බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෙහි සදහන් බහුතරයක් කරුණු සමග මම එකග වෙනවා. නමුත් ඇතැම් කරුණු ඔබ පවසා ඇති පරිදිම සිදු වූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙය කියවන කෙනෙක් ඒ කරුණුම සත්‍ය යැයි සිතා මුළා වීම වැළක්වීම උදෙසා මේ කරුණු ටික කියන්නම්.

    පළමු කරුණ නම් මහාවීර ජෛන ආගමේ නිර්මාතෘ නොවීමයි. මහාවීර විසින් ජෛන ආගම තත්කාලීන සමාජය තුළ ප්‍රචලිත කරනු ලැබීය. ජෛන ආගමේ දී ජෛන දහම දේශනා කළ ජෛන ශාස්තෘවරු 23 දෙනෙක් පිළිබද කියැවේ.24 වෙනියා ලෙස මහාවීර‍ හදුන්වනු ලබයි. මෙය බුද්ධාගමේ අටවිසි බුදුවරුන්ගේ සංකල්පයට සමානය. නමුත් බුදු දහමේ දි බුදුවරු පහළ වන කාල පරාසය කල්ප ගණනින් වෙන් කර ඇත. එනම් අතිදීර්ඝය. එහෙත් ජෛන දහමෙහි දි ශාස්තෘවරු පහළ වීමට එතරම් දීර්ඝ කාලයක් ගත වී නොමැත. මහාවීර (නිගණ්ඨ නාථ) පහළ වන්නේ ඔහුට පෙර සිටි "පාර්ශ්වනාථ" නම් ජෛන ශාස්තෘවරයාගේ අභාවයෙන් වසර 250ක් ඉක්ම ගිය පසුවය.

    එසේ නම් නිගණ්ඨ නාථට පෙර සිටම ජෛන ආගම පැවතියේ ද? ඔව් පැවති බවට සාධක පවති. මොනවද ඒ සාධක? එහිලා පැරනිතම සාධකය ඍග් වේදයෙන් හමුවේ. එනම් ජෛන ආගමේ සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා වන ඍෂභදේව පිළිබදව ඍග්වේදයේ සදහන් වීමයි(10 වන මණ්ඩලයේ 12 වන් සූක්තයේ 166 වන ඍච් එක) එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විෂ්ණු පුරාණය තුළ ද ඔහු පිළිබද සදහන් වීමයි. ඊටත් එහා අතීතයට ගිය කල්හි මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමු වූ නිරුවත් මානව රූප වලට අයිතිවාසිකම් කියන්නට හැකි එකම භාරතීය ආගම ජෛන ආගම වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ.

    දෙවන කරුණ නම් මහාවීර අවබෝධ කර ගත්තා යැයි පැවසෙන "කේවල් ධ්‍යානය" වනාහී ප්‍රථම ධ්‍යානය යැයි හැදින් වීමයි. සම්පූර්ණයෙන්ම සාවධ්‍ය මතයක් යයි සිතමි. මන්ද යත්, ජෛන ආගම තුළ කේවළ ධ්‍යානය/ ඥානය යනු සත්‍යය, දණ්ඩනය, ආත්ම දමනයේ හා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ උපරිම තලයට ලගාවීම ලෙස හදුන්වා තිබීමයි. ප්‍රථම ධ්‍යානය ලබා ගනීමට දැඩි වෘත අනුගමනය කළ යුතු නොවන බව පැහැදිලිය. එකල ප්‍රථම ධ්‍යානය ලැබූ ඍෂිවරු විශාල වශයෙන් විසූ බව බෞද්ධ කෘති තුළින් වුව පැහැදිළි වේ. උද්දකරාම පුත්තාදීහූ වූ කලී නේවසංඤ්ඤානාඤ්ඤායතනය වැනි අරූපාවචර ධ්‍යාන පවා උපදවාගෙන සිටි ඇදුරෝය. කේවල ඥානය වූ ජෛන ආගමට ආවේනික වූවකි. බෞද්ධයන්ට බුද්ධත්වය යම්සේ ද ජෛනයන්ට කේවල ඥානය එබදුය.

    තෙවැනි කරුණ නම් ජෛන ආගම තුල අවිහිංසාවාදය පමණක් අතීතයේ පැවති බව පැවසීම හා පසු කාලීනව කර්මය හා ආත්මය පිළිබද සංකල්ප පහළ වූ බව පැවසීමයි. මේ පිළිබද් පවසීමට ගියහොත් මෙය දීර්ඝ වෙන බැවින් කරුණු කිහිපයක් පමණක් කියමි. ජෛන තවුසන් කෙළෙස් තවන කතා කොතෙකුත් බෞද්ධ ග්‍රන්ථ තුළ හමුවේ. කෙලෙස් (ක‍ර්මයෝ) තැවීම ලෙස ඔවුන් අනුගමනය කලේ අත්තකිලමතානු යෝගයයි. කර්මයක් විශ්වාස නොකලේ නම් ශරීරයට අධික දුක් දෙමින් පෙර කළ කර්ම තැවීමට ඔවුහු උත්සහ කළේ ඇයි? ආත්මයක් පිළිබද ඔවුන් විශ්වාස නොකළේ නම් විමුක්තිය ලගා කර ගන්නේ කුමක් සදහාද?

    සතර වෙනි කරුණ නම් ජෛන පිටක ග්‍රන්ථයෝ ඔබ සිතන තරම් පශ්චාත් කාලීන නැත. චන්ද්‍රගුප්ත රජ දවස ජෛන ධර්ම සංගායනාවක් පැවතියහ. එහිදී ජෛන ධර්මය ග්‍රන්ථ 14කට අඩංගු කළහ. චන්ද්‍ර ගුප්ත වූ කලී අශෝක රජුගේ සීයා ය. අශෝක රජ දවස පැවැත් වූ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය. (ඊට පෙර භාණක පරපුර පැවතියහ. බෞද්ධයෝ පමණක් නොව සෑම ආගමක්ම පාහේ මුව පරම්පරාවෙන් ස්වකීය ලබ්ධිය රැගෙන ආහ.) එසේනම් ත්‍රිපිටකය අංග සම්පූරණ වීමට පෙර ජෛන ආගමේ ද එක් සංගායනාවක් තබා ග්‍රන්ථ සම්පාදනයක් කර තිබේ.

    මේ ආදි වශයෙන් කිව යුතු දෑ බොහෝ වුව මෙතකින් නිමා කරමි. නිර්වස්ත්‍ර වූ නිගණ්ඨයන්ගේ හෙළුව වැසීමට මට ඇවැසි නැති මුත්, යථාර්ථය පිළිගත යුතුව ඇත. බුදු දහම හා ජෛන ආගමෙහි හර පද්ධතිය එකිනෙකට වෙනස්ය. නමුත් ඒ දර්ශනවාද දෙකෙහි වූ ඇතැම් කරුණු එකිනෙකට මුසුවී ඇත.
    වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන පාර්ශ්වනාථ සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. මහවීරට කලින් ජ‍ෛන ආගමක් පැවතුනා යන්න විවාද සම්පන්නයි . ඕකත් හරියට ඉස්ලාම් ආගම‍ේ ආදාම් නබිග‍ෙන් පටන්ග‍ෙන් ම‍ොහමඩ් නබි දක්වා ඉස්ලාමය ආවාවග‍ේ කතාවක් . ඉස්ලාමයට අනුව ජීසස් කියන්න‍ෙත් නබි වරය‍ෙක් , බුදුන් වහන්ස‍ෙත් (ඉසා) නබිවරය‍ෙක් ) . ඉස්ලාම් පරිපූරනත්වයට පත්වුන‍ේ ම‍ොහමඩ්නබිග‍ෙන්. ඒක නිසා අතීතය‍ේ සිටි සියලු ද‍ෙනා කිව්ව‍ේ ඉස්ලාම් ආගම වග‍ේ කතාවක් තමයි තීර්ථංකරයන් 22 කිව්ව‍ෙත් ජ‍ෛන දහම කියන එකත් .

    සෘග් ව‍ේදය‍ේ කතාව මා තවදුරටත් ස‍ොයා බැලිය යුතුයි . ඒ පිලිබද නිවැරදි අදහසක් මට නෑ. වෘෂභනාථගෙන් පටන්ගත්ත ජ‍ෛන ආගම මිනිසාග‍ේ උත්පත්තිය දක්වා පැරනියි කියන අදහසයි ජ‍ෛනයන් තුල තිය‍ෙන්න‍ේ .. මුල් 22 හා අවසාන ද‍ෙද‍ෙනා අතර කාල පරාසය බලන ක‍ොට බයිබලය‍ේ මිනිසාග‍ේ උපත දැක්ව‍ෙන ඉතා ක‍ෙටි කාලයම ජ‍ෛනයන් පිලිගත්තාද කියන අදහසක් ඇතිව‍ෙනවා . මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමුවුන‍ේ ජ‍ෛන ආගමිකම සංක‍ේත කියලා කියන්න බෑ . මව් ද‍ේවිය වන්දනා කිරීම වග‍ේම ස්වස්ථිකය( හින්දු, බෞද්ධ හා‍ ජෛන ආගම් වල ආගමික සංකේතයක් ) වග‍ේම පශුපති (ම‍ෙය ත්‍රිමූර්තිය ප්‍රාථමික අවස්ථාව ල‍ෙසද මතයක් ඇත ) ඇතුලු පූර්ව හින්දු ආගමික සංක‍ේත හම්බ‍ෙනවා ... එතක‍ොට ජ‍ෛනයන් බ්‍රාහ්මන සම්ප්‍රදාය අත් හැරපු දහමක් ... ඉතින් ක‍ෝහමද කියන්න‍ේ නිර්වත් රූපවලින් ජ‍ෛන ආගම වඩා පැරනියි කියලා ?

    කේවල් ධ්‍යානය කුමක් වුවත් එය පූර්නත්වයට පත්වීමක් න‍ොවන බවට අවසන් කාලය‍ේ මහවීර එයින් පිරිහී ගිය බවට කතා පවතින බැවින් සලකන්න ව‍ෙන්න‍ේ ....

    මහවීරග‍ේ පූර්ව නම් ග්‍රන්ථ 14 සටහන් කරන විට බුද්ධ ධර්මය පිලිබද සංගායනා 2ක අවසන් . ජ‍ෛන සමය භද්‍රබාහු ක්‍රි.පූ 4 වන සියවස අගදී අංග නමින් ග්‍රන්ථ12 ක් සකස් කරපු බවත් අවසානය‍ේ ක්‍රි.ව 6 වන සියවස‍ේදී සියලු ග්‍රන්ථ එකතුකර ප්‍රකෘත භාෂාව‍ෙන් තනි ඒකකයක් සකස් කරපු බවයි කියන්න‍ේ ... අනිත් කරුණ අශ‍ෝක රජුරුවන්ග‍ේ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය කියන කතාව බ‍ොරුවක් . ත්‍රිපිටකය සම්පූර්ණ ව‍ෙන්න‍ේ බුදුන් වහන්ස‍ේ ධරමාන කාලය‍ේදීමයි . පළමු ධර්ම සංගායනාව කරන්න‍ේ මුලු ත්‍රිපිටකයම භාවිතා කරමින් . 82000ක්වූ ධර්මස්කන්ධය බුද්ධ ද‍ේශනා ල‍ෙසත් 2000ක්වූ ධර්මස්කන්ධ මහ රහතුන් විසින් වදාල බවත් ප්‍රකාශවනවා. මුල මැද අග බුද්ධ ද‍ේශනාවටම මනාව පිහිටන බැවින් බුද්ධ භාෂිතය ල‍ෙස 84000ක් වූ මුලු ධර්මස්කන්ධයම සලකනවා ... එබැවින් 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විමක් උන‍ේ නෑ . දුර්මත එකතුවී තිබුනානම් ඉවත් කිරීමයි සිදුවුන‍ේ ...

    ආගමික කරුණු ඕන තරම් ඕවර් ලැප් ව‍ෙන්න පුලවන් උනා කියන එක‍ෙන් ඒවා එකක් ක‍ොපි ක‍ෙරුවාද නැද්ද කියන්න බෑ. බුදුන් වහනස‍ේ පහල වන විටත් පංචශීලය තිබුනා .. බුදුන් වහන්ස‍ේ ඒවා අනුමත කිරීම‍ෙන් බුදු දහම ක‍ොපි කරපු බවක් වත් , එවක පැවති ව‍ෙනත් ආගමක දිගුවක් ල‍ෙසවත් සලකන්න බෑ ..
     
    • Like
    Reactions: NRTG and indika_sam

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ...................
    ත්‍රිපිටකය සම්පූර්ණ ව‍ෙන්න‍ේ බුදුන් වහන්ස‍ේ ධරමාන කාලය‍ේදීමයි . පළමු ධර්ම සංගායනාව කරන්න‍ේ මුලු ත්‍රිපිටකයම භාවිතා කරමින් . 82000ක්වූ ධර්මස්කන්ධය බුද්ධ ද‍ේශනා ල‍ෙසත් 2000ක්වූ ධර්මස්කන්ධ මහ රහතුන් විසින් වදාල බවත් ප්‍රකාශවනවා. මුල මැද අග බුද්ධ ද‍ේශනාවටම මනාව පිහිටන බැවින් බුද්ධ භාෂිතය ල‍ෙස 84000ක් වූ මුලු ධර්මස්කන්ධයම සලකනවා ... එබැවින් 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විමක් උන‍ේ නෑ . දුර්මත එකතුවී තිබුනානම් ඉවත් කිරීමයි සිදුවුන‍ේ ...

    ආගමික කරුණු ඕන තරම් ඕවර් ලැප් ව‍ෙන්න පුලවන් උනා කියන එක‍ෙන් ඒවා එකක් ක‍ොපි ක‍ෙරුවාද නැද්ද කියන්න බෑ. බුදුන් වහනස‍ේ පහල වන විටත් පංචශීලය තිබුනා .. බුදුන් වහන්ස‍ේ ඒවා අනුමත කිරීම‍ෙන් බුදු දහම ක‍ොපි කරපු බවක් වත් , එවක පැවති ව‍ෙනත් ආගමක දිගුවක් ල‍ෙසවත් සලකන්න බෑ ..
    :yes:
     
    • Like
    Reactions: NRTG and indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ නුල කියවගෙන යනකොට මට මතක් වුනේ පැරණි කතාවක්.

    "අන්ධයෝ හතර දෙනෙක් අලියෙකු විස්තර කළා වගේ "
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මහාවිර සහ බුදුහාමුදුරුවෝ කියන්නේ සැහෙන සමාන කම් තියනවා ... මුචලින්ද සුත්‍රයේ නයා වැස්සෙන් ආරක්ෂාව දීමේ කතාව බුදුන්ට කලින් හිටපු ජෛන පර්ශවනතගේ කතාවක් ,ගහක් යට බුදුවීම අභිනිෂ්ක්‍රමණය ,දරුවා හැර යාම ..සුත්‍ර පවා සැහෙන සමාන ඒවා තියෙන්නේ
    ඔන්න ඕකත් මට ඇදලා ගන්න ඔනි උන පොයින්ට් එකක් උනා.
    එක නිසා තමා මන් කලින් රිප්ලයි එකක කිව්වෙ ජෛන භක්තික පරපුරක පුරුකක් වෙච්ච අශොක විසින් ධම්ම සංඝායනාවක් කරවලා ඒ ධර්මය රටවල් 9 කට (අපෙ රටත් ඇතුලුව )
    ප්‍රචාරය කරපු කාරණාව.
    බුදුන් තුන්වරක් වැඩිය ලංකාවට අශොක රජතුමා ගෙ පුත් මිහිඳු මහරාහතන් වහන්සෙ විසින් බුද්ධාගමක් ගෙන්නෙ ඇයි ?
    කලින් බුදුන් වැඩපු තුන් වතාවෙ බදුන් සරණ ගිය බෞද්ධයන් සුනාමිකයට අහු උනාද ?

    මට නම් හිතෙන්නෙම මෙ අපි දකින බුද්ධාගම සහ බුද්ධ සංකල්පය ජෛන බලපෑම මත බිහිවෙච්ච එකක්.

    ජෛන ආගමෙත් ඉන්නවා තීර්ථකයන් අපෙ අටවිසි බුදුරවරුන් වගෙ.
    ගොඩාක් සමාන කම් තියෙනවා ධර්මයෙත් බුද්ධ චරිතයෙත්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔන්න ඕකත් මට ඇදලා ගන්න ඔනි උන පොයින්ට් එකක් උනා.
    එක නිසා තමා මන් කලින් රිප්ලයි එකක කිව්වෙ ජෛන භක්තික පරපුරක පුරුකක් වෙච්ච අශොක විසින් ධම්ම සංඝායනාවක් කරවලා ඒ ධර්මය රටවල් 9 කට (අපෙ රටත් ඇතුලුව )
    ප්‍රචාරය කරපු කාරණාව.
    ඔය ඔය ඉතින් තවත් මෝඩ කතානෙ.
    ජෛන භක්තික රජ කෙනෙක් මොකටද ජෛන ආගමේ දොස් දකින ධර්මයක් රටවල් 9කට යවන්නෙ?
    ජෛන ආගමම යවන්න තිබුණානෙ.

    බුදුන් තුන්වරක් වැඩිය ලංකාවට අශොක රජතුමා ගෙ පුත් මිහිඳු මහරාහතන් වහන්සෙ විසින් බුද්ධාගමක් ගෙන්නෙ ඇයි ?
    කලින් බුදුන් වැඩපු තුන් වතාවෙ බදුන් සරණ ගිය බෞද්ධයන් සුනාමිකයට අහු උනාද ?
    බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කරලා මිනිස්සුන්ට ධර්මය දේශනා කළා, මිනිස්සු තෙරුවන් සරණ ගියා, ලංකාවෙ බුදු සසුන ස්ථාපනය වුණා, සමහර අය මහණ වුණා කියලා කොහේ හරි තැනක තියෙනවා නම් ඒ තියෙන තැන පෙන්වන්න.

    මට නම් හිතෙන්නෙම මෙ අපි දකින බුද්ධාගම සහ බුද්ධ සංකල්පය ජෛන බලපෑම මත බිහිවෙච්ච එකක්.
    ඕක කියන්න තමයි දැඟලුවෙ.
    බුද්ධ ධර්මයේ සාරය ජෛන සංකල්පයට ඇතුල් වුණා කිව්වොත් එහෙම ඔයා බලාපොරොත්තු වෙන මත ගැටුම ඇති වෙන්නෑ නේද? ඔයා පව්.

    ජෛන ආගමෙත් ඉන්නවා තීර්ථකයන් අපෙ අටවිසි බුදුරවරුන් වගෙ.
    කිසිම ගැළපීමක් නැති මෝඩ කතාවක් නොවැ.

    ගොඩාක් සමාන කම් තියෙනවා ධර්මයෙත් බුද්ධ චරිතයෙත්.
    ත්‍රිපිටක ධර්මයට සමාන කරන්න පුලුවන් දෙයක් නම් ඔයාට කොහෙන්වත් හොයා ගන්න හම්බ වෙන්නෙ නෑ.
    කොහොම උනත් හොඳ උත්සහයක්.

    තවත් මේ ප්‍රශ්නෙ කරකවන්න දෙයක් ඉතුරු වෙලා නෑ. පැහැදිලි උත්තරයක් මෙතන තියෙනවා. ඔයා දකින්න නැතුව ඇති.
    https://elakiri.com/threads/බුද්ධ-චරිතය-ඇත්ත-චරිතයක්-ද.1953663/page-6

    මේක ඉවරයි. දැන් ඉතින් ඊළඟ ත්‍රෙඩ් එකට කරුණු හොයා ගන්න.

    * ධර්මය කියන්නෙ තර්ක කර කර අල්ලන්න පුලුවන් දෙයක් නෙවේ. ධර්මයේ සිදුරු හොයන්න ගත කරන කාලය නම් අපරාදෙ.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන පාර්ශ්වනාථ සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. මහවීරට කලින් ජ‍ෛන ආගමක් පැවතුනා යන්න විවාද සම්පන්නයි . ඕකත් හරියට ඉස්ලාම් ආගම‍ේ ආදාම් නබිග‍ෙන් පටන්ග‍ෙන් ම‍ොහමඩ් නබි දක්වා ඉස්ලාමය ආවාවග‍ේ කතාවක් . ඉස්ලාමයට අනුව ජීසස් කියන්න‍ෙත් නබි වරය‍ෙක් , බුදුන් වහන්ස‍ෙත් (ඉසා) නබිවරය‍ෙක් ) . ඉස්ලාම් පරිපූරනත්වයට පත්වුන‍ේ ම‍ොහමඩ්නබිග‍ෙන්. ඒක නිසා අතීතය‍ේ සිටි සියලු ද‍ෙනා කිව්ව‍ේ ඉස්ලාම් ආගම වග‍ේ කතාවක් තමයි තීර්ථංකරයන් 22 කිව්ව‍ෙත් ජ‍ෛන දහම කියන එකත් .
    ජෛන දහමෙහි සදහන් වන ආදී තීර්ථංකරයන් සැබවින්ම විසූවේද යන්න සනාථ කිරීමට ප්‍රමාණවත් වූ මූලාශ්‍ර නොමැති බව පිළිගනිමි.
    මක්නිසාද යත්, ඍග්වේදයෙහි ඍච් පාඨ කිහිපයක් හෝ විෂ්ණු පුරාණයෙහි පාඨ කිහිපයක් පෙන්වා දුන් පමණින් ඔවුන්ගේ පැවැත්ම සනාථ කළ නොහැකි බැවිනි.
    එසේම, කි.පූ. 600කට එපිට වූ ඉතිහාසයක් පිළිබද එබදු මූලාශ්‍ර නොමැති වීම පුදුමයට කරුණක් නොවන බවද සිහියේ තබා ගත යුතුය. මහවීරට පෙර ජෛන ධර්මය තිබුණ බවට තත්කාලීන සාධක ද දක්නට ලැබේ. පර්ශ්වනාථ පිළිබද තොරතුරු මෙන්ම, මහවීරගේ පියා පිළිබද වූ තොරතුරු වලින් ඒ බව ගම්‍ය වේ. මහාවීරගේ සමයේ ජෛනාගම ප්‍රචලිත වූයේ ඔහු විසින් ජෛන දහමට සිදු කරන ලද නව ප්‍රති සංස්කරණ හේතුවෙන්ය.
    සැබවින්ම මට අවශ්‍යය වූයේ ජෛන ආගමෙහි සූවිසි තීර්ථංකරයන් පිළිබද වූ පිළිගැනීම තහවුරු කරීමට නොව, මහාවීරට පෙර සිටම ජෛන දහම පැවති බව පෙන්වාදීමටය. මන්දයත්, ඔබ විසින් "මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය." යැයි පැවසීම හේතුවෙන් වැරදි අදහසක් ප්‍රකට වෙන බැවිනි.

    සෘග් ව‍ේදය‍ේ කතාව මා තවදුරටත් ස‍ොයා බැලිය යුතුයි . ඒ පිලිබද නිවැරදි අදහසක් මට නෑ. වෘෂභනාථගෙන් පටන්ගත්ත ජ‍ෛන ආගම මිනිසාග‍ේ උත්පත්තිය දක්වා පැරනියි කියන අදහසයි ජ‍ෛනයන් තුල තිය‍ෙන්න‍ේ .. මුල් 22 හා අවසාන ද‍ෙද‍ෙනා අතර කාල පරාසය බලන ක‍ොට බයිබලය‍ේ මිනිසාග‍ේ උපත දැක්ව‍ෙන ඉතා ක‍ෙටි කාලයම ජ‍ෛනයන් පිලිගත්තාද කියන අදහසක් ඇතිව‍ෙනවා .
    බුද්ධාගමට අනුව අටවිසි බුදුවරු අතර ආදිතම බුදුවරයා දීපංකර බුදුරජාණන් වහන්සේය. නමුත් බුද්ධ වංශයෙහි ආරම්භය එය නොවේ. ගිණිය නොහැකි තරම් බුදුවරු මෙලොව පහළ වී ඇත. ජෛන ආගම සම්බන්ධව ද ඒ අයුරින්ම සිතිය යුතු යැයි හැගේ.
    ඍෂභදේව වූ කලී සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා ලෙස ජෛන ආගම තුළ පිළිගනී. නමුත් ඔහුට පෙර බොහෝ වූ තීර්ථාංකරයෝ පහළ වූවා විය හැක. මැවුම්වාදීන්ගේ දහස් ගණනක් තරම් කෙටි වූ ලෝක ඉතිහාසයට වැඩි යමක් ජෛන ආගම තුළ පිළිගත් බව පෙනේ. ඉමක් නොපෙනෙන සංසාර චක්‍රය ඔවුහුද පිළිගත්හ. මනුෂ්‍යත්වය දුර්ලභ බව පිළිගත්හ. අසංඛ්‍ය කාලයක් දුක් විදින දුගති තලයන් පිළිගත්හ. උත්තරාධ්‍යනයේ දස වන අධ්‍යනයේ මෙබදු ගාථාවක් දක්නට ලැබේ.

    දෙවෙ නෙරඉඑ යමඉගඔ - උක්කොසං ජීවො උ සංවසෙ,
    එක්කෙක්කභවගහණෙ - සමයං ගොයම මා පමායඑ

    (ආත්මය දිව්‍ය හෝ නිරයගත වූ විට උපරිම වශයෙන් අසංඛ්‍ය කාලයක් එක් එක් භවයක කාලය ගත වන්නේය. ගෞතමය, අප්‍රමාදි වන්න.)

    ඒ අනුව ලෝකය අවිච්චින්නව පවතින බවත්, ආත්මය කර්මය ක්ෂය කරන තුරා මේ සංසාරයේ පවතින බවත් ඔවුන් පිළිගනී. එබැවින් බයිබලයේ තරම් කෙටි කාලපරාසයකට ලෝකාරම්භය හෝ මනුෂ්‍ය උප්පත්තිය ජෛන ආගමේදි ලඝු කොට දක්වා නොමැත.

    මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමුවුන‍ේ ජ‍ෛන ආගමිකම සංක‍ේත කියලා කියන්න බෑ . මව් ද‍ේවිය වන්දනා කිරීම වග‍ේම ස්වස්ථිකය( හින්දු, බෞද්ධ හා‍ ජෛන ආගම් වල ආගමික සංකේතයක් ) වග‍ේම පශුපති (ම‍ෙය ත්‍රිමූර්තිය ප්‍රාථමික අවස්ථාව ල‍ෙසද මතයක් ඇත ) ඇතුලු පූර්ව හින්දු ආගමික සංක‍ේත හම්බ‍ෙනවා ... එතක‍ොට ජ‍ෛනයන් බ්‍රාහ්මන සම්ප්‍රදාය අත් හැරපු දහමක් ... ඉතින් ක‍ෝහමද කියන්න‍ේ නිර්වත් රූපවලින් ජ‍ෛන ආගම වඩා පැරනියි කියලා ?

    ඔබ පවසන දෙය සමග මමත් එකගයි. මොහෙන්ජෝදාරෝ සහ හරප්පා ආශ්‍රිත හමුවූ ප්‍රතිමා ජෛන ආගමටම අයත් යැයි එකහෙලා පැවසීමට සාධක නොමැත. නමුත් එම ප්‍රතිමා ජෛන ආගමට අයත් නැතැයි ද එකහෙලා පැවසීම යුක්ති යුක්ත නැත.
    මන්ද යත්,

    වාග් විද්‍යාවේදීන්ගේ මතයට අනුව වෛදික සංස්කෘතය බිහි වන්නේ ක්‍රි.පූ. 1500 දී පමණ සිදු වෙන ඉන්දු ආර්යයන්ගේ භාරත සංක්‍රමණය (ආක්‍රමණය?) සමගය. නමුත් ඉන්දු නිම්න ශිෂ්ටාචාර ඊට බොහෝ පරණිය.
    එසේ පැමිණි ආර්යයෝ ඍග් වේදය බිහි කර ගත්හ. පසුකාලීන බ්‍රහ්මණ ධර්මයේ අංකුර ස්වභාවය එයයි. නමුත් ඉන්දු නිම්නයේ ශිෂ්ටාචාර ගත වූ පිරිස භාවිතා කළ ආගම හෝ දර්ශනය පිළිබද කරුණු විරළය. ඒ පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර නොමැත. පුරා විද්‍යා මූලාශ්‍ර ද ඉතා අල්පය. එබැවින් හමුවෙන සියලු ප්‍රතිමා හින්දු දහමට බැර කිරීම සාධාරණ නොවේ. ආර්යන් පැමිණෙන විට භාරතය තුළ පැවති ආගම් අතර ජෛනය නොතිබුණා යයි කීමට නොහැක. තිබුණා යැයි සනාථ කිරීමට ද ප්‍රමාණවත් සාධක නොමැත. යම් කිසි හෙයකින් ජෛන ආගම පැවති යේ යැයි අනුමාන කළ හැකි නම් ශිෂ්ටාචාර පිහිටි ප්‍රදේශ තුළින් හමු වූ ඇතැම් ප්‍රතිමා ජෛන ආගමට අයත් විය හැක.

    අනිත් කරුණ අශ‍ෝක රජුරුවන්ග‍ේ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය කියන කතාව බ‍ොරුවක් . ත්‍රිපිටකය සම්පූර්ණ ව‍ෙන්න‍ේ බුදුන් වහන්ස‍ේ ධරමාන කාලය‍ේදීමයි . පළමු ධර්ම සංගායනාව කරන්න‍ේ මුලු ත්‍රිපිටකයම භාවිතා කරමින් .
    මෙය පිළිබද අතිශ්‍ය දීර්ඝව කරුණු දැක් විය හැකිය.. කෙටියෙන්ම කියමි.වර්තමානයේ පිළිගනු ලබන ත්‍රිපිටකයට අයත් බොහෝ කෘති පළමු වන ධර්ම සංගායනාවේ දී පවා නොතිබුන බව බෞද්ධ ග්‍රන්ථ තුළින්ම පැහැදිලි වේ. පෙළ දහමේ බුදු දහම හැදින්වීමට ත්‍රිපිටකය කියා වචනයක් පවා භාවිතා කර නොමැත.මේ ගැන අමුතුවෙන් පැවසීමට වෙහෙස වීමම තරම් නොවේ යැයි හැගේ. කෙසේ නමුත්, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවීරයන් වහන්සේ විසින් විරචිත "පාලි සාහිත්‍යය" පොතෙහි දී පසුකාලීනව (පළමු සංගායනාවට පසුව) ත්‍රිපිටකයේ ඇතැම් අංගයන් හැඩ ගැසුණු බව පෙන්වා දී තිබේ. පායාසි සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය,බක්කුල සූත්‍රය, අස්සලායන සූත්‍රය, අංගුත්තර නිකායේ මුණ්ඩ රාජ වග්ගය , චුල්ල වග්ග පාලිය, ඛුද්දක නිකායේ ඛුද්දක පාඨ වැනි බොහෝ කෘති, කථා වත්ථු ප්‍රකරණය ආදීය පිළිබද සොයා බලන්න.

    82000ක්වූ ධර්මස්කන්ධය බුද්ධ ද‍ේශනා ල‍ෙසත් 2000ක්වූ ධර්මස්කන්ධ මහ රහතුන් විසින් වදාල බවත් ප්‍රකාශවනවා. මුල මැද අග බුද්ධ ද‍ේශනාවටම මනාව පිහිටන බැවින් බුද්ධ භාෂිතය ල‍ෙස 84000ක් වූ මුලු ධර්මස්කන්ධයම සලකනවා ...
    ඔය කියන ධර්මස්කන්ධය නිශ්චිතවම කුමක් දැයි දැක්විය හැකිද?

    දීර්ඝ වශයෙන් විස්තර් කිරීමට ගියහොත් තව තවත් මෙය දීර්ඝ වන බවින් කරුණු කිහිපයක් කියන්නම් සිතා බලන්න.

    ත්‍රිපිටකය තුළ හා සිංහල සාහිත්‍යයේ ඇතැම් තැන් වල විශාල සංඛ්‍යාවක් දැක්වීමට අවශ්‍යය වූ විට අසූහාර දහස යන වචනය භාවිතා කර තිබේ. සිංහලෙන් "සූවාසු දහස" ලෙසද පාලියේ දී "චතුරාසීතිසහස්‌ස" ලෙසද අසූහාරදහස දක්වා තිබේ.

    සුවාසු දහසක්
    යොදුන් ගැඹුරැති මුහුදක්
    ගොඩකරමැයි උදක්
    ලෙහෙනු කළ තැන් වැන්න දවසක් (බුදුගුණාලංකාරය)

    අසුහාරදාහට කේන්ති ගියේය.

    අශෝක රජුහු අසූහාර දහසක් වෙහෙර විහාර තැනවූහ.

    චතුරාසීතිපාණසතසහස්‌සානං තස්‌මිං එව ආසනෙ විරජං වීතමලං ධම්මචක්‌ඛුං උදපාදි.

    තථෙව චතුරාසීති-සහස්‌සානි භුජඞ්‌ගමා;
    හිමවන්‌තෙව ගන්‌ධබ්‌බා - යක්‌ඛා කුම්‌භණ්‌ඩකා බහූ
     
    The Kingslayer

    Well-known member
  • giphy2.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔය ඔය ඉතින් තවත් මෝඩ කතානෙ.
    ජෛන භක්තික රජ කෙනෙක් මොකටද ජෛන ආගමේ දොස් දකින ධර්මයක් රටවල් 9කට යවන්නෙ?
    ජෛන ආගමම යවන්න තිබුණානෙ.
    ඕකට නලින් ද සිල්වා මහත්තයා හොඳ උත්තරයක් දීලා තියෙනවා.
    මට ලිපිය මතක නැහැ.
    එත් ඔහු ඒ අය (මිහිඳු මහරහතන් වහන්සෙගෙන් පස්සෙ ) හඳුන්වන්නෙ අශොක බෞද්ධයන් විදියට .
    හෙළ බෞද්ධයන් කියලා සෙට් එකක් වෙනම ඉඳලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සෙ එන්න කලින්.
    ඒ අය අතරයි අශොක බෞද්ධ සෙට් එකයි අතර ගැටුම් පවා ඇති වෙලා තියෙනවා.

    ඔයා හදනවා මන් ආගමට නිගරු කරන්නෙක් කියලා ඔප්පු කරන්න.
    එත් උත්සහය අසාර්ථකයි.
    තව එක්කෙනෙක් දෙශපාලනෙ ගාවගෙන ත්‍රෙඩ් එක රෙන්න හැදුවා
    එත් ඒ සෙරම ෆේල් ඇටෙම්ප්ට් උනා.
    මොකද හිතුවාට වඩා හොඳ සංවාදයක් මෙතන කෙරෙනවා.
    ඒකට සහය වෙන්නෙ ප්ලීස්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඕකට නලින් ද සිල්වා මහත්තයා හොඳ උත්තරයක් දීලා තියෙනවා.
    මට ලිපිය මතක නැහැ.
    එත් ඔහු ඒ අය (මිහිඳු මහරහතන් වහන්සෙගෙන් පස්සෙ ) හඳුන්වන්නෙ අශොක බෞද්ධයන් විදියට .
    හෙළ බෞද්ධයන් කියලා සෙට් එකක් වෙනම ඉඳලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සෙ එන්න කලින්.
    ඒ අය අතරයි අශොක බෞද්ධ සෙට් එකයි අතර ගැටුම් පවා ඇති වෙලා තියෙනවා.

    ඔයා හදනවා මන් ආගමට නිගරු කරන්නෙක් කියලා ඔප්පු කරන්න.
    එත් උත්සහය අසාර්ථකයි.
    තව එක්කෙනෙක් දෙශපාලනෙ ගාවගෙන ත්‍රෙඩ් එක රෙන්න හැදුවා
    එත් ඒ සෙරම ෆේල් ඇටෙම්ප්ට් උනා.
    මොකද හිතුවාට වඩා හොඳ සංවාදයක් මෙතන කෙරෙනවා.
    ඒකට සහය වෙන්නෙ ප්ලීස්.

    සහෝ, ඔබ යම් අදහසක් ඇතුව මේ නූල ආරම්භ කල බව වැටහෙනවා. නමුත් ඔබ සොයන පිළිතුර මෙමගින් බලාපොරොත්තු නොවන්න.

    එයට හේතු ගොඩක් ඇත. කෙටියෙන් පවසනවානම්, බුදු හාමුදුරුවෝ කාලාමයන්ට දේශනා කරලා තියෙන කාලාම සුත්‍රය කියවන්න. අද බොහෝ පිරිසක් බුදු දහම හා බුද්ධ දේශනා ගැන කතා කරන්නේ එය අමතක කරලයි.

    එසේම ලෝ වැඩ සඟරාවේ "තම තම නැණ පමණින් " කරුණත් සිත්හි තබාගන්න.

    බුදු හාමුදුරුවෝ පවා එකිනෙකාට වෙනස් අයුරෙන් ධර්මය තේරුම් කර දී ඇත්තේ ඒ නිසයි.

    හොඳම උදාහරණය මුල්ම දේශනාව වන දම්සක් සුතුර ශ්‍රවණය කල අය අතුරෙන් අරහත් පලය ලබන්නට හැකි වුයේ කොණ්ඩඥ්ඥ තවුසාට පමණි නේද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,368
    166,757
    113
    එකමත් එක රටක
    හෙළ බෞද්ධයන් කියලා සෙට් එකක් වෙනම ඉඳලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සෙ එන්න කලින්.
    ඒ අය අතරයි අශොක බෞද්ධ සෙට් එකයි අතර ගැටුම් පවා ඇති වෙලා තියෙනවා.

    මේකට සාක්ෂි තියනවා. ලංකාවේ භික්ෂුන් ඉන්දියාවට ගිහින් මෙහෙ බුදු දහම සහ ඉන්දියාවේ බුදු දහම වෙනස් ද වගේ සසදල තියනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    සහෝ, ඔබ යම් අදහසක් ඇතුව මේ නූල ආරම්භ කල බව වැටහෙනවා. නමුත් ඔබ සොයන පිළිතුර මෙමගින් බලාපොරොත්තු නොවන්න.

    එයට හේතු ගොඩක් ඇත. කෙටියෙන් පවසනවානම්, බුදු හාමුදුරුවෝ කාලාමයන්ට දේශනා කරලා තියෙන කාලාම සුත්‍රය කියවන්න. අද බොහෝ පිරිසක් බුදු දහම හා බුද්ධ දේශනා ගැන කතා කරන්නේ එය අමතක කරලයි.

    එසේම ලෝ වැඩ සඟරාවේ "තම තම නැණ පමණින් " කරුණත් සිත්හි තබාගන්න.

    බුදු හාමුදුරුවෝ පවා එකිනෙකාට වෙනස් අයුරෙන් ධර්මය තේරුම් කර දී ඇත්තේ ඒ නිසයි.

    හොඳම උදාහරණය මුල්ම දේශනාව වන දම්සක් සුතුර ශ්‍රවණය කල අය අතුරෙන් අරහත් පලය ලබන්නට හැකි වුයේ කොණ්ඩඥ්ඥ තවුසාට පමණි නේද ?
    ඔව් වෙන්න පුළුවන් .
    අපි ධර්ම කරුණු සහ බුද්ධකාලෙ කතන්දර කටපාඩම් කරලා ඉගෙන ගත්තාට .
    ඒ ඒ ධර්මකොටස් හැම කෙනාටම දෙසුවෙ නැහැ නෙ ?
    අවශ්‍ය පුද්ගලයාට අවැසි තැනදි තමා දෙසුවෙ.
    සිඟාල සිටු පුතාට සිඟාලොවාද සූත්‍රය
    අන්න ඒ වගෙ.
    එකිනෙකාගෙ අවබොධ ඥානය වෙනස් නෙ ?
    එක නිසා විවිධ තැන් වලදි යමක් කමක් තෙරුම් ගන්න පුළුවන් අයට විතරයි බුදුන් ධර්මය දෙශනා කරලා තියෙන්නෙත්.

    ආනන්ද හාමුදුරුවොන්ට විතරයි හැම ධර්ම කරුණම දෙශනා කරෙ හෙතුව ධර්ම භාණ්ඩාගාරික නිසා .

    මේකට සාක්ෂි තියනවා. ලංකාවේ භික්ෂුන් ඉන්දියාවට ගිහින් මෙහෙ බුදු දහම සහ ඉන්දියාවේ බුදු දහම වෙනස් ද වගේ සසදල තියනවා.

    මෙන්න මෙ ලිපියෙ තියෙනවා මන් කිව්ව සීන් එක.
    http://www1.kalaya.org/2015/07/blog-post_2.html
    මෙන්න එකෙන් මන් උපුටාගන්නා කොටසක් .

    "
    මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය.

    එහෙත් එයින් කියැවෙන්නේ දේවානම්පිය තිස්ස රජු දවස මෙරට සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් ඇති වූ බව නො වේ. නැගී එන ඒ සංස්කෘතියට හෙළ බෞද්ධ සංස්කෘතිය සමග ගැටෙන්නට සිදු විය. ගැමුණු තිස්ස යුද්ධය පවා ඒ සටනෙහි කොටසක් විය. අවසානයේ දී හෙළ බෞද්ධ සංස්කෘතිය පරදවා සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත වූයේ පස්වැනි සියවසේ දී ය. ඒ මිහිඳු හිමියන් වැඩම කර අවුරුදු හයසියයක් පමණ ගතවීමෙන් පසුව ය. මහාවංසය ඒ ජයග්‍රහණය ලිඛිතව ඉදිරිපත් කළ ග්‍රන්ථය විය. එහෙත් ඉන්පසු ද කුරුණෑගල යුගය වන තෙක් ම හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග එල්ල විය. දැනට අවුරුදු සියයකට පෙර ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් (ට්‍රයිබ් නො වේ) පැවත එන ඇතැම්හු සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝගාත්මක ව ජීවත්වූහ.

    කෙසේ වෙතත් තුන්වැනි සංගායනාවෙන් පසු අපට ලැබුණු අශෝක බුද්ධාගම නොවන්නට මෙරටින් බුදුදහම නැතිවන්නට ඉඩ තිබිණි. අශෝක බුද්ධාගම යථා කාලයේ දී සිංහල බුද්ධාගම බවට පත්විය. එහි දී හෙළ බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු ද සිංහල බෞද්ධ සංස්කෘතියට හෙවත් සිංහල බුද්ධාගමට අවශෝෂණය කෙරිණි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ රාජ්‍යය විය. එය පණ්ඩුකාභයගේ රාජ්‍යයෙන් වෙනස් විය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර දේවානම්පිය තිස්ස රාජ්‍යය ද පණ්ඩුකාභය රාජ්‍යය විය. එහෙත් මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුව හා දෙවැනි අභිෂේකයෙන් පසු දේවානම්පිය තිස්ස රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය විය."
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    map-is-not-the-territory-this-is-not-a-pipe.jpg

    මට තියෙන ප්‍රශ්ණේ මේක.? පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද.? :confused:

    ධර්මය පැත්තේ නම් ප්‍රශ්න තියෙනවා.හොද හාමුදුරු නමක් එක්ක ප්‍රශ්න නිරාකරණය කරගන්න ඕන වෙලාවක හම්බවෙලා.කර්ම & ඵල Mapping (සම්බන්ධය)/මරණින් මතුපැවැත්ම/ පුනරුප්පත්තිය/ මනස මොළය හා සිත එකක්ද දෙක තුනක්ද වගේ නොසෑහෙන්න ප්‍රශ්න.:baffled:
    අහන්න බයයි මිථ්‍යදෘෂ්ඨිකයෙක් කියලා හිතයි කියලා.ඒ නිසා හාමුදුරුවො කෙනෙක්ම අල්ලගන්න ඕන.මොකද මිථ්‍යාදෘෂ්ඨිය ආනන්තරිය පාපයටත් වැඩිය දරුණුයි කියන නිසා ;)
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    contact mr90486
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙන්න මෙ ලිපියෙ තියෙනවා මන් කිව්ව සීන් එක.
    http://www1.kalaya.org/2015/07/blog-post_2.html
    මෙන්න එකෙන් මන් උපුටාගන්නා කොටසක් .

    "
    මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය.

    එහෙත් එයින් කියැවෙන්නේ දේවානම්පිය තිස්ස රජු දවස මෙරට සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් ඇති වූ බව නො වේ. නැගී එන ඒ සංස්කෘතියට හෙළ බෞද්ධ සංස්කෘතිය සමග ගැටෙන්නට සිදු විය. ගැමුණු තිස්ස යුද්ධය පවා ඒ සටනෙහි කොටසක් විය. අවසානයේ දී හෙළ බෞද්ධ සංස්කෘතිය පරදවා සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත වූයේ පස්වැනි සියවසේ දී ය. ඒ මිහිඳු හිමියන් වැඩම කර අවුරුදු හයසියයක් පමණ ගතවීමෙන් පසුව ය. මහාවංසය ඒ ජයග්‍රහණය ලිඛිතව ඉදිරිපත් කළ ග්‍රන්ථය විය. එහෙත් ඉන්පසු ද කුරුණෑගල යුගය වන තෙක් ම හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග එල්ල විය. දැනට අවුරුදු සියයකට පෙර ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් (ට්‍රයිබ් නො වේ) පැවත එන ඇතැම්හු සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝගාත්මක ව ජීවත්වූහ.

    කෙසේ වෙතත් තුන්වැනි සංගායනාවෙන් පසු අපට ලැබුණු අශෝක බුද්ධාගම නොවන්නට මෙරටින් බුදුදහම නැතිවන්නට ඉඩ තිබිණි. අශෝක බුද්ධාගම යථා කාලයේ දී සිංහල බුද්ධාගම බවට පත්විය. එහි දී හෙළ බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු ද සිංහල බෞද්ධ සංස්කෘතියට හෙවත් සිංහල බුද්ධාගමට අවශෝෂණය කෙරිණි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ රාජ්‍යය විය. එය පණ්ඩුකාභයගේ රාජ්‍යයෙන් වෙනස් විය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර දේවානම්පිය තිස්ස රාජ්‍යය ද පණ්ඩුකාභය රාජ්‍යය විය. එහෙත් මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුව හා දෙවැනි අභිෂේකයෙන් පසු දේවානම්පිය තිස්ස රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය විය."
    haha.jpg

    ඔයා මාරයිනේ...
    ඔයා තොරතුරු ගත්ත මූලාශ්‍ර සුපිරි ඈ.
    ඔය තියෙන්නෙ ඒ ලිපියෙ ඉතිරි කොටස. ඔයා පව්.
     
    • Like
    Reactions: The Kingslayer

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයා හදනවා මන් ආගමට නිගරු කරන්නෙක් කියලා ඔප්පු කරන්න.
    එත් උත්සහය අසාර්ථකයි.
    ........... හිතුවාට වඩා හොඳ සංවාදයක් මෙතන කෙරෙනවා.
    ඒකට සහය වෙන්නෙ ප්ලීස්.

    බුද්ධ චරිතය ගැන ප්‍රශ්නයක් තමයි ඔයා ඇති කළේ. ඉතින් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණද?
    1. ලැබුණා
    2. ලැබුණෙ නෑ
    3. ලැබුණා. ඒත් නෑ වගේ ඉන්නවා.
    4. ලැබුණත් එකයි, නැතත් එකයි. මට ඒක වැඩක් නෑ.
    ගැටුමක් ඇති කරන්න ත්‍රෙඩ් එකක් දැම්මා. නමුත් එහෙම නොවී ධර්මය ගැන හොඳ සංවාදයක් ඇති වුණා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    බුද්ධ චරිතය ගැන ප්‍රශ්නයක් තමයි ඔයා ඇති කළේ. ඉතින් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණද?
    1. ලැබුණා
    2. ලැබුණෙ නෑ
    3. ලැබුණා. ඒත් නෑ වගේ ඉන්නවා.
    4. ලැබුණත් එකයි, නැතත් එකයි. මට ඒක වැඩක් නෑ.
    ගැටුමක් ඇති කරන්න ත්‍රෙඩ් එකක් දැම්මා. නමුත් එහෙම නොවී ධර්මය ගැන හොඳ සංවාදයක් ඇති වුණා.
    මෙකෙ ගැටුමක් ඇති කරන්න බුදුන් ගැන කියන්න ඔනි නැහැ බන්
    මට ගැටුමක් ඇති කරන්න ඔනි නම් මන් කරන්නෙ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලට බැනලා ත්‍රෙඩ් එකක් දාන එක .
    😂 😂 😂
     
    • Haha
    Reactions: indika_sam