බුද්ධ කාලීන කතාවක්...

Jun 19, 2013
437
104
0
බුද්ධ කාලීන කතාවක්...

attachment.php



මොකෙක් හරි ඇටයෙකුට මම දාපු මොකකට හරි රිදිලා, ඌට කරගන්න ඕන දේ PM එකක් විදියට මට එවල... දාපු එකාට PM එකක් නොදා මෙහෙම දැම්මේ, අපේ අනිත් එළකිරි සාමාජිකයන්ටත් මෙහෙම වෙනවා ඇති මගේ හිතේ... එත් බුද්ධ කාලීන කතාවක් මතක් උන නිසා තමයි මෙහෙම දැම්මේ. කතාව හරියට මතක නෑ. මතක විදියට කියන්නම් එත් අර්ථය මේ තුල තියෙනවා... බුදුරජාණන් වහන්සේ කාගේ හරි සිටුවරයෙකුගේ නිවසට වැඩියම, ගෙදර ඉන්න සිටුතුමා උන් වහන්සේට අමු තිත්ත කුණු හරුප කියල බැනල තියෙනවා. ඒ සියල්ල හොඳින් අසාගෙන සිටි බුදුන් වහන්සේ සිටුතුම අමතා මෙසේ කී සේක...
" සිටු තුමනි, ඔබ තුමාගේ නිවසට නැදහිතවතුන් පැමිණෙනවාද..."
" ඔව් පැමිණෙනවා"(මේක තදින් හරි කේන්තියෙන් හරි කියන්න ඇති.)
" ඒ අයට සංග්‍රහ කරනවාද"
" ඔව් කරනවා"
" ඒ අය සංග්‍රහ භුක්ති වින්දේ නැතිනම් , එම ආහාර වලට කුමක්ද කරන්නේ...?"
" ඒ ආහාර අපි කනවා"
" මෙතෙක් වෙලා ඔබතුමා මට සංග්‍රහ කරපු කිසිවක් මට එපා, ඉන් එකක්වත් මම භුක්ති වින්දේ නෑ. ඒවා ඔබතුමාම භුක්ති විඳින්න...."

 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    52.3 KB · Views: 117