බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "එට්ක එපා කියල,බුදු සසුන වැනසෙනව කියල කෑ ගහන බහුතර ගිහි ,පැවිදි දෙකොටසම උඩ දාගෙන ගිහින් ඉන්දියාවට් සල්ලි පුජා කරල ,ව්‍යපරයක් ලෙස අහිංසක වයසක උපාසක උපාසිකාවන් රවටා සුද්දො හොයල දුන්න ජෛන මහවීරට වැදල මෙහෙ ඇවිත් ඉන්දියාවට බනිනව.
    අහස පොලව නුහුලන අපරාදයක් බදු මේ පින් බිමෙ උපන් ගෝතම බුදුන් මෙතරම් මුලාශ්‍ර ,ජන පොත් ,සෙල් ලිපි ,ත්‍රිපිටක සුත්‍ර අහක දමා සුද්දන් සොයා දිපු පර විජයගෙන් පැවත එනවායැයි පිලිගන්න මොඩ රෑනක් බෞද්දයො ලෙස පෙනිසිටිම මොනතරම් ලැජ්ජාවක්ද?
    නිදහස්ව නිවහල්ව සොයපල්ලා ? තමන් වදින්නෙ ජෛනට ,නිගන්ටයන්ට ,දෑස් අරපල්ලා,දර්මපාල තුමා අන්තිමට කිවෙ මට වැරදුනා දැන් මම මහලුයි නුබලා සත්‍ය සොයාපල්ලා?
    එහෙම නැතිව එට්ක එපා කියා මිනිසුන් රෑන් රෑන් අරන් තාවකාලිකව ලාභයක් සොයා ඉන්දියාවෙ කක්කුස්සි වන්දනාවෙ නොයන්නෙනම් එයම මිත්‍යවෙන් මිදිමකි .
    සැ:යු-සමහර ස්වමින් වහන්සේලගෙ ආදායම දබදිව චාරිකාවයි ."​


    14690854_588197431382551_6197856693828167432_n.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14956462_591360697732891_6434713310177490299_n.jpg



    " මේක පන්සලක්ද ?කෝවිලක්ද ?

    මේ තමයි ප්‍රතිසංස්කරණය කරන්න පෙර තිබු මුල් කෝවිල .මේක බලාගෙන තමයි ලංකාවේ පන්සල් හදල තියෙන්නේ ඉතිහාසේ හැටියට ,හැබැයි ඒවා අපේ රටේ පන්සල් නම් නෙමෙයි ,කතරගම,මුන්නේස්වරම ,යාපනේ කෝවිල ,ඒවා හින්දු කෝවිල් .නිකන් කෝවිල් ටිකකට සුද්දෝ 1964 නම් දැම්ම නේද සිදුහත් කුමරුවා ඉන්දියාවෙන් සොයාගෙන .මේවා පෙන්නේ නැත්තේ බෞදයෝ අන්ධ වෙලා ,චිවරදරියෝ දබදිව ටුවර්ස් එකෙන් පට්ට සල්ලියක් හොයන නිසා ,පවු අහිංසක අම්මලාගේ පැන්සන් එකෙන් දබදිව ගිහින් ජෛනට වැදලා එනවා ?
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ",දර්මපාල තුමා අන්තිමට කිවෙ මට වැරදුනා දැන් මම මහලුයි නුබලා සත්‍ය සොයාපල්ලා? ."​
    :shocked::baffled::baffled::baffled:

    Do you have the written resources please...?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙන්න උඹලගෙ බයිලවලට හොද ආටිකල් එකක්. මුල ඉදන් අගටම කියවල වරෙන්.
    http://ravaya.lk/?p=29150

    ඉන්දියන් පටවන උන්දැලාට යන එන මං නැතිවේගෙන එනකොට මේ වගේ එවුන්ව අල්ලගෙන මේ විදිහට ආටිකල් දැම්මට ඉන්දියානු දඹදිව මිත්‍යාවට තව වැඩිකල් ආයුශ නෑ. ඇත්ත එලිවෙන දවස වැඩි ඇතක නෙවෙයි.එදාට ඉන්දියන් පටවන ජාවාරම් කාරයින්ගෙ රෙදි ගැලවිල යයි.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ‘අර ගල් පතුරක් පේනවා නේද ඔන්න ඕක උඩ තමයි කුසතණ අසුරලා ඒ මත වැඩ හිඳගෙන බෝධිසත්වයන් වහන්සේ බුදුවෙලා තියෙන්නේ. ඉස්සර මෙතැන වැටක් තිබුණේ නැහැ. ඒ කාලේ ළඟටම ගිහින් බලන්න පුළුවන්. ඒ කාලේ ගත්ත පින්තූරයක් මගේ ළඟ ඇති.’ ඔහු සිය ජංගම දුරකථනය ක්රියාත්මක කර මට පෙන්වයි. එහි ඇත්තේ බෝමුල්වලින් අඩක් පමණ වැසී ගිය ගල්පතුරකි.

    “ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි.

    i-know-that-feel.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපට අහිමි කල අපේ උරුමය
    ****************************


    "සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා!!! "එදා සුද්දා සිංහල අපිට නිගරු කලේ, "සිංහලයා මෝඩයා" ලෙස ආමන්ත්‍රනය කිරීමෙනි. සිංහලයාගේ සිංහල දීපයේ වටිනාකම සිංහලයා සතු, අන් කිසිඳු ජාතියක දක්නට නොලැබෙන අසම සම හැකියාවන් දැක ගත් සුද්දා සිංහලයා නිවට නිවාලු අතවැසියෙකුව සිටින තාක්කල් තමන්ට යහපත් බව දු‍ටු තැන, සිංහලයා නිහඬ කිරීමට යෙදූ කූට උපක්‍රම වලින් තවත් එක් වෑයමකි. සිංහලයාගේ වටිනාකම සිංහලයා හැර මුලුලෝකයම දැන සිටින්නට ඇත. එම නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සිංහල දීපය හඳුන්වා දුන්නා මිස, අද බොහෝ විද්වතුන් පවසන අන්දමින්, හා පාසල් විශය මාලාවේ උගන්වන අන්දමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි නිසා, මුතු ඇටය කීවා වන්නට බැරිය. "මුතු" වනාහී ඉතා වටිනා දුර්ලබ දෙයකි. එලෙසින්ම සිංහල දීපය තරම් වටිනා පිංබිමක් මේ පෘථිවි තලය මත නොමැතිබව අප කවුරුත් සිත්හී තබා ගතයුතු වේ. මෙකී වටිනාකම නිසාම සිංහලයාගේ රට හොඳින් හෝ නරකින් හෝ තමා සතු කරගැනීමට දතකෑවේ එකෙකු දෙන්නෙකු නොවේ. ආසන්නයේම පිහිටි ඉන්දියාවෙ සිට ලෝකයේ දසත විසිරී තිබූ බොහෝ රාජයයන් සිරිලංකාව තමන් සතු කරගන්නට ඉමහත් වැයමක නියැලුනෝය. මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද සැල්සුම් පිඹුරුපත් සකස් කලෝ බොහෝ වෙති.

    ක්‍රි.ව. 412 දී මහාවිහාරය මූලික කොටගෙන සිංහල පාලකයින්ට හිතෛශී ගති දක්වමින් සිංහලයන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේලා පළමු පියවර ගත්තේ, දකුණු ඉන්දියානු සම්භවයක් ඇති මහානාම හිමියන්ය. මේ කාලය වනවිට උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය පදවියට පත් පළමුවන කුමාරගුප්ත රජතෙමේ, පසුකාලීනව යාගහෝමයේ නිරතවුවත් මුල් යුගයේ දී දැහැමි බෞද්ධ පාලකයෙක් විය. මෙතුමාගේ මූලිකත්වයෙන් එ කාලය වනවිට ලෝකයේ ශ්‍රේෂඨ ශිෂ්ටාචාර පැවති රටවල පතපොත සංස්කෘත භාශාවට පෙරළීම ආරම්භ වූයේය. මේ අනුව, හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීම සඳහා, මහාවිහාරයට එක් ‍රැස් කරන ලද්දේ එවකට සිංහලයේ රාජ්‍යපාලකයා වූ මහානාම රජුගේ විධානය පරිදිය.

    එදා උතුරු ඉන්දියාවේ වූ මහා සංස්කෘත පඬිවරයෙකු වූ ධර්මපාල භික්ශූන් ඇතුළු සංස්කෘත පඬිවරුන් ආශියක් මෙරටට පැමිනියහ. තමාගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බව දු‍ටු මහානාම හිමි , මේ බව දකුණු ඉන්දියාවට දන්වන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස , දකුණු ඉන්දියානූ පාලකයන්ගේ අණුදැනුම ඇතිව, ඝෝශ ඇතුලු ද්‍රවිඩ සොලී භික්ශූන් දහස් ගණනක් මෙරටට පැමිනෙන්නේ, හෙළ අ‍ටුවා පාලියට පෙරළීමේ අරමුණු ඇතිවය. මෙසේ පැමිණි භික්ශූන් අතර සිටි වැඩි දෙනා ආක්‍රමික චීවරධාරීන් වූහ. මහාවිහාරයේ එක් පැත්තක හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට හැරවෙන අතර තවත් පැත්තක හෙළ අ‍ටුවා පාලියට හැරවෙමින් තිබුනි. හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීමෙන් ඉනික්බිති උතුරු ඉන්දියානූ භික්ශූන් නැවත සිය රට බලා වැඩම කරවූ අතර දකුණු ඉන්දියානුවන් තවදුරටත් මෙහී ‍රැඳී සිටින්නට වූහ. සිංහල පාලකවරුන් සහ සිංහල භික්ශූන් අභිරහස් ලෙස ඝාතනය වන්නට පටන් ගන්නේ මේ වකවානුවේදීය. මහානාම රජු ඝාතනයට ලක් වීමෙන් පසු රජ වූ සොත්තිසේන කුමාරයා ද ඝාතනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය ලබා ගත්තේ ඡත්තග්‍රාහක නම් ද්‍රවිඩ රජකෙනෙකි. ඔවුන්ගෙන් ඇරඹි ද්‍රවිඩ පාලනය, මිත්‍රසේන, පඬි, පාරින්ද, කුඩාපාරින්ද, දිඨීය, පිඨීය ආදී ද්‍රවිඩ රජවරුන් යටතේ අවුරුදු විසිනවයක් පුරා පැවතිණි. දකුණු ඉදියාවෙන් පැමිණි ඝෝශ ඇතුලු ද්‍රවිඩ භික්ශූන් විසින් හෙළ අ‍ටුවා පාලියට හැරවීමෙන් අනතුරුව, ගොඩ ගැසීමෙන් පසු ඇතුන් හත් දෙනෙකුගේ උසට වඩා වැඩි ප්‍රමානයක්ව තිබූ හෙළ අ‍ටුවා ගිනිබත් කලේ මෙකී ද්‍රවිඩ පාලනය පැවති අවුරුදු විසිනවය තුලදීය. හෙළ අ‍ටුවා ගිනි තැබුවා පමණක් නොව, සිංහල රාජ්‍ය නාමාවලි පටලවමින්, අත්භූත අභව්‍ය සිද්ධීන් ඇතුළත් කරමින්, සිංහලයාගේ උරුමය දකුණු ඉන්දියානු ද්‍රවිඩයා අතට පත්වෙන අයුරින් ඉතා සූක්ශම ලෙස පාලි වංශකතා ලියනු ලැබුවේද මෙකී ද්‍රවිඩ පාලන කාලය තුළදීය.

    එදා දකුණු ඉන්දියානුවන් විසින් ලියැවුනු පාලි රචනාවන් ගුරු තැන්හීලා සලකන අපේ උගත් වියත් ගිහි පැවිදි සියල්ලෝම මේ සිදුකරන්නේ, සිංහලයාගේ උරුමය ද්‍රවිඩයා අතට පත්වෙන තැනට කටයුතු කිරීම බව අකමැත්තෙන් වුවද කිවයුතු වේ. ලෝකයේ මුල් ජනාවාස බිහිකලෝ සිංහලයෝ බව විදුලොවෙන් පිළිගත්තද, සිංහල ඉතිහාසය අවුරුදු 2500ට සීමාකලේ ඉන්දියානුවන් විසින්ය. සිංහල අපිද කිසිඳු වග විභාගයකින් තොරව මෙකී ව්‍යාජ ඉතිහාසය මහ ඉහළින් කරපින්නාගෙන සිංහලයා ශිෂට සම්පන්න කිරීමේ ගෞරවයද අශිෂ්ඨ ඉන්දියානුවන්ට බාර දෙති. ඉන්දියානූ ඉතිහාසයෙන් සොයාගන්නට බැරි සුද්ධෝදනලා, අමි‍තෝධනලා, බිම්බා දේවීන් බලෙන්ම ඉන්දියාවට පටවා, ඉන්දියාවෙන් පන්නා දැමූ දාමරික හොර තක්කඩි විජය ඇතුළු හොරු ‍රැල "අපේ විජය රජ්ජුරුවෝ" යැයි මහත් හරසරින් භාරගනිති. එදා ඉන්දියානු ද්‍රවිඩයන් විසින් ගිනි තබා අළු කලේ අපේ හෙළ ඉතිහාසය සහ පිරිසිඳු බුදු දහම බව අප සියල්ලන්ටම අද අමතකව ගොස් ඇත. ද්‍රවිඩයන් විසින් ගිනි තැබූ අපේ හෙල අ‍ටුවා, ශක්‍රයා විසින් අන්තරස්ධාන කළ බවට, ශක්‍රයා අත වරද පටවා, ඇඟ බේරා ගත් ඝෝශට "බුද්ධ" යන ගෞරව නාමයද පුදන්නට තරම අපේ සිංහලයෝ නිර්ලෝභී වූහ. දාඨිය මරා ධාතුසේන කුමරා හෙළ අභිශේකය ලබනවාත් සමගම මහානාම හිමිද දකුණු ඉන්දියාවට පලා ගියේය. 1912 දී කොඩ්‍රින්ටන් නැවත සිංහලයාට ඉතිහාසය ලියා දෙන්නට කටයුතු කලේය. මේ සඳහා ඔහු මූලාශ්‍ර ලබා ගත්තේ ද ද්‍රවිඩ භික්ශූන් විසින් රචිත පාලි රචනාවන් ය. හෙළ ඉතිහාසය තවදුරටත් පැටළවූ හෙතෙම අපිට ඉතිරි වී තිබූ අනෙකුත් සියලු උරුමයන්ද ඉන්දියානුවන්ටම සින්නක්කරම පවරා දීමට කටයුතු කලේය. අපේ පැරණි මුතුන් මිත්තන් පමණක් නොව, අපේ පැරණි ගම් නගර, ගංගා ඇල දොළ, පමණක් නොව සකල ලෝක සත්වයාගේම පිනට පහල වන හෙල බුදු පුතුන් සියල්ලෝම ඉන්දියාවට පිටමං කලේද ඔහුමය.

    අද වන විට අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ව්‍යාජ ඉතිහාසය ඔලුවල පැලපදියම් කරගත් අපේ එවුන්ට ද සැබෑ හෙළ ඉතිහාසය මේ යැයි කී විට මාරාවේශයෙන් ඇඟට කඩා පනින්නේ සැබෑ ඉතිහාසය කිසිඳු වග විභාගයකින් තොරව පසෙක ලමින්මය. ලංකාව ආර්ය ජනාවස බිහි වූයේ ඉන්දියාවෙන් පන්නා දැමූ විජයගෙන් බවද, ඔහු මෙහි එනවිට ‍රැගෙන ආ යකඩ හා ලී තාක්ශණයක් පිළිබඳව අපෙ උගතුන් වියතුන් කතා කරන විට , ක්‍රි.පූ. 1000 - 2000 ඈත අතීතයකට දිවයන මොසපෙතේමියානු, රෝම, බැබිලෝනියානූ ශිෂ්ටාචාර වංශකතාවල හෙළයන්ගෙන් ලබා ගත් ඥානයන්, හෙළ දීපයෙන් ගෙන්වූ යකඩ මෙවලම්, තාම්බ්‍රපන්නී දිවයිනෙන් පැමිනි නැව්, සහ ගුවනින් පැමිණි හෙලයන් විසින් කරවන් ලදී යනුවෙන් සඳහන් ව තිබෙන්නේ, තවමත් අපේ සිහලුන්ගේ ශ්‍රී විභූතිය නොනැසෙන බව ලොවටම කියා පාමිණි. සිංහලුන්ට වැව් තනන්න ඉගැන්වූවෝ ඉන්දියානුවෝයි කියන්නෝ ද වෙති. එසේ නම් "ලොව වැව් බැඳි රාජ්‍යය" විරුදාවලිය ලැබිය යුත්තේ අපිට නොව ඉන්දියානුවන්ටය. කුඩා දූපතක් වන අපිට වඩා වැව් වල අවශ්‍යතාවය බෙහෙවින්ම ඇත්තේ, ඉන්දියානුවන්ටය. 1815 දී බදුලු උප ඒජන්තව සිටි බේලි, වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාවක් සපයමින් මෙසේ සඳහන් කරයි, " පෙරකල කරන ලද අති විශාල වැව් කර්මාන්තය ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩාවූ රටක මෙතරම් පැරණි වූද විශාල වූද වැව් අමුණු තවත් රටක ඇතැයි සිතිය නොහේ".

    ඉතින් තවත් අ‍ටුවා, ටීකා, ටිප්පනි කුමටද? අපිට වැරදී ඇත. ඒ අපි පිට‍රැටියන් විසින් ලියා දුන් ඉතිහාසයක් පිළිගත්ත නිසාවෙනි. අපේ ඉතිහාසය සොයා යා යුත්තේ අපිම විසින්ය. අනුන් ලියා දුන්නු ඒවායින් අපිට පලක් නැත. තමාගේ ජීවිතයේ, අවසාන භාගයේදී සිරි දේවමිත්ත දම්පල් හිමි (ගිහි කල අනගාරික ධර්මපාලතුමා) කියා සිටියේ, සිංහලුන්ට වැරදී ඇත. සිහලුනි නොපමාව තමන්ගේ නිවැරදි ඉතිහාසය සොයා යව් යන්නයි. එතුමා අද සිටියා නම් කියන්නේ, "සිංහලයෙනි අවදිවව්, හෙළ දීපය, බුද්ධ භූමිය බේරා ගනිව්" යන්න බව නො අනුමානය.
    අද බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට එරෙහිව හඬ නගති. නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ, ද්‍රවිඩ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වැපිරුවේ ක්‍රි.ව. 434 කාලයේ, දකුණු ඉන්දියානුවන් විසින් හෙළ මහාවශය සහ හෙළ අ‍ටුවා පාලියට පෙරළීමෙන් බවයි. අද එය මහා අතු පතර විහිදී ගිය මහා රූස්ස ගසක් වී මුළු සින්හලයම වසා පැතිර ඇත. නුඹලා අපෙන් ජනාවාස වූ, අපෙන් ශිෂ්ඨ වූ ජාතියක් ලෙස ඉන්දියානුවන් පුන පුනා පෙන්වා දෙන්නේ, සිංහලයාගේ බලය බිඳ රාජ්‍ය බලය ඉන්දියානුවන් සතු කර ගැනීමට ඇති ලේසිම සහ පහසුම මග එය නිසාවෙනි. අද සිංහල රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ මෙන්ම, උන් සහ සුද්දන් විසින් ලියා දුන් බොරුව වපුරන සහ ඉස මුදුනින් පිළිගන්නා නිවට නිවාලු සිංහලයන් බව කවුරුත් පිළිගත යුතුය.
    සටහන නිමා කිරීමට පෙර සාහිත්‍ය ශූරී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත කවියක් උපුටා දක්වමි.

    හෙළ ඉතිහාසය ලොවට වසන් කළ කරුමෙ ම යි මෙ......... පලදෙන්නේ
    සුළු ජාතිය බොරු ඔප්පු හදාගෙන සිංහළ උරුමේ............... ඉල්ලන්නේ
    ඔබගේ ඉඩමේ ඔප්පුව නැත්නම් කොහොමද උරුමේ.......... දක්වන්නේ
    ඉතිහාසය සැඟවූ ජාතියකට කෙ දිනද ඉර හඳ..................... පායන්නේ

    (තොරතුරු සහ විස්තර - අතීත සිංහල දීපය සහ පුරාණ ලෝකය, පී. එස්. ටී චූලවංශ)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද, අපට ඒ කථාව කියන්නේ කවුද? කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ.

    තායිලන්තයේ සුකෝතායි තම්මතිරට් විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චායියොන්ග් බ්‍රහ්මවොන්ගේ පරීක්ෂණ වාර්තාවක් ආශ්‍රිත ලිපියක කොටසක් උපුටා දැක්වීමට කල්පනා කළෙමි. චායියොන්ග් ද බුදුන් උපන් දේශය ගැන උනන්දුවක් දක්වන අයෙක් වන අතර එහිදී ඔහුගෙන් වැඩි දෙනෙක් අසන ලද පොදු ප්‍රශ්නය වූයේ; බුදුන්ගේ ඉගැන්වීම පුහුණු කිරීමට වැඩි අවධානයක් නොකර බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවේ යැයි ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ ඇයි? යන්නයි. මෙය තායිලන්තයට පමණක් නොව ලංකාවට පමණක් නොව බුද්ධ ආගම අදහන මිනිසුන් සිටිනා කුමන සමාජයකට වුව ද පොදු වූ ප්‍රශ්න කිරීමකි. බුද්ධ දේශනය යනු ප්‍රගුණ කිරීමක් සඳහා වූ ඉගැන්වීමක් ද නැතහොත් භක්තිය හා ඇදහීම පිරුණු ආගමික ආයතනයක් ද යන්න පළමුව තේරුම් ගත යුත්තේ මේ නිසා ය.

    සද්ධාවන්ත කුලපුත්‍රයා යනු කල්‍යාණ මිත්‍ර සේවනය ලබන, සිරි සද්ධර්මය ශ්‍රවණය කරන, යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කරන හා ධම්මානු ධම්මපටිපදාවේ යෙදී සිටින සෝතාපන්න මාර්ගයේ සිටිනා බුද්ධ ශ්‍රාවකයා ය. කල්‍යාණ මිත්‍රයා සෑම විට දී ම සිරි සද්ධර්මය දේශනා කරන අතර කෙලෙස් නැසීමේ මඟ පෙන්වා දෙන සහ ඒ සඳහා ම පමණක් උදව් උපකාර කරන මගඵල ලාභී ආර්ය උත්තමයෙකි.

    බුදුන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දී පෘථග්ජන හෝ අස්‍රැතවත් පෘථග්ජන යන වචන භාවිතා නොකර ‘සද්ධස්ස කුල පුත්තස්ස’ යන්න භාවිතා කිරීමේ ගැඹුර ඒ ගැඹුරින් ම අප දත යුතු ය. සෝතාපන්න මාර්ගයේ සිටින සද්ධස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත්වූ මේ අයගේ ගමන් මාර්ගයේ පළමු කඩඉම තරණය කර ගනිමින් සෝවාන් මාර්ග ඵලය සම්පූර්ණ කරගනිමින් උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට පිටුවහලක් ලබා ගැනීම සඳහාම පමණක් මේ ස්ථාන වැදගත්වේ. සද්ධස්ස කුල පුත්තස්ස බවට පත් නොවූ භක්තිවන්තයන්ට මේ ස්ථාන භක්තියෙන් පිරුණු සාම්ප්‍රදායික වන්දනා ගමනක් හෝ සංචාරයක් හෝ චාරිකාවක් ම පමණකි.

    පුරාවිද්‍යාත්මක හැදෑරීම් අනුව මේ වනවිට දී බුද්ධෝත්පත්තිය සිදුවූ ස්ථාන පිළිබඳ ව සම්මත කරගත් ප්‍රධාන ස්ථානය වන්නේ නේපාලය පෙරටු කරගත් ස්ථානයන් ය. නමුත් දෙවන මතය ලෙසට ඉන්දියාවේ ඔරිස්සාව ද, මීට අමතරව බුද්ධෝත්පත්තිය ඇතුළු මේ සිදුවීම් සියල්ල සිදුවී ඇත්තේ තායිලන්තයේ යනු තවත් තාර්කික මතයකි. මේ ස්ථාන තුන ම පුරාවිද්‍යාත්මක හැදෑරීම, තර්ක හා අනුමානයන් ඔස්සේ ආ නිගමනයන් ය. මේ වනවිට දී මීටත් වඩා හාත්පසින් ම වෙනස් වූ විග්‍රහයක් අධ්‍යාත්මික තලයක් වූ සම්මාපත්තියෙන් බලා මේ ස්ථාන ඇත්තේ ශ්‍රී ලංකාවේ බැව් මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම ඉදිරිපත් කර ඇත.

    සම්මත ලෝකයේ දී ඒ සම්මත ලෝකයා පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රමය පිටුවහල් කර ගත්ත ද මේ සුවිශේෂී විෂයේදී බටහිර විද්‍යාව හෝ පුරාවිද්‍යා විෂය පථයට ගෝචර නොවන බුද්ධ ඥානයක් වූ පුබ්බේනිවාසානුස්සති ඥානය හා එම ඥාන ශක්තිය සතු අරිය උත්තමයකුගේ අත්දැකීමක් ඇත්නම් ඉතිහාසය සොයා යන පුරාවිද්‍යාත්මක අධ්‍යාපනයක් කරන අයට ඒ අත්දැකීම මඟ හැරිය හැකි ද? මඟහැරිය යුතු ද?

    පුරාවිද්‍යාත්මක වශයෙන් සලකන විට දී බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට (වර්තමානයේ ශ්‍රී ලංකාව) තුන් වරක් වැඩිය බවට සාක්ෂි නොමැති බව ප්‍රවීණයන්ගේ අදහසයි. මීට සමගාමී ව ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද? අපට ඒ කථාව කියන්නේ කවුද? ඒ කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවයක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ.

    නේපාලය බුදුන් උපන් ස්ථානය ලෙසට හඳුනාගැනීමේ සිට ඉදිරියට එන විට දී ඒ ඉතිහාස කථාවේ නොගැළපීම්, ගැට ගැසීම් හා පැටලීම් නොමැති බැව් පෙන්වා දිය හැකි ද? ඉන්දියානු පුරාවිද්‍යාවේ මුල් යුගයේ සුවිශේෂී කාර්යයන් ඉටුකළ ප්‍රමුඛයන් සියල්ලෝ ම ස්වදේශීය ඉන්දියානුවන් නොවේ. 1822 දී ජේම්ස් රොඩි ගිනාර් ප්‍රදේශයේදී ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. 1837 දී ජේම්ස් ප්‍රින්සෙප් දේවානම්පි‍්‍රය පියදස්සී නම් රජෙක් පිළිබඳව ශිලා ලේඛනයක් කියවනු ලබයි. ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා ලෙසට සැලකෙන ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනින්හෑම් 1862 දී තම කැණීම් ආරම්භ කර ඇත. 1871 වනවිට දී වින්සෙන්ට් ස්මිත් ද 1885 දී ඩන්කන් රිකෙට් ද 1890 දී ජේම්ස් කැම්බල් යන අය ඔවුන්ගේ කැණීම් ආරම්භ කරමින් තවදුරටත් ඉදිරියට ගෙන යයි. 1890 වනවිට දී ආචාර්ය ෆිවුරේ නැමැත්තාට සුවිශේෂී කාර්යයක් ඉටු කිරීමට හැකි විය. එයට හේතුව ඔහුට නේපාලයෙන් හමුවන ටාරායී ටැම් ලිපියයි.

    Devanapiyena Piyadasina lajina visativasabhisitena
    Atana agacha mahiyite hida Budhe jate
    Sakyamuniti
    Silavigadabhica kalapita silathabhe cha usapapite
    Hida Bhagavam jateti Lummnigame ubalike Kate
    Athabhagiye cha

    ෆිවුරේ විසින් මේ ටාරායි ටැම් ලිපියේ වූ ලුම්නිගම යන නම හා බුදුන් ඉපදුණු ස්ථානය සනාථ කිරීම සඳහා මූලික මඟ පාදාගන්නේ දීඝ නිකායේ එන අම්බට්ට සූත්‍රයේ ඇසුරෙන් වන බව ශංකර් ලාල් චන්ද්‍රහරි විසින් 2011 මාර්තු 21 වෙනි දින ඉන්දියාවේ ධම්මචක්ක අධ්‍යයන ආයතනයේ වූ දේශනයේ දී විස්තර කරයි. පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොවන විටදී පාලි අට්ඨකථා, මහා වංශය ආදී බෞද්ධ සාහිත්‍යයන්ගේ උපකාර ඇතිව ඉතිහාස කථාවක් නිර්මාණය කළ බව මෙයින් පෙනී යයි. කෙසේ වෙතත් මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම නැතත් ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම යොදාගෙන ඇත. පාලිවලින් ඇති මේ සූත්‍රයේ ‘හිමවන්තපස්සෝ’ යන්න සිංහල පරිවර්තනයේදී ‘හිමවත පැත්ත’ යන්න ලෙසට දක්වා ඇති අතර ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය ලෙසට ඍජුව ම දක්වයි. මේ නිසා බුද්ධ කාලයේ දී හිමාලයට හිමවත්ත යන්න භාවිතා කළේ ද? හිමාලයට ඈත අතීතයේ භාවිතා කළ නම් මොනවාද යන්න සොයා බැලිය යුතු ය. “හිමවන්තපස්සෝ’ යන්න හිමාලය යන වචනය හඳුන්වා දුන්නේ කවුද? ඒ කුමන යුගයේදී ද? එසේ ම ‘ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ’ යන අපගේ ජන කවියක කොටසෙහි වූ හිමවත යනු හිමාලය ද?

    නේපාලයේ ටාරායි සෙල්ලිපියේ ‘උත්පත්තිය’ සඳහා වූ ශබ්ද සංඥාව Jate ලෙසට ෆිවුරේ විසින් ලියා දක්වා ඇත. මෙය ‘ජාති’ යන්න ද, ජාති යන්න සඳහා ඉංග්‍රීසියෙන් වූ පාලියේ jati යන්න යොදයි. මෙසේ නම් Jate යන්න jati යන්නට සමාන ද? නමුත් ජාති හා ජාතෝ (jato) අතර විශාල වෙනසක් ඇත. භව පච්චයා ජාති මිසක් භව පච්චයා ජාතෝ ලෙස නොදක්වයි. කෙසේ වෙතත් උප්පත්තියක් සඳහා ජාතෝ යෙදෙන බවක් නම් ඉතා පැහැදිලි ය. නිදසුන් ලෙසට රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, ලෙසට ද මහා පරිනිබ්බාන සූත්‍රයේදී “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද” ලෙසට ද ඉපදීමක් දැක්වීමට ජාතෝ මිසක් ජාති යන්න නොයෙදෙන බවක් පෙනී යයි. ෆිවුරේ විසින් අම්බට්ඨ සූත්‍රයේ හිමවන්තපස්සෝ යන්න හිමාලය ලෙසට ගැනීමට යොමුවුවද මේ Jate යන ශබ්දය හා ණචබධ ශබ්දය අතර වෙනස නොදැක්කා ද යන්න අපි නොදනිමු. Silavigadabhica හා silathabhe යන වචන අරුත් දෙන ලද පදනම ටී. ඒ. පෙල්ප්ස් (T. A. Phelps) ප්‍රශ්න කරයි. එම ශබ්ද සංඥා පිළිබඳ නැවත සිතා බැලිය යුතු නොවේද? එසේම පෙල්ප්ස් Sakyamuniti යන්න සංස්කෘත වචන ලෙසට තර්ක කරන්නේ බරෝෂ්ඨි හා බ්‍රාහ්මීය අක්ෂර වලින් sakamuni ලෙසට යෙදෙන නිසා ය. ෆිවුරේ ව්‍යාජ සෙල්ලිපි නිර්මාණය කරමින් ඉතිහාසය වසන් කළ අයකු ලෙසට ටී.ඒ. පෙල්ප්ස් දීර්ඝ විස්තරයක් කරයි. (www.lumkap.org.uk).

    කෙසේ වෙතත් ෆිවුරේට ලොකු දිරියන් ලැබෙන්නේ අම්බට්ඨ සූත්‍රය සඳහා ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් බුද්ධ සාහිත්‍යයට එක් කළ පාලි අටුවා නැවත සිංහලට පරිවර්තනයේදී හිමාලය යන වචනය හා ඒ ඔස්සේ ඒ සූත්‍රයට අනුව හිමාලයට නුදුරින් කපිලවස්තු පුර පිහිටීම විස්තර කිරීමයි. ටාරාහි ටැඹ හිමාලයට නුදුරින් පිහිටි නිසා හා එහි සඳහන් ලුම්මිණිගම යනු එම සූත්‍රයට අනුව හිමවත්ත හෙවත් හිමාලයට කිට්ටුවෙන් පිහිටි ලුම්බිණි ලෙසට සලකමින් ඔහු ඒ සෙල්ලිපියට යම් අරුතක් දෙමින් බුදුන් උපන් ස්ථානය ලෙසට මේ ස්ථානය සනාථ කරගනී. මේ සෙල් ලිපියේ Hida budhe Jate sakyamuniti ද තවත් පහළින් වූ පේළියක Hida bhagavam Jateti Lummnigame ලෙසට දක්වා ඇති අවස්ථා දෙක ම සඳහා ෆිවුරේගේ අර්ථ දැක්වීම Budhe sakyamuni having been born here හා bagavan having been born here කොතරම් දුරට ගැළපේද යන්න සොයා බැලිය යුතු ය. ෆිවුරේ ගේ මේ තොරතුරු පදනම් කර ගනිමින් ඔහුගේ මහාචාර්යවරයා වූ ජෝර්ජ් බිහ්‍යුලර් විසින් European Journal of the academy. නැමැති සඟරාව සඳහා 1895 දී අප්‍රේල් කලාපයට ලිපියක් මඟින් ප්‍රසිද්ධියට පත් කරයි. එහිදී මහාචාර්ය බිහ්‍යුලර් මෙසේ එය සටහන් කරයි. However that may be, Lummni is certainly equivalent to Lumbini. මෙයින් පෙනී යන්නේ බිහ්‍යුලර් පවා නිශ්චිතවම සනාථ නොකර යම් අවිනිශ්චිතතාවයක් ද ඉතිරිකර ඇති බවයි. කෙසේ වෙතත් 1901 වින්සෙන්ට් ස්මිත් විසින් අශෝකගේ බුද්ධ රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇත.

    අපි දැන් මහාචාර්ය සෙනරත් පරණවිතාන දෙසට හැරෙමු. ඔහුගේ Inscription of Ceylon පළමු වෙළුම කියවීම්වලදී එතුමා ද යම් සීමාවක් රැකගනිමින් එම ග්‍රන්ථය සකස් කළ ආකාරය ඔහුගේ සමස්ත සොයා ගැනීම් සමඟ සසඳන විට දී පෙනී යයි. විශේෂයෙන් ක්‍රි. පූ. 3 වන සියවසට අයත් වන ශිලා ලේඛන පිළිබඳව එහි අන්තර්ගත බව හැඳින්වීමේදී විස්තර කිරීම හොඳම නිදසුනකි.

    නමුත් ඔහු ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ අශෝක ශිලා ලේඛනවල අක්ෂරවලට සමාන අක්ෂර ලංකාවේ ශිලා ලේඛනවල ඇති බවයි. ඉන් කිසි විටෙකත් ඒ අක්ෂරවල කුමන රටක සම්භවය ලැබුවා ද යන අදහසක් ඇති නොකරයි. එහිදී බලගතු ඉන්දියානු අර්ධද්වීපයෙන් මේ පුංචි දිවයිනට අක්ෂර ගෙන ආවා යැයි යමකුට තර්ක කළ හැකි ය යනුවෙන් මහාචාර්ය පරණවිතාන මහතා විසින් ම පෙන්වා දෙයි. නමුත් ලංකාවේ සිය ගණනක් වූ ස්ථානවලින් හමු වූ බව බ්‍රාහ්මීය අක්ෂර ප්‍රමාණය ආන්ද්‍රාස්වල අක්ෂර ප්‍රමාණය වඩා වැඩියි යනුවෙන් පවසමින් සම්මතයෙන් ඔබ්බට සිතන අයට ඉඟියක් සපයයි. අශෝක ශිලා ලිපිවල අක්ෂර සංකේත 40 ක් ඇති අතර ඉන් 37 ම ලංකාවේ ශිලා ලිපි ආශි‍්‍රතව ඇති බව පෙන්වා දේ. එසේම ක්‍රි. පූ. 2 - 3 තුළ දී සැලකිය යුතු පරිණාමයක් වී නැතැයි පවසයි. විශේෂයෙන් ලංකාවේ පර්වත ලිපි මුණගැසෙන්නේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීමෙන් පසුව යැයි පවසයි (මහින්දාගමනයෙන් පසුව විය යුතුය). මේ නිසා අශෝක රජුගේ කාලයේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීම සමඟම පැරණි බ්‍රාහ්මිය අක්ෂර හඳුන්වා දී ඇතැයි නිගමනයට විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොමැති නිසාම එළඹිය හැකි යැයි ඔහු පවසයි. නමුත් ලංකාවේ හමුවන ඇතැම් බ්‍රාහ්මීය අක්ෂර අශෝක ලිපි ආශි‍්‍රතව නොමැති නිසාම අශෝක කාලයට පෙර තිබු අක්ෂරයන් එදා ලංකාවේ භාවිත වී ඇති බැව් ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කේ. කොල්මෙයර් අයගේ අධ්‍යයනයන්ගෙන් සනාථ වේ.

    ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මීය අක්ෂර වල වූ “ම” හා “ඉ” අක්ෂර ස්වරූප අශෝක රජුගේ ශිලා ලිපිවල දක්නට නොලැබෙන බවත් ඉදුවර කෘතියේ කර්තෘන් සඳහන් කරයි. මෙය ඉතා වැදගත් සනිටුහන් කිරීමක් ලෙසට මම පෞද්ගලිකව දනිමි. මන්ද බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉ” යන්න අශෝක යුගයට වඩා පැරණි විය යුතු නොවේ ද යන්න සොයා බැලිය යුතුය. බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉන්දසාල” දකුණේ සිට වමට ලියා ඇත. අශෝක රජු ශිලා ලිපි ක්‍රි. පූ. 3 වන සියවස නොඉක්මවයි නම් මේ ඉන්දසාල ගුහාවේ බ්‍රාහ්මීය අක්ෂර වඩාත් පැරණි විය යුතු අතර ඉන්දියාවේ ඉන්දසාල යන්න අශෝක ශිලා ලිපිවලට පසුකාලීනව නම් කළා විය යුත්තකි. එසේ නම් නිවැරැදි ඉන්දසාල ගුහාව ඇත්තේ ලංකාවේය. එවිට රජගහ නුවර ද ලංකාවේම පැවතිය යුතු ස්ථානයකි. ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් ලියන ලද දික්සගී අටුවාවේදී මේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනාකර ඇත්තේ පාචීන රජතුමාට අයත් රජ ගෘහයේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. පාචීන රජතුමා පිළිබඳ සෙල්ලිපි ඉන්දියාවෙන් සොයා ගත හැකි ද? කෙසේවත් විය නොහැකිය. එයට හේතුව ඉන්දියාවේ සියලුම ශිලා ලේඛන අශෝක යුගය නොඉක්මවන නිසාය. නමුත් පාචීන රජු පිළිබඳ සෙල්ලිපි ලංකාවේ හමු වී ඇත. මේ නිසා බඹරගල වූ ඉන්දසාල ගුහාව බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ ඉන්දසාල ගුහාවම විය යුතුය. ගාමිණි අභය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරජුන් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශ කතාවේ සඳහන් වී තිබුණා යැයි නිග්‍රෝධ පිට්ඨවාසී මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටීකාවක් ලියු ටීකාකරු පවසනවා යැයි වාර්තා වේ. (ශාස්ත්‍රපති ලත්පදුරේ පියරත්න හිමි - 2008. 07. 25 බුදුසරණ)

    ලංකා ඉතිහාසය ගැන වරිගපූර්ණය (රවීශෛලාශ වංශ කථාව) නම් වූ පුස්කොළ පොතකින් ගත් පිටපතක් ඔස්සේ පූජ්‍ය මානෑවේ විමලරතන හිමි ඉතා වැදගත් එළිදරව් කිරීමක් සිදු කරයි. (යක්ෂගෝත්‍රික භාෂාව සහ රවීශෛලාශ වංශ කථාව). මෙවන් එළිදරව් කිරීම් පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් අවශ්‍ය වන බැව් තේරුම් ගැනීම එතරම් අපහසු නොවන්නේ ඇයි දැයි යන්න ෆිවුරේ විසින් අම්බට්ට සූත්‍රයට වූ සාහිත්‍ය ඔස්සේ ඉන්දියානු ඉතිහාසය සඳහා කථාවක් නිර්මාණය කිරීම මඟින් තේරුම් ගත හැකිය. බුද්ධ කාලයේදී රිටිගල රජු ලෙසට පාලනය කළේ කිත්තිධීර රජුය. කිත්තිධීර රජුගේ දියණිය කවිලාෂ අග්නිපාලිය. නීලගිරි දේශයේ (මානෑව) වෙසමුණිදරණීය ඖෂධ උයනේදී බුදුන් වහන්සේ කවිලාෂ අග්නිපාලි ඇතුළු පිරිසට විෂකුම්භ සූත්‍රය මාතෘකා කරගෙන ධර්මය දේශනා කර ඇත. එහිදී අග්නිපාලිය අරහත් තත්ත්වයට පත්වූ පසු යශෝධරා තෙරණිය විසින් පැවිද්ද ලබා දී ඇතැයි පැවැසේ. එසේ නම් යශෝධරා අරහත් තෙරණිය මේ නීලගිරි ප්‍රදේශයේ (මානෑව) ආශි‍්‍රතව වැඩ වාසය කළ යුතුව ඇත. එසේම මේ රවිශෛලාශ වංශ කථාව බුදුන් දවස මේ ලක් දෙරණේ වැඩ වාසය කළ අරහතුන් වහන්සේලා ගැන විස්තර කරයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ භාෂාව හා එකල භාවිත කළ විවිධ සංකේත පිළිබඳ විස්තර සපයයි. මේවා පිළිබඳ දීර්ඝ සොයා බැලීමක් අවශ්‍ය වන බැව් පෙනී යන්නේ අන් කිසිවක් සඳහා නොව බුදුන් උපන් දේශය පිළිබඳ නිවැරැදි තොරතුරු සද්ධස්ස කුලපුත්තස්ස වූ අයට පමණක් වැදගත් වන නිසාම ය. පුරාවිද්‍යාත්මකව පමණක් නොව බුද්ධ භාෂිතයේ වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය යන අංශ දෙකම එකම ස්ථානයක දී මුණගැසෙනා අවස්ථාවක් ලෙසට මෙය සැලකිය හැකිය. මෙහිදී ඉතා වැදගත් කාර්යයක් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටුකළ හැක්කේ නිවන් අරමුණු කරගත් අපේ හාමුදුරුවරුන්ටමය. උන්වහන්සේලාට වඩ වඩාත් ධර්ම ඥානය ලැබී වීරිය වඩමින් අරහත් ඵලයට පත්වී පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් මේ සියල්ල දැක බලා විස්තර කිරීමටත් මෙය මහත් උපකාරයක්ම වේවා.


    ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත

    http://www.silumina.lk/punkalasa/20120715/_art.asp?fn=ar12071513
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බරණැස ඉසිපතනාරාමය

    මැදවච්චියට යන වෙලාවක වැද පුදාගන්න ඔන්න සිංහලෙන්ම බොර්ඩ් එකක් ගහල තියනව.... ඉසිපතන මිගදාය


    15032285_1018267984985147_3346163315525484572_n.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    "ඒ ගුවන් යානා පදවන්නෙ කාන්තාවො"


    ලොකු බයික් එකක් පැදගන්න බැරි ගෑනු ඉන්න රටේ ගෑනු ගුවන් යානා පැද්දලු. කොහෙන් මේවට හිනාවෙන්නද දන්නෙ නෑ.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    "ඒ ගුවන් යානා පදවන්නෙ කාන්තාවො"


    ලොකු බයික් එකක් පැදගන්න බැරි ගෑනු ඉන්න රටේ ගෑනු ගුවන් යානා පැද්දලු. කොහෙන් මේවට හිනාවෙන්නද දන්නෙ නෑ.

    Sharma linde...:baffled::baffled::baffled:

    Hornet%2BSri%2BLanka.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sharma linde...:baffled::baffled::baffled:

    Hornet%2BSri%2BLanka.jpg
    මචන් ඔය වගේ එක කෙල්ලෙක් කලාතුරකින් කරන දෙයක් ඔච්චර ප්‍රසිද්ධ වෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ට මේව අරුම පුදුම දේවල් හින්ද. ඒත් වෙන රටවල කෙල්ලො ඇති තරම් මෙහෙම බයික් වල යනව ඒව එයාලට සාමාන්‍ය දේවල්. ඉතින් ලංකාවෙ කෙල්ලො ගුවන් යානා පැදෙව්ව කියන්නෙ මොන විහිලුවක්ද බන්.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මචන් ඔය වගේ එක කෙල්ලෙක් කලාතුරකින් කරන දෙයක් ඔච්චර ප්‍රසිද්ධ වෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ට මේව අරුම පුදුම දේවල් හින්ද. ඒත් වෙන රටවල කෙල්ලො ඇති තරම් මෙහෙම බයික් වල යනව ඒව එයාලට සාමාන්‍ය දේවල්. ඉතින් ලංකාවෙ කෙල්ලො ගුවන් යානා පැදෙව්ව කියන්නෙ මොන විහිලුවක්ද බන්.

    මචන් උබ බුදුන් බුදු වෙනව දැක්කද?, ජේසු තුමා උත්තානය වෙනව දැක්කද?
    ඉතින් කොහොමෙයි නොදැක්ක එකක් එකපාරම ප්‍රතිකේෂ්ප කරන්නේ???:baffled: