බුද්ධික මන්ත්‍රීගේ ශත 50

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
බුද්ධික මන්ත්‍රීගේ ශත 50

දක්ෂිණ අධිවේගී මාර්ගයට තම ඉඩම පවරාගැනීම වෙනුවෙන් වන්දි ලෙස තමාට ලැබුණේ ශත 50 ක මුදලක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී. බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ වුවද තක්සේරු දෙපාර්තමේන්තුව මෙහිදී කිසිදු වරදක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් සිදුකරමිනි.

අදාළ ඉඩමේ විශාලත්වය දිගින් අඩි 10ක්ද, පළලින් අඩි 09ක්ද වන බවත්, එම ඉඩම් කැබැල්ලට බුද්ධික පතිරණ මහතා ඇතුළු 22 දෙනෙකු හිමිකම් කියන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව පතිරණ මහතාට අයත්ව තිබූ පර්චස් 0.0013 ක ඉඩම් කොටසට හිමිව තිබූ වන්දි මුදල ශත 50 ක් බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙකී මුදල පතිරණ මන්ත්‍රීවරයාට ලබාදුන්නේ වෙළෙඳ පොළ වටිනාකමට අනුව බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩි 10 යි අඩි නවයක් පලල කෑල්ලේ වටිනාකම රු 11 ද එතකොට ‍මාර තක්සේරුවක්නේ බන් ඔය ගානට ඉඩම් තියෙනවා නම් මොනා කරන්න බැරිද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අඩි 10 යි අඩි නවයක් පලල කෑල්ලේ වටිනාකම රු 11 ද එතකොට ‍මාර තක්සේරුවක්නේ බන් ඔය ගානට ඉඩම් තියෙනවා නම් මොනා කරන්න බැරිද?

    perch .0013 Rs. 0.5 nam 1 perch $384.62

    10' x 9' = 90 sqft
    272.25 sqft = 1 perch

    90 sqft kianne 0.331 perches

    0.331 perch mulu idamatama gana Rs 127.15