බුද්ධිමතුන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන අද එක එක නාලිකා හොරා ගෙන
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්





    hqdefault.jpg




    බුද්ධිමතුන් බිහි කරන දවසේ හොඳම පැය තුන තමයි සවස 6, 7, 8 කියන්නේ. අද ඒක එක එක චැනල් හොරා අරගෙන. අම්මලා හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් ටෙලිනාට්‍ය බලනවා. අරක බැලුවොත් සල්ලි මේක බැලුවොත් සල්ලි කියලා කවුරු හරි ඇවිත් කීයක්‌ හරි දෙනකල් බලා ඉන්නවා. මේවා අත්හැරලා අම්මලා දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න ඕනෑ. අද සමාජයේ පොඩි මිනිස්‌සුන්ගේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම දේ අධ්‍යාපනය පමණ යෑයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පැවසීය.

    සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් වෙනුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ මාර / කළුබෝවිටියන මහ විදුහලේ පැවැති ආකල්ප සංවර්ධන වැඩ සටහනකට සහභාගී වෙමින් එසේ පැවසූ ඒ මහතා මෙසේද කීය.

    පහේ ශිෂ්‍යත්වයෙන් දරුවා ගොඩදාන්න දෙමාපියන් නැහුණත් ඒකෙන් සමත් වෙන දරුවා ඊළඟ විභාගෙන් පසුබානවා. අද රටේ ඉහළ තැන්වල ඉන්න සාර්ථක අය ශිෂ්‍යත්ව විභාගය ෆේල් වුණ අය. මමත් අද මේ තත්ත්වයෙන් ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයට එදා මම මැරුණේ නැති නිසයි. විභාගය කියන්නේ දක්‍ෂතාවය මනින එකක්‌ නෙමෙයි. දරුවෙකුට ගහ ගහා උගන්වලා වැඩක්‌ නෑ, දරුවාට යහ ගුණය කියන එකත් උගන්වන්න ඕනෑ. දරුවාට අධ්‍යාපනයේ වටිනාකම කියලා දෙන්න ඕනෑ.

    අද වැඩිපුර ඉගෙන ගන්නේ දූවරු. කොල්ලෝ ඉගෙන ගන්නේ නෑ. අද හුඟක්‌ ආයතනවල ඉන්නේ කාන්තාවන්. සමහර පාසල් තිබෙනවා ඒවායේ පිරිමියෙකුට ඉන්නේ ප්‍රින්සිපල් විතරයි. අද නීතිඥවරුන්ගෙන් 75% ක්‌ කාන්තාවන්. නඩු අහන්නේ 20% ක්‌ කාන්තාවන්. ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් 70% ක්‌ කාන්තාවන්. මේ ළඟදී ග්‍රාම නිලධාරී පත්වීම් දුන්නා. එතනත් 75% කට වැඩිය කාන්තාවන්. මේ විදියට ගියොත් ඉදිරියේදී පිරිමියා ගෘහ අමූලිකයා වෙනවා. ඒ නිසා පුතාලව අධ්‍යාපනයෙන් ඉහළට ගේන්න දෙමාපියන් උනන්දු වෙන්න ඕනෑ.

    අද සමාජයේ කාන්තාව ප්‍රබලයි. ඒ වගේම මෝඩයි. ඒ නිසා ප්‍රශ්න වැඩියි. සමාජයේ රැකියා අවස්‌ථාවල පුතාලගේ ප්‍රමාණය වැඩි කරන්න ඕනෑ. පුතාලට අධ්‍යාපනයේ වටිනාකම කියලා දීලා ඔවුන් වහාම ඉගෙනීමට යොමු කරන්න ඕනෑ. අම්මලා රූපවාහිනිය බලන එක නවත්තලා ඒ වෙලාවේ දරුවොත් එක්‌ක පාඩම් වැඩ කරන්න. මෙම ආකල්ප සංවර්ධන වැඩසටහනට සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් දහසකට අධික පිරිසක්‌ සහභාගී විය.





    source:divaina





    ඉස්සර ගොඩක් වැදගත් ප්‍රෝග්‍රෑම් ඔය වෙලාවේ ගියේ..අද කාලේ ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම් ගියත් පොඩි කොල්ලෝ කෙල්ලෝ බලන්නේ 16+ නේ..:rofl:
     
    • Like
    Reactions: sandun36