බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩ&#3508

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩ&#3508

    මහනුවරින් තවත් වධක ජොස්තරයෙක්..! බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩපමුණුව

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, ප.ව‍‍‍‍‍.7.35)
    මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන අද ඒ මහජනතාවටම කෙළවන තවත් ප්‍රමිතියෙන් ඉහළ යයි කියා ගන්නා තුච්ඡ ජොස්තරයෙකු ගැන මහනුවරින් වාර්තා වේ. මේ වාර්තාව අප වෙත සපයන සුධීමතා මේ ජොස්තරයා හා සමානවම උගතෙකි. නමුත් මොහුට වඩා මනුස්ස කමින් අගතැන්පත් අයෙකි. ඔහුගේ වචනයෙන්ම එම වාර්තාව පහත දැක්වේ.

    දසසිල් මාතාවකට බෙහෙත් අරන් දීම පිණිස මහනුවර අමායා චැනල් සෙන්ටර් වෙතින් අංකයක් ලබා ගතිමි. දොස්තරගේ නම එල්.ආර්.පී.කේ.බී. උඩපමුණුව හෙවත් පද්මකුමාර උඩපමුණුව වේ. මොහු රාජ්‍ය සේවය ලෙස දැනට මහනුවර මහ රෝහලේ සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙකි. බඩ කට පුරා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නෙකි. අමායා වෙතින් අපට ලැබුණේ අංක 01 වන අතර උදේ 11.00 ට දොස්තර පැමිණෙන බැවින් හරියටම 11.00 ට එන්නැයි කීවෝ ය. සිල් මාතාවට දානය මග හැරෙන බව දනිතත්, ඇගේ අසනීපයේ බරපතලකම නිසාම වහාම ඇය රැගෙන ගියෙමි. 11.00 ට ගිය විට අමායා ආයතනය අපට කීවේ දොස්තර ‘සුව සෙවන‘ පුද්ගලික රෝහලේ ශල්‍ය කර්මයක් කරමින් සිටින බැවින් ඔහු එනවිට 11.30 වන බවය. අපි රැඳී සිටියෙමු. වේලාව 12.00 වන විටත් ඔහු පැමිනියේ නැත. මම අමායා ආයතනයට කියා දොස්තරට ඇමතුමක් දුන්නෙමි. ඔහු කීවේ තවත් ප්‍රමාද විය හැකි බවය. කොතෙක් වේලාවක් ප්‍රමාද වනවාදැයි ඇසූ විට කීවේ වෙලාවක් කිව නොහැකි බවයි. තව දුරටත් රැඳී සිටීමෙන් පලක් නොවන බව දැණුනු අපි මුදල් ආපසු ලබාගෙන එළියට ආවෙමු.

    මේ සෙල්ලම කුමක්දැයි දැන ගැනීමට මට ආ කුතුහලය නිසා, දොස්තර උඩපමුණුව මේ මොහොතේ හමුවිය හැක්කේ කොතනක දැයි මම හෙදියගෙන් විමසුවෙමි. ඇගේ පිළිතුරින් මා තුෂ්ණිම්භූත විය. ඇය කීවේ සුව සෙවන ශල්‍ය කර්මය ඉවරයි දැන් මාවනැල්ලේ ‘ඔස්ට්‍රෝ‘ නම් චැනල් සෙන්ටර් එකට ගමන් කරමින් සිටින බවයි. එනම්, ඔහු තවත් පැය ගණනාවකට ආපසු අමායා වෙත එන්නේ නැත. ඔහු නොඑන බවක් අපට කීවේ ද නැත. ඔහු සුව සෙවන සිට මාවනැල්ලට ගමන් කරන්නේ හෙළිකොප්ටරයකින් නොවෙයි නම්, ඔහු යා යුත්තේ අමායා ඉදිරිපස තිබෙන මහ පාරෙනි. නමුත් ඔහු අමායා වෙත ආවේ නැත.

    හේතුව පැහැදිළිය. අමායා හි සිටින්නේ එක රෝගියෙකි. එනම් අපගේ දස සිල් මාතාව ය. නමුත් මාවනැල්ලේ ලෙඩ්ඩු දුසිම් ගණනක් සිටිති. මේ ජඩ ජොස්තරයා ගේ හොද්ද බොර වෙන්නේ මාවනැල්ලෙනි. දානය නොවළඳා බඩ ගින්නේ අධික ශාරීරික වේදනාවෙන් ‘පිංවත් දොස්තර මහත්තයා‘ එනතුරු මග බලා සිටින අහිංහස පැවිද්දියකගෙන් මේ කාලකණ්නියාට ඇති පලක් නැත. මේකා මෙලොවක් පරලොවක් නොදන්නා පාපිෂ්ඨයෙකි. මේකා හඳුනන්නේ සල්ලි පමණි. වෛද්‍ය සාරධර්ම හඳුනන්නේ නැත. ඉතිහාස පාඩමද පාසැලේදී අසමත් වූ පිංගුත්තරයෙක් විය යුතුය. මන්ද යත් ඉතිහාසය උගෙන ගත්තා නම් අප රටේ සිටි බුද්ධදාස රජතුමා නම් මානුෂික ශල්‍ය වෛද්‍යවරයා ගැන දැන ගත යුතුය.

    ලොකුම විහිළුව නම්, මේ වධකයා මේ වසරේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමයේ නිලධාරී මඩුල්ලේ ද සාමාජිකයෙක් ලෙස පත්ව සිටීමයි. (College of surgeons of Sri Lanka - Council 2017)

    මෙවැනි ගස් වැද්දන් මේ රටේ වෛද්‍යවරුන් අතරේ අපමණ සිටිති. GMOA දත කන්නේ මේ ගස් වැද්දන් රැකීමට ය. වෛද්‍ය ක්ෂේත්‍රය පුළුල් වනවාට කැමැති නැත. තරඟකාරීත්වයක් ඇති වනවාට කැමැති නැත. වෛද්‍ය වෘත්තියට මානුෂික මුහුණුවරක් එනවාට කැමැති නැත. මුංට වුවමනා වන්නේ සල්ලි දෙවියන් බවට පත් කර ගත් යක්ෂයන් රැළකි. හතර පෝයට සිල් ගන්නා ‘මහා උපාසක‘ අනුරුද්ධ පාදෙණිය බූරුවාණෙනි.., මේ ඔබේ අවධානයටයි..!

    පසු සටහන: මෙම සිද්ධිය වූයේ 2017 ජූලි 30 වෙනිදා ය.

    මේ වගට,

    -ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්-
     
    • Like
    Reactions: KDI12

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,211
    778

    -ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්- :lol::lol::lol: පව් යකෝ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සාමාන්‍යයෙන් චැනල් සෙන්ටර් එකක ඉන්නේ එක ලෙඩෙක් නම් Consultant එන්න කලින් කතා කරල අහනව ලෙඩා ඉන්නවද කියල. ඒ නැතත් ඉන්න එකම ලෙඩා අපහු සල්ලි අරන් යන්න ගියොත් ඒ වෙලාවෙම Consultant ට කතා කරල හරි SMS එකක් දීල හරි කියනවා ලෙඩා ගියා කියල. ඕක හැම තැනම වෙන දෙයක්.

    මේකෙ
    ඉන්න Nurse Operation එක ඉවරයි කියල දැනගත්තේ එහෙමයි. මේ මෝඩයා සල්ලි ආපහු අරන් channeling එක කැනසල් කරල දැන් කියනව නැති ලෙඩෙක් බලන්න ආවේ නෑ කියල. :rolleyes:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මහනුවරින් තවත් වධක ජොස්තරයෙක්..! බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩපමුණුව

    godak dokala mehema thami....godak velavata time ekata enne nee...samahara velavata peya ganan pramada venava...anika patta ganak gannava...paw asarana leddu...masayak kamburala ganna padiya munta dila beth gaththma davas 3n 4n ivara venava...
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    සාමාන්‍යයෙන් චැනල් සෙන්ටර් එකක ඉන්නේ එක ලෙඩෙක් නම් Consultant එන්න කලින් කතා කරල අහනව ලෙඩා ඉන්නවද කියල. ඒ නැතත් ඉන්න එකම ලෙඩා අපහු සල්ලි අරන් යන්න ගියොත් ඒ වෙලාවෙම Consultant ට කතා කරල හරි SMS එකක් දීල හරි කියනවා ලෙඩා ගියා කියල. ඕක හැම තැනම වෙන දෙයක්.

    මේකෙ
    ඉන්න Nurse Operation එක ඉවරයි කියල දැනගත්තේ එහෙමයි. මේ මෝඩයා සල්ලි ආපහු අරන් channeling එක කැනසල් කරල දැන් කියනව නැති ලෙඩෙක් බලන්න ආවේ නෑ කියල. :rolleyes:

    ;)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    උබ මිනිස්සු නොමග යවන්න එපා. ඒ මනුස්සය සල්ලි ආපහු අරගන තියෙන්නෙ 11 ට එනව කියපු දොස්තර 12 වෙනකොටත් ආවෙ නැති නිසා. දැන් උබ කියන විදිහට ලන්කාවෙ ඉන්න සියලුම දොස්තරලා එන්න කලින් අහලා එක ලෙඩෙක් ඉන්නවනම් ඒ ලෙඩාව බලලා යන්නෙ?! 😂
    කලාතුරකින් කෙනෙක් තමයි එහෙම ලෙඩ්ඩු ගැන හිතන්නෙ. මමත් අපේ තාත්තත් එක්ක දොස්තරලා එනකන් චාටර් කාල තියන හින්ද දන්නවා ඒකෙ තියන සැප. 😤

    චැනල් කරන දොස්තරලා කවදාවත් කියන වෙලාවට එන්නෙ නෑ. ඒ වගේ තැන් වලට එන්නෙ පීඩාවකින් ඉන්න අසරන ලෙඩ්ඩු කියල ගානක්වත් නෑ. ගන්න මුදලේ වටිනාකමට පාරිභෝගිකයට වෙලදාම කරන්නෙ නෑ. 😡
     
    මේක ලියපු කෙනා පරක්කු වෙච්ච එක කෙලින්ම චෝදනාවක් විදිහට කරන්නේ නෑ (ඔපරේෂන් එක හදිසි එකක්ද? සංකූලතා ආවද? වගේ දේවල් දන්නේ නැති නිසා).

    මෙතන ප්‍රධාන චෝදනාව තමයි චැනලින් කැන්සල් කරාට පස්සේ නර්ස්ගෙන් ඇහුවහම "ඔපරේෂන් ඉවරයි වෛද්‍යවරයා මාවනැල්ලට යනවා" කියපු එක. ඒ චෝදනාවට පදනමක් නෑ කියන එක තමයි මම කිව්වේ.

    හිටියෙත් එකම ලෙඩයි කියල ලියපු කෙනාම කියන නිසා මෙතන වෙන්න ඇත්තේ චැනලින් කැන්සල් කරපු ගමන් අමාය එකෙන් කතා කරල ලෙඩා ගියා කියල වෛද්‍යවරයට කියපු එක. ඒක කොහොමත් වෙන දෙයක් (කතා කරපු නිසා තමයි නර්ස් දන්නේ ඔපරේෂන් එක ඉවරයි කියල.)

    ලියපු කෙනා වෙනත් චෝදනාවක් කරනව නම් (උදා- ඔපරේෂන් එකක් තිබුනේ නෑ) ඒකටත් කිසිම සාක්ෂියක් දීල නෑ. ඔහු සුවසෙවනට කතා කරල ඔපරේෂන් එකක් තිබුනද කියල ඇහුවනම් හොයා ගන්න තිබ්බා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    lanka e news nam arrears ekaka inne.aththa boruwa nodana comment nokarami.amaya eka welawema thawa ekaka channeling thiyena eka hithanna amaruyi itin.1 ta mawanellada danne nea.kohoma unath hariyata nodana comment nokarami.dostara gana bodannawa unata e news gana nam dannawa