බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    පෝස්ට් එකට තරමක් අනදාළ දෙයක්: මමනම් කියන්නෙ බුද්ධගෙ දර්ශනය විතරක් නෙමේ පුරාණ ඉන්දියාවෙ දර්ශණ සෙට් එකම අධ්‍යයනය නොවීම බුද්ධාගම ඉගෙනගන්න අය අතින් වෙන ලොකු අඩුපාඩුවක්. වේදික ධර්ම, උපනිෂද්, ජෛන මහාවීර, බුද්ධ, නාගර්ජුන, මීමම්සා වගේ අය වටා හැදුන විවිධාකාර ගුරුකුළ වලින් දැනුම සකස් වුනේ කොහොමද, ඒ කාරණා ඔවුන් එකිනෙකා අතින්ම අභ්යෝගයට සහ පසුව විකසනයට/සංශෝදනයට ලක් වුනේ කොහොමද කියන සම්පූර්ණ චිත්‍රය තේරුම් ගත්තයින් පස්සෙ ජනප්‍රිය (සිංහල) බුද්ධාගමේ තියෙන කර්මය, සංසාර සංකල්ප විතරක්නෙමේ සමහර සූත්‍ර කාරණා පවා අපිට බුද්ධාගමට ලියාගන්න අධිකාරයක් නැති බව පේන්න ගන්නව (එහෙම නෑ කියල හිතෙන්නෙ පසුබිම් දාර්ශනික සාකච්ඡා ගැන නොදැනුම නිසා). උදාහරණයක් විදිහට බුද්ධගෙ සංකල්ප වලට මහාවීර විසින් සිද්ධාර්ථ ඉපදෙද්දිම හදල තිබුන ජන විඥ්ඥාණය බලපෑමක් කරනව වගේම බුද්ධගෙ පරිණිර්වානයෙන් යම් කාලෙකට පස්සෙ නාගර්ජුන, බද්‍රායන, සූත්‍රමීමම්සා වගේ ගුරුකුළ සෙට් එකක් බුද්ධ කිව්ව දේවල් ලිහාගන්න අවුරුදු ගාණක කාලයක් පුරාවට විහිදෙන සාකච්ජාවක් යනව, ඒ අයගෙම දාර්ශනික අදහස් ගොඩනැංවීමට අමතරව. ඒ කෑල්ල සම්පූර්ණයෙන්ම මිස් වෙනව (සිංහල) බුද්ධාගම විතරක් ෆෝකස් කරන් හිටියොත්. නාලන්දාවෙ ඇතිඋන ඔය ගුරුකුළ බණ කිය කිය හිටියෙ නෑ...ඒ අය ශාස්ත්‍රීය කියැවීමක යෙදිල හිටියෙ. අනුගමනය කරන්න කලින් මේ දර්ශන වලින් මොන ලබ්බක් ගැනද කියන්නෙ කියන එක නිරවුල් කරගන්න එපැයි නේහ්.
    .
    .
    උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම්; බුද්ධ කරේ මහාවීර කිව්ව දේවල්ම රීපැකේජ් කරපු එක කියන්න තරම් බොළඳ වෙන්නෙ නෑ මම. ඒ දෙකේ පැහැදිලි න්‍යායික වෙනස්කම් තියෙනව වගේම බුද්ධ අතින් ජෛන දර්ශනයට විරුද්ධව යන යම් යම් කොටස් එකතු වෙලා තියෙනව. ඒත් හුදී ජනයා අදහන ජනප්‍රිය බුද්ධාගම කියන එකේ අඩංගු වෙන ගොඩක් දේවල් ජෛන සංස්කෘතිය නිසාම බුද්ධට (හෝ බුද්ධ භාෂිතය පසුව ලේඛනගත වීමේදි) එකතු උන ඒව. ඒවත් බුද්ධදර්මයෙහි ලා සළකන එකේ ලොකු අවුලක් නෑ, කතෝලික ධර්මය ඇතුලෙ හෙලනික දර්ශනයෙ යම් යම් බලපෑම් තිබුනයි කියල ඒකට කතෝලික නොකිය ඉන්නෙ නෑනෙ. ඒත් බුද්ධ ගෙ දාර්ශනික දායකත්වය තියෙන්නෙ ඒ ජනප්‍රිය කෑල්ලෙන් එලියෙ. මම මේ කියන්න හදන්නෙ මිනිස්සුන්ගෙ කට වහරෙ තියෙන "කර්මය", "සංසාරය", "පුනර්උප්පත්ති" වගේ බුද්ධාගම කිව්ව ගමන් ඔලුවට එන පොප් කාරණා වල ඇත්තම ප්‍රභවය වෙන්නෙ මහාවීර (ඒව පොප් උන පළියට වැරදි කියල නෙමේ කිව්වෙ). ඕක ඉතින් අනාදිමත් කාලෙක ඉඳල ලංකාවෙ බුද්ධාගම රැකුනෙ බණ කියන සංස්කෘතියක විනා බණ සාකච්ඡා කරන සසංස්කෘතියක නොවීමෙ ප්‍රතිඵලයක් මං හිතන්නෙ.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පෝස්ට් එකට තරමක් අනදාළ දෙයක්: මමනම් කියන්නෙ බුද්ධගෙ දර්ශනය විතරක් නෙමේ පුරාණ ඉන්දියාවෙ දර්ශණ සෙට් එකම අධ්‍යයනය නොවීම බුද්ධාගම ඉගෙනගන්න අය අතින් වෙන ලොකු අඩුපාඩුවක්. වේදික ධර්ම, උපනිෂද්, ජෛන මහාවීර, බුද්ධ, නාගර්ජුන, මීමම්සා වගේ අය වටා හැදුන විවිධාකාර ගුරුකුළ වලින් දැනුම සකස් වුනේ කොහොමද, ඒ කාරණා එකිනෙක අභ්යෝගයට සහ පසුව විකසනයට/සංශෝදනයට ලක් වුනේ කොහොමද කියන සම්පූර්ණ චිත්‍රය තේරුම්
    ගත්තයින් පස්සෙ ජනප්‍රිය (සිංහල) බුද්ධාගමේ තියෙන කර්මය, සංසාර සංකල්ප විතරක්නෙමේ සමහර සූත්‍ර කාරණා පවා අපිට බුද්ධාගමට ලියාගන්න අධිකාරයක් නැති බව පේන්න ගන්නව (එහෙම නෑ කියල හිතෙන්නෙ පසුබිම් දාර්ශනික සාකච්ඡා ගැන නොදැනුම නිසා). උදාහරණයක් විදිහට බුද්ධගෙ සංකල්ප වලට මහාවීර විසින් සිද්ධාර්ථ ඉපදෙද්දිම හදල තිබුන ජන විඥ්ඥාණය බලපෑමක් කරනව වගේම බුද්ධගෙ පරිණිර්වානයෙන් යම් කාලෙකට පස්සෙ නාගර්ජුන, බද්‍රායන, සූත්‍රමීමම්සා වගේ ගුරුකුළ සෙට් එකක් බුද්ධ කිව්ව දේවල් ලිහාගන්න අවුරුදු ගාණක කාලයක් පුරාවට විහිදෙන සාකච්ජාවක් යනව, ඒ අයගෙම දාර්ශනික අදහස් ගොඩනැංවීමට අමතරව. ඒ කෑල්ල සම්පූර්ණයෙන්ම මිස් වෙනව (සිංහල) බුද්ධාගම විතරක් ෆෝකස් කරන් හිටියොත්. නාලන්දාවෙ ඇතිඋන ඔය ගුරුකුළ බණ කිය කිය හිටියෙ නෑ...ඒ අය ශාස්ත්‍රීය කියැවීමක යෙදිල හිටියෙ. අනුගමනය කරන්න කලින් මේ දර්ශන වලින් මොන ලබ්බක් ගැනද කියන්නෙ කියන එක නිරවුල් කරගන්න එපැයි නේහ්.
    .
    .
    උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම්; බුද්ධ කරේ මහාවීර කිව්ව දේවල්ම රීපැකේජ් කරපු එක කියන්න තරම් බොළඳ වෙන්නෙ නෑ මම. ඒ දෙකේ පැහැදිලි න්‍යායික වෙනස්කම් තියෙනව වගේම බුද්ධ අතින් ජෛන දර්ශනයට විරුද්ධව යන යම් යම් කොටස් එකතු වෙලා තියෙනව. ඒත් හුදී ජනයා අදහන ජනප්‍රිය බුද්ධාගම කියන එකේ අඩංගු වෙන ගොඩක් දේවල් ජෛන සංස්කෘතිය නිසාම බුද්ධට (හෝ බුද්ධ භාෂිතය පසුව ලේඛනගත වීමේදි) එකතු උන ඒව. ඒවත් බුද්ධදර්මයෙහි ලා සළකන එකේ ලොකු අවුලක් නෑ, කතෝලික ධර්මය ඇතුලෙ හෙලනික දර්ශනයෙ යම් යම් බලපෑම් තිබුනයි කියල ඒකට කතෝලික නොකිය ඉන්නෙ නෑනෙ. ඒත් බුද්ධ ගෙ දාර්ශනික දායකත්වය තියෙන්නෙ ඒ ජනප්‍රිය කෑල්ලෙන් එලියෙ. මම මේ කියන්න හදන්නෙ මිනිස්සුන්ගෙ කට වහරෙ තියෙන "කර්මය", "සංසාරය", "පුනර්උප්පත්ති" වගේ බුද්ධාගම කිව්ව ගමන් ඔලුවට එන පොප් කාරණා වල ඇත්තම ප්‍රභවය වෙන්නෙ මහාවීර (ඒව පොප් උන පළියට වැරදි කියල නෙමේ කිව්වෙ). ඕක ඉතින් අනාදිමත් කාලෙක ඉඳල ලංකාවෙ බුද්ධාගම රැකුනෙ බණ කියන සංස්කෘතියක විනා බණ සාකච්ඡා කරන සසංස්කෘතියක නොවීමෙ ප්‍රතිඵලයක් මං හිතන්නෙ.
    ඔයත් අර "මරණයෙන් පසු කිසිවක් නැත" හෝ "මරණයෙන් පසු සදාකාලික වූ දෙයක් ඇත" කියන දෘෂ්ඨි දෙකෙන් එකක් දරන කෙනෙක්.
     
    • Like
    Reactions: NRTG and Champ HB

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    ඔයත් අර "මරණයෙන් පසු කිසිවක් නැත" හෝ "මරණයෙන් පසු සදාකාලික වූ දෙයක් ඇත" කියන දෘෂ්ඨි දෙකෙන් එකක් දරන කෙනෙක්.
    මම ඔය දෙකෙන් කිසිම දෘෂ්ඨියක් දරන්නෑඕයි. මට පුකේ ඉඳන් පිස්සු නෑ දඩාර උපන්‍යාස උඩ පදනම් උන අවිනිශ්චිත දැනුම් පද්ධති එකපාර ඔලුවට ඇරගෙන අදහන්න. මන් තාම කන්සිඩර් කරනව, කියවනව. උඹලට සීන් එක සක්සුදක්සේ පැහැදිලියිනම් ලයිව්ස්ට්‍රීම් එකක් දාල කියල දීපන් ඉතින් අපිටත් අහන්න.

    මන් බෞද්ධයෙකුත් නෙමේ අනිත් අතට (දෙමව්පියො සි.බෞ). මේ ඉන්න විදිහට ඒ ලේබල් එක ගහගන්න එක බුද්ධාගමටයි මටමයි කරන අසාදාරණයක්.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මහත්තයෝ "සියල්ල" කුමක්ද යන්න සබ්බ සූත්‍රයේ විස්තර කරනවා. පොඩ්ඩක් ගිහින් කියෙව්වොත් නරකද?
    මහත්තයෝ මහත්තයා බැදලද ..ළමයි එහෙම ඉන්නව නම්..ළමයින් ට ගෑනිට කන්න දෙන්න,ස්⁣කෝ⁣ලේ යන්න සල්ලි එහෙම හොයන්න ඕන නේද

    උබට පුළුවන් ද
    උබේ වයිෆ්වයි ලමයිනුයි දාල කැලේට ගිහින් මහනදම් පුරන්න
    සිදුහත් කුමාරයා ගිහි ගෙය අත ඇරල ගියා වගේ යසෝධරා රාහුලයි දාල ගියා වගේ

    උබට පුච්චන්න සල්ලි තියනව නම් අතට පයට වැඩ කාරයෝ ඉන්නව නම් ඕන රෙද්දක් කරන්න පුළුවන්

    මට ඔය මහා සූත දේශණා නිවන අරව මේවා වැඩක් නෑ.කෑවා බිව්වා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා.

    උබට පුළුවන් ද සියල්ල අත්හරින්න
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම ඔය දෙකෙන් කිසිම දෘෂ්ඨියක් දරන්නෑඕයි. මට පුකේ ඉඳන් පිස්සු නෑ දඩාර උපන්‍යාස උඩ පදනම් උන අවිනිශ්චිත දැනුම් පද්ධති එකපාර ඔලුවට ඇරගෙන අදහන්න. මන් තාම කන්සිඩර් කරනව, කියවනව. උඹලට සීන් එක සක්සුදක්සේ පැහැදිලියිනම් ලයිව්ස්ට්‍රීම් එකක් දාල කියල දීපන් ඉතින් අපිටත් අහන්න.

    මන් බෞද්ධයෙකුත් නෙමේ අනිත් අතට. මේ ඉන්න විදිහට ඒ ලේබල් එක ගහගන්න එක බුද්ධාගමටයි මටමයි කරන අසාදාරණයක්.
    ඔයා හෙට මැරුණොත් ඊට පස්සෙ ඔයාට මොනවද වෙන්නෙ කියන එක ගැන අදහසක් තියෙනවද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    ඔයා හෙට මැරුණොත් ඊට පස්සෙ ඔයාට මොනවද වෙන්නෙ කියන එක ගැන අදහසක් තියෙනවද?
    කොහෙත්ම නෑ.

    තර්ක බුද්ධියෙන් විතරක් ඇහුවොත් නම් ඔලුව කියන්නෙම මුකුත් නෑ කියල (ඒ කිව්වෙ ද්‍රව්‍යවාදී පදනමකින්, පාරභෞතික ආස්ථානෙකින් නෙමේ). ඒත් ඒක උත්තරයක් හැටියට ඇරගෙන නෑ.

    හරියට දන්නෙ නෑ.

    කරපු කර්ම අනුව ඊළඟ උපත සකස් වෙනවා.

    මං හිතන්නෙ උඹ වගේ උන් සහ අපි වගේ උන් වෙන්වෙන්නෙ අවිනිශ්චිතතාව කළමණාකරනය කරගන්න විදිහෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    කරපු කර්ම අනුව ඊළඟ උපත සකස් වෙනවා.
    ඒක හරියටම එහෙමයි කියලා කියන්න බෑනේ මචන්. අපි ඉපදුන ආගමේ කියලා තියන දේ විශ්වාස කරගෙන ඉන්න එක තමයි ගොඩක්ම අපි කරන්නේ.. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මහත්තයෝ මහත්තයා බැදලද ..ළමයි එහෙම ඉන්නව නම්..ළමයින් ට ගෑනිට කන්න දෙන්න,ස්⁣කෝ⁣ලේ යන්න සල්ලි එහෙම හොයන්න ඕන නේද

    උබට පුළුවන් ද
    උබේ වයිෆ්වයි ලමයිනුයි දාල කැලේට ගිහින් මහනදම් පුරන්න
    සිදුහත් කුමාරයා ගිහි ගෙය අත ඇරල ගියා වගේ යසෝධරා රාහුලයි දාල ගියා වගේ

    උබට පුච්චන්න සල්ලි තියනව නම් අතට පයට වැඩ කාරයෝ ඉන්නව නම් ඕන රෙද්දක් කරන්න පුළුවන්

    මට ඔය මහා සූත දේශණා නිවන අරව මේවා වැඩක් නෑ.කෑවා බිව්වා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා.

    උබට පුළුවන් ද සියල්ල අත්හරින්න
    මචං උඹ කියන්නෙ වෙන දෙයක් ගැන.
    "සියල්ල" කියන්නෙ මොකද්ද කියන එක ගැන "සබ්බ සූත්‍රය" කියන සූත්‍ර දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියන එකයි ඒ කියලා තියෙන්නෙ. උඹ ඒක අනිවාර්යෙන්ම කියවන්න ඕනෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම ඔය දෙකෙන් කිසිම දෘෂ්ඨියක් දරන්නෑඕයි. මට පුකේ ඉඳන් පිස්සු නෑ දඩාර උපන්‍යාස උඩ පදනම් උන අවිනිශ්චිත දැනුම් පද්ධති එකපාර ඔලුවට ඇරගෙන අදහන්න. මන් තාම කන්සිඩර් කරනව, කියවනව. උඹලට සීන් එක සක්සුදක්සේ පැහැදිලියිනම් ලයිව්ස්ට්‍රීම් එකක් දාල කියල දීපන් ඉතින් අපිටත් අහන්න.

    මන් බෞද්ධයෙකුත් නෙමේ අනිත් අතට. මේ ඉන්න විදිහට ඒ ලේබල් එක ගහගන්න එක බුද්ධාගමටයි මටමයි කරන අසාදාරණයක්.
    මහත්තයෝ ප්‍රස්න දෙකක් තියෙනවා.
    1. නිශ්චිත දැනුම් පද්ධතිත් තියෙනවාද?
    2. ඔය "ඇරගෙන" කියන වචනය නුවර පලාතට/ උඩරටට සිමාවූවක්ද?

    map-is-not-the-territory-this-is-not-a-pipe.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒක හරියටම එහෙමයි කියලා කියන්න බෑනේ මචන්. අපි ඉපදුන ආගමේ කියලා තියන දේ විශ්වාස කරගෙන ඉන්න එක තමයි ගොඩක්ම අපි කරන්නේ.. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    ක්‍රම තුනයි තියෙන්නෙ.
    1. දෙවියෙකුගේ කැමැත්ත
    2. අවිනිශ්චිතතාව/සම්භාවිතාව (හෙවත් ප්‍රශ්නයෙන් පලා යාම)
    3. හේතූන් නිසා හට ගත් ප්‍රතිඵල

    කැමති කෙනෙකුට ඔය තුනම අධ්‍යනය කරන්න පුලුවන්.
    හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) නිවැරදිව, අර්ථ සහිතව, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමසන කෙනාට තේරෙනවා මේ විදිහටම තමයි සිද්ධ වුණේ, වෙන විදිහකට නෙමේ කියන එක.

    මරණයෙන් පසු ජීවිතය ගැන මේ විදිහට දෘෂ්ඨි දෙකක් තියෙනවා.
    1. මරණයෙන් පසු කිසිවක් නැත (අවිනිශ්චිතාව/සම්භාවිතාව කියන අය)
    2. මරණයෙන් පසු සදාකාලික වූ දෙයක් ඇත. (දේවවාදී ආගම්)
    මේ දෘෂ්ඨි දෙකම බිඳින්නෙ පටිච්ච සමුප්පාදයෙන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු වලින් මේ වගේ තෙර්ඩ් තමා බලාපොරොත්තු වෙන්ඩ වෙන්නෙ..උබලට හරි යන්නෙ හම්බ් ආගම ආන්න ආගම උබලට එලටම ගැලපෙනව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ගු ඇන් පි ගොන් බඩු වලින් මේ වගේ තෙර්ඩ් තමා බලාපොරොත්තු වෙන්ඩ වෙන්නෙ..උබලට හරි යන්නෙ හම්බ් ආගම ආන්න ආගම උබලට එලටම ගැලපෙනව
    ඔන්න ඉතිං එකටත් දේශපාලනේ ගාවගත්තා. උඹනං නිගන්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙක්නේ කොහොමත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඉතිං එකටත් දේශපාලනේ ගාවගත්තා. උඹනං නිගන්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙක්නේ කොහොමත්
    දෙශපාලනේ තමයි වෙන මොකක්වත් නෙමේ..ගු ඇන් පි කරයො තමයි මේ වගේ මොන්ගල් තෙර්ඩ් දන්නෙ.. උන්ට තමයි සිoහල මිනිස්සු අදහන විස්වාස කරන බුද්ධාගම සහ කිස්තියානි ආගම එක්ක තරහ තියෙන්නෙ..

    මේ කිරියෙ ගු ඇන් පි කාරයෙක් මිසක් වෙන කවුdha මෙහෙම සිහලුන්ගෙ ආගම් වලට ගරහන්නෙ??????