් එක්ක අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න කියල කියපු නිසාත් තවත් නොදන්න අයට දැනගැනීම සදහාත් දන්න තරමින් මේ පිලිබද විස්තරයක් දානව. Gayan_BC සහෝගේ ත්‍රෙඩ් එකේ සදහන් සමහර කොටස් උපුටාගෙන ඇත.
අමාරුවෙන් ඉගෙන ගන්න හදන, ඒ වගේම උනන්දුවක් තියන, රැකි රක්ෂා හොයන්න සුදුසුකම් හොයන බලන ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතෙනවා. ඒ උනාට මේකෙන් අයුතු ප්‍රොයෝජන ගන්න ගිහින් ලංකාවේ නම නම් අවුල් කරන්න එපා කියල ඉල්ලනවා. මේක දන්නා අය ගොධාක් ඇති එයාල බලන්න මේ ඔක්කොම දැනන් හිටියද කියල, ඒ වගේම දැනගත් කරුනු නිවැරදිද කියලත් බලන්න. ත්‍රෙඩ් එකේ වැරදි තියෙනව නම් ඒවත් සදහන් කරන්න.
හරි තාම කිව්වෙ නෑනෙ මේ මොකද්ද ගැනද කියල. මේ තමයි බොහෝ දෙනෙක් දන්න Coursera ගැන. හෝව හෝව් මේක අපි දන්නව නෙ බන් කියල යන්නෙ නැතුව පොඩ්ඩක් බලන්න මෙච්චරකල් දැනගෙන හිටිය කරුනු නිවැරදිද කියල.
Coursera Online Free Short-term Courses.
Coursera කියන්නෙ කෙටිකාලීන පාඨමාලා අන්තර්ජාලය හරහා නොමිලේ හදාරන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයකගෙන් හොදම එකක්. හරියට training partner කෙනෙක් වගේ.. ලෝකයේ තියෙන ගොඩක් හොද universities..; coursera එකත් සමග එකතු වෙලා online free courses offer කරනව. කැමති අයට join වෙලා ඒව ඉගෙන ගන්න පුලුවන්.. මේ ත්‍රෙඩ් එක ලියන මොහොත වෙනකොට එහෙම ඉංග්‍රීසි භාශාවෙන් offer කරපු courses 451 තියෙනව. ඉතින් මේවා අතරින් ඕනෑම කෙනෙකුට කැමති එකකට හෝ කිහිපයකට සම්බන්ද වෙලා ඉගෙන ගන්න පුලුවන්.. මේ වන විට coursera එකත් සමග ලෝකය පුරා ඇති universities 78කට අධික ප්‍රමාණයක් එකතුවෙලා තියෙනව. මේ අතරින් Peking University, University of Amsterdam, University of Alberta අලුතෙන්ම එකතුවූ විශ්වවිද්‍යාල ත්‍රිත්වයයි.
සම්පූර්ණ ලිස්ට් එක ----> https://www.coursera.org/partners/global
cousera වල course එකක් කරන්න නම් මුලින්ම account එකක් හදා ගන්න වෙනව.. ඒකට වෙනම ඔයාලගෙ නමින්ම email එකක් හදා ගන්නව නම් වඩා හොදයි. දැනට එහෙම තියෙන email එක නම් cousera account එක වෙනුවෙන් යොදාගන්න එපා.. පුදුම emails තොගයක් එන්නෙ. unsubscribe කරන්නත් බෑ වැදගත් email එන නිසා. ඒක නිසා වෙනම email එකක් තමන්ගෙ නමට අදාල වෙන විදියට හදාගන්න.. ඊට පස්සෙ සාමාන්‍ය විදියට account එකක් හදා ගන්න. ඔයාලගෙ නමට ඇත්තම නම යොදාගන්න. නැත්නම් certificate එක වැඩක් නැති වෙයි.. හරි දැන් තමන් කැමති course එකකට enroll වෙලා කරගෙන යන්නයි තියෙන්නෙ.
courses වර්ග ගැන කියනවා නම් පහල තියෙන category වලට අදාලව ගොඩක් courses තියෙනව. මේ ලින්කුවෙන් ගිහින් තමන් කැමති categories වලට tick කරල search වෙලා එන courses වලට enroll වෙන්න පුලුවන්. ඔන්න ඔය වගේ විෂයන් ධාරාවක දෙවල් එකී මෙකි නොකී පට්ට සෙට් එකක් ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන්.. කරන්න තියෙන්නේ register වෙලා.. අවශ්‍ය අංශයට අදාල පාඨමාලාවව තෝරගෙන කරගෙන යන්න..ඔයාලට site එකට ගියාම අනිත් විස්තර ටික වැටහෙයි.
https://www.coursera.org/courses?orderby=upcoming&lngs=en
බොහෝ දෙනෙක් ඔය ටිකනම් දැනගෙන ඉන්න ඇති. cousera එකට join වෙන ගොඩ දෙනෙක් මෙන්න මේ කරුනු ගැන දැනුවත් නෑ. බලන්න ඔබ දැනුවත්ද කියල.
ඒ වගේම පොඩි පොඩි data packages දාගෙන එන අයට නම් මේක ටිකක් අමාරුයි.. හේතුව course එකේ lectures තියෙන්නෙ videos විදියට. හැම සතියකම මිනිත්තු 4-30 අතර videos 5-6 ක් තියෙනව. ටිකක් heavy course වල එක සතියකට section දෙකක lectures දෙනව ඒ කියන්නෙ videos 10-12ක් වගේ. සතියකට විතරක් එක course එකකට 250MB විතර ආසන්න වශයෙන් යනව. හැබැයි සමහර course වල videos ටිකක් ලොකුයි. ඒ කියන්නෙ එක video එකක් 100mb විතර වෙනව එතකොට ලොකු ප්‍රමාණයක් data ඕනෙ වෙනව..
හැම course එකේම videos download කරගන්න බෑ. ගොඩක් ඒවයෙ පුලුවන්. සමහර ඒව Download කරන්න දෙන්නෙ නෑ... මේ videos tutorial videos වගේ නෙමේ. වෙනස දන්නවනෙ lecture videos. අනික 10min එකක් කියන්නෙ පොඩ්ඩයි කියල හිතුනට ඒක බලන්න අඩුම 20min වත් යනව. හේතුව අපිම notes ගහගන්න ඕනෙ. certificate එකටම කරල වැඩක් නෑ.. තේරෙන්නත් ඕනෙ. මේ මම ගහපු notes. Model Thinking වලට.
සති 10 උනාට පිටු 80 කටත් වඩා ගියා මෙහෙම ගහලත්. පොත් වල ලින්කු දෙනව කියවන්න. හරි නම ඒවත් කියවන්න full theory එකම ගන්න. ඒත් $$ නැති නිසා එච්චර ඕනෙ නෑ.
සතියකට පැය 10ක් වත් මහන්සි වෙන්න ඕනෙ. ඊට අමතරව එක එක course එකට අදාලව වෙන වෙනම forums section තියෙනව. ඒවයෙ ඉන්න අයත් එක්ක අදහස් බදාගෙන වැඩකරගන්න පහසුයි. එක week එකක videos ටික විතරක්ම ආසන්න වශයෙන 240min වැඩියි..(Heavy courses) හැම සතියකම assignment එකක් දෙනව. ඒ වගේම deadline එකක් තියෙනව. deadline එකට කලින් කරල submit කරන්න ඕනෙ. ගොඩක් වෙලාවට mcq තියෙන්නෙ. programing or maths course නම් problem sets තියෙන්නෙ. Weekly assignment නම් ගේමක් නෑ attempts 3++ දෙනව එකම ප්‍රශ්න සෙට් එකට. හැබැයි deadline පහු උනොත් penalty වදිනව... ඒ පිලිබදව info වල තියෙනව. Attempts වලින් වැඩියෙන්ම ලකුනු ගත්ත අවස්තාව තමා එකතු වෙන්නෙ.
ඊට අමතරව midterm test එකයි final test එකකුයිත් තියෙනව. සමහර course වල midterm නෑ. Midterm එකයි final එකයි එනකොට තමා ඇඩෙන්නෙ. ලගින් යන උත්තර සහිත mcq තියෙන්නෙ. ඔක්කොම videos බැලුවෙ නැත්නම් මාර අමාරුයි. බැලුවත් කරගන්න බෑ. google කරල උත්තර හොයන්නත් නෑ..අහන ප්‍රශ්න ප්‍රමානෙ අඩු නිසා එකක් වැරදුනොත් අඩුවෙන ලකුනු ප්‍රමානෙ වැඩියි. තව සමහර course වල final test එකකට project එකක් කරන්න ඕනෙ. එතකොට වචන 200 කට වැඩි essay එකක් ලියල project එකට sketches තියෙනව නම් ඒව දාල.. project එක එයාල කියන විදියට වැඩකරන screen-cast එකක් කරල youtube upload කරන්න ඕනෙ.. ඊට පස්සෙ evolution phase එකේදි අනිත් අයගෙ projects review කරල කමෙන්ට් කරල ලකුනු දෙන්න ඕනෙ. ඉලගට self evaluate කරන්න ඕනෙ. අන්තිමට ඔක්කොගෙන්ම ලකුනු එනව. එකක් හරි කලේ නැත්නම් penalty වදිනව 20%-50%..
Deadline පහුවෙලා penalty වැදුන.
Overall 75% වඩා ඕනෙ accomplishment statement එක ගන්න. පරන ඒවට register වෙන්න එපා. Assignment deadline එකක් pass වෙලා නම් certificate එක ගන්න වෙන්නෙ නෑ..
coursera එකේ තියෙන හැම course එකකින්ම certificate එකක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම certificate දෙන courses වලිනුත් ඒ certificate එක ගන්න course එකත් එක්කම ඉන්න වෙනව. ඒ නිසා ආවට ගියාට කරල නම් certificate එක ගන්න බෑ.. නිකන් දුන්නත් පොඩි ගේමක් තියෙනව ගන්න. Certificate එකක් ඔබට අවශ්‍යම නම් course එකකට enroll වෙන්න කලින් course එක ගැන සදහන් වෙලා තියෙන තොරතුරු බලල ඉන්න.
1.මුලින්ම course එකකට enroll වෙන්න කලින් බලන්න course එක දැනටමත් පටන් අරගෙනද කියල. පටන් අරන් සතියකට වැඩී නම් enroll වෙන්න එපා කිසිම තේරුමක් නෑ.
2.ඊලගට බලන්න workload එක. මේ workload එකටත් වඩා වැඩිකාලයක් සමහර course වලට ඕනෙ. ඒ නිසා අඩුම තරමින් සතියකට මෙච්චර කාලයක් නැත්නම් enroll වෙන්න එපා.
3.තමන් බලාපොරොත්තු වෙනදේ course එක තුල තියෙනවද බලන්න.
4.course එක සදහා ඔබේ දැනුම. (Prior Knowledge) course එකේ සදහන් දැනුම ඔබ තුල නැත්නම් නම් ඒ course එක වැඩක් නෑ. අල්ලගන්න බෑ. එපාවෙනව. ඒ වගේම ඒ කියනවට වඩා ලොකු දැනුමක් course එක මැදදි ඕනෙ වෙනව. ඒ නිසා ඒ දැනුම නැත්නම් enroll වෙන්න එපා.
5.FAQ -මෙන්න මෙතන තියෙනව මේ course එකට certificate එකක් දෙනවද නැද්ද කියල. ඒ නිසා certificate එක වැදගත් නම් මෙතනින් බලන්න course එකේ certificate දෙනවද කියල. certificate ගැන සදහනක් නැත්නම් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ නෑ.
ඉලගට ලැබෙන certificate එක ගැන කියනව නම් මේක Accomplishment statement එකක්. ඒ කියන්නෙ ඇත්තටම මේක certificate එකක් විදියට ඉදිරිපත් කරන්න බෑ. course එකකට join වෙනකොට ක්‍රම දෙකක් තියෙනව. එකක් free. අනික signature track එක. මේකෙන් signature track එකේදි ඔයාලගෙ identity එකත් එක්ක හරියටම ඔයාමයි මේ course එක කරන්නෙ කියල තහවුරු කරගෙන තමයි ඉදිරියට යන්නෙ. හැබැයි එකේදි $40 අවම වශයෙන් ගෙවන්න වෙනව. එක එක course වලට එක එක ගනන්.. ඒවගේම ලැබෙන certificates වර්ග දෙකක්. free track එකේදි normal statement එකක් ලැබෙන අතර signature track එකේදි verified certificate එකක් ලැබෙනව.
හැබයි certificate එකක් නිසා මේ course කරන එක තේරුමක් නෑ.හේතුව මේ certificate වලට ඒතරම් ලොකු පිලිගැනීමක් නෑ. ඒවගේම මේවන විට කිසිම certificate එකකින් university credits ගන්න බෑ. verified උනත් නැතත්. ඒ කියන්නෙ වෙනයම් university එකක exemption එකක් ලබාගැනීම වෙනුවෙන් මේ certificate ඉදිරිපත් කලාට වැඩක් නෑ. points එකක් වත් ලැබෙන්නෙ නෑ. තවද රැකියාවක් වෙනුවෙන් ඉදිරිපත් කලත් ලොකු පිලිගැනීමක් මේවන විටත් නෑ. ඒ වගේම බොහෝ දෙනෙක් හිතන් ඉන්නව free track එකේ පට්ට certificate එකක් ලැබෙයි කියල ඇත්තටම නෑ. Accomplishment statement එකේ කිසිම තැනක university එක ගැන සදනක් නෑ. ඒ වගේම university logos කිසිම දෙයක් නෑ..
මේ තියෙන්නෙ free track එකෙන් මට වලින් ලැබුනු accomplishment statement එක, මේ තියෙන්නෙ ඒකෙම verified format එක. (Signature track)
වෙනස පැහැදිලියි නේද. course එක මුල ඉදන්ම හරියටම කරන්න final එක අනිවා කරගන්න. මේ තියෙන්නෙ මම ආසාවෙන් කරපු model thinking එකේ final exam එක හරියට කරගන්න නොහැකිවීමේ ප්‍රතිවිපාක. deadline පහු වෙලා penalty වැදුන. දැන් මේ මාසෙත් ආයිත් enroll වුනා..
creative programming final project එකේ App එක. Recommend - Google chrome or safari
https://googledrive.com/host/index.html
මෙලෝ දෙයක් දන්නෙ නැතුව enroll වෙලා අන්තිමට මෙච්චර දෙයක් කරගන්න පුලුවන් උනා. මේ final project eඑකේ පොඩි විස්තරයක් essay එක.
මේ courses පට්ටෙට වටිනව. මේ දේවල් දැන්මෙ නිකන්ම පටන් අරන් ගොඩක් දෙනෙක් අතඅරින නිසා. මාත් මුල්කාලෙ enroll වෙනව පස්සෙ අත ඇරල දානව. හේතුව ගොඩක් දේවල් නොදැන හිටිය නිසා. ඉතින් දැන් හරියට එකපාරින්ම course එකක් ගොඩ දාගන්න කියල දුන්න.
අදහස්, යෝජනා චෝදනා ඔක්කොම කියල යන්න. ගොඩක් මහන්සි උනා ත්‍රෙඩ් එකට ඒ නිසා කෙමෙන්ට එකක් දාගෙන යන්න අනිත් අයට බලාගන්න. Size 4 න් දැන්මෙ font එක ලොකු වැඩි නම් කියන්න.
කියවපු හැමෝටම ස්තූතියි.