බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය ISIS

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය ISIS

    සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියා ලෙස සදහන් වන ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තාගේ මස්සිනා බව කියන තාජුඩීන් තස්කීර් අහම්ඩ් නමැත්තා මේ වනතුරුත් ISIS ත්‍රස්තවාදීන් සමග ක්‍රියාකාරීව සිටින අතර ත්‍රස්තයන් සමග සිටින ඡායාරූපයක් ජූලි මස 8 වනදා (Abu Dhujaana Seylani) නමින් පවතින ෆේස්බුක් ගිණුමේ ඵලකර ඇත.
    තම සොයුරියගේ සැමියා වන, ගලේවෙල පදිංචිව සිටි ෂෆ්රාස් මුෂීන් නමැත්තා සිරියාවේදී මියගිය බවට මුල්වර හෙළිකර තිබුණේද තාජුඩීන් තස්කීර් අහමඩ් හෙවත් අබු දුජානා සෙයිලානි නමින් හැදින්වෙන මෙම පුද්ගලයායි.
    මීට පෙරද මෙම පුද්ගලයා ගැන මාධ්‍ය වාර්තා පලවී තිබුණු අතර ඉන් අනතුරුව ඔහු විසින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් අක්‍රීයකර තිබිණි. නැවත වරක් ඔහු ෆේස්බුක් හරහා සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ISIS ත්‍රස්තයන් සමග සිටින ඡායාරූපයක් නිකුත් කර ඇත්තේ මුල්වරටයි.

    Abu-dujana-seilani.jpg

    තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) සිරියාවේදි අයි එස් ත්‍රස්තයන් සමග – මෙම ඡායාරූපය ජූලි 8 වනදා නිකුත් කර තිබිණි

    අයි එස් ත්‍රස්තයන් සිය මතවාද ප්‍රචලිත කිරීම සහ සාමාජිකයන් එකතු කිරීම සදහා සමාජ ජාලා බහුලවම භාවිත කරන අතර පසුගිය අවස්ථාව කිහිපයකදී ඉන්දීය බුද්ධිඅංශ හෙළිකරගත් ඉන්දියානු අයි එස් සාමාජිකයන්ද ඔවුන් හා සම්බන්ධ වී තිබුණේ සමාජ ජාල හරහාය. අබු සෙයිලානිගේ ගිණුම හරහාද බොහෝ මුස්ලිම් පිරිසක් සම්බන්ධ වී සිටන බවට නිරීක්ෂණය වී ඇත.

    ඉස්ලාමීය අන්තවාදය පිළිබදව ශ්‍රී ලංකා රජය සහ බුද්ධි අංශ තවමත් මර නින්දේ පසුවුවද මෙරට තුළ ISIS සාමාජිකයන් බදවා ගැනීම් සිදුවන බවට සහ ඉස්ලාමීය අන්තවාදය බරපතල ලෙස හිස ඔසවන බවට විදේශීය බුද්ධි සේවා මගින් අනාවරණය කර තිබිණි. පසුගියදා සිදුවූ බංග්ලාදේශ ප්‍රහාරයෙන් පසු අයි එස් ත්‍රස්තයන් ගැන රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවට ප්‍රකාශ කළද මෙරට ISIS ක්‍රියාකාරකම් විමර්ශණය කිරීම සදහා බාර දී ඇත්තේ ද ඉස්ලාම් භක්තික බුද්ධි අංශ ප්‍රධානියෙකුට බව අභ්‍යන්තර තොරතුරු මාර්ග වලින් අප වෙත වාර්තා වී තිබේ.

    thajudeen-taskir-300x271.jpg

    තජුඩීන් තස්කිර් අහමඩ් – ඡායාරූපය රිවිර
    ලංකාවේ සලාෆි ආගමික පුහුණුව ලබා අයි එස් ත්‍රස්තයන්ට එකතු වූ කේරළ යුවලක් පිළිදව ඉන්දීය බුද්ධි අංශ පසුගිය සතියේ හෙළිදරව් කර තිබිණ. එහෙමත් මෙරට පොලීසිය, බුද්ධි අංශ ඒ පිළිබදව අගක් මුලක් දැන සිටියේ නැත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ඊයේ ප්‍රකාශ කරේ මෙරට අයි එස් ත්‍රස්තයන් පිළිබදව තමන්ට වාර්තා වී නොමැති බවයි. නීතිය හා සාමය පිළිබද ඇමතිවරයාද ඉකුත් දා පාර්ලිමේන්තුවේදී එවැනිම ප්‍රකාශක් කර තිබිණි. විදේශීය බුද්ධි අංශ මෙරට ISIS ක්‍රියාකාරකම් පිළිබදව හෙළිකරද්දීත්, ශ්‍රී ලංකාවේ සිරියාවට ගිය මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තන් සමග සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරද්දීත් ශ්‍රී ලංකා රජය සහ, ආරක්ෂක අංශ ඒ පිළිබදව අගක් මුළක් නොදැන සිටීම ගැන දැන් පුදුම් වන්නට දෙයක් නැත. ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ඉස්ලාමීය ත්‍රස්තයන් මර්ධනය කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අසමිනි!

    ලංකාවට මොනවද බන් මේ වෙන්නෙ?යාපනෙ කැම්පස් එකේ සිංහල කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔලු පැලෙන්න ගහලලු නේද.සහජීවනේ මාරයි බන්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුදුම වෙන්න දෙයක් නෑනේ බන් කට්ටිය ඉල්ලපු වෙනස තමයි ඔය.:lol::lol:

    cZU2gw6.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Amboo bump yakow
    :sorry:
    පුදුම වෙන්න දෙයක් නෑනේ බන් කට්ටිය ඉල්ලපු වෙනස තමයි ඔය.:lol::lol:

    cZU2gw6.jpg
    තවත් යහපාලනේ හොඳයි කියන කුහකයො බන් ඉන්නෙ.:angry:මෙහෙම මේ රට බල්ලට ගියොත් අනාගතයක් නෑ බන්.මොනවයින් මොනවා වෙයිද කියන ප්‍රශ්නෙ තමයි දැන් තියෙන්නෙ:eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :sorry:

    තවත් යහපාලනේ හොඳයි කියන කුහකයො බන් ඉන්නෙ.:angry:මෙහෙම මේ රට බල්ලට ගියොත් අනාගතයක් නෑ බන්.මොනවයින් මොනවා වෙයිද කියන ප්‍රශ්නෙ තමයි දැන් තියෙන්නෙ:eek:

    බුද්ධි අංශ ගැන කතා කරන්න දෙයක් නෑ බන්... පොනිල්ගේ කලින් ආණ්ඩුව දිගුදුර විහිදුම් බලකායට කරපු දේ මතක නේ.දැනටමත් ඕන හම්බයෙකුට මෙහෙට ඇවිත් ගේමක් දී ආපහු යන්න තරම් තත්ත්වයක් හදලා ඇති.

    යුද්ධේ නැත්නම් හමුදාවක් මොකටද කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේ.යුද්ධේ නැත්නම් අවි ගබඩා මොකටද කියපු උන් නේ දැන් රට පාලනය කරන්නේ.

    යුද්ධයක් නෑ,හමුදා මොකටද,බුද්ධි අංශ මොකටද,අවි ගබඩා මොකටද :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බුද්ධි අංශ ගැන කතා කරන්න දෙයක් නෑ බන්... පොනිල්ගේ කලින් ආණ්ඩුව දිගුදුර විහිදුම් බලකායට කරපු දේ මතක නේ.දැනටමත් ඕන හම්බයෙකුට මෙහෙට ඇවිත් ගේමක් දී ආපහු යන්න තරම් තත්ත්වයක් හදලා ඇති.

    යුද්ධේ නැත්නම් හමුදාවක් මොකටද කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේ.යුද්ධේ නැත්නම් අවි ගබඩා මොකටද කියපු උන් නේ දැන් රට පාලනය කරන්නේ.

    යුද්ධයක් නෑ,හමුදා මොකටද,බුද්ධි අංශ මොකටද,අවි ගබඩා මොකටද :rofl:
    :sorry::sorry:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    බුද්ධි අංශ ගැන කතා කරන්න දෙයක් නෑ බන්... පොනිල්ගේ කලින් ආණ්ඩුව දිගුදුර විහිදුම් බලකායට කරපු දේ මතක නේ.දැනටමත් ඕන හම්බයෙකුට මෙහෙට ඇවිත් ගේමක් දී ආපහු යන්න තරම් තත්ත්වයක් හදලා ඇති.

    යුද්ධේ නැත්නම් හමුදාවක් මොකටද කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේ.යුද්ධේ නැත්නම් අවි ගබඩා මොකටද කියපු උන් නේ දැන් රට පාලනය කරන්නේ.

    යුද්ධයක් නෑ,හමුදා මොකටද,බුද්ධි අංශ මොකටද,අවි ගබඩා මොකටද :rofl:

    Sirawata bang.. :sorry::angry::angry::angry::angry::angry::angry::sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිංහලයෝ කවදාවත් යුද්දෙකින් පරද්දන්න බැහැ. රැවටිමකින් මිසක්. ලංකාවේ මොනවා හරි උනොත් තමන්ගේ අතින් බෙල්ල කපා ගත්තා වගේ වැඩක් වෙන්නේ කරන උන්ට.(හැබැයි ඉතින් සින්න පොරා ඉන්න කාලෙක නම් විශ්වාස නැහැ.). ඒත් මිනිස්සු නිකම් ඉන්න එකක් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සිංහලයෝ කවදාවත් යුද්දෙකින් පරද්දන්න බැහැ. රැවටිමකින් මිසක්. ලංකාවේ මොනවා හරි උනොත් තමන්ගේ අතින් බෙල්ල කපා ගත්තා වගේ වැඩක් වෙන්නේ කරන උන්ට.(හැබැයි ඉතින් සින්න පොරා ඉන්න කාලෙක නම් විශ්වාස නැහැ.). ඒත් මිනිස්සු නිකම් ඉන්න එකක් නැහැ.

    සිංහලු යුද්දෙකින් පරද්දන්න බැරි නිසා තමයි හම්බයෝයි කොටියි ඔක්කොම යටින් ගේම දෙන්නේ.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    කොටි බෝම්බ පුපුරවන කාලේ උබලට මතකද ?
    ත්‍රස්තවාදය දරුණුවට තියෙන කාලේ සිංහල අපි සහ දමිළ ජනයාගේ සහෝදරත්වය ගැන ගීත ලිවුවා, නාට්‍ය පෙන්නුවා, ටෙලිනාට්‍ය පෙන්නුවා, චිත්‍රපටි පෙන්නුවා. මේවා බැලුවේ කොටි නෙවෙයි සිංහල අපිම තමයි.
    කොටි දිගට හරහට අපිට ගැහුවා - සිංහල දේශපාලකයෝ ආගමික නායකයෝ මරාදැම්මා දේපල විනාශ කලා.

    දැන් සහජීවනය ගැන ලොකුවට කතා කරනවා නමුත් මුස්ලිම් එවුන් අපේ පන්සල් වලට ගහනවා හාමුදුරු කෙනෙක්ට කට අරින්න දෙන්නේ නැහැ සහජීවනේට බාධා වෙන නිසා කියල අත් අඩංගුවට ගන්නවා. දැන් යාපනේ එවුන් අපේ සිංහල අපිට ගහනවා. සහජීවනේට බාධා වෙන නිසා මධ්‍යයෙන් ඒවා වහනවා. මොකක්ද බන් අපේ රටට වෙලා තියෙන මේ හෙනේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිංහලු යුද්දෙකින් පරද්දන්න බැරි නිසා තමයි හම්බයෝයි කොටියි ඔක්කොම යටින් ගේම දෙන්නේ.

    මොනවා කරන්නද? :(:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොටි බෝම්බ පුපුරවන කාලේ උබලට මතකද ?
    ත්‍රස්තවාදය දරුණුවට තියෙන කාලේ සිංහල අපි සහ දමිළ ජනයාගේ සහෝදරත්වය ගැන ගීත ලිවුවා, නාට්‍ය පෙන්නුවා, ටෙලිනාට්‍ය පෙන්නුවා, චිත්‍රපටි පෙන්නුවා. මේවා බැලුවේ කොටි නෙවෙයි සිංහල අපිම තමයි.
    කොටි දිගට හරහට අපිට ගැහුවා - සිංහල දේශපාලකයෝ ආගමික නායකයෝ මරාදැම්මා දේපල විනාශ කලා.

    දැන් සහජීවනය ගැන ලොකුවට කතා කරනවා නමුත් මුස්ලිම් එවුන් අපේ පන්සල් වලට ගහනවා හාමුදුරු කෙනෙක්ට කට අරින්න දෙන්නේ නැහැ සහජීවනේට බාධා වෙන නිසා කියල අත් අඩංගුවට ගන්නවා. දැන් යාපනේ එවුන් අපේ සිංහල අපිට ගහනවා. සහජීවනේට බාධා වෙන නිසා මධ්‍යයෙන් ඒවා වහනවා. මොකක්ද බන් අපේ රටට වෙලා තියෙන මේ හෙනේ.

    නිවට නායකයෝ ඉන්නැද්දි ඔහොම තමයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අතීතයේ ගෙදරක හිටියා රන් බිත්තර දාන කිකිළියක්.ඒ කිකිළි දවසකට බිත්තරයක් දානවා.ඒ බිත්තරේ විකුණලා තමයි ඒ ගෙදර අය ජීවත් වුණේ.

    නමුත් එක දවසක් ඒ ගෙදර අය කල්පනා කළා කිකිළි මැරුවොත් රන් බිත්තර ගොඩක් එකපාර ගන්න පුළුවන් කියලා. කිකිළි මරලා බිත්තර ටික අරන් ඉක්මණින් දියුණු වෙන්න. එහෙම හිතලා කිකිළි මැරුවා.අන්න ඒ වගේ වැඩක් තමයි ජනවාරි 08 වෙනිදා අපිට වුණේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රනිල්/සිරා කාලේ... ලංකාවේ බුද්දි අංශ වලට වඩා එළකිරි අපේ එවුන් දැනුවත් ලංකාවේ ISIS ගැන.... :no: :(