බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහා පරිනිබ්බාන සුත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප‍්‍රකාශයක් කර ඇත.

    "චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි"

    1) ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. "ආනන්ද නිවන් මග සොයන, ධර්ම මාර්ගයේ යන, ශ‍්‍රද්ධාවන්ත කුල පුත‍්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප‍්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැකබලා වැඳපුදාගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    3) ගෞතම බුදුපියාණන් ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    යන හතරයි.

    ශ‍්‍රද්ධාවන්ත කුලපුත‍්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ‍්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මගපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ‍්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ‍්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ‍්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත‍්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැකබලා වැඳපුදා ගැනීමෙනි.

    - පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ

    ( උපුටා ගැනීම - "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' )

    මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>

    https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම මෙතන පන්සීය පනස් ජාතකේ දිගාරින්න කිවේ නෑ නෙ බන්, කුසතණ කියන වචනෙ ඒ විදිහටම මුල් බෞද්ධ ලේඛන වලත් තියෙනවද නැත්තන් සිංහල පරිවර්තනවල විතරක් තියෙනව නෙවේද කියලනෙ ඇහුවේ. ඔව්ද නැද්ද දෙකෙන් එකක් කියන්නනේ තියෙන්නේ. තියෙනවනං තියෙන්නෙ මොකේද කියල නම කියන්න. වචන දෙකයි නෙ. ඔය වචන දෙකට උත්තරේ ගන්න මම ඔයා දාපු ත්‍රෙඩ් ඔක්කොම කියවල වීඩියෝ ඔක්කොම බලල එන්න ඕනේ කියල කියනවනං එක පිස්සු කතාවක් නෙ.
    :P:P
    උඹේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝනෙද දන්නෙ නැහැ:rofl::rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බුදුන් උපන්නේ රමණිය භූමියක, එහෙ රමණිය නෑ මෙහෙ රමනියයි, ඒ කියන්නේ බුදුන් උපන්නේ එහෙ නෙවේ මෙහෙ බව පැහැදිලියි...

    කොච්චර සරල තර්කයක්ද මේක තේරෙන්නේ නෑ නෙ මුන්ට :baffled:

    එහෙනං.. එහෙනං
    ..බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඒක?
    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;20547726 said:
    :P:P
    උඹේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝනෙද දන්නෙ නැහැ:rofl::rofl:

    එයාල සැහෙන මහන්සි වෙලාලු මේවා හොයාගෙන තියෙන්නෙ අපිට නිකන්ම උත්තරේ කිවම අගයක් නෑ කියන්නේ, තනියම හොයාගන්න ලු :baffled:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    එයාල සැහෙන මහන්සි වෙලාලු මේවා හොයාගෙන තියෙන්නෙ අපිට නිකන්ම උත්තරේ කිවම අගයක් නෑ කියන්නේ, තනියම හොයාගන්න ලු :baffled:

    (2005 දී හරි ඉන් පස්සෙ හරි) මධ්‍යම රාත්‍රියක අධිෂ්ඨාන කරලා ඔය ස්ථාන හතර දැනගත්තාය කියලා තමයි කියන්නේ. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ම මේන්න මෙතන එහෙම කියනවා:
    https://youtu.be/1fZomdgngLY?t=39m30s (විනාඩි 39, තත්පර 30න් ඉදිරියට විනාඩි 5ක් පමණ අසන්න).

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි තමන් විසින් ස්වයංභූත ඥාණයෙන් දහම් අවබෝධය ලැබූවා යැයිද, එසේ දැනගත් සත්‍ය කියනවා යැයිද කියලා කියන අසත්‍ය අඥාණ කතා බොහෝමයි. 'මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද' [ http://www.trekmentor.com/si/content/book/619 ] යන ලියවෙමින් පවතින ලිපියට මම මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් කියන අසත්‍ය අඥාණ කතාවක කරුණු පොඩ්ඩක් එක් කලා.

    මේ බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න මීවණපලානේ මහණා කොයිතරම් බංකොලොත් ද කියලා නම් පෙනෙනවා මේ විඩියෝ එකේ. එක තැනකදී (වි.33 තත්.03) මේ මහණා කියාගන්න දෙයක් නැතුව කියනවා"ඇයි ලෝකෙන් උතුම් රට ලංකාව නෙවෙයිද" කියලා. අනේ මේ වගේ හිස් මහණෙකුට රැවටෙන මිනිස්සුන්ගේ මස්තිෂ්කය පිහිටා ඇත්තේ තට්ටම් දෙකේ වෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජිංතක ජිල්ලබකිට;20548754 said:

    මේ බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න මීවණපලානේ මහණා කොයිතරම් බංකොලොත් ද කියලා නම් පෙනෙනවා මේ විඩියෝ එකේ. එක තැනකදී (වි.33 තත්.03) මේ මහණා කියාගන්න දෙයක් නැතුව කියනවා"ඇයි ලෝකෙන් උතුම් රට ලංකාව නෙවෙයිද" කියලා. අනේ මේ වගේ හිස් මහණෙකුට රැවටෙන මිනිස්සුන්ගේ මස්තිෂ්කය පිහිටා ඇත්තේ තට්ටම් දෙකේ වෙන්න ඕනේ.

    එක හෙලා පිලි ගැනීම හෝ නොපිලි ගැනීම නෙමේ කරන්න ඕන ඉතිහාසේ වෙච්ච සිද්දි හොදින් හොයලා බලන එක, මට තේරෙන එකක් තමයි අපි දන්නා ඉතිහාසේ තියෙන්නේ බුදුන් වහන්සේ පහල උනේ මිට අවුරුදු 2500 කට කලින් කියලා, නැ මන් හිතන්නේ බුදුන් වහන්සේ පහල වෙලා තියෙන්නේ මිට අවුරුදු 4000 ක් 4500 ක් වගේ කාලෙකට කලින් වෙන්න ඕන කියන එක, එත් එක්ක ගලපලා බැලුවහම ඔය ගොඩක් ප්‍රශ්න නොගැලපීම් ලිහා ගන්න පුළුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්ද කියපු දේ මට කියන්න එන්නෙ නැතුව ටිකක් ඇවිදල බලන්න. අපේ රටේ අවුරුදු දාස් ගනන් පරණ සල් ගස් තියෙනව.බඹරගල රජ මහා විහාරෙට ගිහිල්ල බලන්න.අවුරුදු සිය දහස් ගනන් පරන විහාර චිත්‍ර වල තියෙන්නෙ සුද්ද කියන ඔය සල් ගහද කියල බලන්න.

    මේ තියෙන්නෙ බබරගල තියෙන ගහේ මුල.මීටත් වඩා ලොකු ගහක් තව කැලේ ඇතුලෙ තියෙනව.ඔය කියන අවුරුදු සීයට මේ වගේ ලොකු ගස් හැදෙයිද ?

    Photo0085_zpsun2tlpq5.jpg

    Photo0086_zpseokx4qtf.jpg

    ගහක වයස හොයන්නෙ සයිස් එක බලල නෙවෙයි බන්. ගහක් දිහා පිටින් බලල වයස කියන්න බැහැ.

    ඒ කොහොම උනත් ඔය කියන කනන්බෝල් ගහ දකුණු ඇමරිකාවෙ තියෙනවනෙ. ඔය ගහේ මල් හැදෙන්නෙ කඳේ. මායා දේවිය අත්තකින් මල් කඩන්න ගියා කියලනෙ කියන්නෙ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගහක වයස හොයන්නෙ සයිස් එක බලල නෙවෙයි බන්. ගහක් දිහා පිටින් බලල වයස කියන්න බැහැ.

    ඒ කොහොම උනත් ඔය කියන කනන්බෝල් ගහ දකුණු ඇමරිකාවෙ තියෙනවනෙ. ඔය ගහේ මල් හැදෙන්නෙ කඳේ. මායා දේවිය අත්තකින් මල් කඩන්න ගියා කියලනෙ කියන්නෙ?

    බඹරගල රජ මහ විහාරෙ හාමුදුරුවො හමුවෙලා අහල බලන්න. ගහේ වයස ගැන කරපු පර්යේශන වල විස්තර දැනගන්න පුලුවන්..ඊට අමතරව තවත් බොහෝ කරුණු පිලිබඳවත් දැනගන්න පුලුවන් වෙයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    budu haamuduruwo upanna thana hoya hoya dangalanawata wada.. unwahanse deshana karapu dharmaye hasirunoth narakada?

    :)

    මහා පරිනිබ්බාන සුත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප‍්‍රකාශයක් කර ඇත.

    "චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි"

    1) ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. "ආනන්ද නිවන් මග සොයන, ධර්ම මාර්ගයේ යන, ශ‍්‍රද්ධාවන්ත කුල පුත‍්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප‍්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැකබලා වැඳපුදාගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    3) ගෞතම බුදුපියාණන් ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    යන හතරයි.

    ශ‍්‍රද්ධාවන්ත කුලපුත‍්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ‍්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මගපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ‍්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ‍්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ‍්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත‍්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැකබලා වැඳපුදා ගැනීමෙනි.

    - පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ

    ( උපුටා ගැනීම - "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' )

    මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>

    https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දෙවිවරුන්ට වැදුම් පිදුම් යැදුම් පැතුම් සීමාවක් නැති දුර්වල මනුෂ්‍ය මනස..

    බුද්ධ ධර්මය ස්ථාපිත වීමෙන් පසු දේව වන්දනාව හීන වී ගිය රටට නැවත දේව වන්දනාව බලවත් වී එන්නේ භාරතයේ හින්දුන් විසින් ලියන ලද විශ්වාස සහ සාහිත්‍ය නිර්මාණ බලපෑමෙන්ය.වර්තමානයේ ඉතිහාස උරුම සොයා නව ප්‍රතිරූපය නිර්මාණය කරමින් වන්දනා කරන රැල්ලක්ද බිහි වී ඇත.

    බව පච්චයා ජාති... ජාති කියන්නේ උපත. බව කියන්නේ ගති ලක්ෂණ.
    ගති ලක්ෂණ 31 අදාලව සත්වයන් උපදින තල 31 තියනවා. නරකයේ පටන් මිනිස් ලොව දෙව්ලොව ඇතුළු කාමබව 11,රූපාවචර බ්‍රහ්ම ලෝක 16,අරුපාවචර ලෝක 4.

    සැබෑලෙසම විමසීමේ බුද්ධිය ඇති මිනිසුන් ලෙස ධර්මය සහ බෞද්ධ ඉතිහාසය අවදානයට ලක් කර ගත යුතුයි.අපේ ඇතැම් සිංහල බෞද්ධ කියන පිරිස් බොහොම අන්තවාදීන් වේ.
    ශ්‍රී ලංකාව බුදු පියාණන් කල හැදින්වුයේ හෙළබිම ලෙසයි.යක්ක ,නාග,දේව ලෙස එදා තුන් හෙලය ප්‍රසිද්ධ විය.යක්ක හෙලයෙහි යක්ක ,කුම්භාණ්ඩ, ගාන්ධර්ව නමින් යක්ෂ ගෝත්‍රික ජනයා තුන් කොටසක් විය.දේව හෙළය ශාක්‍ය ජනපද සොලොසක් විය.එය ජන්බුද්ව්පය ලෙස ප්‍රකාශ විය.

    ගාන්ධර්ව හෙළයේ රජ ධතරට්ධ්‍ , කුම්භාණ්ඩ හෙළයේ රජ විරූල්හ , නාග හෙළයේ රජ විරිපාකඛ. යක්ක, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග ගෝත්‍ර සිවු කොටසේම මහා රජ යක්ක හෙළයේ අග රජ වූ වෙස්සවන..වෙසමුණි.. කුවේර රජ තුමායි.

    අද සතරවරම් දෙවිවරු ලෙස වැදුම් පිදුම් කරන්නේ එදා ගෝත්‍ර පාලනය කල නායකයන්ටය.ලොව්තුරා බුදු වරුන්ගේ ශ්‍රාවකයන් සම්භන්ධව ආරක්ෂව සැලසිය යුතු ආකාරය රාජ ප්‍රඥාප්තිය සම්මත වීම සහ එය බුද්ධ ආඥවක් වීම ආටනාටිය සුත්‍රයෙ එකම දෙවරක් සදහන් වීමෙන් එය පැහැදිලි වේ.

    නරකයෙහි අමනුස්සයන් සිටින්නේ ප්රෙත් සහ භූත පමණි.යක්කු,කුම්භාන්ඩ නාගයන් නැත.ඒ නිසා ඒ මනුෂයන් විය යුතුය.

    දේව හෙළයේද රජකම් කල බලවත් ප්‍රාදේශීය රජුන්ට, නායකයන්ට “දේවයන් වහන්සේ” නමින් පොදු ජනයා ආමන්ත්‍රණය කිරීමට පුරුදක් තිබී ඇත.

    මේ අනුව බුද්ධ දේශනාවට අනුව අංගුත්තර නිකායේ තික නිපාතයේ පෙන්වා දෙන අයුරුන් දේව කොට්ඨාශ තුනක් ගැන සදහන් වෙනවා.

    විශුද්ධි දේව - ද්වේශයෙන් තොර වූ අරහතුන් වහන්සේලා,ද්වෙශයෙන් වෙන් වූ නිසා දෙවි බව ත්රිප්ටකයෙම සදහන්ය.

    උප්පත්ති දේව -අද අපි විශ්වාස කරන දෙව්ලොව යනුවෙන් සලකන සදෙව් ලොවෙහි උපදින දේව ඕපපාතික දේව කොට්ඨාශය.

    සම්මත දේව-සම්මතයෙන් පිළිගත් දේවයන් වහන්සේ යන සම්මත පදයෙන් එදා පොදු ජනයා හැදින් වූ රජවරුන්ටයි.ද්වේශයෙන් තොරව මහජනයා කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් රට පාලනය කල බොහෝ රජ වරු සම්මතයෙන් දේවයන් වහන්සේ යන ගෞරවය නාමයෙන් පොදු ජනතාවගේ පුද පුජ වලට වන්දනා මාන වලට පාත්‍ර විය.

    Erandi Godakumbura
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/649

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619

    Skylark