බුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්

    බුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්
    2013 ජූලි 07 08:55 a.m

    ඉන්දියාවේ බුද්ධගයාවේ මහා බෝධි පරිශ‍්‍රය තුළ අද (07) අළුයම 5.40 ට පමණ පිපිරීම් හතරක් සිදු වී තිබේ. පරිශ‍්‍රයෙන් පිටත නගරයේ තැනින් තැන තවත් පිපුරුම් තුනක් සිදුවී තිබෙන බව පොලිසිය කියයි.

    මෙම පිපිරුම්වලින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ දෙනමක් සහ තවත් සිවිල් වැසියෙක් රොහල්ගත කර තිබේ.ඉන්දියාවේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස්වරයා පවසන්නේ මෙම පිපිරුම්වලින් කිසිදු ශ‍්‍රී ලාංකිකයකුයට අනතුරක් සිදු වී නැති බවයි.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    :no::no::no:


    ඉන්දියාවේ බුද්ධගයා දිස්ත්‍රික්කයේ මහාබෝධි විහාරය ආශ්‍රිතව බෝම්බ කිහිපයක් පුපුරාගොස් තිබේ.

    ඉන්දීය මාධ්‍ය පවසන්නේ එරට වේලාවෙන් අද පෙරවරු 5.15ට පමණ පිපිරීම් සිදුව ඇති බවයි.

    බෝම්බ පිපුරුම් 6ක් පමණ සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් බෞද්ධ හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා ඇත.

    අදාළ හිමිනම ටිබෙට් ජාතිකයෙකු වන බව වාර්තා වේ.

    ඉන්දීය බලධාරීන් පවසන්නේ පිපුරුම්වලින් බුද්ධගයා විහාරස්ථානයේ ගොඩනැගිලිවලට හානී සිදුව නොමැති බවයි.

    පුපුරාගිය බෝම්බ ප්‍රබලතාවයෙන් අඩු බෝම්බ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

    ඔහු සඳහන් කළේ තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.

    මේ ගැන ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සොයා බලන බවද හෙතෙම කීවේය.

    මේ අතර මෙම ප්‍රහාරය බෞද්ධයින් හා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉලක්ක කර සිදුකළ එකක් නොවන බව ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලාංකික මහකොමසාරිස්වරයා පවසන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


    අද දෙරණ
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif