බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

topkollek

Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හියු නෙවිල් කියන සුද්දට අයිති වෙච්ච එක පොතක් නිසා මුලු බෞද්ධ ඉතිහාසයම වෙනස් කරන්න නම් ඒ සුද්ද ගැන ලොකු විස්වාසයක් තියෙන්න ඕනෙ. ඒ පොත අවුරුදු 1200ක් පරණයි ඒත් පැහැදිලි සිංහල අකුරු තියෙන එකක්ලු... සුද්දෙකුට අයිති නොවිච්ච වෙන පොත් මොනවද තියෙන්නෙ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පූජාවලියෙ මේ ගැන විස්තර තියෙනව. මම කලින් දාපු පෝස්ට් කියවල බලන්න.කලින් දාපු වීඩියෝ වලත් පොත්පත් ගැන විස්තර තියෙනව.

    British Museum එකේ මීට අමතරව පොත් තව කිහිපයක් තියෙනව.

    අපේ පැරණි පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තියෙන්නෙ බ්‍රිතාන්‍යයෙ නිසා මේ තොරතුරු සැඟවිලයි පවතින්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පූජාවලියෙ මේ ගැන විස්තර තියෙනව. මම කලින් දාපු පෝස්ට් කියවල බලන්න.කලින් දාපු වීඩියෝ වලත් පොත්පත් ගැන විස්තර තියෙනව.

    British Museum එකේ මීට අමතරව පොත් තව කිහිපයක් තියෙනව.

    අපේ පැරණි පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තියෙන්නෙ බ්‍රිතාන්‍යයෙ නිසා මේ තොරතුරු සැඟවිලයි පවතින්නෙ.

    පහතින් තියෙන්නේ ඔබ පූජාවලිය ගැන කියා ඇති දෙයක්. ඒ කියන ප්‍රදේශවල නම් ලංකාව තුල තිබුනා කියල පූජාවලියේ කියවෙනවද?

    “මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නේපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්රාත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.”
    (පූජාවලිය සත්වන පරිච්ඡෙදය)
     
    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    733px-Ancient_india.png

    එතකොට මේක බොරුද?:confused:

    ඉදිරියට සිතීමට කරුණු කිහිපයක් කියන්නම් මචන්.
    1. බුද්ධ චරිතය සම්බන්ධ ස්ථාන අතර දුර ගැන පොඩ්ඩක් හිතපන්. උදාහරනෙකට, මහමායා දේවිය ගැබ් ගත් පසු පිළිසිඳ ගැනීමට කෝසලයට ගියානෙ. බඩදරු අම්ම කෙනෙක් ඔය කියන කි.මී. දහස් ගනනක දුර යන ආකාරය, ගිලන්වූ බුදු හාමුදුරුවො පිරිනිවන සඳහා මල්ල රටට වැඩම වීම.
    ඇරත් පළමු දරුවා බිහිවීමට මව ගාවට යන සිරිතක් තියෙන්නෙ ඉන්දියාවෙ නෙවේ, මෙහෙ.

    2. බුද්ධත්වය සඳහා බවුන් වඩන අතරතුර මාර සේනාව ආවා කියනවනෙ ඊක නවත්වන්ඩ. ඒ වෙලාවෙ ලඟ හිටපු දෙවිවරු පළා යද්දි බෝසතුන් අසල ඉතුරු උනේ දැඩිමුණ්ඩ විතරයි. ඒක කෝල්මුර කවි වල තියනව හොඳට. නමුත් එතුමගෙ උපන් ගම උග්ගල් නුවර හෙවත් අලුත් නුවර, මාවනැල්ලට කිට්ටුව.

    එතකොට, මෙහෙ ඉපදුනු දැඩිමුණ්ඩ, ප්‍රවාහනයාවත් දියුනු නැති ඒ කාලේ බුද්ධගයාවට ගියාද බෝසතුන් රකින්ඩ?

    3. බුදුසිරිතේ සඳහන් වන නායකයින් රැසකගෙ නම් සඳහන් සෙල් ලිපි කිසිවක්, ඉන්දියාවෙන් හමු නොවන මුත් මෙහි හමු වීම.

    4. බුදුවරු ඉපදුනා කියන මධ්‍ය මණ්ඩලයක් ගැන කියවෙනවනෙ. ඉතින් ඒ ප්‍රදේශය කොහෙ නමුත් මධ්‍ය ප්‍රදේශයක තිබිය යුතු නේද? රාජාවලියෙ දීර්ඝව විස්තර කරනව බුදුවරු ඉපදෙන තැන් සහ ඉපදෙන්නෙ නැති ප්‍රදේශ මොනවද කියන එක. ඒ ගැන පොඩ්ඩක් හොයපන්. ඒ වගේම ඔය කියන මධ්‍ය මණ්ඩලය සඳහන් වෙන්නෙ, මෙහෙ ඉපදිලා දේවත්වයෙන් අදහපු ප්‍රාදේශීය දෙවිවරු වෙනුවෙන් තනපු කෝල්මුර කවි සහ සැහැලි වල.

    5.තපස්සු භල්ලුකත් කේශ ධාතු අරන් ඉන්දියාවෙ ඉඳන් ඇවිත් දාගැබ් හැදුවෙ මෙහෙලු. සර්වඥ ධාතු බහුතරයක් වැඩ වසන්නෙත් මෙහෙලු. බුදු සසුනෙ කෙලවර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එක්ව පෙළහර පාන්නෙත් මෙහෙලු. දැනට රෝහිනී ගඟේ ජල ප්‍රශ්නය පැත්තකින් තිබ්බත් බුදු හාමුදුරුවො විසඳපු සිවිල් ගැටලු සියල්ල ඇතිවෙල තියෙන්නෙත් මෙහෙලු. බුදුන් පිරිනිවන් පාල වසර දෙතුන් සියයක් යද්දි ඉන්දියාවෙ සාශනය විනාශ වෙලා යද්දි ඉතුරු උනෙත් මෙහෙලු. ඉන්දියාවෙ ඉපදුනත් අතීත හැම බුදුවරයෙක්ම වැඩම කරල තියෙන්නෙත් , සාශනය පිහිටල තියෙන්නෙත් මෙහෙලු.
    දැන් ඉන්න අපේ අය භාරත වන්දනාවෙ වසරකට වරක් ගියත්, බෞද්ධ සිද්ධස්තාන නරඹන්ඩ විදේශිකයො ආව කියලත් දේශාටන වාර්ථා තියෙන්නෙ ලන්කාව ගැන විතරලු. ඒ විතරක් නෙවේ, අපේ රජවරු සිරිපා කරුණා කරා කියල මිසක් ඉන්දියාවෙ වන්දනා ටුවර් ගියාද කියලත් හොයපන්.

    6. බෝසතුන් සිහිය පිහිටුවාගෙන භාවනා කරපු මැයි මාසේ, බුද්ධගයාවෙ උශ්නත්වෙත් පොඩ්ඩක් හොයල බලපන්. ඒ වගේම සසර කලකිරිල රජවරු භාවන කරන්ඩ හිමාලය කන්දට ගිහින් කොහොම භාවනා කරන්ඩ ඇත්ද?

    7.බුදු වීමට පිට දුන්න කියන ඉන්දියාවෙ තිබ්බ බෝ ගස ලොකු කාලයක් යන්ඩ කලින් විනාශ වුනේ කොහොමද?

    8. පස්මහ බැලුම් වලදි බැලුවෙ දීපයයි. අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නෙවෙයි. අනික බුදුවරයෙක් බලන්නෙ සිය දහම අවබෝධ කරගන්ට පුලුවන් පිරිසක් මිස මහා ලොකු ජනගහනයක් නෙවේ. එහෙම නම් උන්වහන්සේ ඉපදෙන්ඩ ඕනෙ ඉන්දියාවෙඩ? චිනයෙද?

    කරුනු නම් එමටයි මචන්, උබලම හොයාගනිල්ල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියට සිතීමට කරුණු කිහිපයක් කියන්නම් මචන්.
    1. බුද්ධ චරිතය සම්බන්ධ ස්ථාන අතර දුර ගැන පොඩ්ඩක් හිතපන්. උදාහරනෙකට, මහමායා දේවිය ගැබ් ගත් පසු පිළිසිඳ ගැනීමට කෝසලයට ගියානෙ. බඩදරු අම්ම කෙනෙක් ඔය කියන කි.මී. දහස් ගනනක දුර යන ආකාරය, ගිලන්වූ බුදු හාමුදුරුවො පිරිනිවන සඳහා මල්ල රටට වැඩම වීම.
    ඇරත් පළමු දරුවා බිහිවීමට මව ගාවට යන සිරිතක් තියෙන්නෙ ඉන්දියාවෙ නෙවේ, මෙහෙ.

    2. බුද්ධත්වය සඳහා බවුන් වඩන අතරතුර මාර සේනාව ආවා කියනවනෙ ඊක නවත්වන්ඩ. ඒ වෙලාවෙ ලඟ හිටපු දෙවිවරු පළා යද්දි බෝසතුන් අසල ඉතුරු උනේ දැඩිමුණ්ඩ විතරයි. ඒක කෝල්මුර කවි වල තියනව හොඳට. නමුත් එතුමගෙ උපන් ගම උග්ගල් නුවර හෙවත් අලුත් නුවර, මාවනැල්ලට කිට්ටුව. එතකොට, මෙහෙ ඉපදුනු දැඩිමුණ්ඩ, ප්‍රවාහනයාවත් දියුනු නැති ඒ කාලේ බුද්ධගයාවට ගියාද බෝසතුන් රකින්ඩ?

    3. බුදුසිරිතේ සඳහන් වන නායකයින් රැසකගෙ නම් සඳහන් සෙල් ලිපි කිසිවක්, ඉන්දියාවෙන් හමු නොවන මුත් මෙහි හමු වීම.

    4. බුදුවරු ඉපදුනා කියන මධ්‍ය මණ්ඩලයක් ගැන කියවෙනවනෙ. ඉතින් ඒ ප්‍රදේශය කොහෙ නමුත් මධ්‍ය ප්‍රදේශයක තිබිය යුතු නේද? රාජාවලියෙ දීර්ඝව විස්තර කරනව බුදුවරු ඉපදෙන තැන් සහ ඉපදෙන්නෙ නැති ප්‍රදේශ මොනවද කියන එක. ඒ ගැන පොඩ්ඩක් හොයපන්. ඒ වගේම ඔය කියන මධ්‍ය මණ්ඩලය සඳහන් වෙන්නෙ, මෙහෙ ඉපදිලා දේවත්වයෙන් අදහපු ප්‍රාදේශීය දෙවිවරු වෙනුවෙන් තනපු කෝල්මුර කවි සහ සැහැලි වල.

    5.තපස්සු භල්ලුකත් කේශ ධාතු අරන් ඉන්දියාවෙ ඉඳන් ඇවිත් දාගැබ් හැදුවෙ මෙහෙලු. සර්වඥ ධාතු බහුතරයක් වැඩ වසන්නෙත් මෙහෙලු. බුදු සසුනෙ කෙලවර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එක්ව පෙළහර පාන්නෙත් මෙහෙලු. දැනට රෝහිනී ගඟේ ජල ප්‍රශ්නය පැත්තකින් තිබ්බත් බුදු හාමුදුරුවො විසඳපු සිවිල් ගැටලු සියල්ල ඇතිවෙල තියෙන්නෙත් මෙහෙලු. බුදුන් පිරිනිවන් පාල වසර දෙතුන් සියයක් යද්දි ඉන්දියාවෙ සාශනය විනාශ වෙලා යද්දි ඉතුරු උනෙත් මෙහෙලු. ඉන්දියාවෙ ඉපදුනත් අතීත හැම බුදුවරයෙක්ම වැඩම කරල තියෙන්නෙත් , සාශනය පිහිටල තියෙන්නෙත් මෙහෙලු.
    දැන් ඉන්න අපේ අය භාරත වන්දනාවෙ වසරකට වරක් ගියත්, බෞද්ධ සිද්ධස්තාන නරඹන්ඩ විදේශිකයො ආව කියලත් දේශාටන වාර්ථා තියෙන්නෙ ලන්කාව ගැන විතරලු. ඒ විතරක් නෙවේ, අපේ රජවරු සිරිපා කරුණා කරා කියල මිසක් ඉන්දියාවෙ වන්දනා ටුවර් ගියාද කියලත් හොයපන්.

    6. බෝසතුන් සිහිය පිහිටුවාගෙන භාවනා කරපු මැයි මාසේ, බුද්ධගයාවෙ උශ්නත්වෙත් පොඩ්ඩක් හොයල බලපන්. ඒ වගේම සසර කලකිරිල රජවරු භාවන කරන්ඩ හිමාලය කන්දට ගිහින් කොහොම භාවනා කරන්ඩ ඇත්ද?

    7.බුදු වීමට පිට දුන්න කියන ඉන්දියාවෙ තිබ්බ බෝ ගස ලොකු කාලයක් යන්ඩ කලින් විනාශ වුනේ කොහොමද?

    8. පස්මහ බැලුම් වලදි බැලුවෙ දීපයයි. අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නෙවෙයි. අනික බුදුවරයෙක් බලන්නෙ සිය දහම අවබෝධ කරගන්ට පුලුවන් පිරිසක් මිස මහා ලොකු ජනගහනයක් නෙවේ. එහෙම නම් උන්වහන්සේ ඉපදෙන්ඩ ඕනෙ ඉන්දියාවෙඩ? චිනයෙද?

    කරුනු නම් එමටයි මචන්, උබලම හොයාගනිල්ල.

    මේ එකකින් වත් පුලුවන්ද මෙතෙක් කල් හොයාගෙන තියෙන දේවල් බොරු කියන්න. ප්‍රබල සාක්ෂි එකක්වත් නෑ :oo::oo:

    1. දුර කියන එක සාපේක්ෂ දෙයක්. ඒ කාලේ හැටියට සති ගානක මාස ගානක ගමනක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අනික තමන්ගේ අම්මා ගාවට යන්න දුර බල බල ඉන්නේ කවුද, රජ බිසවකට වැඩේ තවත් ලේසියි. අම්මා බලන්න යන්න චාරිත්‍රයක්ම අවශ්‍ය නෑ. බුදු හාමුදුරුවෝ කොහොමත් ගම දනව් වල චාරිකා කරපු කෙනෙක්. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ කුසිනාරාවේ කියල කලින් සැලසුම් කරගෙන හිටියේ. එක දැනගෙන තමයි කුසිනාරාවට සැලසුම් කරලා වැඩම කරේ.

    2. දැඩිමුන්ඩ දෙවියන්ගේ කතාව සහ මාර සේනාව වගේ කතා සාහිත්‍යයේ එන කතා මිසක් ඇත්තටම සිද්ද වෙච්ච ඒව කියන්න බෑ. දැඩිමුන්ඩ දෙවියෙක් ගැන බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලත් නෑ දන්න විදිහට. මෙහෙ හදපු කතාවක් මිසක්. මාර සේනාව කියන්නෙත් මාරයාගේ දුවරු තුන්දෙනා වගේ සංකේතාත්මක දෙයක් මිසක් ඇත්තටම සේනාවක් ආව කියල මම නං හිතන්නේ නෑ.

    3. කොසොල් රජතුමා, අජාසත්ත, බිම්බිසාර, සුධ්ධෝධන, ලිච්චවී, මල්ල රජදරුවෝ වගේ අය ගැන ලංකාවේ සෙල්ලිපි හෝ වෙනත් ලිඛිත හෝ භෞතික සාක්ෂි තියෙනවද ? එයාලගේ රජමාලිගා බලකොටු නගර වලට මොකද වුනේ ? එයාලගේ රජ පෙළපතට මොකද වුනේ. මිනිස්සු දාස් ගණන් හිටපු රජවරු රජකම් කරපු නගර එකපාරටම නැතිවෙලා යන්නේ නෑ නේ. 500BC කියන්නෙ මහලොකු ඈතකුත් නෙවේනේ. හැබැයි ඉන්දියාවේ නං බිම්බිසාර අජාසත්ත වගේ අය ගැන සඳහන් වෙනව එයාලගේ රටේ හිටපු රජවරු හැටියට. එයාලගේ රාජධානි වල නටබුන්, රජ මාලිගා නගර ඔක්කොම තාමත් තියෙනව. ඒ ඔක්කොම බල බල නෑ ඔය ඔක්කොම මෙහෙ හිටියේ කියන්න පුලුවන්ද ?

    4.මධ්‍ය මණ්ඩලය ??? මධ්‍ය ප්‍රදේශය ???

    5. "බුදු හාමුදුරුවො විසඳපු සිවිල් ගැටලු සියල්ල ඇතිවෙල තියෙන්නෙත් මෙහෙලු" :baffled: අවස්ථා තුනක් විතරයි ලංකාවට ආව කියන්නේ. ඉතුරු මුළු බුද්ධ චරිතය පුරාම ලංකාවක් ගැන කියන්නේ නෑ. ඔක්කොම උනේ මෙහෙ නං තුනක් ගැන විශේෂයෙන් කියන්න හේතුවක් නෑ නේ.

    ඉන්දියාවේ බුදුදහම නැතිවුනේ හින්දු සහ මුස්ලිම් බලපෑමෙන්. ලංකාවට වාසනාවට ලොකු ආක්‍රමනයක් ආවේ නෑ. ආවනං මෙහෙත් ඉවරයි.

    "ඉන්දියාවෙ ඉපදුනත් අතීත හැම බුදුවරයෙක්ම වැඩම කරල තියෙන්නෙත් , සාශනය පිහිටල තියෙන්නෙත් මෙහෙලු"
    බුද්ධාගම ලංකාවේ විතරක් නෙවේ තියෙන්නේ. මෙහෙට වඩා හොඳට තායිලන්තේ බුද්ධාගම රැකිලා තියෙනව. අතීත බුදුවරු ගැන කොහොමත් කිසිදෙයක් අපි දන්නේ නෑ.

    අපේ රජවරු සිරිපා කරුණා කරා කියල මිසක් ඉන්දියාවෙ වන්දනා ටුවර් ගියාද කියලත් හොයපන්
    ලංකාවේ අය ඉන්දියාවේ ටුවර්ගියේ නැත්තෙ දැන් කාලේ වගේ ඉස්සර විසා අරන් තමන්ට කැමති තැන්වල ටුවර් යන්න බැරි නිසා. රටවල් වලට බෙදිල යුද්ද කරා මිසක් දැන් වගේ සංචාරක කර්මාන්තයක් තිබ්බේ නෑ ඒ කාලේ. හතුරෙක් දැක්කද මැරුව එච්චරයි. ඉන්දයාවෙ රජවරු කොහොමත් දිගටම ලංකාවට විරුද්ධව හිටියේ, කී පාරක් මෙහෙ ආක්‍රමණය කරාද. ඔය අස්සේ වන්දනා චාරිකා යන්න පුළුවන් කමක් නෑනේ.අනික බුද්ධ චරිතයට අදාළ නටබුන් වල්බිහිවෙලා තිබිල හොයාගත්තේ මෑතක. ඉස්සර රජ කාලේ ඕව සංරක්ෂණය කරලා තිබ්බේ නෑනේ කවුරුත්.

    6. බුද්ධගයාවෙ උශ්නත්වෙ මිනිස් වාසයට නුසුදුසු නෑ නේ. හිමාල කන්දත් එහෙමයි. අදත් මිනිස්සු ඉන්නවනේ.

    7. බුද්ධාගම පිරිහීම, හින්දු සහ මුස්ලිම් බලපෑම. අනුන්ගේ ආගමක සංකේතයක් කවුරුත් උවමනාවෙන් රකින්නේ නෑ. ඉතිං විනාශ වුනා.

    8. "පස්මහ බැලුම් වලදි බැලුවෙ දීපයයි. අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නෙවෙයි" ?? දීපය කියන්නේ දුපත කියල ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පහතින් තියෙන්නේ ඔබ පූජාවලිය ගැන කියා ඇති දෙයක්. ඒ කියන ප්‍රදේශවල නම් ලංකාව තුල තිබුනා කියල පූජාවලියේ කියවෙනවද?

    පරගැති මානසිකත්වයේ සිට මේ දේවල් බලන්නට උත්සාහ දරන තාක්කල් සත්‍යය ඔබෙන් වසන් වනු ඇති. මෙහි ඇති "නේපාලය" යන්න ඔබට නොපෙනෙන්නේ ඒ නිසාය. මුලින් මා ලියා ඇති පෙන්වා ඇති කරුණු සහ පොත් තුනෙහි කරුණු විවෘත මනසින් හොඳින් කියවා බලන්න.ඉන් පසු විවෘත මනසින් ඒ ගැන සිතා බලා විනිශ්චයකට එලඹීම වඩාත් සුදුසු වනු ඇති. මේ දේවල් වල පමණක් නොව අද අපි පිලිගන්නා ධර්ම කරුණු වල පවා නිවැරදි කරගතයුතු තැන් බොහොමයකි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පරගැති මානසිකත්වයේ සිට මේ දේවල් බලන්නට උත්සාහ දරන තාක්කල් සත්‍යය ඔබෙන් වසන් වනු ඇති. මෙහි ඇති "නේපාලය" යන්න ඔබට නොපෙනෙන්නේ ඒ නිසාය. මුලින් මා ලියා ඇති පෙන්වා ඇති කරුණු සහ පොත් තුනෙහි කරුණු විවෘත මනසින් හොඳින් කියවා බලන්න.ඉන් පසු විවෘත මනසින් ඒ ගැන සිතා බලා විනිශ්චයකට එලඹීම වඩාත් සුදුසු වනු ඇති. මේ දේවල් වල පමණක් නොව අද අපි පිලිගන්නා ධර්ම කරුණු වල පවා නිවැරදි කරගතයුතු තැන් බොහොමයකි.

    මේ ගැන ඵලදායී සංවාදයක් කරන්න නම් අපට එකිනෙකාට ගරු කරන්න වෙනවා. මම ඔබ කවර මානසිකත්වයකින් යුතු පුද්ගලයෙක්ද කියල සොයනවාට වඩා ඔබ කියන කාරණාවන් ගැන අවධානය යොමුකරන්නෙමි.

    නේපාලය, බංගාලය, චීනය, කාම්බෝජය වගේ අදටත් භාවිතාවන රටවල්වල නම් ඔතන (පූජාවලියේ) තියෙනවා. ඒත් මම අහන්නේ ඔය උපුටාගැනීම ලංකාවට අදාල කරගන්නේ කොහොමද කියලා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ගැන ඵලදායී සංවාදයක් කරන්න නම් අපට එකිනෙකාට ගරු කරන්න වෙනවා. මම ඔබ කවර මානසිකත්වයකින් යුතු පුද්ගලයෙක්ද කියල සොයනවාට වඩා ඔබ කියන කාරණාවන් ගැන අවධානය යොමුකරන්නෙමි.

    නේපාලය, බංගාලය, චීනය, කාම්බෝජය වගේ අදටත් භාවිතාවන රටවල්වල නම් ඔතන (පූජාවලියේ) තියෙනවා. ඒත් මම අහන්නේ ඔය උපුටාගැනීම ලංකාවට අදාල කරගන්නේ කොහොමද කියලා.

    මේ රටෙන් පිටත තියෙන දේශ තමයි ඔය දක්වල තියෙන්නෙ. ඉන්දියාව නේපාලයද ඇතුලුව.

    ඔබ මෙරටින් පිටත බුදුන් උපන්නාය කියා සිතන්නේ නම් එසේ සිතන්නේ කවර සාධක අනුවද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ රටෙන් පිටත තියෙන දේශ තමයි ඔය දක්වල තියෙන්නෙ. ඉන්දියාව නේපාලයද ඇතුලුව.

    ඔබ මෙරටින් පිටත බුදුන් උපන්නාය කියා සිතන්නේ නම් එසේ සිතන්නේ කවර සාධක අනුවද ?

    මම කියන්නම් මේ සංවාදය ඉදිරියට යන්න ඕනෙ විදිහ. ඔබ මුලින්ම ඉතාම කෙටියෙන් මේ කාරණාව ඔප්පු කරන්න ඔබට තියෙන සාක්ෂි නම් කරන්න.
    උදා..
    1. පූජාවලිය
    2. හියු නෙවිල්ගෙ පුස්කොල පොත්
    3. ...

    ඊට පස්සෙ මට පුලුවන් ඒව අධ්‍යයනය කරල කතා කරන්න.

    කරුණාකර භෞතික සාක්ෂි විතරක් ඉදිරිපත් කරන්න (ඒ කියන්නෙ භාවනා කරල හිත දියුණු කරගත්තොත් මට තේරෙයි, හීනෙන් දෙවියෙක් කිව්වා වගේ දේවල් සාක්ෂි විදිහට දෙන්න එපා). ඒවගේම තර්ක සාක්ෂිවලට පස්සේ යමු (ඒ කියන්නේ මහමායා දේවියට මෙච්චර දුර යන්න උනා කියල හිතන්න බෑ.. වගේ ඒවා).
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මමත් ඔය විස්තර ගොඩක් හොයල බලල තියනවා.
    ඔව් පිළිගන්න පුළුවන් තර්ක තියනවා. එත් ඔප්පු කරන්න තියන සාක්ෂි මදි.
    හොයන කෙනෙක්ට දිගටම හොයන්න සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.
    මමත් හිතනවා යටත් විජිතයක් වෙලා හිටපු කාලේ ඉතිහාසයේ විකුර්ති වීමක් වෙලා ඇති කියලා.
    මොකද ප්‍රෞඩ ජාතියක් වහල් කරගෙන ඉන්නවට වඩා වහල් ජාතියක්ම වහල් කරගෙන ඉන්න එක ලේසියි. අපෙ පරම්පරා ඉන්දියාවෙන් පන්නපු ගෝතයෙක් ගෙන් පැවතගෙන එනවා කියලා සහ ඊට කලින් ලංකාවේ හිටියේ විජයටත් වඩා පහත ජාතියක් කියලානේ ඉතිහාසේ තියෙන්නේ.

    කවදාවත් ඔය හරි ඉතිහාසේ හොයන වැඩේ නම් රජය පැත්තෙන් නම් කරයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක තමා මගේ මතය. මොකද ඔය කාරනා ඇත්ත නම් රජත්‍රන්තික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉන්දියාවත් එක්ක සහ බ්‍රිතාන්‍ය එක්ක. මොකද ඔය තර්ක ඇත්ත නම් කලින් කියපු දෙගොල්ලොන්ටම ප්‍රශ්න ඇති වෙන නිසා.

    :)
     
    භෞත්කත්වය මත පදනම්ව සියල්ල නිගමනය කිරීම බුද්ධ ධර්මයට පටහැනි දෙයක්. නමුත් බටහිරයින්ගෙ ක්‍රමය තමයි ඒක.එමගින් කරන නිගමන නිවැරදි නොවෙන්න පුලුවන්.

    පලමුව ඔබ මේ ගැන ගැඹුරින් අධය්‍යනය කල යුතුයි.ඒ සඳහා යම් කාලයක් කැපකිරීමට සිදුවෙනව. වෙනත් සාධක ඉදිරිපත් කරල තියෙනව (උදා- සෙල්ලිපි ) .ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් බලන්න.
     
    ඔය රටවල් ඇත්ත දන්නව. නමුත් එය හෙලි වීමෙන් ඔවුන්ට අවාසියක් වෙන නිසා ඒව යට ගහන්න තමයි ඔවුන් උත්සාහ කරන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භෞත්කත්වය මත පදනම්ව සියල්ල නිගමනය කිරීම බුද්ධ ධර්මයට පටහැනි දෙයක්. නමුත් බටහිරයින්ගෙ ක්‍රමය තමයි ඒක.එමගින් කරන නිගමන නිවැරදි නොවෙන්න පුලුවන්.

    පලමුව ඔබ මේ ගැන ගැඹුරින් අධය්‍යනය කල යුතුයි.ඒ සඳහා යම් කාලයක් කැපකිරීමට සිදුවෙනව. වෙනත් සාධක ඉදිරිපත් කරල තියෙනව (උදා- සෙල්ලිපි ) .ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් බලන්න.

    බුද්ධ ධර්මය කියන්නෙ ඉතිහාසය හොයන ක්‍රමයක් නෙවෙයි. භෞතික සාක්ෂි ඕනෙ ඉතිහාසය හොයන්න.
    කෙටියෙන් කියන්න. ත්‍රෙඩ් එක බලල හොයන්න අමාරුයි වැල්වටාරම් ගොඩක් කියල තියෙනව.
    ඊට පස්සෙ අපි එක එක කාරණා අරගෙන සාකච්චා කරමු.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධ ධර්මය කියන්නෙ ඉතිහාසය හොයන ක්‍රමයක් නෙවෙයි. භෞතික සාක්ෂි ඕනෙ ඉතිහාසය හොයන්න.
    කෙටියෙන් කියන්න. ත්‍රෙඩ් එක බලල හොයන්න අමාරුයි වැල්වටාරම් ගොඩක් කියල තියෙනව.
    ඊට පස්සෙ අපි එක එක කාරණා අරගෙන සාකච්චා කරමු.

    ලංකාවෙනම් ඕනතරම් සාක්ශි තියෙනව. ඉන්දියාවෙ තියෙන සාක්ශි මොනවද කියල ටිකක් හොයල කියනවද ?

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙනම් ඕනතරම් සාක්ශි තියෙනව. ඉන්දියාවෙ තියෙන සාක්ශි මොනවද කියල ටිකක් හොයල කියනවද ?

    sellipi.jpg

    ඔය වීඩියෝව බැලුවම මෙන්න මේ වගේ සෙල්ලිපි වලින් ගත්තා කියන පින්තූර කීපයක් දානවා. ඒව කොහෙන් හොයා ගත්ත ඒවද?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමියන් ,රාජ් සෝමදේව, ජයරත්න පතිආරච්චි, රාවනා සොහොයුරෝ, ආදීන් මේවා සොයාගෙන පොත් පත් ලියා පලකර ඇත.

    පොත්

    අපට අහිමි කල අපේ උරුමය

    බුද්ධෝත්පත්තිය හෙලබිමයි

    හෙල බුදු උරුමය අහිමි තැන්

    http://buddhalivedinsrilanka.blogspot.com/2013/04/inscriptions-and-caves-at-vessagiriya.html

    http://sinhala.adaderana.lk/news.php?nid=43595