බුද්ධාගම විකුණන් කන අලුත්ම බිස්නස් එකක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බුද්ධාගම විකුණන් කන අලුත්ම බිස්නස් එකක්

    255389_474508099233445_274859899198267_2108541_1908294577_n.jpg

    බුද්ධාගම විකුණන් කන අලුත්ම බිස්නස් එකක්

    බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේලු

    අන්කවරදාකටත් වඩා නිර්මල බුදු සසුනේ පැවැත්මට බාහිර සහ අභ්‍යන්තර අභියෝග එල්ල වෙමින් පවතින අවස්ථාවකි මේ. එයිනුත් වඩාත්ම විනාශකාරී වන්නේ බුදු සසුනතුලම ලැග සිටිමින් සසුන කා දමන පිළිලයන්ය. එවැනි මිනිස් වෙසින් සිට සසුන වනසන පිශාචයන් පිළිබදව අපි මීට පෙරද කථා කර ඇත්තෙමු. මේ ඔවුන්ට නොදෙවෙනි තවත් ශාසන භක්ෂක කල්ලියක් ගැනයි.

    මොවුන් සමාජගත කරන්නට උත්සහා දරන්නේ මින් පෙර අපි අසා නොතිබුනු අරුම පුදුම හතරබීරි කථාවකි."මීවනපලානේ සිරි ධම්මාලංකාර" නැමති හිමිනමකගේ මනෝ විකාරයක් පාදක කරගනිමින් එක්තරා කල්ලියක් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බවට මතයක් මේ වන විට සමාජගත කරමින් පවතී. බුද්ධ චරිතයට අදාල ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන වල නාමයන් ශ්‍රී ලංකාවේ පැරනි විහාරාරාම වලට ආදේශ කරමින් බුද්ධ දේශනාවද කණපිට හරවා ‍මුලුමහත් බොදු සමාජයම නොමග යවමින් ඔවුන් කරන්නේ බරපතල ශාසනික විකෘතියකි. ඔවුන්ට අනුව බුදුන් වහන්සේ ඉන්දියාවට පය තබාවත් නැත. කිඹුල්වත් නුවර ලෙස හදුන්වන්නේ ලංකාවේ "බඹරගලලු". බුද්ධත්වය ලබා ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේලු. පිරිනිවන් පා ඇත්තේ බලංගොඩ "බුදුගල" විහාරයේදීලු. මේ ආදී වශයෙන් බුදු සමය හා සම්බන්ධ සියලුම වැදගත් සිද්ධස්ථාන ලංකාවේ වනගතව පවතින බෝධීන් වහන්සේලාට හා මඩගොහොරු වලට ආදේශ කර ඇති ආකාරය කණගාටුදායකය. මේ මතයන් තහවුරු කිරීම සදහා ඔවුන් යොදා ගන්නේ කුඩා දරුවකු වුවත් සිනහගස්වන තරමේ අරුම පුදුම අදබාල තර්කයන්ය. මේ පිළිබද වැඩි දුර තොරතුරු ඔවුන්ගේ ප්‍රෝඩාවේ තරම හෙලිදරව් කරන ලද Neth FM බැලුම්ගල වැඩසටහනෙන් දැකගත හැකිය.

    http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ

    මේ අසද්ධර්ම ව්‍යාපාරයේ ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කරවන්නේ කඩුවෙල ප්‍රදේශයේ ඩී.ඒ. ගුණතිලක නැමති වෛද්‍යවරයකුගේ මූලිකත්වයෙන්ය. මොහු විසින් මුද්‍රනය කරන ලද අත්පත්‍රිකා හා ඉහත කී හිමියන් විසින් ප්‍රබන්ධ කරන ලද "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි" නමින් ලියන ලද පොත් ප්‍රකාශන 30 ක් පමන මේ වන විට රට පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත. තවත් විශේෂම කරුනක් වන්නේ මේ ව්‍යාජ ප්‍රචාරක ජාලය වටා පෙළ ගැසී සිටින්නේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන්, ගුරුවරුන් වනි උගත් යැයි සම්මත (උගත් මුග්ධයන්)පිරිසකි. සමාජයේ යම් තැනක් හිමිකරගත් වැදගත් පුද්ගලයන් හරහා තම ව්‍යාජ මතය ලෙහෙසියෙන් සමාජගත කර හැකිබව මොවුන් හොදින් වටහාගෙන ඇති බව පෙනේ. මෙහි ඇති බරපතලකම වන්නේ අවබෝධයක් ඇති පිරිස් මේ විසුලු මත එකහෙලා බැහැර කලද ධර්මය ගැන එතරම් අවබෝධයක් නැති බොහෝ පිරිස් මේ පට්ටපල් බේගල් වලට රැවටී ලෙහෙසියෙන් නොමග යෑමයි. අද මෙ වැනි ව්‍යාජ මතවාද ඇතුලත් පොත් පත් පළවීම සුළු කොට තැකිය යුතු නො වන්නේ තව පරපුරු කීපයක් ඉදිරිය ට ගිය විට ඔවුන්ට මේ පොත් පැරණි පොත් ලෙස පිළිගන්න ට සිදුවීම නිසා බුදු උපත ගැන මත බිඳුම් ඇති වී නොයෙක් ගැටලු මතුවීම ට ඉඩ ඇති හෙයිනි. විශේෂයෙන් වගකිවයුතු මාධ්‍යයන් පවා මේ වගකීමෙන් නිදහස් ව එක එක මත එක එක උදවිය ට ප්‍රකාශ කිරීම ට ඉඩදීම තුළින් නොබෝ දිනක ම බුදුවරයෙක් ලොව පහල වුයේ නැත යි ද පළවනු නො අනුමාන ය.

    එසේ හෙයින් මිතුරනි. සමාජයත් අනාගත පරපුරත් නොමග යවා අදුරු අගාධයකට ඇද දමන මේ වැනි දුර්මත දුටු තැන හෙළා දකින්න. අනවබෝධය නිසා මේ වැනි දුර්මාතවාද පසුපස ගොස් අමාරුවේ වැටෙන ඔබේ මිතුරන් එයින් මුදවාගන්න. කළ්‍යාණමිත්‍රයකු වශයෙන් ඔබේ වගකීම එයයි.

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Buddhism is being destroyed systematically.
    * Giving priority to the deva pooja in temples
    * Making astrology a part of Biddhism
    * Getting laymen to perform various poojas that would originally require a monk. Even pirith.
    * Monks entering political parties
    * Buddhists talking about religious harmony while other religions convert them systematically

    and many more reasons
     
    • Like
    Reactions: Fox Mulder89

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    255389_474508099233445_274859899198267_2108541_1908294577_n.jpg

    එතකොට විසාලාමහ නුවර කොහෙද...?:rolleyes:
    නාලාගිරි හිටියෙ උඩවලවේ ද..?:cool:
    අනේපිඩුසිටානොගේ මන්දිර තිබ්බේ නුවර වෙන්ට ඇ....:P
    එ කියන්නේ සිදුහත් කුමරු උපදින කාලේ තිබ්බ මිථ්‍යා ඇදහිලි,ආගම් එවත් ඔක්කොම ලංකාවේ තියෙන්ඩ අති...:shocked:
    නිගන්ඨයො එකසීයගානට ඉන්ඩ ඇති....:angry::angry:
    එහෙමනම් දේවදත්තත් හිටියේ ලංකාවේ ද....එකනම් වෙන්න පුලුවන් දෙයක්......එ පරපුරේ උන් කොහොමත් ඉන්නවනේ..

    මේ ඉන්න හරකුන්ට අවුරුදු 2500ක් නෙමෙයි කල්පයක් බණ කිව්වත් පන්සිල් වත් හරියට රැකගන්න ලැබෙන්නේ නැ.......
    මුන් ඉලග පොත ගහයි මතු බුදුවන මෛත්‍රී බුදුන්ටත්...... අවාසනාව තමයි ...... ලොක විනාසයක් වෙන එකමයි හොද.
    ..... .
    :yes::yes::yes:
     
    Last edited:

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    එතකොට විසාලාමහ නුවර කොහෙද...?:rolleyes:
    නාලාගිරි හිටියෙ උඩවලවේ ද..?:cool:
    අනේපිඩුසිටානොගේ මන්දිර තිබ්බේ නුවර වෙන්ට ඇ....:P
    එ කියන්නේ සිදුහත් කුමරු උපදින කාලේ තිබ්බ මිථ්‍යා ඇදහිලි,ආගම් එවත් ඔක්කොම ලංකාවේ තියෙන්ඩ අති...:shocked:
    නිගන්ඨයො එකසීයගානට ඉන්ඩ ඇති....:angry::angry:
    එහෙමනම් දේවදත්තත් හිටියේ ලංකාවේ ද....එකනම් වෙන්න පුලුවන් දෙයක්......එ පරපුරේ උන් කොහොමත් ඉන්නවනේ...
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    Ithin budun ipadune lankawe nevei kiyala kohomada kiyanne?? :D

    උබත් එහෙනම් උබේ තාත්තගෙම කියලා ශුවර්ද......අල්ලපුගෙදර එකාගේ වෙන්ඩ බැරිද.... :confused:
     
    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    Me manussayata kaapu deyak waradila wage, monawa hari paagilada danne naa asarana manussaya.... thamunta thamn wath naa kiyala danne nathi kenata oowa thami ithin kiya kiya inna thiyenne....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දැන් ඔය මිත්‍යව ඉහ උඩින් පිලිගන්න උදවිය ඔන තරම් ඉන්නවා,අනේ හැබටම ලංකාවේ බෞද්ධයෝ,නමට බෞද්ධ ලංකාවේ බෞද්ධයෝ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් ඔය මිත්‍යව ඉහ උඩින් පිලිගන්න උදවිය ඔන තරම් ඉන්නවා,අනේ හැබටම ලංකාවේ බෞද්ධයෝ,නමට බෞද්ධ ලංකාවේ බෞද්ධයෝ...
    ඒක ඇත්ත කතාව අපේ ගෙදරටත් පොතක් ගෙනල්ල තිබ්බා. අපේ ගෙදර අය ඒක පිලිඅරගෙන මදිවට මට මිත්‍යාදෘශ්ටිකයා කියලා බනිනවත් එක්ක, ඒයාලා කියනව අපි වන්දනා කම්පැනිවල බේගල්වට අහුවෙලා කියලා,:(:sorry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ඒක ඇත්ත කතාව අපේ ගෙදරටත් පොතක් ගෙනල්ල තිබ්බා. අපේ ගෙදර අය ඒක පිලිඅරගෙන මදිවට මට මිත්‍යාදෘශ්ටිකයා කියලා බනිනවත් එක්ක, ඒයාලා කියනව අපි වන්දනා කම්පැනිවල බේගල්වට අහුවෙලා කියලා,:(:sorry:

    oya poth liyanne, un danne unge matha.. hari dey berala oluwata gaththey nathnam ithin anathai thama.. dan catholic agamata eka eka katha thiyanwa ne.. davinci code, angels and demons balapu kattiyata hitha ganna puluwan ne..

    ane manda.. oya eka eka kiyana ewa wishwasa karanna giyoth wenne wale wal nathi wenna thama..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපේ සහෝදරයෝ මෙතන රණ්ඩු වෙන්න ඕනේ නෑ.ඒවුනාට මෙහෙම දේකුත් තියෙනවා අපේ ඉතිහාසයේ ගොඩක් දේවල් තාම ඔප්පු වෙලා නෑ.උදාහරණයක්‌ විදියට ලංකාවේ ඉතිහාසය පටන් ගත්තා කියන්නේ විජයගෙන්.ඒවුනාට අපි දන්නවා රාවණ රජ්ජුරුවෝ ගැන ලංකාවේ සාක්ෂි තියෙනවා.ඒවගේම ඉන්දියාවේ අදටත් දශරථ උත්සවය කියලා එකක් සමරනවා රාවණ රජතුමාගේ පිළිමයක් ගිනි තියලා.ඉතින් ඒ ඉතිහාසය ගැන අපි දන්නේ නෑ.ඒවගේ සමහර විට මේ කතා වල මොකක් හරි ඇත්තක් තියෙන්නත් පුළුවන්.ඉන්දියාවේ අද බෞද්ධ අය නැති තරම්.එතකොට කාට හරි කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45 ධර්ම දේශනා කරපු රටේ බුද්ධාගම නෑ නමුත් අල්ලපු රටේ තියෙන්නේ කියලා.නමුත් බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් ප්‍රශ්නයක් නෑ.උතුම් ධර්මය පිළිපදින එක තමා අපි හැමදෙනාටම හොඳ.බුදු සරණයි.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    :yes::yes::yes::yes:
     
    දාර්ශනික අදහසක්