බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ කෙසේදැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ ය. තිසරණ සරණ යාමෙන් කෙනෙක් උපාසක වන බව එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. මේ තිසරණ, සරණ යාම කෙනෙකුට පහසු කටයුත්තක් සේ පෙනෙනු ඇත. නමුත් එය යුද්ධයක් ජය ගන්නවා හා සමාන සංකීර්ණ ක්‍රියාවකි. තිසරණ සරණ යාම සඳහා තිසරණ යනු කුමක් දැයි අවබෝධයක් තිබිය යුතු ය. බුද්ධ රත්නයේ ස්වභාවය, ධම්ම රත්නයේ ස්වභාවය, සංඝ රත්නයේ ස්වභාවය ගැන ඇති අවබෝධය එයයි. එසේම තිසරණ සරණ යන පුද්ගලයාට වෙනත් සරණක් තිබිය නොහැක. කටපාඩමින් බුද්ධං සරණං ගච්ඡාමි යැයි කීම මෙයට අදාළ නැත. එය කට පාඩමට වඩා ගැඹුරු අවබෝධයකි. එසේ බලද්දී අද, උපාසකයන් හෝ උපාසිකාවන් ඇත්තේ කීයක් පමණ විය හැකි ද?
Thalagoy enawa kurullo enawa.genu enawa.meeyek agatath penna room ekata mokek wath enna widiyak ne.mokada man dan karanne
