බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්‍රිකාවේ වානර යුගයේ නොමැතිව කොම්පියුටර් ෆෝන් යුගයේ ඉපදී තර්ක කරමින් සංසාරේ නැවත ඉපදී තවත් පරිප්පු කමු.
    සංසාරය කියන්නෙ හින්දු සංකල්පයක්
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පරණ සෙට් එක ගිහින්.. අලුත් ප්ලෙයර්ස්ලා සෙට් එකක් ඇවිත්..😂

    tenor (4).gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුහාමුදුරුවො ජීවමානව හිටිය කාලෙ කවුරුවත් තර්ක කළේ නැතේ
    3යි තියෙන්නෙ.

    සංසාරයක්,දෙවියන් මැව්ව ඊට පස්සෙ ස්වර්ගයක්,පෙර හෝ නැවත ඉපදීමක් නැත මේ ජිවිතෙන් ඔක්කොම ඉවරයි.

    තර්කාණුකූලව හිතල බැලුවම ඔය තුනෙන් බුද්දාගම සත්‍යයට බරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3යි තියෙන්නෙ.

    සංසාරයක්,දෙවියන් මැව්ව ඊට පස්සෙ ස්වර්ගයක්,පෙර හෝ නැවත ඉපදීමක් නැත මේ ජිවිතෙන් ඔක්කොම ඉවරයි.

    තර්කාණුකූලව හිතල බැලුවම ඔය තුනෙන් බුද්දාගම සත්‍යයට බරයි.
    තර්කානුකූලව බැලුවම මරණින් මතු පුනර්xx තියෙන්න විදිහක් නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංසාරය කියන්නෙ හින්දු සංකල්පයක්
    ඔව් මුල ඒක නිසා එහෙම හිතන්ඩත් පුලුවන්..බුදුහාමුදුරුවො තනියෙන් ධර්මය අවබෝධ කරගත්තට මුල් ගුරුවරුන්ගෙන් "නිවන" කියන එක හැර අනිත් බොහෝ දේවල් ලැබෙන්ඩ ඇති..අනික බුදු කෙනෙක් කල්ප ගානකින් පහල වෙන කාලෙ ඒ අවට සමාජය,මිනිස්සු ඒ අනුව දියුණු වෙලා ඉන්ඩ පුලුවන් කියලත් හිතන්ඩ හැකියි..සිදුහත් කුමාරය කාලෙත් භාවනා කරල බ්‍රග්ම තලවල ඉපදිච්ච අය හිටිය කියනවනෙ.

    @topkollek

    එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සැප දුක්,දුප්පත් සල්ලි තියෙන විදියට ඉපදෙන්නෙ Random සිස්ටම් එකකට කියල හිතන එක උබේ වැඩක්/විශ්වාසය.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Hoda thread ekak.
    wali daganne nathuwa digatama thread eka adenawanam hodai.

    ඔව් මුල ඒක නිසා එහෙම හිතන්ඩත් පුලුවන්..බුදුහාමුදුරුවො තනියෙන් ධර්මය අවබෝධ කරගත්තට මුල් ගුරුවරුන්ගෙන් "නිවන" කියන එක හැර අනිත් බොහෝ දේවල් ලැබෙන්ඩ ඇති..අනික බුදු කෙනෙක් කල්ප ගානකින් පහල වෙන කාලෙ ඒ අවට සමාජය,මිනිස්සු ඒ අනුව දියුණු වෙලා ඉන්ඩ පුලුවන් කියලත් හිතන්ඩ හැකියි..සිදුහත් කුමාරය කාලෙත් භාවනා කරල බ්‍රග්ම තලවල ඉපදිච්ච අය හිටිය කියනවනෙ.

    @topkollek

    එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සැප දුක්,දුප්පත් සල්ලි තියෙන විදියට ඉපදෙන්නෙ Random සිස්ටම් එකකට කියල හිතන එක උබේ වැඩක්/විශ්වාසය.

    ඕකට මෙහෙම තර්කයක් තියෙනවා .
    ශාක වලට පිං පව් අදාල වෙන්නේ නැහැනේ .
    එත් සමහර ගස් වලට ලෙඩ බෝවෙනවා .
    සමහර පොල් ගස් එහෙම තියෙනවා ඇදවෙච්ච, විකුර්තිවෙච්ච.
    මිනිස්සුන්ගේ දුක සැප තීරණය වෙන්නේ කර්මය අනුවනම්
    කර්මය බලනොපාන ගස් වලට එහෙම වෙන්නේ ඇයි.
    එතොකොට දෙකටම සසම්භාවී අවකාශයේ සිදුවන අසම්භාවී සිදුවීම් කියන්න බැරිද?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මුල ඒක නිසා එහෙම හිතන්ඩත් පුලුවන්..බුදුහාමුදුරුවො තනියෙන් ධර්මය අවබෝධ කරගත්තට මුල් ගුරුවරුන්ගෙන් "නිවන" කියන එක හැර අනිත් බොහෝ දේවල් ලැබෙන්ඩ ඇති..අනික බුදු කෙනෙක් කල්ප ගානකින් පහල වෙන කාලෙ ඒ අවට සමාජය,මිනිස්සු ඒ අනුව දියුණු වෙලා ඉන්ඩ පුලුවන් කියලත් හිතන්ඩ හැකියි..සිදුහත් කුමාරය කාලෙත් භාවනා කරල බ්‍රග්ම තලවල ඉපදිච්ච අය හිටිය කියනවනෙ.

    @topkollek

    එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සැප දුක්,දුප්පත් සල්ලි තියෙන විදියට ඉපදෙන්නෙ Random සිස්ටම් එකකට කියල හිතන එක උබේ වැඩක්/විශ්වාසය.

    හින්දු සංසාරයෙන් දශමයක්වත් වෙනස්ද බෞද්ධ සංසාරය?

    ලමයෙක් පෝසත් පවුලක ඉපදුනාම එයා දුප්පත් පවුලක ඉපදෙන්නෙ නැතුව මේකෙම ඉපදුනේ ඇයි කියල අහන එකම වැරදි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ ඇතුලෙ තියෙනව ලමයාගෙන් ස්වායත්ත වෙච්ච එන්ටිටි එකක් ගැන මතවාදයක්. වෙන විදිහකට කියනව නම් අපේ ශරීරයෙන් වෙන් වෙච්ච එන්ටිටි එකක් ( ආත්මයක්/ භවයක්) තියෙනවා කියන උපකල්පනය පිට තමයි ඔය දුප්පත් ලමයා පොහොසත් ලමයා ගැටලුවක් වෙන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hoda thread ekak.
    wali daganne nathuwa digatama thread eka adenawanam hodai.



    ඕකට මෙහෙම තර්කයක් තියෙනවා .
    ශාක වලට පිං පව් අදාල වෙන්නේ නැහැනේ .
    එත් සමහර ගස් වලට ලෙඩ බෝවෙනවා .
    සමහර පොල් ගස් එහෙම තියෙනවා ඇදවෙච්ච, විකුර්තිවෙච්ච.
    මිනිස්සුන්ගේ දුක සැප තීරණය වෙන්නේ කර්මය අනුවනම්
    කර්මය බලනොපාන ගස් වලට එහෙම වෙන්නේ ඇයි.
    එතොකොට දෙකටම සසම්භාවී අවකාශයේ සිදුවන අසම්භාවී සිදුවීම් කියන්න බැරිද?
    නොදන්න බුද්ධාගම කියවන්ඩ කලින් ඉගෙන ගනිල්ල..උබලට වෙලා තියෙන්නෙ බුද්ධගම ගැන මොලෝකෙ අවබෝධයක් නැ ඉතින් තමන්ට හිතෙන තමන් දකින දෙයකින් ප්‍රශ්නයක් ගොඩ නගාගෙන අහනව බුද්ධාගමේ උත්තර නැ කියල හිතාගෙන..

    නියාම ධර්ම ගැන කියල දෙන්න මම හිතන්නෙ 9 පන්තියෙදි..9පන්තියෙ දැනුමවත් නැති උබලනෙ බන් මේ කියවන්ඩ එන්නෙ..ගු ඇන් පි උබල ඇයි මෙච්චර මෝඩ????


    හින්දු සංසාරයෙන් දශමයක්වත් වෙනස්ද බෞද්ධ සංසාරය?
    තනිකර වෙනස්, ගු ඇන් පි මෝඩස්ල මොනවා දැනගෙනද මේ කියවන්නෙ කියන එකයි ගැටලුව...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකට මෙහෙම තර්කයක් තියෙනවා .
    ශාක වලට පිං පව් අදාල වෙන්නේ නැහැනේ .
    එත් සමහර ගස් වලට ලෙඩ බෝවෙනවා .
    සමහර පොල් ගස් එහෙම තියෙනවා ඇදවෙච්ච, විකුර්තිවෙච්ච.
    මිනිස්සුන්ගේ දුක සැප තීරණය වෙන්නේ කර්මය අනුවනම්
    කර්මය බලනොපාන ගස් වලට එහෙම වෙන්නේ ඇයි.
    එතොකොට දෙකටම සසම්භාවී අවකාශයේ සිදුවන අසම්භාවී සිදුවීම් කියන්න බැරිද?
    සසර සැරි සරන හිතක් ගැනනෙ කියන්නෙ ආත්ම කතාවක් නෑ..ගස්/ශාක කියන්නෙ හිතක් තියෙන දෙයක් නෙවෙයිනෙ..ලෙඩ රෝග හැදුන කියල දුකක් වේදනාවක් නැවත ඉපදෙන්ඩ හිතකුත් නෑ කර්ම ‍රැස් වෙන ඇස,කන,නාසය,දිව සහ ශරීරය.

    බුද්දාගම අනිත් දේවල් වලට වඩා සත්‍යයට බරයි කියන එක හැර පරම සත්‍ය කියල මම කියන්නෙ නෑ. 🙂
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ශාක වලට පිං පව් අදාල වෙන්නේ නැහැනේ .
    එත් සමහර ගස් වලට ලෙඩ බෝවෙනවා .
    සමහර පොල් ගස් එහෙම තියෙනවා ඇදවෙච්ච, විකුර්තිවෙච්ච.
    මිනිස්සුන්ගේ දුක සැප තීරණය වෙන්නේ කර්මය අනුවනම්
    කර්මය බලනොපාන ගස් වලට එහෙම වෙන්නේ ඇයි.
    එතොකොට දෙකටම සසම්භාවී අවකාශයේ සිදුවන අසම්භාවී සිදුවීම් කියන්න බැරිද?
    සත්වයා හැදිලා තියෙන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වලින්.
    ශාක, පස්, ගල් සහ අනෙකුත් දේවල‍ෙ වල තියෙන්නෙ රූප (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) විතරයි.

    සියල්ල සිදු වෙන්නේ කර්මය මගින් නෙමේ. නියාම ධර්ම වලින්.

    හින්දු සංසාරයෙන් දශමයක්වත් වෙනස්ද බෞද්ධ සංසාරය?
    මරණයෙන් පසු ජීවිතය ගැන හින්දු සහ තව ආගම් වල තියෙනවා ඇති.
    නමුත් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල 4 (සහ එමගින් සංසාර ගමන නැවැත්වීම) තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සත්වයා හැදිලා තියෙන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වලින්.
    ශාක, පස්, ගල් සහ අනෙකුත් දේවල‍ෙ වල තියෙන්නෙ රූප (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) විතරයි.

    සියල්ල සිදු වෙන්නේ කර්මය මගින් නෙමේ. නියාම ධර්ම වලින්.

    මචං අපිට මෙහෙම හිතන්න බැරිද .
    පස්, ගල් අයින් කරමුකෝ .
    සත්ව සයිලෙකුයි ශාක සයිලෙකුයි ගොඩක් දුරට සමානයි
    ඒවගේම ගස්වලට ජිවය තියෙනවා .
    සතුන්ගෙයි ශාක වලයි අවසාන target එක තමන්ගේ වර්ගය බිහිකරන එක .
    අපිට උගන්නන්නේ මිනිස්සුන්ට සිදුවන දේවල් කර්මය මත පරමක් පදනම් වෙන්නේ නැහැ .
    නියාම දර්ම වලිනුත් තීරණය වෙනවා කියලනේ .
    ඒවගේම ගස්වලට වඩා basic සත්තු ඉන්නවා. විඤ්ඤාණයක් නැති පවතිනවා කියල විතරක් කියන්න පුළුවන් .
    එතකොට කම්ම නියාමය amoeba කෙනෙක්ට validනම් පොල්ගහකට valid නැත්තේ ඇයි කියල අහන්න පුළුවන් නේද ?
     
    • Like
    Reactions: LazyLizard

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මන් රැඩිකල් වෙන්න කියලා බුද්ධාගම බොරු කියනවා නෙමෙ.
    බුද්ධාගමෙ ඇත්ත උනත් මිනිස්සු පිළිගන්න මට්ටමට ගෙනාවෙ කොහොමද ?
    මොකද අද වගෙම කොයි කාලෙත් මිනිස්සු ප්‍රශ්න කරනවා බොහො දෙවල් ගැන .
    නිකන් හිතපන් බුදුන්ගෙ කුලය අඩු එකක් උනානම් බුදුන් කිව්ව එව්ව ඇත්ත උනත් මිනිස්සු පිළිගනිවිද ?
    එතකොට මිනිස්සුන්ට පිලිගන්න හිතෙන සාධක තියෙන්න ඔනි බුද්ධාගමෙ.
    කියන කෙනා කොයි වගෙද එයා මොනවද කරලා තියෙන්නෙ වගෙ දෙවල් නෙ ඔනිම මිනිහෙක් හොයන්නෙ ?

    අනික තුන්වෙනි ධම්ම සංඝායනාවෙන් පස්සෙ බුද්ධාගම තමා අපිට ගෙනාවෙ.
    තුන්වෙනි ධම්ම සංඝායනාව කරවුයෙ අශොක රජතුමා.
    අශොක රජතුමාගෙ පියා ජෛන භක්තිකයෙක්,
    සීයා රජකමෙන් පස්සෙ ජෛන නිඝන්ඨයෙක් උනා.
    එතකොට එහෙම පසුබිමක් තියෙන අශොක තමා තුන්වෙනි ධම්ම සංඝායනාව බුද්ධාගම වෙනුවෙන් කරවලා
    ඒ බුද්ධාගම තමන්ගෙ පුතා මාර්ගෙන් අපිට ගෙනාවෙ.
    මෙව්වා ප්‍රශ්න කරන්න ඔනි තැන් මෙයා .

    මාත් බුදුන් වඳිනවා පන්සල් යනවා
    කිසි ගැටළුවක් නැහැ.
    එත් මට හිතිච්ච දෙයක් මන් මෙ කිව්වෙ.
    බුදුන් වහන්ස‍ේ එ‍ෙතිහාසිකව ජීවත්උන පුද්ගලය‍ෙක් .. එයට අවශ්‍ය සාධක ඕන තරම් තිය‍ෙනවා . බ‍ෝධිසත්වයන් පස්මහ බැලුම් බලන්න‍ේ ඔය උඹ කියන කාරනා නිසා . උසස් කුලයක , ප‍ොහ‍ොසත් තැනක , යම් ප්‍රමානයකට හ‍ෝ ශීලය පුරන විචාරවශීලී මිනිසුන් සිටින ස්ථානයක් හා කාලයක් ( වැරදිලාවත් ඇමසන් කැල‍ේ ග‍්‍රාේත්‍රයක ඉපදුනානම් බුදු බනක් තිය‍ෙයිද ?) බලන්න‍ේ ව‍ෙනත් ගැටලු ඇති න‍ොවන්න .. අද වග‍ේ කාලයක උපන්නානම් සමහරවිට බුද්ධ ද‍ේශනාව‍ේ කිසිදු ප්‍රය‍ෝජනයක් නැතිව‍ෙයි . ම‍ොකද හැම ද‍ෙයක්ම විද්‍යාව‍ෙන් ඔප්පුවිය යුතුයි කියන පිරිසක් සිටින නිසා ... භ‍ෞතික රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කරුණු ඔප්පුකරලා ප‍ෙන්වනවා වග‍ේ බුදු දහම ඔප්පුකරන්න බෑ. කියලා වත් න‍ොදන්න පුද්ගලයන් බහුතරයක් අතර බුදුවරු පහල උන‍ොත් ල‍ෝකයට වැඩකුත් නෑ . ඉන්න එවුන් අපාගතව‍ෙන එක විතරයි ව‍ෙන්න‍ේ...

    තුන්ව‍ෙනි ධර්ම සංඝායනාවට අශ‍ෝක රජුරුව‍ෝ බන කිව්වා කියලද අහලා තිය‍ෙන්න‍ේ .. අශ‍ෝක රජතුමා ක‍ෙරුව‍ේ ආරක්ෂාව හා ප්‍රත්‍ය පහසුකම් සැපයීම .... සියල්ලම කිරලා මැනලා නිවැරදි දහම සංඝායනා ක‍ෙරුව‍ේ රහතුන් වහන්ස‍ේලා ... රහතුන් වහන්ස‍ේලා බ‍ොරු කීමක් හ‍ෝ වැරදි අදහස් පැතිරවීමක් සිදු න‍ොකරයි ... එස‍ේ කිරීම‍ෙන් තමන්ට ලබාගතයුතු ද‍ෙයක් න‍ොමැති නිසා .. ඒනිසා තුන්වන ධර්ම සංඝායනවාට ජ‍ෛන මත ඇතුල්උන‍ේ නෑ. . හැබැයි පස්ස‍ෙකාල‍ේදී ආදි සංකරාචාර්ය නිසා බුදු දහම භාරතය‍ෙන් අතුගෑව‍ෙන තැනටම වැටුනා .... ඉන් පස්ස‍ේ නිර්මාංශිකවීම වග‍ේ කරුණු බුදුදහමට ඇතුලුව‍ෙන්න ඇති ...

    මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය. හෙතෙම තීර්ථංකර වරයෙකු ලෙස ජෛනයන් විසින් සළකනු ලබයි. සිද්ධාර්ථ කුමාරයා මෙන්ම මහාවීර වර්ධමානද රජ පවුලක උපත ලද කුමාරයෙකි. නමුත් ප්‍රබල ශ්‍රමණ සම්ප්‍රදාය වූ බුදුදහම හමුවේ මහාවීරගේ පරම අවිහිංසාවාදී තීර්ථක දර්ශනය බැස ගියේය. මහාවීරගේ ශ්‍රාවකයන් දහස් ගණනින් අවබෝධයෙන් බුදු සව්වන් වූහ. දස දහස් ගණනින් ප්‍රත්‍ය ලාභය හා රාජ්‍යානුග්‍රහය පතා බෞද්ධ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටියහ. මෙනිසා ඇතැම් විනය නීතිද පැණවීමට බුදු රජාණන් වහන්සේට සිදුවිය.

    මහාවීර නිගන්ඨ නාථ පුත්‍ර ජීවමාන කාලයේදීම තථාගතයෝද ජීවමාන වූහ. හින්දු ඉතිහාස ග්‍රන්ථ අනුව මහාවීර බුදුන්ට වඩා වසර කීපයක් වැඩුමහල්ය. ඔහු වයස 30 දී අභිනිෂ්ක්‍රමණය කළේය. බෞද්ධ ග්‍රන්ථ අනුව බුදුන් මහාවීරට වඩා වැඩුමහල් අතර බුදුන් වයස 29 දී අභිනිශ්ක්‍රමණය කළේය. නමුත් මේ දෙදෙනාම එකම කාල සීමාවකදී මධ්‍යම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය කළ බවට බෞද්ධ , හින්දු හා ජෛන මූල ග්‍රන්ථ සියල්ල එකග වේ. ඒ බුදුන් බුද්ධත්වයට පත් වූයේ වයස 35 දීය. මේ ආසන්න කාලයකදීම මහාවීට තීර්ථංකරත්වයට පත් වූ බව ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ දෙදෙනාගෙන් කවරෙක් පළමුව නිෂ්ටාවට පත් වීදැයි විනිශ්චය කිරීමට කරුණු නැත. ඒ කාලය බොහෝ විඔට මාස ගණනක් හෝ වසර ගණනක් විය හැක.මේ සිද්ධිය රසල් වොලස් ඩාවින් සිද්ධියට සමාන වන්නේ එනිසායි.රසල්; වොලස් හා ඩාවින් සමකාලයේදී පරිණාමවාදය සොයාගත් අතර බුදුන් හා ජෛන මහාවීර සමකාලයේදී සොයාගත්තේ එකිනෙකට සපුරා වෙනස් එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායන් දෙකකි.

    මහාවීර හා බුදුන් සමකාලීනය. නමුත් සත්‍ය ලෙසම ඔහු හොරකම් කළේවත් . බුදුන් හොරකම් කළේවත් නැත. ඒ දර්ශන දෙක සම්පූර්ණයෙන් වෙනස්ය. මහාවීරගේ අග්‍ර දායක වූ උපාලි සිටුවරයා බුදුන් හා වාදයට පැමිණ පැරදී බෞද්ධයෙක් වී බුදුන්ට නොයෙක් ආරාම , උයන් පූජා කළ අතර ඒවා අදටත් උපාලිගේ නමින්ම ඇත. මහාවීරගේ ඤාතීන් වූ ලිච්ඡවීන් තුන් බිය නැති වූ කළ බෞද්ධයන් වූ අතර . ඔවුන් ගේ රාජ ධානියේ බෞද්ද විහාරස්ථාන සියගනනින් සෑදූහ. මේ දුකට මහාවීර ලය පැළී මිය ගියේයමහාවීරගේ ශ්‍රාවකයන් රොතු පිටින් බුදුදහමට එන්නට පටන් ගත්තේ අශෝක අධිරාජයාගේ සමයේදීය. මෙනිසා තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය විය.

    වර්ධමාන මහාවීරගේ දර්ශනය ප්‍රායෝගික නොවූවකි. එය සර්වබලධාරි දෙවියන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් වුවද පරම මිථ්යාදෘෂ්ටියක් වේ. ඔවුන්ගේ මෝක්ෂය නම් කේවල ධ්‍යානයයි. කේවල ධ්‍යානය නම් බුද්දහමේ දැක්වෙන ප්‍රථම ධ්‍යානය වේ. බුදු දහමේ මෝක්ෂය හා සසදන කළ ප්‍රථම ධ්‍යානය කුහුඹුවෙකි. එය ඉක්මවා තව බොහෝ දුරක් නිර්වාණය පිණිස ඇත. මහාවීර මරණයට පෙර ලබා සිටි ප්‍රථමධ්‍යානයෙන්ද පිරිහුණි. සියලු පැනින් වැළැකීම , නිරුවත්ව හිදීම , මග යන විට මොණර පිල් කළඹකින් පිස දමමින් යාම හා උග්‍ර තපෝ ව්‍රත රැකීම මහාවීරගේ ජෛන දර්ශනයේ ප්‍රතිපත්තීන් වේ. මේ සියල්ල බුදු දහමේ ප්‍රතික්ෂේපිතය. එනිසා ජෛන ආගම හා බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දර්ශනයන් දෙකකි.ජෛන ආගම භාරතයේ ජනප්‍රිය නොවිණි. නමුත් බුදු දහම . බුදුන් ධරමාන කාලයේදි , අශෝක අධිරාජයාගේ කාලයේදි , හර්ෂවර්ධන රජුගේ සමය , ගෝපාල හා ධර්මපාල යන පාල අධිරාජයන් දවස , ඉන්දියාවේ රාජ්‍යාගම විය. ඉන්දියාවෙන් බුදු දහම අතු ගෑම සදහා සියවස් ගණනක කුමණ්ත්‍රණයක් දියත් කිරීමට බ්‍රාහ්මණයන්ට සිදු විය. බැරිම තැන බුදුන් ලොව මවා පාලනය කරන ධර්මාරක්ෂක පරමේෂ්වරයන්ගේ නවවන අවතාරය කොට අද දක්වාත් ඇදහීමට භාජනය කරති. ජෛන ආගම බ්‍රාහ්මණයන්ට කිසිදු අවහිරයක් නොවූ අතර . එය අතු ගෑමට අවශ්‍යතාවයක් හින්දූන්ට නොවීය.

    ජෛන ආගමේ කල්ප සූත්‍රය ලියැවුනේ ක්‍රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ.

    බුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්‍රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්‍රථිපලයක් ලෙස වේ.

    සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්‍රයෙනි.එයද ක්‍රි.ව 1400දි ලියැවුන ලද්දකි.
    https://en.wikipedia.org/wiki/Kalpa_Sūtra

    බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්‍රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්‍රය බෝධිරාජ සූත්‍ර ආදී සූත්‍ර වලින් දේශනා කොට ඇත.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අනික අපේ රටේ ත්‍රිපිටකය නේ අපි පිළිගන්නේ බුදුදහම කියල..ඕක ලිව්වේ කවුද...ලංකාවේ හාමුදුරුවරු..එයාල ඉගෙන ගත්තු දේ අනුව...එතකොට ඔකේ 100% බුදු හාමුදුරුවෝ කියපුව තියෙනවා කියල හිතන්න අමාරුයි..තව අයගේ අදහස් එකතු වෙලා එහෙම තමයි එන්නේ..ඕනේ ආගමක් එහෙමයි..


    මේකට රීසන් එකක් තියෙනවා සහ අනික් ආගම් වලින් වෙනස් වෙන හේතුව කියන්නම්. මගේ තර්කයට අනුව.

    ගොඩක් ආගම් වල තියෙන්නේ මරනින් පස්සේ හම්බවෙන දෙයක් ගැන. බුදු දහමේ ඵලය ජීවත් වෙලා ඉද්දිම කරගන්න ඕනි දෙයක්. පොත් ලිව්වේ ඒ ඵලය ලබාගත් ස්වාමීන් වහන්සේලා හෝ ඒව පරිශීලනය කරල ඵලය ලබාගත් ස්වාමීන් වහන්සේලා. ඉතින් එහෙම වැරැද්දක් තිබ්බනන්, ඉස්සෙල්ලම ඵලය ලබාගන්න බෑ. ඇයි කරුනු වැරදි නේ . මාර්ග කිහිපයක් තියෙන හින්ද එහෙම ඵලයක් ලැබුවට පස්සේ නිවැරදි කරන්න පුලුවන්.

    බුදු දහමේ වෙනස ඒක. ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කරල තියෙන්නේ අපේ වචනෙන් කියනවනන් certified හාමුදුරුවරු. මාර්ග ඵල ලබපු රහතන් වහන්සේලා. හැමදේම දන්නේ නෑ හැබැයි ඒ ඒ විශයන් ප්‍රගුන කරල ඵලය ලබාගත්ත හින්ද වරදින්න විදිහක් නෑ. දැන් ගොඩක් වෙලාවල වෙන්නේ පාලි දන්නේ නැති එක සහ ඒවාට වෙන වෙන නිර්වචන දෙන එක. ඒකයි කියන්නේ සැකයක් තියෙනවනන් ත්‍රිපිටකය බලන්න කියල. හැබැයි හැමෝටම තෙරෙන්නේත් නෑ. ගැඹුරු අර්ත දැක්වීම් තියෙන්නේ. හරියට ධර්මය පස්සේ යන හාමුදුරුවරු වුනත් ඔය ග්‍රන්ථ වල එක සූත්‍රයක් 10 පාරකට වැඩිය ජීවිතේ එක එක කාලවල් වල කියවනව. එකම හාමුදුරුවො වුනත් එකම සූත්‍රය වයසත් එක්ක අර්ථ විග්‍රහ කරන්නේ දෙවිදිහකට. හේතුව මුලදි තේරුනේ නැති දේවල් පස්සේ තේරුන් යනව සහ ගැබුරට අවබෝධ වෙන එක.
    එකම විශයක ඉන්න හින්ද ඒකට මනස සකස් වෙනවා. තව සූත්‍ර වල දේවල් ඔලුවට යනවා. විශ්වාසය අනුව සංසාරේ ප්‍රගුන කරල තියෙන්නත් ඕනි. ඒක හින්දම තමයි අර කතාවක් කියන්නේ බුදු දහම බුද්ධිමත් අයට අවබෝධ වෙනවා කියල. ඤාණය බුද්ධිය දෙකක්. බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඒ ඒ මට්ටම් අනුව අවබෝධ කරගන්න ප්‍රමානවල් වෙනස්.

    මට තේරෙන හැගෙන දේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ආගම් ධර්ම හැම එකකටම ඉන්නව පරිණාමය නොතේරුණ කතෘවරයෙක්.



    උබ මේ පොරට කැමති නැතුව ඇති..වෙලාවක් තියෙනවනම් බලපන් නැත්නම් බොරු බයිල කියල අතහැරල දාපන්.


    Later:
    අනේ මන්ද පරිණාමය ගැන කියනව..ඊට පස්සෙ වඩාත්ම සිත්ගත්ත කාරණය අහනව.

    සයන්ස්ටිස්ට්ල කියන පරිණාමයත් බොරු බුද්දාගමත් බොරු කියල නිකන් ඉන්නව ඊට වඩා හොඳයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴



    උබ මේ පොරට කැමති නැතුව ඇති..වෙලාවක් තියෙනවනම් බලපන් නැත්නම් බොරු බයිල කියන අතහැරල දාපන්.​

    ඔය වීඩියෝවෙ වඩාත්ම සිත්ගත්ත කාරණය කියපන්. එතකොට මම ඒකට අදාලව උත්තර දෙන්නම්. නැත්නම් මමත් කාගෙ හරි වීඩියෝ එකක් අතෑරල යන්නම් ඕනෙ නම් බලාගනින් කියල
     
    • Like
    Reactions: Champ HB