බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇත්ත නැත්ත මොකද්ද කියල දැනගන්න උනන්දුවක් තියෙන අය මේවත් හොයාගෙන කියවන්න.




    cover.jpg





    fr.jpg





    front-cover.jpg







    cover.jpg



    preface.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ෴දඹදිව නම්වූ හෙළදිවැ෴

    මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන් ලියු වන්නිරාජාවලිය නම් පොතේ මෙසේ ඇත්තේය.

    "එකලට මේ දඹදිව සිරිලක රජ කල චොරගන රජ වෙහෙරවල් බිඳ සාසනය නසා රජ කල අධර්මයෙන් දොළොස් අවුරුද්දක් වැසි නැතිව තිබුනේය. එතැන් පටන් බැමිණි මහා සාය නම් විය දැන ගත යුතුය. පසුව ලෝ වැස්සන් විසින් චොරගන රජු මරා මහ මුහුදට දැමු සේක. මේ රජ දොළොස් අවුරුද්දක් රජ කළේය. එකලට අප බුදුන් පිරිනිවන් පෑ බුද්ධ වර්ෂයෙන් හත්සිය විසිතුන් අවුරුද්දක් ගියයි දැන ගත යුතුය. බැමිනිටියා සාය වූ පරිදි මෙසේ දත යුතුය." (48p).

    මෙම පොතේ 61 වන පිටේ දඹදිවට පැමිණි බැමිනිසාය නම් නියගය ගැන කවියක්ද ලියා ඇත්තේය.

    බමිනිසාය නම් නියගය ආවේ මේ රටට බව නොදන්නා කෙනෙකු නැත. එසේනම් මේ ලියා ඇත්තේ දඹදිව තිබුනේද මේ රටෙම ලෙස නොවේද?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම




    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:

    http://www.trekmentor.com/si/content/book/665

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "තපස් බල්ලුක.................. . යන
    නමින් සුපතල එ........... දෙ දෙන
    ගැලින් බඩු ගෙන................ යන
    සිහළ වෙළෙදුන් වූහ තැන.. තැන
    ¦
    තුන්මලේ තොටු .................පොළ
    අසලැති ගමෙහි සිරි ...........හෙළ
    රකුස් - නා මුසු..................... පෙළ
    පතින් එන මොහු වූහ...... සිංහළ"


    අරිසෙන් අහුබුදු ශූරීන්
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එංගලන්ත කෞතුකාගාරේ තැන්පත් කොට අැති, සිරි ලංකාවෙන් ගෙන යන්නට යෙදුනු, හියු නෙවිල් එකතුවට අයත් "සිංහළ විස්තරය" පුස්කොල පොතෙන් උපුටා ගත් කවි කිහිපයකි.


    ¦
    සතර යුගට නම් හතරක් දීපෙට
    සතර යුගේ අවුරුදු ගනනක් තුට
    නිතර කෙනෙක් විමසා කිව්වොත් සිට
    සතර යුගේ සැටි පවසන් අද මට
    ¦
    මෙරට තුනට නම වෙන වෙන මෙ ලෙසට
    මුලට සිංහලේ පැවතුනු තැන් සිට
    මෙරට ත්‍රි සිංහල නම් විය මෙකරට
    ඉපිට නමුත් ඇති තව පවසන්නට
    ¦
    පලමුව ක්‍රේතා යුග සුදු පාටයි
    දෙවනුව න්‍රෙතා යුග රත් පාටයි
    තෙවනුව වාපර රන්වන් පාටයි
    සිව් වෙනි කලියුග නිල්වන් පාටයි
    ¦
    ක්‍රේතක් ක්‍රේතක් වාපර කලියුග
    සිරිතක් ලෙස වෙති සතරකී මෙයුග
    ක්‍රේතක් ඕජාදීපය ලක යුග
    න්‍රේතක් වරදීපය ලක් වෙති යුග
    ¦
    රාම දිනේන්ද්‍රා සුදු පැහැ ක්‍රෙතා
    රාම දිනේන්ද්‍රා රත්වන් න්‍රෙතා
    දිනේන්ද්‍රා වාපර රන්වන් කරතා
    සුරේන්ද්‍රපුල්වන් යුග නිල් ගනිතා
    ¦
    මන්ඩදි නම වාපර යුග සතරට
    වෙන්ඩ සිංහලේ කලියුග වරුෂෙට
    වෙන්ඩ තවත් නමකුත් ඇති මත්තට
    තුන්ඩ ආදර අවුරුදු යුග සතරට
    ¦
    සතර මහත් දඹදිවයිං හතරට
    නිතරඑ මහ මෙර පිහිටුනු ත්‍රිකුට
    එතෙර පිහිටි පරුවත් තුන කොයි සිට
    නිතර පිහිටි තැන් කියන්න අද මට
    ¦
    මහා මෙර වට සිවු දිවයින් පතරා
    පෙරවීදෙහ කුරුදිවයින් මෙවරා
    ගෝයානය දබදිව ඉන් නොහැරා
    මෙපුර එයින් තෝරා ගත නෑරා
    ¦
    පෙරවිදෙහ සත් දහාසක් යොදුනකී
    හාරසියක් දිවයින් කිරි මුහුදකී
    කුරුදිවයින අට දහසක් යෙදුනකී
    ස්වනර්ත මුහුද පන්සිය දිවයිනකී
    ¦
    ගෝයානය දසදහසක් යෙදුනකි
    පබුළු මුහුද පන්සිය දිවයිනකී
    පබුළු මුහුදගල කුරු දිවයිනකී
    අවරගිරිය එතනයි සකි දනුවකි
    ¦
    දබදිවටත් ගෝයානය අතරේ
    හශ්තගිරය පර්වතයද අතරේ
    ගෝයානය පන්සිවු කොදෙවු ද අතරේ
    පබුළු එ සාගර දිවයින් නෑරේ
    ¦
    පලමු එ දබදිව දකුනු දිසාවට
    මුනිදුන් වැඩහිටි ජේතවනය සිට
    මෙපුර සදිසි කල්ලකානි පුරයට
    මෙපුර යොදුන් සත්සිය ගනින් දුට
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    එංගලන්තයේ වෙසන, සිරි ලංකා සම්භවය ඇති, Skylark විසින් ලියන ලද කවි වලට අයත් "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි" හේතු කොට ලියන ලද එළකිරි වෙබ් අඩවියෙන්ම උපුටා ගත් කවි කිහිපයකි:


    http://www.elakiri.com/forum/showthread.php?p=20423259#post20423259 :

    දම් පවසට යමෙක් ගිය විට පංසලට
    මීවන හිමි දෙසුවයි ගිනි අධර්මය
    දෙම්දෝ නොදෙම්දෝ දන් යැයි සිතුනි මට
    මෙහෙමද බුදු පුතේ දෙසුවේ මුනි නුඹට


    http://www.elakiri.com/forum/showthread.php?p=20429322#post20429322 :

    බුදු හිමි ලොවට අමයුරු දම් පැවසූවා
    මීවන හිමි එම සදහම් පැටලූවා
    පැටලූ දහම් එළකිරියෙන් සේදූවා
    සේදූ දහම් කා අතරත් බැබලේවා


    http://www.elakiri.com/forum/showthread.php?p=20442767#post20442767 :

    සුදු දෙස බලා එය කළු යැයි කී සේම
    කළු දෙස බලා එය සුදු යැයි කී සේම
    මීවන හිමි බුද්ධිය ගැන ලියු සේක
    නුනුවණ දනා එසේම යැයි ගත් සේක


    http://www.elakiri.com/forum/showthread.php?p=20460231#post20460231 :

    සිංහල බසේ සුන්දර යන වචනයකී
    මීවන හිමි සුන් දර ලෙස පද බෙදතී
    නිවැරදි බසට දොස් අරුතක් එහිමි දෙතී
    පැටලුණ අය දොස් අරුතට කැමති වෙතී


    http://www.elakiri.lk/forum/showthread.php?p=20469109#post20469109 :

    කිම සිහළුනි තොප දන්නෙහි තොපේ බසා
    මීවන හිමි දොස් අරුතින් කරයි මුලා
    සන්නිවේදනය තොප හට එක අරුතා
    පැටලුණ අයට ඒ වචනය වෙන අරුතා


    http://www.elakiri.com/forum/showthread.php?p=20528933#post20528933 :

    එළකිරි හොදයි කුස ගින්දර නිවන්නට
    එලෙසම හොදයි පිපාසයට පොවන්නට
    තව එය හොදයි රස ආහර පිසින්නට
    එළකිරි හොදයි මීවන බස සෝදන්ට


    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි:
    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එංගලන්තයේ වෙසන, සිරි ලංකා සම්භවය ඇති, Skylark විසින් ලියන ලද කවි වලට අයත් "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි" හේතු කොට ලියන ලද එළකිරි වෙබ් අඩවියෙන්ම උපුටා ගත් කවි කිහිපයකි:


    http://www.elakiri.com/forum/showthread.php?p=20423259#post20423259 :

    දම් පවසට යමෙක් ගිය විට පංසලට
    මීවන හිමි දෙසුවයි ගිනි අධර්මය
    දෙම්දෝ නොදෙම්දෝ දන් යැයි සිතුනි මට
    මෙහෙමද බුදු පුතේ දෙසුවේ මුනි නුඹට


    http://www.elakiri.com/forum/showthread.php?p=20429322#post20429322 :

    බුදු හිමි ලොවට අමයුරු දම් පැවසූවා
    මීවන හිමි එම සදහම් පැටලූවා
    පැටලූ දහම් එළකිරියෙන් සේදූවා
    සේදූ දහම් කා අතරත් බැබලේවා


    http://www.elakiri.com/forum/showthread.php?p=20442767#post20442767 :

    සුදු දෙස බලා එය කළු යැයි කී සේම
    කළු දෙස බලා එය සුදු යැයි කී සේම
    මීවන හිමි බුද්ධිය ගැන ලියු සේක
    නුනුවණ දනා එසේම යැයි ගත් සේක


    http://www.elakiri.com/forum/showthread.php?p=20460231#post20460231 :

    සිංහල බසේ සුන්දර යන වචනයකී
    මීවන හිමි සුන් දර ලෙස පද බෙදතී
    නිවැරදි බසට දොස් අරුතක් එහිමි දෙතී
    පැටලුණ අය දොස් අරුතට කැමති වෙතී


    http://www.elakiri.lk/forum/showthread.php?p=20469109#post20469109 :

    කිම සිහළුනි තොප දන්නෙහි තොපේ බසා
    මීවන හිමි දොස් අරුතින් කරයි මුලා
    සන්නිවේදනය තොප හට එක අරුතා
    පැටලුණ අයට ඒ වචනය වෙන අරුතා


    http://www.elakiri.com/forum/showthread.php?p=20528933#post20528933 :

    එළකිරි හොදයි කුස ගින්දර නිවන්නට
    එලෙසම හොදයි පිපාසයට පොවන්නට
    තව එය හොදයි රස ආහර පිසින්නට
    එළකිරි හොදයි මීවන බස සෝදන්ට


    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි:
    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark

    එන්ගලන්තෙ මොන මානසික රොහලේද ප්‍රතිකාර ලබන්නෙ ? පේන හැටියටනම් තව සෑහෙන කාලයක් බෙහෙත් ගන්න වෙයි වගේ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    එන්ගලන්තෙ මොන මානසික රොහලේද ප්‍රතිකාර ලබන්නෙ ? පේන හැටියටනම් තව සෑහෙන කාලයක් බෙහෙත් ගන්න වෙයි වගේ.


    "එන්ගලන්තෙ මොන මානසික රොහලේද ප්‍රතිකාර ලබන්නෙ ? පේන හැටියටනම් තව සෑහෙන කාලයක් බෙහෙත් ගන්න වෙයි වගේ." යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.


    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපට අහිමි කල අපේ උරුමය
    ****************************

    "සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා!!! "එදා සුද්දා සිංහල අපිට නිගරු කලේ, "සිංහලයා මෝඩයා" ලෙස ආමන්ත්‍රනය කිරීමෙනි. සිංහලයාගේ සිංහල දීපයේ වටිනාකම සිංහලයා සතු, අන් කිසිඳු ජාතියක දක්නට නොලැබෙන අසම සම හැකියාවන් දැක ගත් සුද්දා සිංහලයා නිවට නිවාලු අතවැසියෙකුව සිටින තාක්කල් තමන්ට යහපත් බව දු‍ටු තැන, සිංහලයා නිහඬ කිරීමට යෙදූ කූට උපක්‍රම වලින් තවත් එක් වෑයමකි. සිංහලයාගේ වටිනාකම සිංහලයා හැර මුලුලෝකයම දැන සිටින්නට ඇත. එම නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සිංහල දීපය හඳුන්වා දුන්නා මිස, අද බොහෝ විද්වතුන් පවසන අන්දමින්, හා පාසල් විශය මාලාවේ උගන්වන අන්දමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි නිසා, මුතු ඇටය කීවා වන්නට බැරිය. "මුතු" වනාහී ඉතා වටිනා දුර්ලබ දෙයකි. එලෙසින්ම සිංහල දීපය තරම් වටිනා පිංබිමක් මේ පෘථිවි තලය මත නොමැතිබව අප කවුරුත් සිත්හී තබා ගතයුතු වේ. මෙකී වටිනාකම නිසාම සිංහලයාගේ රට හොඳින් හෝ නරකින් හෝ තමා සතු කරගැනීමට දතකෑවේ එකෙකු දෙන්නෙකු නොවේ. ආසන්නයේම පිහිටි ඉන්දියාවෙ සිට ලෝකයේ දසත විසිරී තිබූ බොහෝ රාජයයන් සිරිලංකාව තමන් සතු කරගන්නට ඉමහත් වැයමක නියැලුනෝය. මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද සැල්සුම් පිඹුරුපත් සකස් කලෝ බොහෝ වෙති.
    ක්‍රි.ව. 412 දී මහාවිහාරය මූලික කොටගෙන සිංහල පාලකයින්ට හිතෛශී ගති දක්වමින් සිංහලයන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේලා පළමු පියවර ගත්තේ, දකුණු ඉන්දියානු සම්භවයක් ඇති මහානාම හිමියන්ය. මේ කාලය වනවිට උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය පදවියට පත් පළමුවන කුමාරගුප්ත රජතෙමේ, පසුකාලීනව යාගහෝමයේ නිරතවුවත් මුල් යුගයේ දී දැහැමි බෞද්ධ පාලකයෙක් විය. මෙතුමාගේ මූලිකත්වයෙන් එ කාලය වනවිට ලෝකයේ ශ්‍රේෂඨ ශිෂ්ටාචාර පැවති රටවල පතපොත සංස්කෘත භාශාවට පෙරළීම ආරම්භ වූයේය. මේ අනුව, හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීම සඳහා, මහාවිහාරයට එක් ‍රැස් කරන ලද්දේ එවකට සිංහලයේ රාජ්‍යපාලකයා වූ මහානාම රජුගේ විධානය පරිදිය. එදා උතුරු ඉන්දියාවේ වූ මහා සංස්කෘත පඬිවරයෙකු වූ ධර්මපාල භික්ශූන් ඇතුළු සංස්කෘත පඬිවරුන් ආශියක් මෙරටට පැමිනියහ.

    තමාගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බව දු‍ටු මහානාම හිමි , මේ බව දකුණු ඉන්දියාවට දන්වන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස , දකුණු ඉන්දියානූ පාලකයන්ගේ අණුදැනුම ඇතිව, ඝෝශ ඇතුලු ද්‍රවිඩ සොලී භික්ශූන් දහස් ගණනක් මෙරටට පැමිනෙන්නේ, හෙළ අ‍ටුවා පාලියට පෙරළීමේ අරමුණු ඇතිවය. මෙසේ පැමිණි භික්ශූන් අතර සිටි වැඩි දෙනා ආක්‍රමික චීවරධාරීන් වූහ. මහාවිහාරයේ එක් පැත්තක හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට හැරවෙන අතර තවත් පැත්තක හෙළ අ‍ටුවා පාලියට හැරවෙමින් තිබුනි. හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීමෙන් ඉනික්බිති උතුරු ඉන්දියානූ භික්ශූන් නැවත සිය රට බලා වැඩම කරවූ අතර දකුණු ඉන්දියානුවන් තවදුරටත් මෙහී ‍රැඳී සිටින්නට වූහ. සිංහල පාලකවරුන් සහ සිංහල භික්ශූන් අභිරහස් ලෙස ඝාතනය වන්නට පටන් ගන්නේ මේ වකවානුවේදීය. මහානාම රජු ඝාතනයට ලක් වීමෙන් පසු රජ වූ සොත්තිසේන කුමාරයා ද ඝාතනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය ලබා ගත්තේ ඡත්තග්‍රාහක නම් ද්‍රවිඩ රජකෙනෙකි. ඔවුන්ගෙන් ඇරඹි ද්‍රවිඩ පාලනය, මිත්‍රසේන, පඬි, පාරින්ද, කුඩාපාරින්ද, දිඨීය, පිඨීය ආදී ද්‍රවිඩ රජවරුන් යටතේ අවුරුදු විසිනවයක් පුරා පැවතිණි. දකුණු ඉදියාවෙන් පැමිණි ඝෝශ ඇතුලු ද්‍රවිඩ භික්ශූන් විසින් හෙළ අ‍ටුවා පාලියට හැරවීමෙන් අනතුරුව, ගොඩ ගැසීමෙන් පසු ඇතුන් හත් දෙනෙකුගේ උසට වඩා වැඩි ප්‍රමානයක්ව තිබූ හෙළ අ‍ටුවා ගිනිබත් කලේ මෙකී ද්‍රවිඩ පාලනය පැවති අවුරුදු විසිනවය තුලදීය. හෙළ අ‍ටුවා ගිනි තැබුවා පමණක් නොව, සිංහල රාජ්‍ය නාමාවලි පටලවමින්, අත්භූත අභව්‍ය සිද්ධීන් ඇතුළත් කරමින්, සිංහලයාගේ උරුමය දකුණු ඉන්දියානු ද්‍රවිඩයා අතට පත්වෙන අයුරින් ඉතා සූක්ශම ලෙස පාලි වංශකතා ලියනු ලැබුවේද මෙකී ද්‍රවිඩ පාලන කාලය තුළදීය.

    එදා දකුණු ඉන්දියානුවන් විසින් ලියැවුනු පාලි රචනාවන් ගුරු තැන්හීලා සලකන අපේ උගත් වියත් ගිහි පැවිදි සියල්ලෝම මේ සිදුකරන්නේ, සිංහලයාගේ උරුමය ද්‍රවිඩයා අතට පත්වෙන තැනට කටයුතු කිරීම බව අකමැත්තෙන් වුවද කිවයුතු වේ. ලෝකයේ මුල් ජනාවාස බිහිකලෝ සිංහලයෝ බව විදුලොවෙන් පිළිගත්තද, සිංහල ඉතිහාසය අවුරුදු 2500ට සීමාකලේ ඉන්දියානුවන් විසින්ය. සිංහල අපිද කිසිඳු වග විභාගයකින් තොරව මෙකී ව්‍යාජ ඉතිහාසය මහ ඉහළින් කරපින්නාගෙන සිංහලයා ශිෂට සම්පන්න කිරීමේ ගෞරවයද අශිෂ්ඨ ඉන්දියානුවන්ට බාර දෙති. ඉන්දියානූ ඉතිහාසයෙන් සොයාගන්නට බැරි සුද්ධෝදනලා, අමි‍තෝධනලා, බිම්බා දේවීන් බලෙන්ම ඉන්දියාවට පටවා, ඉන්දියාවෙන් පන්නා දැමූ දාමරික හොර තක්කඩි විජය ඇතුළු හොරු ‍රැල "අපේ විජය රජ්ජුරුවෝ" යැයි මහත් හරසරින් භාරගනිති. එදා ඉන්දියානු ද්‍රවිඩයන් විසින් ගිනි තබා අළු කලේ අපේ හෙළ ඉතිහාසය සහ පිරිසිඳු බුදු දහම බව අප සියල්ලන්ටම අද අමතකව ගොස් ඇත. ද්‍රවිඩයන් විසින් ගිනි තැබූ අපේ හෙල අ‍ටුවා, ශක්‍රයා විසින් අන්තරස්ධාන කළ බවට, ශක්‍රයා අත වරද පටවා, ඇඟ බේරා ගත් ඝෝශට "බුද්ධ" යන ගෞරව නාමයද පුදන්නට තරම අපේ සිංහලයෝ නිර්ලෝභී වූහ. දාඨිය මරා ධාතුසේන කුමරා හෙළ අභිශේකය ලබනවාත් සමගම මහානාම හිමිද දකුණු ඉන්දියාවට පලා ගියේය. 1912 දී කොඩ්‍රින්ටන් නැවත සිංහලයාට ඉතිහාසය ලියා දෙන්නට කටයුතු කලේය. මේ සඳහා ඔහු මූලාශ්‍ර ලබා ගත්තේ ද ද්‍රවිඩ භික්ශූන් විසින් රචිත පාලි රචනාවන් ය. හෙළ ඉතිහාසය තවදුරටත් පැටළවූ හෙතෙම අපිට ඉතිරි වී තිබූ අනෙකුත් සියලු උරුමයන්ද ඉන්දියානුවන්ටම සින්නක්කරම පවරා දීමට කටයුතු කලේය. අපේ පැරණි මුතුන් මිත්තන් පමණක් නොව, අපේ පැරණි ගම් නගර, ගංගා ඇල දොළ, පමණක් නොව සකල ලෝක සත්වයාගේම පිනට පහල වන හෙල බුදු පුතුන් සියල්ලෝම ඉන්දියාවට පිටමං කලේද ඔහුමය.

    අද වන විට අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ව්‍යාජ ඉතිහාසය ඔලුවල පැලපදියම් කරගත් අපේ එවුන්ට ද සැබෑ හෙළ ඉතිහාසය මේ යැයි කී විට මාරාවේශයෙන් ඇඟට කඩා පනින්නේ සැබෑ ඉතිහාසය කිසිඳු වග විභාගයකින් තොරව පසෙක ලමින්මය. ලංකාව ආර්ය ජනාවස බිහි වූයේ ඉන්දියාවෙන් පන්නා දැමූ විජයගෙන් බවද, ඔහු මෙහි එනවිට ‍රැගෙන ආ යකඩ හා ලී තාක්ශණයක් පිළිබඳව අපෙ උගතුන් වියතුන් කතා කරන විට , ක්‍රි.පූ. 1000 - 2000 ඈත අතීතයකට දිවයන මොසපෙතේමියානු, රෝම, බැබිලෝනියානූ ශිෂ්ටාචාර වංශකතාවල හෙළයන්ගෙන් ලබා ගත් ඥානයන්, හෙළ දීපයෙන් ගෙන්වූ යකඩ මෙවලම්, තාම්බ්‍රපන්නී දිවයිනෙන් පැමිනි නැව්, සහ ගුවනින් පැමිණි හෙලයන් විසින් කරවන් ලදී යනුවෙන් සඳහන් ව තිබෙන්නේ, තවමත් අපේ සිහලුන්ගේ ශ්‍රී විභූතිය නොනැසෙන බව ලොවටම කියා පාමිණි. සිංහලුන්ට වැව් තනන්න ඉගැන්වූවෝ ඉන්දියානුවෝයි කියන්නෝ ද වෙති. එසේ නම් "ලොව වැව් බැඳි රාජ්‍යය" විරුදාවලිය ලැබිය යුත්තේ අපිට නොව ඉන්දියානුවන්ටය. කුඩා දූපතක් වන අපිට වඩා වැව් වල අවශ්‍යතාවය බෙහෙවින්ම ඇත්තේ, ඉන්දියානුවන්ටය. 1815 දී බදුලු උප ඒජන්තව සිටි බේලි, වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාවක් සපයමින් මෙසේ සඳහන් කරයි, " පෙරකල කරන ලද අති විශාල වැව් කර්මාන්තය ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩාවූ රටක මෙතරම් පැරණි වූද විශාල වූද වැව් අමුණු තවත් රටක ඇතැයි සිතිය නොහේ".

    ඉතින් තවත් අ‍ටුවා, ටීකා, ටිප්පනි කුමටද? අපිට වැරදී ඇත. ඒ අපි පිට‍රැටියන් විසින් ලියා දුන් ඉතිහාසයක් පිළිගත්ත නිසාවෙනි. අපේ ඉතිහාසය සොයා යා යුත්තේ අපිම විසින්ය. අනුන් ලියා දුන්නු ඒවායින් අපිට පලක් නැත. තමාගේ ජීවිතයේ, අවසාන භාගයේදී සිරි දේවමිත්ත දම්පල් හිමි (ගිහි කල අනගාරික ධර්මපාලතුමා) කියා සිටියේ, සිංහලුන්ට වැරදී ඇත. සිහලුනි නොපමාව තමන්ගේ නිවැරදි ඉතිහාසය සොයා යව් යන්නයි. එතුමා අද සිටියා නම් කියන්නේ, "සිංහලයෙනි අවදිවව්, හෙළ දීපය, බුද්ධ භූමිය බේරා ගනිව්" යන්න බව නො අනුමානය.
    අද බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට එරෙහිව හඬ නගති. නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ, ද්‍රවිඩ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වැපිරුවේ ක්‍රි.ව. 434 කාලයේ, දකුණු ඉන්දියානුවන් විසින් හෙළ මහාවශය සහ හෙළ අ‍ටුවා පාලියට පෙරළීමෙන් බවයි. අද එය මහා අතු පතර විහිදී ගිය මහා රූස්ස ගසක් වී මුළු සින්හලයම වසා පැතිර ඇත. නුඹලා අපෙන් ජනාවාස වූ, අපෙන් ශිෂ්ඨ වූ ජාතියක් ලෙස ඉන්දියානුවන් පුන පුනා පෙන්වා දෙන්නේ, සිංහලයාගේ බලය බිඳ රාජ්‍ය බලය ඉන්දියානුවන් සතු කර ගැනීමට ඇති ලේසිම සහ පහසුම මග එය නිසාවෙනි. අද සිංහල රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ මෙන්ම, උන් සහ සුද්දන් විසින් ලියා දුන් බොරුව වපුරන සහ ඉස මුදුනින් පිළිගන්නා නිවට නිවාලු සිංහලයන් බව කවුරුත් පිළිගත යුතුය.
    සටහන නිමා කිරීමට පෙර සාහිත්‍ය ශූරී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත කවියක් උපුටා දක්වමි."

    හෙළ ඉතිහාසය ලොවට වසන් කළ කරුමෙ ම යි මෙ......... පලදෙන්නේ
    සුළු ජාතිය බොරු ඔප්පු හදාගෙන සිංහළ උරුමේ............... ඉල්ලන්නේ
    ඔබගේ ඉඩමේ ඔප්පුව නැත්නම් කොහොමද උරුමේ.......... දක්වන්නේ
    ඉතිහාසය සැඟවූ ජාතියකට කෙ දිනද ඉර හඳ...................පායන්නේ
    ..

    https://www.facebook.com/kanchana.sumeda.9?pnref=story
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො



    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/649

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/665


    Skylark
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    අනිවාර්යයෙන් සාකච්ඡාවට ගත යුතු කරුණක්......

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව


    බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව මීවලපානේ හිමියන් විසින් මුලිින්ම ප්‍රකාශ කරන සමයේ මට සිතුනේ මේ කුමන විහිලුවක්ද යන්නයි. ඒ නිසාම එතුමන්ගේ පොත් ද්වය මවිසින් පරිශීලනය නොකරන්නට යෙදුන නමුත් මේ කරුණ සම්බන්ධව පුවත්පත් වල පළවූ තර්කයන් දිගින් දිගටම කියවූයෙමි. එහිදී මට වැටහුන කරුණ වූයේ මීවලපානේ හිමියන් විසින් කියනු ලබන කරුණේ යම් තාර්කක පසුබිමක් පවතින බවයි. ඒ නිසාම මීට ටිකකලකට පෙර එතුමන් විසින් රචිත පොත් ද්වය මවිසින්ද කියවන්නට යෙදුනි.

    එම කරුණු එතුමන් අවබෝධකරගත් ආකාරය පිළිබඳව යම් යම් ගැටළු පැවතියද එතුමන් විසින් දක්වන කරුණු පිළිබඳව උසස් ශ්‍රාස්ත්‍රීය පර්යේශණයක් කිරීම උචිත බව මගේ හැඟීමයි. මක් නිසාද එතුමන් විසින් නගා ඇති තර්ක එකහෙලාම ප්‍රතික්ශේප කිරීම අපහසු වන බැවිනි.

    මෙම නූල මුලසිට කියවාගෙන එද්දී මට වැටහුණ කරුණ වූයේ ඇතැයි කියන පාර්ශවය මෙන්ම නැතැයි කියන පාර්ශවයද ප්‍රමාණවත් තරම් දැනුමෙන් සන්නද්ධ නොවන බවයි. එය අප කිසිවෙකුගේ වරදක් නොවේ. එයට හේතුව මේ සම්බන්ධව නිසි පර්යේශණ සිදුව නැති බැවින් අප කවුරුත් අප දන්නා දැනුම තුල සිට සාකච්ඡා කිරීමයි.

    ඉන්දියාව, යුරෝපය වැනි වෙනත් රටවල ජනශ්‍රැති පුරාවිද්‍යාව නැමති අංශයක් වර්ධනය වී ඇති අතර පුරාණ පොතපත, ජනකථා, කවි ආදිය මූලාශ්‍ර කරගෙන ඉතිහාසය සොයා යාම එහිදී සිදුකෙරේ. රාමායනය, මහාභාරතය මූලික කරගනිමින් ඉන්දියාව පර්යේශණ දියත් කරන අතර හෝමර්ගේ ඔඩිසි, ඉලියඩ් මෙන්ම ටොලමිගේ අත්ලාන්තිස් පිළිබඳ වාර්තා මූලික කරගෙන යුරෝපය පරීක්ෂණ පවත්වයි. ලොව අනෙක් සෑම රටකටම සාපේක්ෂව විශාල ජනශ්‍රැති ප්‍රමාණයක් පවතින අප වැනි රටකට මෙවැනි අංශයක් අත්‍යවශ්‍ය අතර එවැන්නක් හරහා මෙවැනි මත සේම රාවණා පිළිබඳ සැබෑ තත්ත්වයද හෙළිකරගත හැකි වනු ඇත.

    බුදුරදුන් ශ්‍රී ලංකාවේ උපන්නේද? යන කරුණ සම්බන්ධව මගේ පෞද්ගලික මතය වන්නේ එසේ වන්නටද හැකියාවක් ඇත යන්නයි. කෙසේ නමුත් මේ පිළිබඳව මවිසින් ද තවමත් අධ්‍යයනය කරන බැවින් මා සොයාගන්නා යම් නව කරුණක් වෙතොත් මෙහි සඳහන් කරන්නෙමි...
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව මීවලපානේ හිමියන් විසින් මුලිින්ම ප්‍රකාශ කරන සමයේ මට සිතුනේ මේ කුමන විහිලුවක්ද යන්නයි. ඒ නිසාම එතුමන්ගේ පොත් ද්වය මවිසින් පරිශීලනය නොකරන්නට යෙදුන නමුත් මේ කරුණ සම්බන්ධව පුවත්පත් වල පළවූ තර්කයන් දිගින් දිගටම කියවූයෙමි. එහිදී මට වැටහුන කරුණ වූයේ මීවලපානේ හිමියන් විසින් කියනු ලබන කරුණේ යම් තාර්කක පසුබිමක් පවතින බවයි. ඒ නිසාම මීට ටිකකලකට පෙර එතුමන් විසින් රචිත පොත් ද්වය මවිසින්ද කියවන්නට යෙදුනි.

    එම කරුණු එතුමන් අවබෝධකරගත් ආකාරය පිළිබඳව යම් යම් ගැටළු පැවතියද එතුමන් විසින් දක්වන කරුණු පිළිබඳව උසස් ශ්‍රාස්ත්‍රීය පර්යේශණයක් කිරීම උචිත බව මගේ හැඟීමයි. මක් නිසාද එතුමන් විසින් නගා ඇති තර්ක එකහෙලාම ප්‍රතික්ශේප කිරීම අපහසු වන බැවිනි.

    මෙම නූල මුලසිට කියවාගෙන එද්දී මට වැටහුණ කරුණ වූයේ ඇතැයි කියන පාර්ශවය මෙන්ම නැතැයි කියන පාර්ශවයද ප්‍රමාණවත් තරම් දැනුමෙන් සන්නද්ධ නොවන බවයි. එය අප කිසිවෙකුගේ වරදක් නොවේ. එයට හේතුව මේ සම්බන්ධව නිසි පර්යේශණ සිදුව නැති බැවින් අප කවුරුත් අප දන්නා දැනුම තුල සිට සාකච්ඡා කිරීමයි.

    ඉන්දියාව, යුරෝපය වැනි වෙනත් රටවල ජනශ්‍රැති පුරාවිද්‍යාව නැමති අංශයක් වර්ධනය වී ඇති අතර පුරාණ පොතපත, ජනකථා, කවි ආදිය මූලාශ්‍ර කරගෙන ඉතිහාසය සොයා යාම එහිදී සිදුකෙරේ. රාමායනය, මහාභාරතය මූලික කරගනිමින් ඉන්දියාව පර්යේශණ දියත් කරන අතර හෝමර්ගේ ඔඩිසි, ඉලියඩ් මෙන්ම ටොලමිගේ අත්ලාන්තිස් පිළිබඳ වාර්තා මූලික කරගෙන යුරෝපය පරීක්ෂණ පවත්වයි. ලොව අනෙක් සෑම රටකටම සාපේක්ෂව විශාල ජනශ්‍රැති ප්‍රමාණයක් පවතින අප වැනි රටකට මෙවැනි අංශයක් අත්‍යවශ්‍ය අතර එවැන්නක් හරහා මෙවැනි මත සේම රාවණා පිළිබඳ සැබෑ තත්ත්වයද හෙළිකරගත හැකි වනු ඇත.

    බුදුරදුන් ශ්‍රී ලංකාවේ උපන්නේද? යන කරුණ සම්බන්ධව මගේ පෞද්ගලික මතය වන්නේ එසේ වන්නටද හැකියාවක් ඇත යන්නයි. කෙසේ නමුත් මේ පිළිබඳව මවිසින් ද තවමත් අධ්‍යයනය කරන බැවින් මා සොයාගන්නා යම් නව කරුණක් වෙතොත් මෙහි සඳහන් කරන්නෙමි...

    කිසිදෙයක් සොයා නොබලා එකහෙලාම යමක් පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම තරම් මෝඩකමක් තවත් නෑ.මම ඉදිරිපත් කරල තියෙන සමහර කරුණු වලත් යම් යම් ගැටලුකාරී තැන් තියෙන්න පුලුවන්.මොකද අපි සියල්ල 100% ක් දන්න අය නෙවෙයිනෙ. නමුත් වැදගත් වන්නේ සමස්තය දෙස බලා එතුලින් යම් අදහසක් ලබා ගැනීමයි.මේ කරුණ ගැන විවෘත මනසකින් වඩ වඩා සොයාබලන තරමට සත්‍යය කුමක්ද යන්න වටහාගැනීම එතරම් අපහසු නොවනු ඇති බව මගේ හැඟීමයි.