පූජාවලියේ කිසිම රටක ඉතිහාසයක් ගැන හරි විස්තරයක් නෑ. ඒක යොදාගෙන කිසිම නිගමනයකට එන්න බැහැ. බුදුන් ජීවත්වූ තැන හෝ ජිවත් උනාද කියල හොයන එක මගේ විශ්වාසයන් වලට බලපෑමක් වෙන්නෙ නැහැ. මම ඉන්නෙ 21 වෙනි සියවසේ.
මම කියන්නේ බහුතරයක් මිනිස්සු පිලිගත් දෙයක් වෙනස් කරනවා නම් ඔබ ඒකට පිලිගත හැකි හේතු දක්වන්න වෙනවා. අයින්ස්ටයින් මිනිස්සුන්ට කිව්වෙ නැහැ නිව්ටන් හරි කියල ඔප්පු කරන්න කියල, තමන් හරි කියල තමන් ඔප්පු කලා.
A: "හඳේ හාවෙක් ඉන්නව"
B: "ඔප්පු කරන්න"
A: "හා පුලුවන් නම් හාවෙක් නෑ කියල ඔප්පු කරන්න"
සාධාරණද?
මම කියල තියෙන දේවල් පිලිගන්න නොගන්න එක ඔබේ වැඩක්.ඔබ වැනි භෞතිකකත්වය මත පදනම්ව සියල්ල නිගමනය කරන්න උත්සාහ කරන අයට මා පෙන්වා දුන් ස්තාන වලින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකියි. මා මේ ස්තාන ගැන දැනුවත් කලේ අංශුමාත්රයක් හෝ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති බෞද්ධයින්ට නිවන් මගට අවතීර්ණ වීමට මේ ස්තාන පිහිට කර ගැනීමට පමණයි. බටහිර විද්‍යාව සරණ ගොස් භෞතික දෙයින් තොර ලොවක් නැතැයි සිතා කටයුතු කරන අයට නිවන් මග දුර දෙයක්. මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරගත්තත් භෞතික වාදියෙකුට ඉන් කිසිම ඵලක් නෑ. මම කරන්නේ මේ දේවල් පෙන්වාදීම පමණයි.ඉන් ප්‍රයෝජනයක් ලබාගැනීම හෝ නොගැනීම ඒ ඒ අය සතු කාර්යයක්. මේ දේවල් කිසිවෙකුටවත් ඔප්පු කර පෙන්වීමට මට අවශ්‍ය නෑ.යමක් තේරුම් ගත හැකි අයට අවශ්‍ය තරම් හේතු දක්වලයි තියෙන්නෙ.මේ කියල තියෙන දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් ඇති අය මේ කාරණා තේරුම්ගෙන ඒවගෙන් අවශ්‍ය ප්‍රයෝජනය ලබාගනියි
