බුද්ධාගම විකුණන් කන අලුත්ම බිස්නස් එකක්
බුද්ධාගම විකුණන් කන අලුත්ම බිස්නස් එකක්
බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේලු
අන්කවරදාකටත් වඩා නිර්මල බුදු සසුනේ පැවැත්මට බාහිර සහ අභ්‍යන්තර අභියෝග එල්ල වෙමින් පවතින අවස්ථාවකි මේ. එයිනුත් වඩාත්ම විනාශකාරී වන්නේ බුදු සසුනතුලම ලැග සිටිමින් සසුන කා දමන පිළිලයන්ය. එවැනි මිනිස් වෙසින් සිට සසුන වනසන පිශාචයන් පිළිබදව අපි මීට පෙරද කථා කර ඇත්තෙමු. මේ ඔවුන්ට නොදෙවෙනි තවත් ශාසන භක්ෂක කල්ලියක් ගැනයි.
මොවුන් සමාජගත කරන්නට උත්සහා දරන්නේ මින් පෙර අපි අසා නොතිබුනු අරුම පුදුම හතරබීරි කථාවකි."මීවනපලානේ සිරි ධම්මාලංකාර" නැමති හිමිනමකගේ මනෝ විකාරයක් පාදක කරගනිමින් එක්තරා කල්ලියක් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බවට මතයක් මේ වන විට සමාජගත කරමින් පවතී. බුද්ධ චරිතයට අදාල ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන වල නාමයන් ශ්‍රී ලංකාවේ පැරනි විහාරාරාම වලට ආදේශ කරමින් බුද්ධ දේශනාවද කණපිට හරවා මුලුමහත් බොදු සමාජයම නොමග යවමින් ඔවුන් කරන්නේ බරපතල ශාසනික විකෘතියකි. ඔවුන්ට අනුව බුදුන් වහන්සේ ඉන්දියාවට පය තබාවත් නැත. කිඹුල්වත් නුවර ලෙස හදුන්වන්නේ ලංකාවේ "බඹරගලලු". බුද්ධත්වය ලබා ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේලු. පිරිනිවන් පා ඇත්තේ බලංගොඩ "බුදුගල" විහාරයේදීලු. මේ ආදී වශයෙන් බුදු සමය හා සම්බන්ධ සියලුම වැදගත් සිද්ධස්ථාන ලංකාවේ වනගතව පවතින බෝධීන් වහන්සේලාට හා මඩගොහොරු වලට ආදේශ කර ඇති ආකාරය කණගාටුදායකය. මේ මතයන් තහවුරු කිරීම සදහා ඔවුන් යොදා ගන්නේ කුඩා දරුවකු වුවත් සිනහගස්වන තරමේ අරුම පුදුම අදබාල තර්කයන්ය. මේ පිළිබද වැඩි දුර තොරතුරු ඔවුන්ගේ ප්‍රෝඩාවේ තරම හෙලිදරව් කරන ලද Neth FM බැලුම්ගල වැඩසටහනෙන් දැකගත හැකිය.
http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ
මේ අසද්ධර්ම ව්‍යාපාරයේ ප්රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කරවන්නේ කඩුවෙල ප්‍රදේශයේ ඩී.ඒ. ගුණතිලක නැමති වෛද්‍යවරයකුගේ මූලිකත්වයෙන්ය. මොහු විසින් මුද්‍රනය කරන ලද අත්පත්‍රිකා හා ඉහත කී හිමියන් විසින් ප්‍රබන්ධ කරන ලද "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි" නමින් ලියන ලද පොත් ප්‍රකාශන 30 ක් පමන මේ වන විට රට පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත. තවත් විශේෂම කරුනක් වන්නේ මේ ව්‍යාජ ප්රචාරක ජාලය වටා පෙළ ගැසී සිටින්නේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන්, ගුරුවරුන් වනි උගත් යැයි සම්මත (උගත් මුග්ධයන්)පිරිසකි. සමාජයේ යම් තැනක් හිමිකරගත් වැදගත් පුද්ගලයන් හරහා තම ව්‍යාජ මතය ලෙහෙසියෙන් සමාජගත කර හැකිබව මොවුන් හොදින් වටහාගෙන ඇති බව පෙනේ. මෙහි ඇති බරපතලකම වන්නේ අවබෝධයක් ඇති පිරිස් මේ විසුලු මත එකහෙලා බැහැර කලද ධර්මය ගැන එතරම් අවබෝධයක් නැති බොහෝ පිරිස් මේ පට්ටපල් බේගල් වලට රැවටී ලෙහෙසියෙන් නොමග යෑමයි. අද මෙ වැනි ව්‍යාජ මතවාද ඇතුලත් පොත් පත් පළවීම සුළු කොට තැකිය යුතු නො වන්නේ තව පරපුරු කීපයක් ඉදිරිය ට ගිය විට ඔවුන්ට මේ පොත් පැරණි පොත් ලෙස පිළිගන්න ට සිදුවීම නිසා බුදු උපත ගැන මත බිඳුම් ඇති වී නොයෙක් ගැටලු මතුවීම ට ඉඩ ඇති හෙයිනි. විශේෂයෙන් වගකිවයුතු මාධ්‍යයන් පවා මේ වගකීමෙන් නිදහස් ව එක එක මත එක එක උදවිය ට ප්‍රකාශ කිරීම ට ඉඩදීම තුළින් නොබෝ දිනක ම බුදුවරයෙක් ලොව පහල වුයේ නැත යි ද පළවනු නො අනුමාන ය.
එසේ හෙයින් මිතුරනි. සමාජයත් අනාගත පරපුරත් නොමග යවා අදුරු අගාධයකට ඇද දමන මේ වැනි දුර්මත දුටු තැන හෙළා දකින්න. අනවබෝධය නිසා මේ වැනි දුර්මාතවාද පසුපස ගොස් අමාරුවේ වැටෙන ඔබේ මිතුරන් එයින් මුදවාගන්න. කළ්‍යාණමිත්‍රයකු වශයෙන් ඔබේ වගකීම එයයි. —

wena agam wala ewun thamai me katha hadanne.