බුද්ධ ධර්මයේ පරිහානිය සඳහා නැගී සිටිමු

hpalpola

Well-known member
  • බුද්ධ ධර්මයේ පරිහානිය සඳහා නැගී සිටිමු.

    බුද්ධත්වයට පත් වූ බුදුරජාණන්වහන්සේ ඉසිපතනයේ මිගදායේ දී දහම් සක පැතිරවූ සේක. එසේ ටික කලක් ගත වන විට ඒ ධර්මය අසා පැහැදුනු බොහෝ පිරිස් බුද්ධ ධර්මය වටා එක් රැස්විනි. එම තත්ත්වය නොඉවසූ මාරයා (සමහරුන්ට අනුව නම් මාරයා සංකල්පයකි) බුදුරජාණන්වහන්සේ හමු වී පිරිනිවන් පෑමට ඉල්ලා සිටියේ ය. සිව්වනක් පිරිස පහල වී මනාව තැන්පත් වන තෙක් පිරිනිවන් නොපාන බවට එහිදී බුදුරජාණන්වහන්සේ ඔහුට දැනුම් දුන් සේක. පසුව අවුරුදු 80 ක් පමණ ගත වූ කල්හි ද මාරයා මේ ආරාධනාවම කලේ ඒ වන විට සිව්වනක් පිරිස ලොව පහල වී තිබීම අරමුණු කර ගනිමිනි. බුදුරජාණන්වහන්සේ එවර ආරාධනාව ඉවසූ සේක. නමුත් පිරිනිවන් පෑමට පෙර උන්වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු කරගන්නා ලෙසින් ඉල්ලා සිටි සේක. අද වන විට බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා සම්මත ක්‍රමයට සලකා බැලුවහොත් වසර 2500 ඉක්මවී තිබේ. අද අපට රහතුන්වහන්සේලා මුණ නොගැහෙන මට්ටම පමණක් නොව විවාහ වූ භික්ෂූන්වහන්සේලා පවා මුනගැසෙන මට්ටමට ශාසනය පැමිණ ඇත. ධර්මතාවය වන්නේ ගෞතම බුද්ධ ශාසනයද දිනක කාලයාගේ ඇවෑමෙන් ආවරණය වී යෑමයි. එවැනි තත්ත්වයකදී සද්ධර්මයේ පරිහානිය සඳහා අපට දායක විය හැකි ආකාරය පිළිබඳව යමක් සටහන් කර තැබීම සුදුසු බවක් පෙනේ. ධර්මය රැකීමට නොයෙක් කමිටු, සංගම්, නිකායවල් තිබුනත් ධර්මය විනාශ කිරීමට එවැනි ⁣සංවිධාන නැත. එවැනි විටක විපක්ෂ මතවාද කරළියට නොපැමිණේ. අද මේ මාතෘකාව මා තෝරා ගත්තේ එනිසාවෙනි. මේ සඳහා මූලාශ්‍රය ලෙසින් අංගුත්තර නිකායේ කිම්බිල සූත්‍රය තෝරා ගනිමි.

    වරක බුදුරජාණන්වහන්සේ කිම්බිලා නුවර වාසය කරද්දී කිම්බිල ස්වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේ හමු වී ප්‍රශ්නයක් අසයි.

    "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සද්‍ධර්‍මය බොහෝ කල් නොපවත්නේ වේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද ?"

    අසන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සද්ධර්මය බොහෝ කල් නොපවත්නේ නම් ඊට හේතු කුමක් ද කියායි. මීට හේතු කීපයකින් බුදුරජාණන්වහන්සේ පිළිතුරු දේශනා කරයි.

    "කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්‍ෂූහු. භික්‍ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තාෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ධර්‍මයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කෙරෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. අප්‍රමාදයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්."

    මේ ලෙසින් ජීවත් වද්දී සද්ධර්මය පිරිහෙන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. මෙහි කරුණු 6 කි.
    සද්ධර්මයේ පරිහානිය සඳහා ඔබ විසින් මේ කරුණු 6 අනුගමනය කළ යුතු ය. මෙතෙක් ඔබ ඒ කරුණු 6 අනුගමනය කලේ, නැත්නම් සංවර්ධනය කලේ නැත් ද? එසේ නම් මේ ඊට අවස්ථාවයි.

    තවදුරටත් බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රයේ දී බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සද්ධර්මය කාලයක් පැවැතීමේ හේතු ද 6 ක් දේශනා කරයි.

    "කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්‍ෂූහු. භික්‍ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ධර්‍මයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. සංඝයා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. අප්‍රමාදයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්."

    ඔබ මේ කරුණු 6 පුහුණු කරන්නේ නම් කරන්නේ සද්ධර්මයේ පැවැත්ම සඳහා වන කටුයුතු ය. නමුත් එසේ කලානම් අද ධර්මය තිබිය යුත්තේ කොහේ ද? ඔබට මේ ප්‍රශ්නය ඇසුවහොත් දිය හැකි පිළිතුරක් පවතින්නේ ද?

    අද ධර්මය නිකායන්ට, අසපුවලට, ආරාමවලට, රේඩියෝ - TV චැනල්වලට බෙදී නොමැතියැයි කිව හැක්කේ කාට ද? සමහර භික්ෂූන්වහන්සේලා එක් එක් නිකාය රැකීමට කැපවෙන නමුත් ධර්මය රැකීමට කරන කැපවීම් දක්නට නොලැබේ. ඒ ඒ භික්ෂූන්වහන්සේලා පසුපස යන උපාසක උපාසිකාවන් ද ඊට නොදෙවෙනිව ගොනා පසුපස යන ගැල මෙන් කටයුතු කරති. ධර්මය ද අද ජනමාධ්‍යයේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි සමහරුන් කියයි. එහි සත්‍යාසත්‍යතාවය මැනීමට මෙය අවස්ථා⁣ව නොවෙයි.

    ඒ කෙසේවෙතත් කිම්බිල සූත්‍රයේ දී සද්ධර්මයේ පරිහානියට හේතු වන කරුණු 6 කුත් පැවැත්මට හේතු වන කරුණු 6 කුත් බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇත. එයින් ඔබගේ තේරීම අනුව පරිහානිය හෝ පැවැත්ම තීරණය වේ. මා නම් පෞද්ගලිකව කැමැති සද්ධර්මයේ පැවැත්ම වෙනුවෙන් දේශනා කර ඇති කරුණු 6 අනුව ජීවත්වීමට ය. නමුත් මා පමණක් එසේ ජීවත්වූවා කියා එය සද්ධර්මයේ පැවැත්මට හේතුවක් නොවේ. බහුතරයක් දෙනා ඒ සඳහා එක්විය යුතු ය. අහේතුවකට බහුතරයක් ඇත්තේ පරිහානියට හේතු වන කරුණු 6 පුහුණු කිරීම සඳහා ය.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සඳහා නැඟී සිටිමු ?
    ට එරෙහිව නැගී සිටිමු?

    What the fuck ?