බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    අශෝක මහාධිරාජයා සහ ඔහු ගොඩ නැගූ බුද්ධ රාජ්‍යය



    ඉන්දීය ඉතිහාස කථාවේ අසහාය රාජ්‍යය නායකයකු වූ, අධිරාජයකු වූ, අශෝක මහ රජතුමා විසින් ගෞතම බුදුන්ගේ පරිනිර්වානයෙන් වසර 280කට පමණ පසුව පසුව ඉන්දියාවේ තමා යටත් කරගත් ප්රදේශවල ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලද බව කියැවෙන කථාව කවුරුත් දන්නා සත්‍යය සිද්ධියකි. මෙහි ගැබ්ව ඇති තවත් සත්‍යය ම වූ කථා පුවතක් කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇත. අශෝක යුගය පිළිබඳව ඉන්දීය ඉතිහාසය ලියා තැබූ මහාචාර්ය එල්. ඒ. බෂාම් තම ඉන්දීය ඉතිහාස පොතේ සටහන් කර තැබූ බොහෝ දේවල් ද මේ සත්‍යය එළි දැක්වීම සඳහා අපට ප්‍රයෝජනවත්ය. මේ පොත පළවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසුව මෙය සිංහල භාෂාවටද පරිවර්ථනය විය. මුල් ඉංග්‍රීසි පිටපතේ සටහන් වන සමහරක් කරුණු පරිවර්තනයේදී ගිලිහී ගොස් ඇත. එසේ නැත්නම් පරිවර්තකයන් දැරූ මතයන් ද පොතට ඇතුළු කර ඇති බව පෙනේ.

    අශෝක අධිරාජයා ඉන්දියාව තුළ බලය අල්ලා ගත්තේ ග්‍රීක පාලකයින් පලවා හැරීමෙන් පසුව ය. පළමුවෙන් ම නැඟෙනහිර ඉන්දියාවත් බටහිර ඉන්දියාවත් ඊට පසුව උතුරු ඉන්දියාවත් තම අධිරාජ්යයට අල්ලා ගත් අශෝක මහරජු ඉන් පසුව දකුණු ඉන්දියාව දෙසට ද හැරුණේය. කාලිංග යුද්ධය අශෝක මහරජතුමා විසින් කරන ලද අවසාන ම හා දරුණු ම යුද්ධයයි. මිනිසුන් ලක්ෂ ගණනක් මරා ඒ හා සමාන ම මිනිසුන් ප්‍රමාණයක් සිරගත කොට විශාල ජීවිත විනාශයක් සිදු කළ මෙම යුද්ධයෙන් පසුව අශෝක අධිරාජයා කාවේරි නදිය දක්වා ම තම බලය පතුරුවා ගත්තේය.

    හෙළදිව එදා පැවති දියුණු රාජ්‍යය ගැනද අසා දැන තිබූ අශෝක මහ රජතුමා කාලිංග දේශයේ ම රැඳී සිට හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා හෙළ දිවයින වෙතට එවීය. කිහිප වරක් ම මේ ආකාරයට හමුදාවන් හෙළ දිවයින කරා යැවුවත් ඒ කිසි ම හමුදාවකට හෙළ දිවට ළං වන්නට හෝ නොහැකි විය.

    මේ වන විට හෙළ දිවයිනේ බොහෝ තැන් වල බුද්ධ ධර්මය ස්ථාපිත වී දකුණු ඉන්දියාවේ පවා බුද්ධ ශ්‍රාවකයින් නිතර දකින්නට ලැබිණි. කාවේරි නදිය තෙක් ම දකුණු ඉන්දියාවේ ද බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවතිණි. බුද්ධ ශ්‍රාවකයින් ගැනත්, බුද්ධ ධර්මයේ අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැනත් අසා දැනගන්නට අශෝක මහ රජුට මේ වන විට අවස්ථාව ද ලැබිණි. කාලිංග යුද්ධයෙන් හෙම්බත්ව මානසිකව අසහනයට පත්ව සිටි අශෝක මහ රජුට අති මහත් මානසික සුවයක් මෙන්ම ජීවිත පැවැත්මේ නව පරිවර්තනයක් ඇති කරන්නට ද සමත් වූ විශේෂ සිදු වීමක් ද මේ අතර ම සිදු විය. ඒ බුද්ධ ශ්‍රාවකයින්ගේ දර්ශනයත් බුද්ධ ධර්මයේ ආ අවිහිංසා ප්‍රතිපත්ති මාර්ගය ගැනත් අසා දැන ගැනීමයි. හෙළ දිවයින ගැනත් බුද්ධ ධර්මය ගැනත් මේ වන විටත් යම්යම් තොරතුරු බුද්ධ ශ්‍රාවකයින්ගෙන් ම අසා දැන ගන්නටත් අශෝක අධිරාජයාට අවස්ථාව ලැබී තිබිණි.

    යුද්ධ හමුදා මෙහෙයවා හෙළදිව යටත් කර ගන්නට අශෝක රජු මෙතෙක් දැරූ සියලු ප්‍රයත්නයන් ද අසාර්ථක විය. මේ අනුව බුද්ධ පුත්‍රයින්ගෙන් අශෝක මහරජු විමසා සිටියේ “මෙපමණ විශාල වූ භාරත දේශය ම ජයගත් මට මේ කුඩා හෙළ දිවයින යටත් කර ගන්නට නොහැකි වූයේ එහි ඇති කුමන බලයක් නිසාද?” යන්නයි.

    මෙයට පිළිතුරු දුන් බුද්ධ ශ්‍රාවකයන් ප්‍රකාශ කර සිටියේ, “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපයයි, බුද්ධ රාජ්යයයි. එහි පවතින්නේ ධර්ම රාජ්යයක්. බුද්ධ රාජ්යය යුද්ධ බලයෙන් යටපත් කළ නොහැකියි. ඒ නිසා යුද්ධයෙන් හෙළදිව යටත් කර ගන්නට තිබෙන ආශාව අදහස අතහැර දමන්න” යනුවෙනි. මේ අනුව යුද්ධ කිරීමේ අදහස සම්පූර්ණයෙන් ම අත්හැර දැමූ අශෝක මහරජතුමාට අලුත් ම අදහසක් පහළ විය. ඒ අලුත් අදහස නම් තමන් ද බුද්ධ රාජ්යයක් – ධර්ම රාජ්‍යයක් තම රාජ්යය තුලම ස්ථාපිත කළ යුතුය යන්නයි. මේ අනුව වසර නවයක් තිස්සේ ම යුද්ධයෙන් බලයෙන් රට පාලනය කළ යුගය අවසන් කර ධර්මයෙන් රට පාලනය කිරීමේ යුගයක් ඇති විය. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් විය.

    මේ අනුව බුද්ධ රාජ්‍යය යනු කුමක්ද, ජන්බුද්වීපය යනු කුමක්ද, එහි ඇති විශේෂ ස්ථාන හා වත්පිළිවෙත් මොනවාද යනාදී දේ ගැන කරුණු සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසින් අශෝක රජු පුරෝහිතයින් නව දෙනෙකු ම හෙළ දිවයින කරා පිටත් කර එවීය. බුද්ධ රාජ්‍යය, ජන්බුද්වීපය පිළිබඳව සියලු තොරතුරු හා කරුණු සටහන් කරගෙන එන ලෙස ද ඔවුන්ට නියෝග කළේය. (මහාවංශයේද මේ බව පැහැදිලිවම සටහන් කර ඇත.). මේ අනුව හෙළ දිවයින ගැනත්, ජන්බුද්වීපයය ගැනත්, බුද්ධ රාජ්යය ගැනත්, බුද්ධ ධර්මය ගැනත්, බොහෝ තොරතුරු අශෝක රජුට තම පුරෝහිතයින් වෙතින් ලබා ගන්නට හැකි විය. මේ සියලු තොරතුරු දැන ගත් අශෝක මහ රජුට පුදුම විධියේ අදහසක් පහළ විය. ඒ අදහස නම් තම ඉන්දීය අධිරාජ්‍යය පුරාම බුද්ධ රාජ්‍යයක් කෘතීම ලෙසින් ප්‍රතිශ්ඨාපනය කිරීමයි. මේ අදහස අනුව හෙළදිව ජන්බුද්වීපයේ එදා පැවති සියලු වෙහෙර විහාර , ජනපද, පූජනීය ස්ථාන සියල්ල ම ඉන්දියාවේ ද ආකෘති ලෙසින් පිහිටුවීම එතුමා ආරම්භ කළේය. ඒ අනුව අශෝක මහ රජුගේ නියෝගයෙන් මුළු ඉන්දීය අධිරාජ්යය පුරාම විසිරී පැතිරී යන ආකාරයෙන් තුන්වසරක් තුලදී වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩ නංවා එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද සමහරක් නම් ගම් පවා ඒවාට ආරෝපනය කෙළේය. මීට අමතරව එදා ජම්බුද්වීපයේ පැවති සොලොස් මහා ජනපදයන්ට අනුරූපව ඉන්දියාවේ ද සමහරක් ජනපදයන් ම නාමිකව නම් කෙළේය. විශෂයෙන් ම ගෞතම බුදුන්ගේ උපත, බුද්ධත්වය, පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයන් මෙන් ම පිරිනිවන් පෑ ස්ථානයද සිහිපත් කිරීම සඳහා විශේෂ ස්මාරක ස්ථානයන් ගොඩ නැඟීය. ඒ වාගේම එදා හෙළදිව විශේෂ ස්ථානයන් වූ දෙව් රම් වෙහෙර, ජේතවනාරාමය, රජගහ නුවර වේළුවනාරාමය ආදී ප්‍රධාන ස්ථානයන් ද විශෙෂයෙන් ම ගොඩ නැංවීය. එසේම අශෝක මහරජතුමා ධර්ම අමාත්යයින් පත් කර මේ වෙහෙර විහාරවලට බුද්ධ ශ්‍රාවකයින් ද ගෙන්වා ගන්නටත් ක්‍රියා කළේය.

    අශෝක මහරජතුමා ගොඩනැඟූ මෙම ආකෘති සිද්ධස්ථාන වල ආගම් බේදයකින් තොරව එදා ඉන්දියාවේ පැවති සියලු ආගමිකයින්ට ලැගුම් ගත හැකි බව ද ප්‍රකාශ කෙළේය. එදා ඉන්දියාවේ පැවති සියලු ආගම් වල අනුගමනය කළ යහපත් ප්‍රතිපත්ති සමග හෙළදිවෙන් ගෙන ආ බුද්ධ ධර්මයේ යම් යම් ලෞකික අවිහිංසාවාදී ප්රතිපත්ති ද, පංචසීල ප්‍රතිපදාව ද තවත් යම්යම් විශේෂ අංගයන් ද එක් කර මෙතෙක් හෙළදිව පැවැති පවිත්ර බුද්ධ ධර්මය වෙනුවට ඉන්දියාවේදී බුද්ධාගමක් ස්ථාපිත කරන්නටත් අශෝක මහරජතුමා සමත් විය. තම අධිරාජ්යය පුරාම මෙම අලුත් ආගම පැතිර වූ අශෝක මහරජතුමා ඉන්දියාවේ සියලු අසල්වැසි රාජ්‍යයන් වෙත ද මේ අලුත් ආගම පැතිරවීම සඳහා ධර්ම දූතයින් පිටත් කර යැවීය. මේ අනුව අශෝක මහරජුගේ ජීවිත කාලය තුලදී පෙරදිග බොහෝ රටවලට බුද්ධාගම පැතිර ගියේය. මෙහි නියත ප්‍රතිඵලය වූයේ නිවන් දකින්නට උපකාර වන ලෙසින් ම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ පරම පවිත්‍ර බුද්ධ ධර්මය වසර 300 කට පමණ පසුව නැවතත් ආගම් සංකල්පවල බලයට යටත් වී බුද්ධාගමක් ලෙසින් ව්‍යාප්ත වීමයි.

    අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක් පිහිටුවා ඉන්දියාවේ ධර්ම රාජ්‍යයක් ද ස්ථාපිත කර බුද්ධාගම ඉන්දීය රාජ්‍ය ආගම බවට ද ප්‍රකාශ කරන අවස්ථාව වන විටත් මේ හෙළ දිවයිනේ කොටසක එනම් දේව හෙළයේ (එදා බුදුන් උපත ලැබූ ජන්බුද්වීපයේ) බොහොමයක් ස්ථාන වල පරම පවිත්‍ර බුද්ධ ධර්මය අනුගමනය කරමින් මඟපල ලැබූ අරහතුන් වහන්සේලා ම විසි තිස් දහසකටත් වඩා වාසය කළ බවද ඉතිහාසයෙන්ම පැහැදිලි වෙයි. මේ යුගය වන විටත් හෙළදිව ජන්බුද්වීපයේ කොටසක පරම පවිත්‍ර බුද්ධ ධර්මය පැතිර පැවති අතර ම තවත් කොටසක කිසිම ආගමක් ධර්මයක් නැති ගෝත්‍රික ජනතාවක් ද වාසය කළහ. ඒ යක්ෂ හෙළයේ යි. එදා ගෞතම බුදුපියාණන් ජීවමානව ම හෙළදිව ජන්බුද්වීපයේ වැඩවසන යුගයේ දී පවා හෙළදිව මෙම කොටසේ ජීවත් වූ යක්ඛ, නාග, කුම්භාණ්ඩ , හා ගාන්ධර්ව ගෝත්‍රික ජනයාගෙන් බහුතර කොටසක් බුදුන් දේශනා කළ ධර්මය පිළිගත්තේ ම නැත. පසු කලෙක මෙම යක්ෂ ගෝත්‍රික නායකයින්ව මරවා ඉන්දියානු ජාතික විජය රජු යක්ෂ හෙළයේ පාලනය භාර ගත්තද එහි විසූ පොදු ජනයාට හෝ විජය රජුගෙන් පැවත ආ වෙනත් රජ වරුන්ට හෝ බුද්ධ ධර්මය අනුගමනය කරන්නට ද දැනුමක් නොවීය. මිහිඳු හිමියන් මෙන් ම අශෝක මහරජතුමා ද සිදු කළේ එදා මෙම යක්ෂ හෙළයේ විසූ රජුට මෙන්ම එහි ජීවත් වූ පන්සිල් පවා නොරැකි මිනිසුන්ට ද බුද්ධාගම හඳුන්වා දීමයි. මේ ආකාරයට අනුරපුර රාජධානියට අශෝක රජු හා මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දෙන අවස්ථාව වන විටත් දේව හෙළයට අයත් මේ රටේම බොහෝ ප්රදේශවල මඟපල ලාභී අරහතුන් වහන්සේලා දස දහස් ගණනින් වැඩ සිටි බව ඉතිහාසයේ පැහැදිලිව ම සඳහන් ය. ලංකාවට බුද්ධාගම ගෙනා බව කියන මිහිඳු හිමියන් මෙන් ම මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණියද එදා හෙළදිව පිරිසිදු බුද්ධ ධර්මය පැවති සැවැත් නුවර, රජගහ නුවර වැනි ප්‍රදේශ වලට පැමිණ එදා එහි සිටි මහ අරහතුන් වහන්සේලා ගෙන් බුද්ධ ධර්මය අසා දැන ඉගෙන ගෙන මඟපල ලබාගත් බව ද පෙන්වා දිය යුතුය. මිහිඳු හිමියන් හෙළබස හා මාගධී බස ඉගෙන ගත්තේ ද මේ දේව හෙළයේදි ම ය.

    මිහිඳු හිමියන් හා සඟමිත් කුමරිය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන අවධිය වන විටත් හෙළදිව නැඟෙනහිර, මධ්යම, හා දකුණු දිග ප්‍රදේශ වල පිහිටි ශාක්ය ජනපද රාශියක්ම ශාක්‍ය කුමාරවරුන්විසින් ම පාලනය කරනු ලබමින් පැවතුණු බවද පෙනේ. කාවන්තිස්ස රජු, මහාසේන රජු, හා අභය රජු මෙන් ම තවත් නම් සඳහන් වන හා නම් සඳහන් නොවන රජවරුන් ගණනාවක් ම මේ හෙළදිව ජන්බුද්වීපයේම තිස්සමහාරාමය, සිතුල්පව්ව, රජගහනුවර, දෙව්දහනුවර, කිඹුල්වත්පුර ආදී නගරවල රජකම් කළ බවද පෙනේ.

    බුද්ධාගම (ලංකාපුර) අනුරාධපුර රාජධානියට හඳුන්වා දීමත් සමඟම මෙතෙක් අනුරාධපුරයේ පැවති සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් වී ගියේය. කෙත්වතු කුඹුරු වගා කිරීමේ ක්‍රමයක් ද එහි ක්‍රමයෙන් ආරම්භ විය. මිහිඳු හිමියන් බුද්ධාගම අනුරාධපුරයට ගෙනා අවධියේ පවා අනුරපුර රාජ්‍යයේ රාජ්‍ය පාලකයා ද තම යටත් වැසියන් ද සමග පසලොස්වක පොය දිනයේ දී පවා සතුන් දඩයම් කිරීමට ගිය බව ඉතිහාසයේ සඳහන් ය. මේ සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් කර කෙත්වතු වගා කිරීමට පසු කලකදී ඉන්දියාවෙන් අනුරාධපුරයට පැමිණි කුල දහ අටකට අයත් උගත් වියත් පිරිසේ බලපෑම ද බෙහෙවින් ම හේතු වන්නට ඇත. මේ පිරිසගේ බලපෑම අනුව එදා අනුරපුර පැවති රාජ්‍යයේ යක්ෂ ගෝත්‍රික පාලනය අවසන්ව හෙළදිව පාලන බලයද සහමුලින්ම වෙනස් වී යක්ෂ හෙළය පමණක් නොව දේව හෙළයේ පාලනයද ක්රමයෙන් අනුරපුර පාලනයට නතු විය.

    අශෝක මහරජතුමාගේ රාජ්‍ය පාලනයේ දසවැනි වර්ෂයේ පටන් මහරජුගේ මරණය දක්වාම ඔහු ධර්ම රාජ්‍ය සංකල්පයෙන්ම රට පාලනය කෙළේය. නමුත් පරම පවිත්ර බුද්ධ ධර්මයේ ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් දැකීම පිළිබඳව හෝ පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කිරීම හෝ අශෝක රජතුමා කිසි විටකත් විශ්වාස නොකළ බවත් පැහැදිලිව ම පෙනේ. ඔහු එතෙක් විශ්වාස කළ, ඉන්දීය ජනයාගෙන් බහුතරයක් ද විශ්වාස කළ හින්දු දේව ආගම් සංකල්ප ඔහු කිසි විටකත් අත නොහැරියේය. නිරතුරුව ම ආගමික සංචාරයන්හි යෙදුණේ හින්දු තීර්ථයන් කරා බවද බෂාම්තුමා පැහැදිලිව ම සඳහන් කරයි. ඒ වාගේම කිසි ම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සටහනක් සඳහන් නොවන බවත් ආගම් සංකල්ප හා දේව ඇදහිලි පිලිබඳව නිරතුරුව ම විස්තර ලියා ඇති බවත් ඉතාමත් ම පැහැදිලිව දකින්නට ඇත. ඒ අනුව අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම ජන්බුද්වීපයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය ධර්මානුකූලව ආරක්ෂා කර තම බලය පවත්වා ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම පාලනයක් තම රටේ පවත්වා ගන්නටත් පමණි. නිවන පිළිබඳව කිසිම දැනුමක් ඔහුට නොවීය. විශ්වාසයක් ද නොවීය.

    එදා ඉන්දියාවේ ප්‍රචලිතව පැවති වේද, ශිව, ජෛන, ආගම්වල පැවති යාග හෝම බලි බිලි සත්ව ඝාතන සියල්ල ම නවතා දමා සත්ව හිංසාව ද නවතා දමා අවිහිංසාව ජනයා අතරේ ප්‍රචලිත කරන්නටත් බුද්ධාගම අශෝක රජුට බලවත් සේම උපකාර විය.

    අශෝක මහරජ තුමාගේ සංකල්පයක් අනුව බිහි වූ බුද්ධාගම ඉන්දියාවේ මෙන් ම අසල්වැසි සියලු ම රට වලත් කෙටි කලකට හෝ ව්යාප්ත විය. හෙළදිව යක්ෂ ගෝත්‍රික රාජ්‍යක්ව පැවති අනුරාධපුර කොටසේ ද මෙම බුද්ධාගම ව්‍යාප්ත විය. ඒ සමගම සිදු වූ විපර්යාසය නම් එතෙක් රුහුණේ දේව හෙළයේ ජන්බුද්වීපයේ පැතිර පැවති නිවන් දකින්නට උපකාර වූ පරම පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයට ගොස් අවසානයේ බුද්ධාගම පමණක් හෙළදිවයින පුරා ජනප්‍රිය වීමය. නිවන් දකින්නට උපකාර වන පරම පවිත්‍ර බුද්ධ ධර්මය පෘතග්ජන ලෝකයා අතරේ එතරම් ජනප්‍රිය දෙයක් නොවේ. එය හුදී ජනයාට ගැලපෙන හිතවාදී ආගම් සංකල්පයක් ද නොවේ. පරම පවිත්‍ර බුද්ධ ධර්මයට අනුව සැප කියා දෙයක් නැත. එය මායාවක් ම පමණි. දුක උරුම කර දෙන්නේ සැප හඹා යන හෙයිනි. නමුත් අශෝක රජතුමා දේව ආගම් සංකල්ප ද සමග ඒකාබද්ධ කර සකස් කළ බුද්ධාගමට අනුව දෙව් සැප මිනිස් සැප විඳිමින් ම නිවන් දකින්නට පැතුම් පතන ලෞකික ආගමික සංකල්පයන් ද බිහි විය. දෙව් සැප මිනිස් සැප අත්කර ගැනීම සඳහා ම සියලු පිංකම් කළයුතු බව පෙන්වා දුන් ලෞකික වූත් හුදී ජනයාගේ සිත් ගත්තා වූත් රජ සිටු වරුන්ට ප්‍රිය මනාප වූත් ආගමක් බවට ම බුද්ධාගම ද පරිවර්තනය විය. මේ අනුව නිවන් දකින පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත්ව ගොස් ලෞකික සැප සඳහා ම ක්‍රියා කරන බෞද්ධ ආගමිකයින් පිරිසක් මේ හෙළදිවෙහි ද පසු කාලයකදී බිහි වූහ. එදා අනුරාධපුරයේදී සිදු වූයේ මේ විපරියාසයයි.

    ජන්බුද්වීපයේ දේවහෙළයෙහි එදා ඇදහූ ආගම් හැට ගණනක් ම බැහැර කරමින් ගෞතම බුදුපියාණන් ලෝකයාට පෙන්වා වදාළ, දේශනා කර වදාළ, උතුම් නිවන් මාර්ගය බුද්ධ පරිනිර්වානයෙන් වසර 1000 ක් පමණ කාලයකට පසුවමේ ආකාරයට හෙළදිවෙන් ද සහමුලින් ම යටපත් වී අභාවයට ම ගියේය. නැවතත් ආගමික සංකල්පවලට ම ජනයා හුරු පුරුදු වී බුද්ධාගම ද ඇදහිල්ලක් බවට ම පත්වී, දේව ආගම් සංකල්ප සමග එකතු වී වසර 1500 ක් පමණම කාලයක් අද වන විට ගෙවී ඇත. මේ අනුව හෙළදිව ඉතිහාසයේ බොහෝ යුගයන්හිදී බුද්ධාගම රාජ්ය ආගම ලෙසින් ද පිළිගෙන තිබුණේය. ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ නම් වැසී යටපත්ව ගියේය. එය ධර්මතාවයයි.

    මෙතනත් පොඩි අවුලක් තියන්වා. අශොක ඉන්දියාවේ හිටියා කියන්න ශාක්ශි පොඩ්ඩක් හොයලා බලන්න. ප්‍රදාන සක්ශි විදිහට තියෙන්නේ අශෝක කුලුන සහ තව එක සෙල් ලිපියක් තියන්වා. හැබයි ඒ සෙල් ලිපියේ අශොක ගැන නැ. අශොක කුලුන මැත බගේ හදපු එකක්..
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආටානාටා සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව



    බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක් හෙළිදරව් කරගත හැකි වෙයි. ත්‍රිපිටකයේ එන මෙම සුත්‍ර දෙක ම බෞද්ධයාට දැකගත හැකි වන්නේ පිරිත් පොතෙන් ය. ඒ වාගේ ම දිනපතා ම ගුවන් විදුලියෙන් ආටානාටා සුත්‍රය අසා ගන්නටත් ලැබෙයි. මෙම සුත්‍රයන් දිනපතා ම වාගේ ශ්‍රවණය කළත් මෙහි සඳහන් මාගධී පදවලින් කියැවෙන සත්‍යයමය වූ ඓතිහාසික කරුණු පිළිබඳව කවුරුන් හෝ තවමත් නිවැරදිව තේරුම් කර දී නැත. මේ ආටානාටිය සුත්‍රය කියන්නේ යකුන් භූතයන් එලවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීම අද උගත් බොද්ධ පැවිද්දාගේ පවා සිරිතයි.

    දිනපතාම ඔබට අසන්නට ලැබෙන, හැම ගෙදරක ම වගේ ඇති පිරිත් පොත් ද සටහන් වන, මෙම සූත්‍ර දෙකෙහි ම සඳහන් වන විශේෂ ඓතිහාසික කරුණු රාශියක් පිළිබඳව විග්රහ කර ඒ අනුව අපේ හෙළ ඉතිහාසය ද නිරවුල් කරගත යුතුව ඇත. මෙම සූත්‍ර දෙකේ ම සඳහන් වන්නේ බිය උපදවන, ආශ්චර් යවත් වූ අත්භූත වු යක්ශ, භූත ආදී නොපෙනෙන බලවේගයන් සමූහයක් පිළිබඳව යැයි සිතතොත් නම් එය බලවත් ම වැරදීමකි. ආටානාටා සූත්‍රය යනු එදා බුද්ධ කාළයේ හෙළදිව පැවති තත්වය පිළිබඳව කදිම චිත්රයක් ඇඳ කරුණු හෙලි දක්වන, සත්‍යමය කරුණු විස්තර කරන සූත්‍රයකි.

    මාගධී භාෂාවෙන් ත්රිපිටකයේ ලියා ඇති මෙම ආටානාටා සුත්රය සම්පූර්ණයෙන් ම නැවතත් මාගධී බසෙන් ලියා දැක්වීමට මෙහිදී බලාපොරොත්තු නොවන අතර සමහර වැදගත් කොටස් පමණක් විස්තර සහිතව විග්රහ කර බැලීමට ලියා දක්වන්නට අදහස් කරමි.

    “ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා
    රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ
    අථාකෝ චත්තාරෝ මහාරාජා
    මහාතියාච යක්ඛ සේනාය
    මහතියාච ගන්ධබ්බ සේනාය
    මහතියාච නාග සේනාය
    මහතියාච කුම්බාණ්ඩ සේනාය”

    ගෞතම සම්මා සම්බුදු පියාණන් රජගහ නම් නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩවසන එක්තරා දිනයක, මෙහි සඳහන් වන යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා තම සේනාවන් ද පිරිවරාගෙන බුදුපියාණන් බැහැදකින්නට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහා ය. වැදගත් යමක් ප්‍රකාශ කිරීමට ය.

    රටක පාලකයකු, මහ රජ කෙනෙකු මෙවැනි විශේෂ කාරයයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටත පිහිටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවතිණි.

    ගෞතම බුදුන් එදා වැඩසිටි රජගහ නම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එක ම දීපයක ය. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිව ම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක ය. මෙහි නම් සඳහන් “වෙස්සවන” නම් කුවේර රජුත්, ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ඛ නම් නාග ගෝත්‍රික රජුත් විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන හතර දෙනා ම මිනිසුන් ය. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලු ම දෙනා ද මිනිසුන් ය. ඔවුන් ඒ ඒ ගෝත්‍රිවලට අයත් මිනිසුන් ම මිස වෙනත් නොපෙනෙන නොදන්නා අද්භූත බලවේග නොවේ.

    මේ ගෝත්‍ර හතරට ම අයත් රජවරුන් ද ඔවුන් සමග පැමිණි සේනාවන් ද එදා හෙළදිව ම ජීවත්ව සිටි විවිධ ප්‍රදේශවලට අයත් වු රාජධානිවලට අයත් වු මිනිසුන්ම වුහ.

    යක්ඛ හෙළය. නාග හෙළය, කුම් භාණ්ඩ හෙළය හා ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිව ම එදා කොටස් හතරකට බෙදී වෙන් විය. ඊට අමතරව ජන්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාකය ජනපද සොළසක් ද විය. මෙහි සඳහන් රජගහ නුවර එදා පිහිටියේ දේවහෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේ ය.

    යක්ඛ ගෝත්‍රික මහරජවරුන් හතර දෙනා එදා රාත්‍රි කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහ එළි දල්වාගෙන ය. මේ සියලු දෙනාමද අප වැනිම මිනිසුන්ය. අපේ ම මී මුත්තෝය. මේ අපේ ම රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වු මිනිසුන් ය.

    දේව හෙළය හා යක්ඛ හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා තුන් හෙළය ප්‍රසිද්ධ විය. යක්ඛ හෙළයේ යක්ඛ කුම් භාණ්ඩ හා ගාන්ධර්ව නමින් යක්ශ ගෝත්‍රික ජනයා ම තුන් කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙන ම රජවරු සිටියහ. යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන ගෝත්‍ර හතරට ම නායක වු පාලක වු මහරජ කෙනෙක්ද විය. ඒ මහරජු අටානාටා නම් නුවර රජකළ වෙසමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජ තුමා ය.මේ යක්ඛ හෙළයේ පාලන මුලස්ථානය සහ රාජ්ය සභාව පිහිටියේ ආටානාටා නුවර ය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චියේ පිහිටා තිබිණි.

    යක්ඛ හෙළයේ රජමක් කළ මෙහි නම් සඳහන් වන රජවරුන් හතර දෙනාට ම පොදු වු මෙම රාජ සභාවේදී, ආටානාටා නුවරදී රජවරුන් හා නායකයෝ එක් වී ආටානාටා ප්‍රඥප්තිය – නමින් ආඥාවක් සම්මත කරගත්හ මේ ආඥාව පනවා ගත් මහරජුන් හතර දෙනා ගෞතම බුදුපියාණන් හමුවන්නට පැමිණ මේ පනවාගත් ආඥාව හා මෙහි අඩංගු කරුණු ගැනත් එය ක්රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැනත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට බලය ලබා දුන් යක්ඛ ගෝත්‍ර හතරට අයත් නායකයින් හතළිස් දෙනකුගේ නම් පිළිබඳවත් ගෞතම බුදුපියාණන් වෙත දැනුම් දීමට මේ රාත්‍රියේ රජගහ නුවරට පැමිණි බව දැනුම් දුන්හ.

    ආටානාටා නමින් ආඥාවක් පැනවීමට හේතුව ද වෙසමුණි රජු බුදුපියාණන් වෙත විස්තර සහිතව ම දන්වා සිටියේය.

    වෙසමුණි රජතුමා ගෞතම බුදුපියාණන් සමගින් මෙසේ පවසා සිටියේ ය.

    “භාග්‍යවතුන් වහන්ස, යක්ඛ ගෝත්‍රයට අයත් අපේ යටත් වැසි මිනිසුන්න් අතර බලවත් යක්ඛයෝ සමහරෙක් බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න සිතකින් ගෞරවයෙන් සලකති, වැදුම් පිදුම් කරති. තවත් සමහරෙක් එසේ නොකරන සිත අප්පසන්නතාවයෙන් යුතුව බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැර වන සේ කටයුතු කරති.

    යක්ඛ ගෝත්‍රික වු මධ්‍යම බලයක් ඇති අපේම සමහර මිනිසුන් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න භාවයෙන් සලකති. ගෞරව දක්වති. නමුත් සමහර මධ්‍යම බලයක් ඇති යක්ඛ ගෝත්‍රික ජනයා බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින් කෙරේ අප්‍රසන්නව වෙසෙති. එය බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැරයකි.

    එමෙන්ම හීන වූ පහත් වු යක්ඛ ගෝත්‍රික ජනයාගෙන්ද සමහරෙක් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට ගෞරවයෙන් හා ප්‍රසන්න තාවයෙන් සලකති. නමුත් සමහර හීන හා පහත් වූ යක්ඛ ගෝත්‍රික මිනිසුන් එසේ නොකරති.

    මෙසේ කොටසක් බුදුන් කෙරේ පැහැදීමටත් තවත් කොටසක් බුදුන් කෙරේ අප්‍රසන්න වීමටත් විශේෂ හේතුවක්ද ඇත.

    භාග්‍යවතුන් වහන්ස, ඔබේ ශ්‍රාවකයෝ නිතරම පන්චසීලයේ අගය දේශනා කරති. පන්සින්ල් රකිනා ලෙසින් මිනිසුන්ට දන්වා සිටිති. සතුන් මැරීම නොකරන ලෙස සොරකම් නොකරන ලෙස සුරාපානය නොකරන ලෙස අපේ මිනිසුන්ට ද දන්වා සිටිති.

    නමුත් භාග්යවතුන් වහන්ස, බහුතරයක් වන අපේ ගෝත්‍රික ජනයා දඩයම් කරමින්, සතුන් මරමින්, මසුන් මරමින් එයම ජීවිකාව කරගෙන ජීවත් වෙති. ඔවුහු කෙත්වතු වගා නොකරති. නගුලෙන් සීසා ජල පාලනය කරමින් සතුන් ඇති කරමින් ජීවත් වන මිනිසුන් කොටසක් නොවේ. ඔවුහු සොරකම් කරති, සමහර අය මිනිසුන්වද මරාගෙන තරමට දරුණු අය වෙති. සුරාපානය කරති. මෙවැනි මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ ශ්‍රාවකයින් දේශනා කරන බුද්ධ ධර්මය නොගැලපේ. ඔවුන්ට ඒ ධර්මය අනුගමනය කළ නොහැකිය. යක්ඛ ගෝත්‍රයට අයත් අපේ මිනිසුන් සමහරකු තුළ ඇත්තේ අමනුස්ස ගති ගුණයෝය. මිනිසුන්ට නොගැලපෙන ගති සිරිත් ය. මේ නිසා මෙවන් පහත් ගති ඇති අපේ යක්ඛ ගෝත්‍රික ජනයාව, ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයින් හෝ දේශනා කරන ධර්මයෙන් පාලනය කළ නොහැකිය. ඔවුන්ට ධර්ම මාර්ගය නොගැලපේ. ඔවුන්ට ධර්මය තේරුම්ගත නොහැකිය.

    අටානාටා නුවර පිහිටි යක්ඛ හෙළයේ අපේ රාජසභාවේදී මේ සියලු කරුණු විස්තර සහිතව සාකච්චා කර පහත සඳහන් ප්‍රඥප්තිය රාජසභාවේදී අප සම්මත කරගන්නා ලදී. මෙසේ අනුගමනය කරගත්, කරුණු ඔබ වහන්සේ වෙත දැන්වීමට අපි මෙසේ පැමිණියෙමු. මේ කරුණු ඔබවහන්සේගේ සියලු ශ්‍රාවකයින්ටද දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසින් බුද්ධ ශ්‍රාවකයන් වෙත දන්වන ලෙසද වෙසමුණි මහරජ තුමා ගොව්තම බුදුපියාණන් ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙය “ආටානාටා ප්‍රඥප්තියයි, ආඥාවයි, මේ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශ්‍රාවකයින්ට ගරු කරන, ඔවුන් කෙරේ ප්‍රසන්න වු එමෙන්ම බුද්ධ ධර්මය පිළිගත් යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය නායකයින් සතළිස් දෙනකු බලධාරින් ලෙස පත් කරන බවද වෙසමුනි මහරජු බුදුන්ට දැන්වීය. මේ යක්ඛ හෙළ බලධාරී නායකයින් හතලිස් දෙනා දේව හෙළය හා යක්ෂ හෙළයේ මායිම්වල, විශේෂයෙන් ම බුද්ධ ශ්රාවකයින් බණ භාවනා කරමින් ධම්මානු ධම්ම ප්‍රති පදාවෙහි යෙදෙන ආරඤ්ඤ සේනාසනවලට ගල්ගුහාවලට වනපෙත්වලට මෙන් ම විශාල රුක් මුල් ආදියට ද ආරක්ෂාව සපයා දෙනු ඇත. මිනීමරන මස්කන යක්ඛ ගෝත්‍රයේ දරුණු මිනිසුන් පලවා හැර බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දීමටත්, ඔවුන්ට සියලු ම රාජය බලතල පවරා ඇත. මේ ප්‍රාදේශීය නායකයින් වෙත යම් පැමිණිල්ලක් කළ සැනෙන් ඔවුන් ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දී බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ශාව සපයා දෙනු ඇත.
     
    • Like
    Reactions: asanka04024

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    20151130_191346_zpsxrejy48k.jpg





    "ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය,කුසිනාරාරාමය, පූර්‍වාරාමය,දක්ශිනාරාමය. උත්තරාරාමය,සලුමිනිසෑය, සිලුමිනිසෑය"

    අපි අහල තියෙන්නෙ මේව තිබ්බෙ ඉන්දියාවෙ කියලනෙ.එහෙනං මේව පිරිත් පොතේ විහාර අස්නට ඇතුලත් වෙලා තියෙන්න්නෙ කොහොමද ? විහාර අස්නෙ තියෙන්නෙ වෙන රටක, නැත්නං වෙන ලෝකෙක තියෙන විහාර ආරාම නෙමෙයි.මේව අපේ රටේම පැවති විහාර ආරාමයි.
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඒත් මේක මහ පටලැවිල්ලක් බන්. මීවනපලානෙ හාමුදුරුවො කියනව බුදු හාමුදුරුවො බුදු උනේ හිරිවඩුන්න බෝධිය ගාව කියල. වහරක හාමුදුරුවො කියනව බුදු උනේ අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ගාව කියල. තර්ක බුදින්නවත් අපහාස කරන්නවත් නෙමේ මේ කතාව කිව්ව්. ඇත්ත මොකද්ද කියල දනගන්න ඕන හින්ද.
    http://www.aaryadharma.org/Shrawya/Kaanda/Kaanda042.htm
    http://www.aaryadharma.org/Shrawya/Kaanda/042/042-41 SUDU BODEIN WAHANSE 9-4-2009.mp3
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ මාතලේ අලුවිහාරයේද ? නැත්නම් කෑගල්ල මාතුල අලුලෙනේද ?



     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඒත් මේක මහ පටලැවිල්ලක් බන්. මීවනපලානෙ හාමුදුරුවො කියනව බුදු හාමුදුරුවො බුදු උනේ හිරිවඩුන්න බෝධිය ගාව කියල. වහරක හාමුදුරුවො කියනව බුදු උනේ අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ගාව කියල. තර්ක බුදින්නවත් අපහාස කරන්නවත් නෙමේ මේ කතාව කිව්ව්. ඇත්ත මොකද්ද කියල දනගන්න ඕන හින්ද.
    http://www.aaryadharma.org/Shrawya/Kaanda/Kaanda042.htm
    http://www.aaryadharma.org/Shrawya/Kaanda/042/042-41 SUDU BODEIN WAHANSE 9-4-2009.mp3

    අනුරාධපුරේ ජයසිරිමහ බෝධිය පසුව රෝපනය කළ බව බැලූ බැල්මටම පේන දෙයක්. හතරවටේ උස බැම්මක් බැඳල ඒකට පස් පුරවල ඒ මත තවත් බැම්මක් ඉදිකරල තමයි බෝධිය රෝපනය කරල තියෙන්නෙ.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    541
    113
    Nugegoda
    ඉතිහාසය කියන දේ සියයට සියයක්ම විශ්වාස කරන්න අමාරු දෙයක්. ඒක ඒ ඒ කාලවල හිටපු අය එයාලට ඕනි දේවල් ලියන්න ඇති කියල හිතෙනව. මම අහල තියෙනව අදටත් සමහර අය ඉන්නවලු ධ්‍යාන බලය වඩවපු. එයාලට පුළුවන්ලු අතීතය දකින්න. විශ්වයේ ගැබ්වෙලා තියෙන දැනුම ලබාගන්න. ඒත් එයාල ප්‍රසිද්ධියට අකමැති නිසා මේ දේවල් වැඩිය එළියට එන්නෙ නෑ..
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මේ වගේ මතවාදයක් හදාගෙන එක ඔප්පු කරන්න ජනවහරයි වචන හරඹයි දානවට වඩා හොඳ නැද්ද පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්නුවානම්. ගුරුත්වය අඩු උනා කියන එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    http://press.nationalgeographic.com/2013/11/25/birth_of_buddha/

    මෙන්න මේ වගේ අතීතයකට නිශ්චිත සාක්ෂි තියෙන්නේ බුද්ධාගමේ විතරයි මම දන්නා තරමින්. ඒ වටිනාකම නැතිකරන්න එපා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මචන් මේ වගේ මතවාදයක් හදාගෙන එක ඔප්පු කරන්න ජනවහරයි වචන හරඹයි දානවට වඩා හොඳ නැද්ද පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්නුවානම්. ගුරුත්වය අඩු උනා කියන එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    http://press.nationalgeographic.com/2013/11/25/birth_of_buddha/

    මෙන්න මේ වගේ අතීතයකට නිශ්චිත සාක්ෂි තියෙන්නේ බුද්ධාගමේ විතරයි මම දන්නා තරමින්. ඒ වටිනාකම නැතිකරන්න එපා.

    මේ වගේ දෙයක් හොයාගත්ත පමණින්ම සිදුහත් උපත සිදු උන ස්තානය මෙතන කියල සහතික කරන්න පුලුවන්ද ?

    ඒ රටවල් වල අය මොනවහරි දෙයක් පෙන්නල ඒ උරුමය තමන් සතු කරගන්න උත්සාහ කරනව. ඒත් අපේ රටේ තියෙන සාක්ශි හොයන්න උත්සාහ කරන්නෙ බොහොම අතලොස්සක් දෙනා විතරයි.රාජ්‍ය අනුග්‍රහයක් නම් ඇත්තෙම නෑ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතිහාසය කියන දේ සියයට සියයක්ම විශ්වාස කරන්න අමාරු දෙයක්. ඒක ඒ ඒ කාලවල හිටපු අය එයාලට ඕනි දේවල් ලියන්න ඇති කියල හිතෙනව. මම අහල තියෙනව අදටත් සමහර අය ඉන්නවලු ධ්‍යාන බලය වඩවපු. එයාලට පුළුවන්ලු අතීතය දකින්න. විශ්වයේ ගැබ්වෙලා තියෙන දැනුම ලබාගන්න. ඒත් එයාල ප්‍රසිද්ධියට අකමැති නිසා මේ දේවල් වැඩිය එළියට එන්නෙ නෑ..

    :yes::yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධගයාව (ගයාබෝධිය)





    hiriwadunna_zpskgm7xngu.jpg













    “හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය.


    පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.


    1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)

    2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය)

    3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි.

    4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)

    5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ)

    6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)

    7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත.

    8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය.


    ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ග‍ඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය.


    එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ග‍ඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය.






     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වූවායැයි කියන උතුරු ඉන්දියාවේ අප්‍රේල් මස සිට මාස කිහිපයක් ගතවනතුරු පවතින්නේ 45*C ක් වැනි ඉතා ඉහල උෂ්නත්වයකි.එම කාලය තුල එරට මිනිසුන් විශාල වශයෙන් අධික උෂ්නත්වය හේතුවෙන්ම මියයයි. මෙරටින් යන වන්දනා චාරිකාද එම කාලය තුල යොදා නොගනියි. එවැනි ඉහල උෂ්නත්වයක් තුල මිනිසෙකුට එලිමහනේ දීර්ඝ කාලයක් ගතකළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.එවැනි පරිසරයක් තුල එලිමහනේ භාවනාවේ නිරතවිය හැකිද , සත්සතියක් ගතකල හැකිද යන්න සිතා බැලිය යුතු කරුණකි. එහෙත් පොත පතේ විස්තර වන්නේ බුද්ධත්වයට පත්වූ වෙසක් මාසය ගස් වැල් වල මල් ඵල දරන ඉතා සෞම්‍ය කාලයක් බවයි.අපේ රටේ වෙසක් හා පොසොන් මාස ගැන කල්පනා කර බලන්න. වසරේ සෞම්‍යම කාලය එය නොවේද ?

    අතිවිශාල පෙනයක් සහිත නාග රාජයෙක් පැමින බුදුරජුන් වැස්සෙන් ආරක්ශා කල බව කියැවේ. බැලූ බැල්මටම මෙය තරමක් අස්වාභාවිකය. එහෙත් එම ප්‍රදේශය භාර නාග ගෝත්‍රික නායකයෙකු පැමින උන්වහන්සේට අව්වෙන් වැස්සෙන් ආරක්ශාවීමට කුඩා කුටියක් ඉදිකර දුන්බව පැවසුවහොත් එය ප්‍රායෝගිකය.නමුත් ඉන්දියාවේ නාග ගෝත්‍රිකයින් සිට නැත.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙතෙක් ඉදිරිපත් කල කරුණුත් තවත් බොහෝ කරුණුත් මේ පොත් දෙකේ තියෙනව. කැමති කෙනෙක් කියවල බලන්න.





    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි 1 කොටස

    http://www.tharu.net/jbd1.pdf



    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි 2 කොටස

    http://www.tharu.net/jbd2.pdf