බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mona religious ideology ekath wishwasaya matha machan padanam wela tiyenny
    wishwasa karana nokarana eka pudgalaya sathui .. loke tiyena oonama ideology ekak prashna karanna , hela dakinna ubata aithiya tiyenawa :) mokada ideas walata rights naha but minissunta tiyenwa.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    QUOTE=dath kimbula;16898670]නෑ.......
    කිසිම දවසක හෝ වෙලාවක නෑ.....

    හේතුව - ඒ වගේ සාරවත්, බොරු නොවුණු, අතිශය තර්කිණුකූල සහ විද්‍යාත්මක සත්‍යයක් සහිත මාර්ගයක් වෙන කිසිම කෙනෙක් වදාරල නැති නිසා. කාගෙවත් ඇගේ එල්ලෙන්නේ නැතුව විමුක්තිය සලස ගන්න ක්‍රමවේදය තියෙන්නේ මේ විද්‍යාත්මක දේශනාවෙ විතරක් නිසා. ඒ වගේ දේශනාවක්, දර්ශනයක් අහසින් පහත් වෙන්න බෑ. මනෝ විකාරයක් විදියට එන්නත් බෑ, සර්ව බලධාරී සේවත්වයක් වගේ....ඒ වගේ දර්ශනයකට ඒ දර්ශනය ප්‍රකාශ කළ අයෙක් ඉන්න ඕන.....ඒ බුදුන්වහන්සේ........

    ඒ නිසා බුද්ධත්වය ගැනවත්, බුදුන්වහන්සේ ගේ පැවතීම ගැනවත් කිසිම සැක සංකාවක් නෑ........

    [/QUOTE]

    :yes::yes::yes:

    කාලාම සුත්‍රය


    කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.


    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.


    එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.


    තොප,
    1.අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .


    2.පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,


    3.තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), – යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,


    4.අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,


    5.තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,


    6.න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,


    7.ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,


    8.අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,


    9.භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    10.මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,


    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔය දේවල් බොරු නෙවෙයි. නමුත් අද සමාජයෙ ඔය දේවල් වලට දීල තියෙන අරුත්, මිනිස්සු ඒ ගැන හිතාගෙන ඉන්න ඉන්න විදිහ වැරදී. ඒ හිතාගෙන ඉන්න විදිහවල් එක්ක බැලුවාම නම් විශ්වාස කරන්න අමාරු දේවල්. එතකොට තමයි මිනිස්සුන්ට හිතෙන්නෙ මේව බොරු මිත්‍යාවන් වෙන්නැති කියල. සත්‍ය කාලයකදි උඩ එනව කාලයකදි යට යනව.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බුදු වීම රහත් වීම යන දේවාල් මිත්‍යාවන් වෙන්න බැරිද? ඒවා බොරු වෙන්න ඇති කියලා ඔයාලට හිතිලා නැද්ද? හුඟක් අයට දෙවියො කියන්නේ බොරු අපායන් කියන්නේ බොරු කියලා හිතිලා ඇති.ලෝදිය යම රජු මේ වගේ ඒවා බොරු කියලා හිතිලා ඇති.ඒවගේම ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනාද කියලා සැකයක් ඇතිවෙලා නැද්ද? මට හිතෙන අයට මිනිස්සු සීයට සීයක්ම පව් පින් සහ කර්මය දේවියන් ගැන විශ්වාසයක් නෑ.සැකයක් තමයි තියෙන්නේ.අ ඇති කියලා සමහරු සැකෙන් ඉන්නවා.නැත කියලා සමහරු සැකෙන් ඉන්නවා.

    Buddhism is only for wise people, not for dunderheads :yes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම මේකෙ කමන්ට් ඔක්කොම කියෙව්වා....එක තැනක කියලා තියෙනවා NoGod සිංහල බෞද්ධයෙක් කියලා....සිංහල වෙන්න ඇති...බෞද්ධයෙක් කියලා නම් පේන්නෙ නෑ...ඒක තේරුම් ගන්න තියෙන හොඳම එක තමා මේ....

    මේ ලෝකයේ ග්‍රහලෝක ට්‍රිලියන ගානක් තියෙනවා.අඩුම ගානේ මිනිසුන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානවත් ඇති.බුදුන් වහන්සේලා සත්‍යනම් අඩුම ගානේ ඒ ග්‍රහලෝකයක ඉන්න බුදු කෙනෙක් හරි අපේ ග්‍රහලෝකයට වඩින්න ඕන නේද?වෙන ගැලක්ෂි වල ඉන්න බුදුවරු අනෙක් ගැලක්ෂි වලට වඩින්නේ නැත්තේ මොකද?අඩුම ගානේ ඇවිල්ලා ඉන්නවා කියලා හරි පෙන්වලා යන්න පුලුවනිනේ.ලෝකයේ තියෙන ජීවය තියෙන ලෝක ගනන් කරාම අඩුම ගානේ මේ වෙනකොට බිදුවරු මිලියන ගානක් විවිධ ලෝකවල ඉන්න ඕන.


    මේ බුදුවරු මිලියන ගනන් ඇති කියලා හිතන්න තරම් මෝඩ ද....කල්ප සියකටම බුදුවරු හතයි පහල වුනේ....
    මිනිසුන් ඉන්න ග්‍රහලෝක - මිනිස්සු ඉන්න ග්‍රහලෝක එකයි තාම හොයා ගෙන තියෙන්නෙ....විද්‍යාව ගැන දැනුමත් නැත....

    බුද්ධාගම ගැන කිසිම දැනුමක් නෑ කියලා හිතෙනවා මේකෙන්ම....මේ එකක් විතරයි අනිත් ඒවායෙනුත් ඒක පේනවා....හැබැයි උබ කියන තර්ක වලට අනුව නම් පොලවත් විශ්වයත් අතර තියෙන හැම දේම මැව්වෙ අල්ලා...කුරාණයේ පැහැදිලිවම කියලා තියේ අවශ්‍ය නම් තියෙන තැනත් කියන්නම්....දවස් හයකින්ලු මවලා තියෙන්නෙ...

    අල්ලාගේ දහමයි බුදු දහමයි පටලවා ගන්න එපා....අල්ලාගේ දහම අමු කෙබ්බයක්...බුදු දහම මේ වෙනකොට කිසිම අවස්ථාවක බොරු කියලා ඔප්පු කරගන්න බැරි වුනා....

    උඹ බෞද්ධයෙක් නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි....බුදුහාමුදුරුවො උබේ කකුල් දෙක ගාවට වැඩලා බබ තමයි බුද්දා මට වැදපන් කියන්නෙ නෑ....එහෙම උඹ ගාවට වැඩලා දැන් පිලි ගනින් කියන්නෙ නෑ...නිකන් ගොබ්බ කතා කියන්නෙ නැතුව බුදු දහම බුදු හාමුදුරුවො ගැන හොයන් පලයන්....ගිහින් දැනුම හොයන් ඉගෙන ගනින්....උඹ පිලි ගත්තා හෝ නොගත්තා අපිට වැඩක් නෑ...උඹේ මොලේ තරම කියනවා නම්

    ඒවගෙත් ජීවමානව බලන්න පුලුවන් එකෙක් නෑනේ.අල්ලාව බලාගන්න බෑ.ජෙසූස් ඒන්ජල්ස්ලා පේන්නේ නෑ. විෂ්නු පේන්න එන්නේ නෑ.ඔය එක්කෙනෙක් හරි ඇවිල්ලා අපි ඉන්නවා කියලා පෙන්නුවොත් මම ඒ ආගමට යනවා.අල්ලා ඇවිල්ලා මට කීවොත් ඔන්න මම අල්ලා කියලා මම මුස්ලිම් ආගමට යනවා.ජේසු ඇවිල්ලා කීවොත් ක‍තෝලික වෙනවා.විෂ්නු ආවොත් හින්දු වෙනවා

    උඹ තාම දන්නෙ නෑ ඔය සියලුම දෙනා ජීවතුන් අතර නෑ කියලාවත්...යකෝ හිටියනම් අපිත් ආසයි බලන්න....අපි නම් චුට්ටක් හරි පින් කරලා තියෙනවා...උඹ නම් දශමයක් වත් පින් කරලා නෑ....

    උඹට හරියන්නෙ මෙන්න මේක....

    අපිත් එක්ක හිටි අපේම යාලුවො බුදුන් දකින්නැති ඒ කාලේ....නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ......

     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    පට්ට අලේ;16898762 said:
    අඩේ උඹට බුද්ධත්වය ගැන විතරද සැක ? නිකමට වත් හිතුනෙ නැද්ද උඹ ඔය තාත්ත කියල හිතං ඉන්න කෙනා ඇත්තටම උඹේ තාත්තද කියල. අම්ම කිව්වම මේ තාත්ත කියල, උඹ ඒක පිළිගන්නැතුව DNA Test එකක් කරල බැලුවද ?

    HAHAHA :lol:
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    බුද්ධත්වය ගැනවත්, බුදුන්වහන්සේ ගේ පැවතීම ගැනවත් කිසිම සැක සංකාවක් නෑ........
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මේ බුදුවරු මිලියන ගනන් ඇති කියලා හිතන්න තරම් මෝඩ ද....කල්ප සියකටම බුදුවරු හතයි පහල වුනේ....
    මිනිසුන් ඉන්න ග්‍රහලෝක - මිනිස්සු ඉන්න ග්‍රහලෝක එකයි තාම හොයා ගෙන තියෙන්නෙ....විද්‍යාව ගැන දැනුමත් නැත....

    බුද්ධාගම ගැන කිසිම දැනුමක් නෑ කියලා හිතෙනවා මේකෙන්ම....මේ එකක් විතරයි අනිත් ඒවායෙනුත් ඒක පේනවා....හැබැයි උබ කියන තර්ක වලට අනුව නම් පොලවත් විශ්වයත් අතර තියෙන හැම දේම මැව්වෙ අල්ලා...කුරාණයේ පැහැදිලිවම කියලා තියේ අවශ්‍ය නම් තියෙන තැනත් කියන්නම්....දවස් හයකින්ලු මවලා තියෙන්නෙ...
    අපි විතරයි මේ විශ්වයේ ඉන්න එකම මිනිස් ලෝකය කියන එක තරම් මෝඩ අදහසක් නෑ.කල්ප හතකට බුදු කෙනෙක් පහල වෙන එක පෘථිවියට අදාල දෙයක්.ඒකේන් අදහස් වෙන්නේ නෑ අනිත් ලෝක වල බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ කියලා.අපි තමයි මේ විශ්වයේ ඉන්න එකම බුදු වෙන්න පුලුවන් රහත් වෙන්න පුලුවන් ජීවීන් කියලා හිතන එක තරම් මෝඩ කමක් මම දකින්නේ නෑ.ගැලක්ෂිම බිලියන බිලියන ගනන් තියෙනවා.ගැලක්ෂි වල ග්‍රහලෝකම බිලියන බිලියන ගනන් ඇත.බුදුන් වහන්සේ කියලා තියෙනවද මේ විශ්වයේ තියෙන එකම මිනිස් ලෝකය මේ පොලව කියලා.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බුද්ධත්වය ගැනවත්, බුදුන්වහන්සේ ගේ පැවතීම ගැනවත් කිසිම සැක සංකාවක් නෑ........
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඒක එක්කො බය මත පදනම් වුන දෙයක්.එහෙම නැත්නම් ශ්‍රද්ධාව මත පදනම් වුන දෙයක්
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපි විතරයි මේ විශ්වයේ ඉන්න එකම මිනිස් ලෝකය කියන එක තරම් මෝඩ අදහසක් නෑ.කල්ප හතකට බුදු කෙනෙක් පහල වෙන එක පෘථිවියට අදාල දෙයක්.ඒකේන් අදහස් වෙන්නේ නෑ අනිත් ලෝක වල බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ කියලා.අපි තමයි මේ විශ්වයේ ඉන්න එකම බුදු වෙන්න පුලුවන් රහත් වෙන්න පුලුවන් ජීවීන් කියලා හිතන එක තරම් මෝඩ කමක් මම දකින්නේ නෑ.ගැලක්ෂිම බිලියන බිලියන ගනන් තියෙනවා.ගැලක්ෂි වල ග්‍රහලෝකම බිලියන බිලියන ගනන් ඇත.බුදුන් වහන්සේ කියලා තියෙනවද මේ විශ්වයේ තියෙන එකම මිනිස් ලෝකය මේ පොලව කියලා.

    මං වත් බුදුන් වත් මිනිස්සු ඉන්නෙ මේ ග්‍රහලෝකෙ විතරයි කියලා කිව්වෙ නෑ....මං කිව්වෙ තාම හොයාගෙන තියෙන්නෙ එකයි කියලා විතරයි....ඒත් මිනිස්සු කියලා කියන්න බෑ ජීවීන් ඉන්න ග්‍රහලෝක ඕන තරම් ඇති...කොහොමත් අපි හුදකලා වෙලා නෑ මේ විශ්වයේ....