බුද්ධි_වික්‍රම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    බුද්ධි_වික්‍රම

    හැත්තෑව දශකයේ රංගන ශිල්පියෙකු වශයෙන් ඉහළ නමක්‌ දිනා ගෙන සිටි බුද්ධි වික්‍රම, එකල 'කලාපෙළ' හවුලේ කැපී පෙණුනු චරිතයකි. එමෙන්ම, 60 දශකයේ වේදිකා සහ චිත්‍රපට යන ක්‍ෂේත්‍රවල කලා නිර්මාණ රැසකට දායක වූ රංගන ශිල්පියෙකි. ගංගොඩවිල, සෝරත මාර්ගය අසල පිහිටි මේ සොඳුරු කලාකරුවාගේ නිවසට ගොඩ වූයේ, මේවන විට ඔහු නිහඩතාව ගැන සොයා බැලීමටය.

    buddi1.jpg
    buddi2.jpg


    බුද්ධි, ගෙන්දගම් පොළවේ ප්‍රසිද්ධ වේදිකාවට පා තැබූ පළමු වේදිකා නාට්‍යය ලෙස සැලැකෙන්නේ, 1962 වර්ෂයේ අයිරාංගනි සේරසිංහ අධ්‍යක්‍ෂණය කළ 'මගුල් මතේ ' නාට්‍යය යි. එහි බුද්ධි සමඟ ටෝනි රණසිංහ සහ මොනිකා වීරසිංහ (ලියෝනිගේ නැඟෙණිය) රඟ පෑහ. ෙ-.ඩී.එල්. නිෂ්පාදනය කළ, සුනේත්‍රා සරච්චන්ද්‍ර සමඟ රඟ පෑ 'පරස්‌තාව' සහ 'අන්දරේ' යන නාට්‍ය වල ද, බුද්ධි රංඟනයෙන් දායක විය. ඔහු තමන්ගේ හඬ අවදිකළේ එලෙසිනි.

    බුද්ධි මොකද මේ දිනවල පේන්නේ නැත්තේ? මේ බලන්න මගේ පපුව. මෙතනින් පලලා 'ඕපන්හාට්‌ සර්ජරියක්‌ ' කරලා, රෙපයාර් කරපු කාබියුලේටරයක්‌ තමයි මගේ පපුව ඇතුළේ දැන් දුවන්නේ. මගේ හදවතේ නහර ගැටගහපු කම්බි මට ඇලජික්‌ වෙලා. ඒ කම්බි අරන් දාන්න ආයිමත් ඔපරේෂන් එකක්‌ කරන්න වෙයි ලු. එහෙම ඇලජික්‌ වෙන්නේ ලක්‍ෂයකින් එක්‌ කෙනෙකුට ලු. මේ ලෙඩේ මුහුණට ගිය කෙනාගේ මුහුණේ Expressions නැහැයි ලු. මේ රෝගයට කියන්නේ 'පාකින්සන්' කියලා. ඒ වුණාට දෙයියන්ගේ පිහිටෙන් මගේ මුහුණේ Expressions තියෙනවා. ඉතින් මට පුළුවන් ද? තවදුරටත් මේ වේදනාව ඉවසගෙන, ආයෙමත් ඔපරේෂන් එහෙකට මුහුණ දෙන්න. මැරුණට කමක්‌ නැහැයි කියල, මම දොස්‌තරට කිව්වා. මගේ වසය දැන් අවුරුදු 77 යි. ඔයි මදැයි ජීවත්වෙලා හිටියා.

    මේ අසනීපය තියා ගෙන ආයිමත් චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල රඟපාන්න බුද්ධිට පුළුවන්ද? මොකද මට බැරි. පුළුවන් උදේනී, පුළුවන්. ළඟක දී මම රඟපෑවා අයිටීඑන් නාලිකාවේ පෝය ටෙලියක. ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. හැබැයි මේ වගේ මැහුම් පාරවල් පපුවේ තියා ගෙන, මට බෙයා බොඩි නම් රඟපාන්න බැහැ.

    රූපවාහිනියේ ටෙලිනාට්‍ය විකාශය වෙනවා දැක්‌කම මට හරි දුකයි, ඇයි මම ඒ වායේ නැත්තේ? කියලා. මට ඒක දැනෙනවා. මැරෙන්න කලින් චිත්‍රපටයක නැත්නම් ටෙලියක රඟපෑමේ උණක්‌ මට දැනිලා තියෙනවා. ඒත් කවුරුවත් මට කථා කරන්නේ නැහැ. එදා අපෙන් වැඩ ගන්න නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂකවරු හිටියා. දැන් ඒ මහත්තුරු ෆීල්ඩ් එකේ ඇත්තේ නැහැ. දැන් ෆීල්ඩ් එකේ ඉන්න අය බුද්ධි කියන්නේ කවුද? කියා ඇහුවාම ඒ අය දන්නේ නැහැ.

    කලාපෙළ 1962 දී නිෂ්පාදනය කළ ම`ගුල් මතේ හැරුණා ම, අන්දරේ සහ කාමරේ පොරේ (දයානන්ද ගුණවර්ධන) ජනේලය සහ මනරංජන වැඩවර්ජන (හෙන්රි ජයසේන), කොන්තරේ සහ ශ්‍රී වික්‍රම (ප්‍රේමරංජිත් තිලකරත්න), හොබරි යුද්දේ සහ අපායේ අවුරුදු (සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ), යන වේදිකා නාට්‍යවල බුද්ධි රඟපා ඇත. අවසන් වරට රඟපෑවේ ආර්. ආර්. සමරකෝන්ගේ 'දූවිලි' නාට්‍යයේ.

    1964 වර්ෂයේ පළමුවරට ෙ-.ඩී.එල් ගේ 'සාමා' චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව 'දහසක්‌ සිතුවිලි', හාරලක්‍ෂයේ මංකොල්ලය, වැලිකතර, රෝමියෝ ජුලියට්‌, වණ බඹරෝ, ස්‌වාමී භක්‌ති, අම්මේ ඔබ නිසා, අන්තිම රෑ, දැහැන යන චිත්‍රපට 12 ක පමණ සංඛ්‍යාවක බුද්ධි රඟ පා ඇත. මීට අමතරව, Village by the Sea (BBC), Good Marriage (French), The Greatest Gift (Italy), Water (Canada) යන විදේශීය චිත්‍රපට හතරකට ඔහු රංඟනයෙන් දායක වෙලා.

    1998 'පරස්‌තාව' ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පසුව, දූ දරුවෝ, නෑදෑයෝ, තාරාදේවී, පළිගු මැණිකේ, අඹ යාළුවෝ, පිටගංකාරයෝ, සඳගල තැන්න, භවතරණ , සුසීමා ආදී ටෙලි නාට්‍ය 39 ක ඔහු රඟපා ඇත. අවසන් වරට එනම්, 2012 දී රඟපෑ ටෙලි නාට්‍ය 'භවතරණ' යයි. අවසන් වරට රඟපෑ විදේශීය චිත්‍රපටය, දීපා මෙත්තා අධ්‍යක්‍ෂණය කළ Water චිත්‍රපටය යි.

    මම ටවර් රඟහලේ ශ්‍රී වික්‍රම නාට්‍යයේ පිළිමතලාවේ නිලමෙගේ චරිතය රඟ පෑවා. කලාකරුවන් වශයෙන් අපි කලාවට කළ සේවය වෙනුවෙන් ජීවිතයේ සැඳෑසමයේ සිටින අප ගැන, රජය හෝ විශේෂයෙන් ටවර් හෝල් පදනමවත් සොයා නොබැලීම කනගාටුවට කරුණක්‌. මගේ විශ්‍රාම වැටුප, සහ මගේ දරුවා නොසිටින්න මෙලහකටත් මම කොහේද කියල මමවත් දන්නේ නැහැ.

    සැළසුම් ශිල්පියෙකු වශයෙන් රාජකාරියේ යෙදී සිටි සර්වේ ජනරල් කාර්යාලයේ එවක බුද්ධිත් සමඟ සිටි අය අතර, ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, මර්වින් ජයතුංග, ෂෙල්ටන් ද සිල්වා වැනි කලා කෙතේ ජය කෙහෙළි නැංවූ දැවැන්තයින්ද වූහ.

    බුද්ධි සිය සැඳෑ සමය ගෙවන්නේ, බිරිඳ අයිරාංගනී එකම දියණිය, කුෂ්ලාන් සහ එකම මුණුබුරා වන නවීන් සමඟ සිය කැදැල්ලේ ය.

    උදේනි චන්ද්‍රසිරි



     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ නිතරම ටී.වී එකේ දැක්ක නලුවෙක්... මම මේ ලඟදිත් අඹයාලුවෝ බලනකොට කල්පනා කරා මේ අයට මොකක් වෙලාද කියලා... :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඒ කාලේ නිතරම ටී.වී එකේ දැක්ක නලුවෙක්... මම මේ ලඟදිත් අඹයාලුවෝ බලනකොට කල්පනා කරා මේ අයට මොකක් වෙලාද කියලා... :(

    :(:yes:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඒ කාලේ නිතරම ටී.වී එකේ දැක්ක නලුවෙක්... මම මේ ලඟදිත් අඹයාලුවෝ බලනකොට කල්පනා කරා මේ අයට මොකක් වෙලාද කියලා... :(

    :yes: