මෙයානම් මචන් එයාගේ දබදිව වන්දනා චාරිකා වලට කෙල උනාට පස්සෙ තමයි ඔහොම කියන්නෙ...
අශෝක මහාධිරාජයා සහ ඔහු ගොඩ නැගූ බුද්ධ රාජ්‍යය
ඉන්දීය ඉතිහාස කථාවේ අසහාය රාජ්‍යය නායකයකු වූ, අධිරාජයකු වූ, අශෝක මහ රජතුමා විසින් ගෞතම බුදුන්ගේ පරිනිර්වානයෙන් වසර 280කට පමණ පසුව පසුව ඉන්දියාවේ තමා යටත් කරගත් ප්රදේශවල ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලද බව කියැවෙන කථාව කවුරුත් දන්නා සත්‍යය සිද්ධියකි. මෙහි ගැබ්ව ඇති තවත් සත්‍යය ම වූ කථා පුවතක් කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇත. අශෝක යුගය පිළිබඳව ඉන්දීය ඉතිහාසය ලියා තැබූ මහාචාර්ය එල්. ඒ. බෂාම් තම ඉන්දීය ඉතිහාස පොතේ සටහන් කර තැබූ බොහෝ දේවල් ද මේ සත්‍යය එළි දැක්වීම සඳහා අපට ප්‍රයෝජනවත්ය. මේ පොත පළවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසුව මෙය සිංහල භාෂාවටද පරිවර්ථනය විය. මුල් ඉංග්‍රීසි පිටපතේ සටහන් වන සමහරක් කරුණු පරිවර්තනයේදී ගිලිහී ගොස් ඇත. එසේ නැත්නම් පරිවර්තකයන් දැරූ මතයන් ද පොතට ඇතුළු කර ඇති බව පෙනේ.
අශෝක අධිරාජයා ඉන්දියාව තුළ බලය අල්ලා ගත්තේ ග්‍රීක පාලකයින් පලවා හැරීමෙන් පසුව ය. පළමුවෙන් ම නැඟෙනහිර ඉන්දියාවත් බටහිර ඉන්දියාවත් ඊට පසුව උතුරු ඉන්දියාවත් තම අධිරාජ්යයට අල්ලා ගත් අශෝක මහරජු ඉන් පසුව දකුණු ඉන්දියාව දෙසට ද හැරුණේය. කාලිංග යුද්ධය අශෝක මහරජතුමා විසින් කරන ලද අවසාන ම හා දරුණු ම යුද්ධයයි. මිනිසුන් ලක්ෂ ගණනක් මරා ඒ හා සමාන ම මිනිසුන් ප්‍රමාණයක් සිරගත කොට විශාල ජීවිත විනාශයක් සිදු කළ මෙම යුද්ධයෙන් පසුව අශෝක අධිරාජයා කාවේරි නදිය දක්වා ම තම බලය පතුරුවා ගත්තේය.
හෙළදිව එදා පැවති දියුණු රාජ්‍යය ගැනද අසා දැන තිබූ අශෝක මහ රජතුමා කාලිංග දේශයේ ම රැඳී සිට හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා හෙළ දිවයින වෙතට එවීය. කිහිප වරක් ම මේ ආකාරයට හමුදාවන් හෙළ දිවයින කරා යැවුවත් ඒ කිසි ම හමුදාවකට හෙළ දිවට ළං වන්නට හෝ නොහැකි විය.
මේ වන විට හෙළ දිවයිනේ බොහෝ තැන් වල බුද්ධ ධර්මය ස්ථාපිත වී දකුණු ඉන්දියාවේ පවා බුද්ධ ශ්‍රාවකයින් නිතර දකින්නට ලැබිණි. කාවේරි නදිය තෙක් ම දකුණු ඉන්දියාවේ ද බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවතිණි. බුද්ධ ශ්‍රාවකයින් ගැනත්, බුද්ධ ධර්මයේ අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැනත් අසා දැනගන්නට අශෝක මහ රජුට මේ වන විට අවස්ථාව ද ලැබිණි. කාලිංග යුද්ධයෙන් හෙම්බත්ව මානසිකව අසහනයට පත්ව සිටි අශෝක මහ රජුට අති මහත් මානසික සුවයක් මෙන්ම ජීවිත පැවැත්මේ නව පරිවර්තනයක් ඇති කරන්නට ද සමත් වූ විශේෂ සිදු වීමක් ද මේ අතර ම සිදු විය. ඒ බුද්ධ ශ්‍රාවකයින්ගේ දර්ශනයත් බුද්ධ ධර්මයේ ආ අවිහිංසා ප්‍රතිපත්ති මාර්ගය ගැනත් අසා දැන ගැනීමයි. හෙළ දිවයින ගැනත් බුද්ධ ධර්මය ගැනත් මේ වන විටත් යම්යම් තොරතුරු බුද්ධ ශ්‍රාවකයින්ගෙන් ම අසා දැන ගන්නටත් අශෝක අධිරාජයාට අවස්ථාව ලැබී තිබිණි.
යුද්ධ හමුදා මෙහෙයවා හෙළදිව යටත් කර ගන්නට අශෝක රජු මෙතෙක් දැරූ සියලු ප්‍රයත්නයන් ද අසාර්ථක විය. මේ අනුව බුද්ධ පුත්‍රයින්ගෙන් අශෝක මහරජු විමසා සිටියේ “මෙපමණ විශාල වූ භාරත දේශය ම ජයගත් මට මේ කුඩා හෙළ දිවයින යටත් කර ගන්නට නොහැකි වූයේ එහි ඇති කුමන බලයක් නිසාද?” යන්නයි.
මෙයට පිළිතුරු දුන් බුද්ධ ශ්‍රාවකයන් ප්‍රකාශ කර සිටියේ, “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපයයි, බුද්ධ රාජ්යයයි. එහි පවතින්නේ ධර්ම රාජ්යයක්. බුද්ධ රාජ්යය යුද්ධ බලයෙන් යටපත් කළ නොහැකියි. ඒ නිසා යුද්ධයෙන් හෙළදිව යටත් කර ගන්නට තිබෙන ආශාව අදහස අතහැර දමන්න” යනුවෙනි. මේ අනුව යුද්ධ කිරීමේ අදහස සම්පූර්ණයෙන් ම අත්හැර දැමූ අශෝක මහරජතුමාට අලුත් ම අදහසක් පහළ විය. ඒ අලුත් අදහස නම් තමන් ද බුද්ධ රාජ්යයක් – ධර්ම රාජ්‍යයක් තම රාජ්යය තුලම ස්ථාපිත කළ යුතුය යන්නයි. මේ අනුව වසර නවයක් තිස්සේ ම යුද්ධයෙන් බලයෙන් රට පාලනය කළ යුගය අවසන් කර ධර්මයෙන් රට පාලනය කිරීමේ යුගයක් ඇති විය. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් විය.
මේ අනුව බුද්ධ රාජ්‍යය යනු කුමක්ද, ජන්බුද්වීපය යනු කුමක්ද, එහි ඇති විශේෂ ස්ථාන හා වත්පිළිවෙත් මොනවාද යනාදී දේ ගැන කරුණු සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසින් අශෝක රජු පුරෝහිතයින් නව දෙනෙකු ම හෙළ දිවයින කරා පිටත් කර එවීය. බුද්ධ රාජ්‍යය, ජන්බුද්වීපය පිළිබඳව සියලු තොරතුරු හා කරුණු සටහන් කරගෙන එන ලෙස ද ඔවුන්ට නියෝග කළේය. (මහාවංශයේද මේ බව පැහැදිලිවම සටහන් කර ඇත.). මේ අනුව හෙළ දිවයින ගැනත්, ජන්බුද්වීපයය ගැනත්, බුද්ධ රාජ්යය ගැනත්, බුද්ධ ධර්මය ගැනත්, බොහෝ තොරතුරු අශෝක රජුට තම පුරෝහිතයින් වෙතින් ලබා ගන්නට හැකි විය. මේ සියලු තොරතුරු දැන ගත් අශෝක මහ රජුට පුදුම විධියේ අදහසක් පහළ විය. ඒ අදහස නම් තම ඉන්දීය අධිරාජ්යය පුරාම බුද්ධ රාජ්‍යයක් කෘතීම ලෙසින් ප්‍රතිශ්ඨාපනය කිරීමයි. මේ අදහස අනුව හෙළදිව ජන්බුද්වීපයේ එදා පැවති සියලු වෙහෙර විහාර , ජනපද, පූජනීය ස්ථාන සියල්ල ම ඉන්දියාවේ ද ආකෘති ලෙසින් පිහිටුවීම එතුමා ආරම්භ කළේය. ඒ අනුව අශෝක මහ රජුගේ නියෝගයෙන් මුළු ඉන්දීය අධිරාජ්යය පුරාම විසිරී පැතිරී යන ආකාරයෙන් තුන්වසරක් තුලදී වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩ නංවා එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද සමහරක් නම් ගම් පවා ඒවාට ආරෝපනය කෙළේය. මීට අමතරව එදා ජම්බුද්වීපයේ පැවති සොලොස් මහා ජනපදයන්ට අනුරූපව ඉන්දියාවේ ද සමහරක් ජනපදයන් ම නාමිකව නම් කෙළේය. විශෂයෙන් ම ගෞතම බුදුන්ගේ උපත, බුද්ධත්වය, පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයන් මෙන් ම පිරිනිවන් පෑ ස්ථානයද සිහිපත් කිරීම සඳහා විශේෂ ස්මාරක ස්ථානයන් ගොඩ නැඟීය. ඒ වාගේම එදා හෙළදිව විශේෂ ස්ථානයන් වූ දෙව් රම් වෙහෙර, ජේතවනාරාමය, රජගහ නුවර වේළුවනාරාමය ආදී ප්‍රධාන ස්ථානයන් ද විශෙෂයෙන් ම ගොඩ නැංවීය. එසේම අශෝක මහරජතුමා ධර්ම අමාත්යයින් පත් කර මේ වෙහෙර විහාරවලට බුද්ධ ශ්‍රාවකයින් ද ගෙන්වා ගන්නටත් ක්‍රියා කළේය.
අශෝක මහරජතුමා ගොඩනැඟූ මෙම ආකෘති සිද්ධස්ථාන වල ආගම් බේදයකින් තොරව එදා ඉන්දියාවේ පැවති සියලු ආගමිකයින්ට ලැගුම් ගත හැකි බව ද ප්‍රකාශ කෙළේය. එදා ඉන්දියාවේ පැවති සියලු ආගම් වල අනුගමනය කළ යහපත් ප්‍රතිපත්ති සමග හෙළදිවෙන් ගෙන ආ බුද්ධ ධර්මයේ යම් යම් ලෞකික අවිහිංසාවාදී ප්රතිපත්ති ද, පංචසීල ප්‍රතිපදාව ද තවත් යම්යම් විශේෂ අංගයන් ද එක් කර මෙතෙක් හෙළදිව පැවැති පවිත්ර බුද්ධ ධර්මය වෙනුවට ඉන්දියාවේදී බුද්ධාගමක් ස්ථාපිත කරන්නටත් අශෝක මහරජතුමා සමත් විය. තම අධිරාජ්යය පුරාම මෙම අලුත් ආගම පැතිර වූ අශෝක මහරජතුමා ඉන්දියාවේ සියලු අසල්වැසි රාජ්‍යයන් වෙත ද මේ අලුත් ආගම පැතිරවීම සඳහා ධර්ම දූතයින් පිටත් කර යැවීය. මේ අනුව අශෝක මහරජුගේ ජීවිත කාලය තුලදී පෙරදිග බොහෝ රටවලට බුද්ධාගම පැතිර ගියේය. මෙහි නියත ප්‍රතිඵලය වූයේ නිවන් දකින්නට උපකාර වන ලෙසින් ම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ පරම පවිත්ර බුද්ධ ධර්මය වසර 300 කට පමණ පසුව නැවතත් ආගම් සංකල්පවල බලයට යටත් වී බුද්ධාගමක් ලෙසින් ව්‍යාප්ත වීමයි.
අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක් පිහිටුවා ඉන්දියාවේ ධර්ම රාජ්‍යයක් ද ස්ථාපිත කර බුද්ධාගම ඉන්දීය රාජ්‍ය ආගම බවට ද ප්‍රකාශ කරන අවස්ථාව වන විටත් මේ හෙළ දිවයිනේ කොටසක එනම් දේව හෙළයේ (එදා බුදුන් උපත ලැබූ ජන්බුද්වීපයේ) බොහොමයක් ස්ථාන වල පරම පවිත්ර බුද්ධ ධර්මය අනුගමනය කරමින් මඟපල ලැබූ අරහතුන් වහන්සේලා ම විසි තිස් දහසකටත් වඩා වාසය කළ බවද ඉතිහාසයෙන්ම පැහැදිලි වෙයි. මේ යුගය වන විටත් හෙළදිව ජන්බුද්වීපයේ කොටසක පරම පවිත්ර බුද්ධ ධර්මය පැතිර පැවති අතර ම තවත් කොටසක කිසිම ආගමක් ධර්මයක් නැති ගෝත්‍රික ජනතාවක් ද වාසය කළහ. ඒ යක්ෂ හෙළයේ යි. එදා ගෞතම බුදුපියාණන් ජීවමානව ම හෙළදිව ජන්බුද්වීපයේ වැඩවසන යුගයේ දී පවා හෙළදිව මෙම කොටසේ ජීවත් වූ යක්ඛ, නාග, කුම්භාණ්ඩ , හා ගාන්ධර්ව ගෝත්‍රික ජනයාගෙන් බහුතර කොටසක් බුදුන් දේශනා කළ ධර්මය පිළිගත්තේ ම නැත. පසු කලෙක මෙම යක්ෂ ගෝත්‍රික නායකයින්ව මරවා ඉන්දියානු ජාතික විජය රජු යක්ෂ හෙළයේ පාලනය භාර ගත්තද එහි විසූ පොදු ජනයාට හෝ විජය රජුගෙන් පැවත ආ වෙනත් රජ වරුන්ට හෝ බුද්ධ ධර්මය අනුගමනය කරන්නට ද දැනුමක් නොවීය. මිහිඳු හිමියන් මෙන් ම අශෝක මහරජතුමා ද සිදු කළේ එදා මෙම යක්ෂ හෙළයේ විසූ රජුට මෙන්ම එහි ජීවත් වූ පන්සිල් පවා නොරැකි මිනිසුන්ට ද බුද්ධාගම හඳුන්වා දීමයි. මේ ආකාරයට අනුරපුර රාජධානියට අශෝක රජු හා මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දෙන අවස්ථාව වන විටත් දේව හෙළයට අයත් මේ රටේම බොහෝ ප්රදේශවල මඟපල ලාභී අරහතුන් වහන්සේලා දස දහස් ගණනින් වැඩ සිටි බව ඉතිහාසයේ පැහැදිලිව ම සඳහන් ය. ලංකාවට බුද්ධාගම ගෙනා බව කියන මිහිඳු හිමියන් මෙන් ම මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණියද එදා හෙළදිව පිරිසිදු බුද්ධ ධර්මය පැවති සැවැත් නුවර, රජගහ නුවර වැනි ප්‍රදේශ වලට පැමිණ එදා එහි සිටි මහ අරහතුන් වහන්සේලා ගෙන් බුද්ධ ධර්මය අසා දැන ඉගෙන ගෙන මඟපල ලබාගත් බව ද පෙන්වා දිය යුතුය. මිහිඳු හිමියන් හෙළබස හා මාගධී බස ඉගෙන ගත්තේ ද මේ දේව හෙළයේදි ම ය.
මිහිඳු හිමියන් හා සඟමිත් කුමරිය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන අවධිය වන විටත් හෙළදිව නැඟෙනහිර, මධ්යම, හා දකුණු දිග ප්‍රදේශ වල පිහිටි ශාක්ය ජනපද රාශියක්ම ශාක්‍ය කුමාරවරුන්විසින් ම පාලනය කරනු ලබමින් පැවතුණු බවද පෙනේ. කාවන්තිස්ස රජු, මහාසේන රජු, හා අභය රජු මෙන් ම තවත් නම් සඳහන් වන හා නම් සඳහන් නොවන රජවරුන් ගණනාවක් ම මේ හෙළදිව ජන්බුද්වීපයේම තිස්සමහාරාමය, සිතුල්පව්ව, රජගහනුවර, දෙව්දහනුවර, කිඹුල්වත්පුර ආදී නගරවල රජකම් කළ බවද පෙනේ.
බුද්ධාගම (ලංකාපුර) අනුරාධපුර රාජධානියට හඳුන්වා දීමත් සමඟම මෙතෙක් අනුරාධපුරයේ පැවති සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් වී ගියේය. කෙත්වතු කුඹුරු වගා කිරීමේ ක්‍රමයක් ද එහි ක්‍රමයෙන් ආරම්භ විය. මිහිඳු හිමියන් බුද්ධාගම අනුරාධපුරයට ගෙනා අවධියේ පවා අනුරපුර රාජ්‍යයේ රාජ්‍ය පාලකයා ද තම යටත් වැසියන් ද සමග පසලොස්වක පොය දිනයේ දී පවා සතුන් දඩයම් කිරීමට ගිය බව ඉතිහාසයේ සඳහන් ය. මේ සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් කර කෙත්වතු වගා කිරීමට පසු කලකදී ඉන්දියාවෙන් අනුරාධපුරයට පැමිණි කුල දහ අටකට අයත් උගත් වියත් පිරිසේ බලපෑම ද බෙහෙවින් ම හේතු වන්නට ඇත. මේ පිරිසගේ බලපෑම අනුව එදා අනුරපුර පැවති රාජ්‍යයේ යක්ෂ ගෝත්‍රික පාලනය අවසන්ව හෙළදිව පාලන බලයද සහමුලින්ම වෙනස් වී යක්ෂ හෙළය පමණක් නොව දේව හෙළයේ පාලනයද ක්රමයෙන් අනුරපුර පාලනයට නතු විය.
අශෝක මහරජතුමාගේ රාජ්‍ය පාලනයේ දසවැනි වර්ෂයේ පටන් මහරජුගේ මරණය දක්වාම ඔහු ධර්ම රාජ්‍ය සංකල්පයෙන්ම රට පාලනය කෙළේය. නමුත් පරම පවිත්ර බුද්ධ ධර්මයේ ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් දැකීම පිළිබඳව හෝ පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කිරීම හෝ අශෝක රජතුමා කිසි විටකත් විශ්වාස නොකළ බවත් පැහැදිලිව ම පෙනේ. ඔහු එතෙක් විශ්වාස කළ, ඉන්දීය ජනයාගෙන් බහුතරයක් ද විශ්වාස කළ හින්දු දේව ආගම් සංකල්ප ඔහු කිසි විටකත් අත නොහැරියේය. නිරතුරුව ම ආගමික සංචාරයන්හි යෙදුණේ හින්දු තීර්ථයන් කරා බවද බෂාම්තුමා පැහැදිලිව ම සඳහන් කරයි. ඒ වාගේම කිසි ම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සටහනක් සඳහන් නොවන බවත් ආගම් සංකල්ප හා දේව ඇදහිලි පිලිබඳව නිරතුරුව ම විස්තර ලියා ඇති බවත් ඉතාමත් ම පැහැදිලිව දකින්නට ඇත. ඒ අනුව අශෝක මහරජතුමා බුද්ධ රාජ්යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම ජන්බුද්වීපයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය ධර්මානුකූලව ආරක්ෂා කර තම බලය පවත්වා ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම පාලනයක් තම රටේ පවත්වා ගන්නටත් පමණි. නිවන පිළිබඳව කිසිම දැනුමක් ඔහුට නොවීය. විශ්වාසයක් ද නොවීය.
එදා ඉන්දියාවේ ප්‍රචලිතව පැවති වේද, ශිව, ජෛන, ආගම්වල පැවති යාග හෝම බලි බිලි සත්ව ඝාතන සියල්ල ම නවතා දමා සත්ව හිංසාව ද නවතා දමා අවිහිංසාව ජනයා අතරේ ප්‍රචලිත කරන්නටත් බුද්ධාගම අශෝක රජුට බලවත් සේම උපකාර විය.
අශෝක මහරජ තුමාගේ සංකල්පයක් අනුව බිහි වූ බුද්ධාගම ඉන්දියාවේ මෙන් ම අසල්වැසි සියලු ම රට වලත් කෙටි කලකට හෝ ව්යාප්ත විය. හෙළදිව යක්ෂ ගෝත්‍රික රාජ්‍යක්ව පැවති අනුරාධපුර කොටසේ ද මෙම බුද්ධාගම ව්‍යාප්ත විය. ඒ සමගම සිදු වූ විපර්යාසය නම් එතෙක් රුහුණේ දේව හෙළයේ ජන්බුද්වීපයේ පැතිර පැවති නිවන් දකින්නට උපකාර වූ පරම පවිත්ර බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයට ගොස් අවසානයේ බුද්ධාගම පමණක් හෙළදිවයින පුරා ජනප්‍රිය වීමය. නිවන් දකින්නට උපකාර වන පරම පවිත්ර බුද්ධ ධර්මය පෘතග්ජන ලෝකයා අතරේ එතරම් ජනප්‍රිය දෙයක් නොවේ. එය හුදී ජනයාට ගැලපෙන හිතවාදී ආගම් සංකල්පයක් ද නොවේ. පරම පවිත්ර බුද්ධ ධර්මයට අනුව සැප කියා දෙයක් නැත. එය මායාවක් ම පමණි. දුක උරුම කර දෙන්නේ සැප හඹා යන හෙයිනි. නමුත් අශෝක රජතුමා දේව ආගම් සංකල්ප ද සමග ඒකාබද්ධ කර සකස් කළ බුද්ධාගමට අනුව දෙව් සැප මිනිස් සැප විඳිමින් ම නිවන් දකින්නට පැතුම් පතන ලෞකික ආගමික සංකල්පයන් ද බිහි විය. දෙව් සැප මිනිස් සැප අත්කර ගැනීම සඳහා ම සියලු පිංකම් කළයුතු බව පෙන්වා දුන් ලෞකික වූත් හුදී ජනයාගේ සිත් ගත්තා වූත් රජ සිටු වරුන්ට ප්‍රිය මනාප වූත් ආගමක් බවට ම බුද්ධාගම ද පරිවර්තනය විය. මේ අනුව නිවන් දකින පරම පවිත්ර බුද්ධ ධර්මය යටපත්ව ගොස් ලෞකික සැප සඳහා ම ක්‍රියා කරන බෞද්ධ ආගමිකයින් පිරිසක් මේ හෙළදිවෙහි ද පසු කාලයකදී බිහි වූහ. එදා අනුරාධපුරයේදී සිදු වූයේ මේ විපරියාසයයි.
ජන්බුද්වීපයේ දේවහෙළයෙහි එදා ඇදහූ ආගම් හැට ගණනක් ම බැහැර කරමින් ගෞතම බුදුපියාණන් ලෝකයාට පෙන්වා වදාළ, දේශනා කර වදාළ, උතුම් නිවන් මාර්ගය බුද්ධ පරිනිර්වානයෙන් වසර 1000 ක් පමණ කාලයකට පසුවමේ ආකාරයට හෙළදිවෙන් ද සහමුලින් ම යටපත් වී අභාවයට ම ගියේය. නැවතත් ආගමික සංකල්පවලට ම ජනයා හුරු පුරුදු වී බුද්ධාගම ද ඇදහිල්ලක් බවට ම පත්වී, දේව ආගම් සංකල්ප සමග එකතු වී වසර 1500 ක් පමණම කාලයක් අද වන විට ගෙවී ඇත. මේ අනුව හෙළදිව ඉතිහාසයේ බොහෝ යුගයන්හිදී බුද්ධාගම රාජ්ය ආගම ලෙසින් ද පිළිගෙන තිබුණේය. ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ නම් වැසී යටපත්ව ගියේය. එය ධර්මතාවයයි.
ඒත් මේක මහ පටලැවිල්ලක් බන්. මීවනපලානෙ හාමුදුරුවො කියනව බුදු හාමුදුරුවො බුදු උනේ හිරිවඩුන්න බෝධිය ගාව කියල. වහරක හාමුදුරුවො කියනව බුදු උනේ අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ගාව කියල. තර්ක බුදින්නවත් අපහාස කරන්නවත් නෙමේ මේ කතාව කිව්ව්. ඇත්ත මොකද්ද කියල දනගන්න ඕන හින්ද.
http://www.aaryadharma.org/Shrawya/Kaanda/Kaanda042.htm
http://www.aaryadharma.org/Shrawya/Kaanda/042/042-41 SUDU BODEIN WAHANSE 9-4-2009.mp3
මචන් මේ වගේ මතවාදයක් හදාගෙන එක ඔප්පු කරන්න ජනවහරයි වචන හරඹයි දානවට වඩා හොඳ නැද්ද පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්නුවානම්. ගුරුත්වය අඩු උනා කියන එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
http://press.nationalgeographic.com/2013/11/25/birth_of_buddha/
මෙන්න මේ වගේ අතීතයකට නිශ්චිත සාක්ෂි තියෙන්නේ බුද්ධාගමේ විතරයි මම දන්නා තරමින්. ඒ වටිනාකම නැතිකරන්න එපා.
ඉතිහාසය කියන දේ සියයට සියයක්ම විශ්වාස කරන්න අමාරු දෙයක්. ඒක ඒ ඒ කාලවල හිටපු අය එයාලට ඕනි දේවල් ලියන්න ඇති කියල හිතෙනව. මම අහල තියෙනව අදටත් සමහර අය ඉන්නවලු ධ්‍යාන බලය වඩවපු. එයාලට පුළුවන්ලු අතීතය දකින්න. විශ්වයේ ගැබ්වෙලා තියෙන දැනුම ලබාගන්න. ඒත් එයාල ප්‍රසිද්ධියට අකමැති නිසා මේ දේවල් වැඩිය එළියට එන්නෙ නෑ..



වැදගත් ත්‍රෙඩ් එකක් මචන්![]()