වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන පාර්ශ්වනාථ සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. මහවීරට කලින් ජෛන ආගමක් පැවතුනා යන්න විවාද සම්පන්නයි . ඕකත් හරියට ඉස්ලාම් ආගමේ ආදාම් නබිගෙන් පටන්ගෙන් මොහමඩ් නබි දක්වා ඉස්ලාමය ආවාවගේ කතාවක් . ඉස්ලාමයට අනුව ජීසස් කියන්නෙත් නබි වරයෙක් , බුදුන් වහන්සෙත් (ඉසා) නබිවරයෙක් ) . ඉස්ලාම් පරිපූරනත්වයට පත්වුනේ මොහමඩ්නබිගෙන්. ඒක නිසා අතීතයේ සිටි සියලු දෙනා කිව්වේ ඉස්ලාම් ආගම වගේ කතාවක් තමයි තීර්ථංකරයන් 22 කිව්වෙත් ජෛන දහම කියන එකත් .මෙහි සදහන් බහුතරයක් කරුණු සමග මම එකග වෙනවා. නමුත් ඇතැම් කරුණු ඔබ පවසා ඇති පරිදිම සිදු වූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙය කියවන කෙනෙක් ඒ කරුණුම සත්‍ය යැයි සිතා මුළා වීම වැළක්වීම උදෙසා මේ කරුණු ටික කියන්නම්.
පළමු කරුණ නම් මහාවීර ජෛන ආගමේ නිර්මාතෘ නොවීමයි. මහාවීර විසින් ජෛන ආගම තත්කාලීන සමාජය තුළ ප්‍රචලිත කරනු ලැබීය. ජෛන ආගමේ දී ජෛන දහම දේශනා කළ ජෛන ශාස්තෘවරු 23 දෙනෙක් පිළිබද කියැවේ.24 වෙනියා ලෙස මහාවීර හදුන්වනු ලබයි. මෙය බුද්ධාගමේ අටවිසි බුදුවරුන්ගේ සංකල්පයට සමානය. නමුත් බුදු දහමේ දි බුදුවරු පහළ වන කාල පරාසය කල්ප ගණනින් වෙන් කර ඇත. එනම් අතිදීර්ඝය. එහෙත් ජෛන දහමෙහි දි ශාස්තෘවරු පහළ වීමට එතරම් දීර්ඝ කාලයක් ගත වී නොමැත. මහාවීර (නිගණ්ඨ නාථ) පහළ වන්නේ ඔහුට පෙර සිටි "පාර්ශ්වනාථ" නම් ජෛන ශාස්තෘවරයාගේ අභාවයෙන් වසර 250ක් ඉක්ම ගිය පසුවය.
එසේ නම් නිගණ්ඨ නාථට පෙර සිටම ජෛන ආගම පැවතියේ ද? ඔව් පැවති බවට සාධක පවති. මොනවද ඒ සාධක? එහිලා පැරනිතම සාධකය ඍග් වේදයෙන් හමුවේ. එනම් ජෛන ආගමේ සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා වන ඍෂභදේව පිළිබදව ඍග්වේදයේ සදහන් වීමයි(10 වන මණ්ඩලයේ 12 වන් සූක්තයේ 166 වන ඍච් එක) එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විෂ්ණු පුරාණය තුළ ද ඔහු පිළිබද සදහන් වීමයි. ඊටත් එහා අතීතයට ගිය කල්හි මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමු වූ නිරුවත් මානව රූප වලට අයිතිවාසිකම් කියන්නට හැකි එකම භාරතීය ආගම ජෛන ආගම වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ.
දෙවන කරුණ නම් මහාවීර අවබෝධ කර ගත්තා යැයි පැවසෙන "කේවල් ධ්‍යානය" වනාහී ප්‍රථම ධ්‍යානය යැයි හැදින් වීමයි. සම්පූර්ණයෙන්ම සාවධ්‍ය මතයක් යයි සිතමි. මන්ද යත්, ජෛන ආගම තුළ කේවළ ධ්‍යානය/ ඥානය යනු සත්‍යය, දණ්ඩනය, ආත්ම දමනයේ හා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ උපරිම තලයට ලගාවීම ලෙස හදුන්වා තිබීමයි. ප්‍රථම ධ්‍යානය ලබා ගනීමට දැඩි වෘත අනුගමනය කළ යුතු නොවන බව පැහැදිලිය. එකල ප්‍රථම ධ්‍යානය ලැබූ ඍෂිවරු විශාල වශයෙන් විසූ බව බෞද්ධ කෘති තුළින් වුව පැහැදිළි වේ. උද්දකරාම පුත්තාදීහූ වූ කලී නේවසංඤ්ඤානාඤ්ඤායතනය වැනි අරූපාවචර ධ්‍යාන පවා උපදවාගෙන සිටි ඇදුරෝය. කේවල ඥානය වූ ජෛන ආගමට ආවේනික වූවකි. බෞද්ධයන්ට බුද්ධත්වය යම්සේ ද ජෛනයන්ට කේවල ඥානය එබදුය.
තෙවැනි කරුණ නම් ජෛන ආගම තුල අවිහිංසාවාදය පමණක් අතීතයේ පැවති බව පැවසීම හා පසු කාලීනව කර්මය හා ආත්මය පිළිබද සංකල්ප පහළ වූ බව පැවසීමයි. මේ පිළිබද් පවසීමට ගියහොත් මෙය දීර්ඝ වෙන බැවින් කරුණු කිහිපයක් පමණක් කියමි. ජෛන තවුසන් කෙළෙස් තවන කතා කොතෙකුත් බෞද්ධ ග්රන්ථ තුළ හමුවේ. කෙලෙස් (කර්මයෝ) තැවීම ලෙස ඔවුන් අනුගමනය කලේ අත්තකිලමතානු යෝගයයි. කර්මයක් විශ්වාස නොකලේ නම් ශරීරයට අධික දුක් දෙමින් පෙර කළ කර්ම තැවීමට ඔවුහු උත්සහ කළේ ඇයි? ආත්මයක් පිළිබද ඔවුන් විශ්වාස නොකළේ නම් විමුක්තිය ලගා කර ගන්නේ කුමක් සදහාද?
සතර වෙනි කරුණ නම් ජෛන පිටක ග්රන්ථයෝ ඔබ සිතන තරම් පශ්චාත් කාලීන නැත. චන්ද්‍රගුප්ත රජ දවස ජෛන ධර්ම සංගායනාවක් පැවතියහ. එහිදී ජෛන ධර්මය ග්රන්ථ 14කට අඩංගු කළහ. චන්ද්‍ර ගුප්ත වූ කලී අශෝක රජුගේ සීයා ය. අශෝක රජ දවස පැවැත් වූ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය. (ඊට පෙර භාණක පරපුර පැවතියහ. බෞද්ධයෝ පමණක් නොව සෑම ආගමක්ම පාහේ මුව පරම්පරාවෙන් ස්වකීය ලබ්ධිය රැගෙන ආහ.) එසේනම් ත්‍රිපිටකය අංග සම්පූරණ වීමට පෙර ජෛන ආගමේ ද එක් සංගායනාවක් තබා ග්රන්ථ සම්පාදනයක් කර තිබේ.
මේ ආදි වශයෙන් කිව යුතු දෑ බොහෝ වුව මෙතකින් නිමා කරමි. නිර්වස්ත්‍ර වූ නිගණ්ඨයන්ගේ හෙළුව වැසීමට මට ඇවැසි නැති මුත්, යථාර්ථය පිළිගත යුතුව ඇත. බුදු දහම හා ජෛන ආගමෙහි හර පද්ධතිය එකිනෙකට වෙනස්ය. නමුත් ඒ දර්ශනවාද දෙකෙහි වූ ඇතැම් කරුණු එකිනෙකට මුසුවී ඇත.
සෘග් වේදයේ කතාව මා තවදුරටත් සොයා බැලිය යුතුයි . ඒ පිලිබද නිවැරදි අදහසක් මට නෑ. වෘෂභනාථගෙන් පටන්ගත්ත ජෛන ආගම මිනිසාගේ උත්පත්තිය දක්වා පැරනියි කියන අදහසයි ජෛනයන් තුල තියෙන්නේ .. මුල් 22 හා අවසාන දෙදෙනා අතර කාල පරාසය බලන කොට බයිබලයේ මිනිසාගේ උපත දැක්වෙන ඉතා කෙටි කාලයම ජෛනයන් පිලිගත්තාද කියන අදහසක් ඇතිවෙනවා . මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමුවුනේ ජෛන ආගමිකම සංකේත කියලා කියන්න බෑ . මව් දේවිය වන්දනා කිරීම වගේම ස්වස්ථිකය( හින්දු, බෞද්ධ හා ජෛන ආගම් වල ආගමික සංකේතයක් ) වගේම පශුපති (මෙය ත්‍රිමූර්තිය ප්‍රාථමික අවස්ථාව ලෙසද මතයක් ඇත ) ඇතුලු පූර්ව හින්දු ආගමික සංකේත හම්බෙනවා ... එතකොට ජෛනයන් බ්රාහ්මන සම්ප්රදාය අත් හැරපු දහමක් ... ඉතින් කෝහමද කියන්නේ නිර්වත් රූපවලින් ජෛන ආගම වඩා පැරනියි කියලා ?
කේවල් ධ්‍යානය කුමක් වුවත් එය පූර්නත්වයට පත්වීමක් නොවන බවට අවසන් කාලයේ මහවීර එයින් පිරිහී ගිය බවට කතා පවතින බැවින් සලකන්න වෙන්නේ ....
මහවීරගේ පූර්ව නම් ග්රන්ථ 14 සටහන් කරන විට බුද්ධ ධර්මය පිලිබද සංගායනා 2ක අවසන් . ජෛන සමය භද්‍රබාහු ක්‍රි.පූ 4 වන සියවස අගදී අංග නමින් ග්රන්ථ12 ක් සකස් කරපු බවත් අවසානයේ ක්‍රි.ව 6 වන සියවසේදී සියලු ග්රන්ථ එකතුකර ප්රකෘත භාෂාවෙන් තනි ඒකකයක් සකස් කරපු බවයි කියන්නේ ... අනිත් කරුණ අශෝක රජුරුවන්ගේ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය කියන කතාව බොරුවක් . ත්‍රිපිටකය සම්පූර්ණ වෙන්නේ බුදුන් වහන්සේ ධරමාන කාලයේදීමයි . පළමු ධර්ම සංගායනාව කරන්නේ මුලු ත්‍රිපිටකයම භාවිතා කරමින් . 82000ක්වූ ධර්මස්කන්ධය බුද්ධ දේශනා ලෙසත් 2000ක්වූ ධර්මස්කන්ධ මහ රහතුන් විසින් වදාල බවත් ප්‍රකාශවනවා. මුල මැද අග බුද්ධ දේශනාවටම මනාව පිහිටන බැවින් බුද්ධ භාෂිතය ලෙස 84000ක් වූ මුලු ධර්මස්කන්ධයම සලකනවා ... එබැවින් 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විමක් උනේ නෑ . දුර්මත එකතුවී තිබුනානම් ඉවත් කිරීමයි සිදුවුනේ ...
ආගමික කරුණු ඕන තරම් ඕවර් ලැප් වෙන්න පුලවන් උනා කියන එකෙන් ඒවා එකක් කොපි කෙරුවාද නැද්ද කියන්න බෑ. බුදුන් වහනසේ පහල වන විටත් පංචශීලය තිබුනා .. බුදුන් වහන්සේ ඒවා අනුමත කිරීමෙන් බුදු දහම කොපි කරපු බවක් වත් , එවක පැවති වෙනත් ආගමක දිගුවක් ලෙසවත් සලකන්න බෑ ..



