බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධය&#350

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන්..

    රෙප් මචන්

    මිනිසා විසින් නොකළ යුතු වෙළදාම්,
    1) ආයුධ වෙළදාම
    2) වහල් වෙළදාම
    3) මස් වෙළදාම
    4) මත්පැන් වෙළදාම
    5) විෂ වෙළදාම

    මස් වෙළදාම නොකළ යුතුනම් ඒකට අනුබල දීමත් වැරද්දක් වෙන්න එපැයි. අපි මිළදී ගත්තොත් අපි ඒ ව්‍යාපාරයට සහය දුන්නා වෙනවනේ.

    (මෙතනට අදාළ නැත) තව එකක් ආයුධ වෙළදාම හැරුනම අනිත් 4ම ලංකාවේ එළිපිට වෙන මහා පරිමාණ ව්‍යාපාර.

    මම දන්න යාළුවො ඉන්නවා උන්ට මස් කෑල්ලක් මළු කෑල්ලක් කෑවෙ නැති උනොත් රෑට නින්ද යන්නේ නෑ. චිකන් පෝර්ක් නැතුව බොන්න බෑ. එළවලු බත් එකක් කන්න සෙට් උනාම පොඩ්ඩක් කාලා අත හෝද ගන්න යනවා. තමන් කැමති නම්, තමන් ආසයි නම්, ඒ රස අමතක කරන්න බැරි නම් කෑවට කමක් නෑ. ඒත් මස් කන ගොඩක් අය බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය විකෘති කරලා අනුන්ටත් වැදි බන කිය කිය කන එකයි දුක.

    පඤ්ඤයස්සං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට හිතන්නේ අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට අපේම දර්ශනයකටයි අනුවයි.

    මස් කන්න ඕන කෙනාට මස් නොකන්න හේතු 1000ක් තිබ්බත්, මස් කන්න 1 හේතුවක් හොයාගෙන මස් කනවා.

    මස් කන්න ඕන නැති කෙනාට මස් කන්න හේතු 1000ක් තිබ්බත්, මස් නොකන්න 1 හේතුවක් හොයාගෙන මස් නොකා ඉන්නවා.
    උබ හරි බන්.. මම හිතන්නේ, මස් කන එකාට කන්න අයිතිය තියනවා, නොකන එකාට නොකන්න අයිතිය තියනවා. කන එකාට නොකන එකා ගැන කතා කරන්නවත්, නොකන එකාට කන එකා ගන කතා කරන්නවත් අයිතියක් නැ.. ඒක තම තමන්ගේ කැමැත්ත..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබ හරි බන්.. මම හිතන්නේ, මස් කන එකාට කන්න අයිතිය තියනවා, නොකන එකාට නොකන්න අයිතිය තියනවා. කන එකාට නොකන එකා ගැන කතා කරන්නවත්, නොකන එකාට කන එකා ගන කතා කරන්නවත් අයිතියක් නැ.. ඒක තම තමන්ගේ කැමැත්ත..

    :):)
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    api hamuduruwanta daanekata aradana karala mas malu dunnoth.... pawak neda,,,, e mas malu hamuduruwan wenwen hadala thiyana nisa. waladana eka sudusu na neda..... poddak meka pahadili karapanko...

    වඩම්මපු ස්වාමින් වහන්සේලා, තාමාන් වෙනුවෙන්ම සාතාව මැරු බවට දැක්කද, ඇහුවාද, සැකයක් උපදී ද එය අනුභාව කිරීම අකැපයි කියලා බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා... ඒත් අලෙවිය සදහා මරපු සත්වයෙක් ගෙන පුජා කල පමණින් තමා වෙනුවෙන් මැරු බවට සලකනවානම් එය මිත්‍යා දෘෂ්ඨියක් වගේම මොහ සහගත අකුසල් සිතක්... මස් මංශ ස්වාමින් වහන්සේලා වෙනුවෙන්ම නොමැරු සත්වයෙක් බවට දැක්කෙත් නැත්නම් ඇසුවෙත් නැත්නම් සැකයකුත් නැත්නම් එය මිලදී හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණා හෝ වේවා එය පිළිගෙන වළදන්න කැපයි(අකැප මංශ වර්ග 10ත් තියෙනවා ඒවා හැර).

    මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන් සතාව මැරුවයි කියලා දැක්කෙ නැත්තං, ඇහුවෙත් නැත්තං, සැකයකුත් නැත්තං ඒ මස තමන් වහන්සේ වළඳනවය, වළඳන්න අනුදැන වදාරනවය කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. ඒ වදාළ ටිකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි කඩේකට ගිහින් ගන්න මස්මාලු ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැයි කියලා. මස්කඩ කාරයා, නම් වශයෙන් අපිටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න කෙනෙක් එන නිසා. පාරිභෝගික අපි වෙනුවෙන්. අනාථපිණ්ඩික දේවතාවා තථාගතයන් වහන්සේගෙන් විචාරණවා දිවා රෑ පිං වැඩන කුසළ ක්‍රියා. උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒඳඬු පාළම් හැදීම, පිපාසයට විඩාවට පැන්හල්, ළිං පොකුණු කරවීමාදියෙන් දිවා රෑ පිං වැඩෙනවයි කියලා. මනුස්සයෙක් ඒ දේවල් පාවිච්චි කරන්න කරන්න හදපු මනුස්සයාට පිං වැඩනවා. කවුද පාවිච්චි කළේ කියන එක අදාළ නෑ. මස්කඩ කාරයා, නම් වශයෙන් මටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න එන පාරිභෝගික මම නිසා. දානයක් සදහා මිලදී ගත්තා කියලාවත් අඹු දරුවන්ව පෝෂණය කරන්න ගත්තා කියලාවත් එම අවස්ථාවේ චේතනාව පිරිසිදුයි කියලා හිතුවට මම හිතනවා එතන පිරිසිදුවක් නෑ කියලා. සතාව මරලා තියෙන්නෙ මස් සඳහා. වළඳන්නෙ ස්වාමින් වහන්සේලා. අර බණ කතාවක් තියෙනවා අම්මා ලෙඩ ඇඳට වැටුනම අම්මට හා මස් හොඳයි කියලා අයියා මල්ලිව යවනවා හාවෙක් අල්ලං එන්න. හාවා ඇල්ලුවට මල්ලිට තේරෙනවා තමන්ගෙ මවගෙ ඡීවිතේ සඳහා වුවත් නැති කරන්නෙ තවත් ඡීවිතයක් නේද කියලා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බව ඇත්ත. නමුත් උදාහරණයක් විදියට දුකින් මුදවීමට පවා සතකු මැරීම වැරදියි. එහෙමයි බෞද්ධ ධර්මයේ කියලා කියන්නෙ. අපේ චේතනාව සතාට යහපතක් කිරීම. නමුත් වෙන්නෙ ප්‍රාණඝාතයක්. කැලෑ පාරවල් දිගේ රෑට වාහනවල යද්දි හාවො එහෙම ලයිට් එලියට දුවගෙන ඇවිත් වාහනේ වදිනවා. එහෙම සතෙකුගෙයි මස්කඩේ මරපු සතෙකුගෙයි වෙනස තේරෙනවා නේද? 'අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ ඒ අය මැරෙන්නේ' කියන එකට කියන්න තියෙන්නෙ තමන් කෑවා නොකෑවා ඒ සත්තු පාප කර්ම ගොඩ ගහගෙන ඇවිත් තියෙන්නෙ දරුණු අවසානයක් අත් දකින්නයි. ඒ සතා තමාගෙ මල්ල හිස්කර ගන්නකොට අපි දැනගන්න ඕන කිසිම ආකාරයට අපේ මලු පුරෝ නොගන්න. මනුස්සයා සර්වභක්ෂකය, කටේ රදනක දත් තියෙන්නෙ මස් කන්නය කියලා කට්ටියක් කියනවා. ඒනම් ගඟ ගලන පැත්තට හබල් ගහන්න හොයාගත්තු හේතු.

    මේ මට තේරෙන විදිය. මේක අපිට ලොකුවට නොතේරුනට මහා විශාල ගැඹුරු විෂයක්. මේ තේමාවටම අදාළව තවත් පැතිකඩක් තියෙනවා. එක්තරා වටුවෙක්ව අල්ලගත්ත මස්වැද්දෙක් මූව කූඩුවක දාලා, ඒ වටපිටාවෙ උගුල් අටවලා, මූට කියලා අනිත් වටුවන්ව අල්ලගන්න මුගේ ඔළුවට ගහනවා. වේදනාවට කෑගැහෙනකොට වටපිටාවෙ ඉන්න වටුවො ආවම උගුල්වලට අහුවෙනවා. තමන්ගෙ බොහෝ ගණනක් නහින්නෙ තමන් හින්දය, ඒ පව තමන්ටය කියලා මූ දුක්වෙනවා. දවසක් මස්වැද්දා මූ ඉන්න කූඩුව ගල්තලාවක පැත්තකින් තියලා වතුර වළකින් වතුර බොනකොට ඒ ළඟපාත භාවනා කරන අපේ බෝසතාණන් වහන්සේගෙන් වටුවා අහනවා පව තමාට නේද කියලා. උන්වහන්සේ වදාරනවා නැහැයි කියලා.

    මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් අකැප මාංශ වර්ග 10 ඇතුළත් නොවනවානම් වළදන්න කැපයි කියලා බුදු රජානන් වහන්සේ දෙශනා කරලා තියෙනවා....
    මගේ පිළිගැනිමට අනුව ඔය වාගේ ගැළපීමක් තියෙනවානම් ඒ බව මුලින්ම දේශනා කරන්නේත් බුදු රජානන් වහන්සේ එය වළදන්න අකැපයි කියලා දේශනාත් කරනවා.... ඒත් අප සරණ ගිය ඒ ලොක විදු(සියලු ලොක පිළිබදා මනා පරිපුන් දැනුමකින් යත්) ප්‍රඥාවන්තයන්ගේ අග්‍ර සියල්ලේම නිවැරදිව අවබොධ ඇති මහා කාරුණික සම්මා සම්බුද්ධ ගෞතම බුදු රජානන් වහන්සේ එහෙම දේශනා කරලා නෑ......

    මිනිසා විසින් නොකළ යුතු වෙළදාම්,
    1) ආයුධ වෙළදාම
    2) වහල් වෙළදාම
    3) මස් වෙළදාම
    4) මත්පැන් වෙළදාම
    5) විෂ වෙළදාම

    මස් වෙළදාම නොකළ යුතුනම් ඒකට අනුබල දීමත් වැරද්දක් වෙන්න එපැයි. අපි මිළදී ගත්තොත් අපි ඒ ව්‍යාපාරයට සහය දුන්නා වෙනවනේ.

    (මෙතනට අදාළ නැත) තව එකක් ආයුධ වෙළදාම හැරුනම අනිත් 4ම ලංකාවේ එළිපිට වෙන මහා පරිමාණ ව්‍යාපාර.

    ඉහල පිළිතුර කියවන්න

    :yes::yes::yes:අපට මේ කුඩා ප්‍රශ්නය හරියාකාරව නිවැරදිව තේරුම් ගන්න බෑ..... එත් මේ ධර්මය නිවැරදිව තමා විසින්ම අවබොධ කරගන්න උන්වහන්සේට කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනේද...... බුදු කෙනෙකු පිළිබද ධර්මය පිළිබද පහදින්න තවත් කරැණක්.....:yes::yes::yes:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :cool::cool: thamata mas kanna oni unama agame tiyena adupadu siduru,akuru wachana, walin eeka justify kara ganna hadanawa, buddhist ayata witarak newey adala ee de...onna ubala mata baninna epa oya asapu kiyana culture eken tamay godaakma me wage gatalu awe matha kale, game pansalen kattiya aath uneth me nisamay. awrudu 15kata witara kalin matak karapan... hamoma hitiye eka mathayaka, hithan hitiye mas kana eka pawak, mas kana eka akapay kiyala... eeth dan dan balapan kattiya eka eka hethu hoya gena kanawa"dunnoth kamak naha kawata" " maragena kanawa neweyne" "chethanawak naha" "akapa mas wagayak tiyanawa,ee harunama anik mas kapay" "three koti parisudda seelaya" me wage nanaprakara hethu hoyagena mas kanawa.. mehema hethu hoyanneth mas kana thrushnawatama neda???... awrudu keepayak athulatha budhist ape manasikathwaya wenas wela tiyena hati penawa neda??.. mehema kiyana mama vegen newey but vegen wenna try karanawa.
    wagakeemen kiyanne me tika,, dan danekata aradana karanna gihin ahanneth hamoduruwane fried rice hoday neda?chicken kohomada hadanna oni, malu onida,biththara kamak nadda.???. fry karalada devill karalada curry ekatada oni??.. onna ooowa tamay ahana prashna.. kuti walin eliyata anne sowan wela wagey awith dane anubawa karala kuti athulata giya gaman siwra galawala dala sarama gahagannawa,, hawasata kata karanakota kata wenne kohomada dawal kapu kukul mas curry eka,patta rahay neda... kawru kohoma kiwath onna ohomay godak than wala wela tiyenne.. ubalatama penwane ape agama yana atha dan.. buduhamuduruwo wadala wagema dan ape agama pirihila yana kale,ee de wenneth buddhist ape athinmane, goutma budusasune awasan kotasa tamay api inne.. :(
     
    • Like
    Reactions: ruchira55

    සහතික ඇත්ත බන්.
    අටුවා ටීකා ටිප්පනි අවුස්සලා හරි ජස්ටිෆයි කරගන්න මොනා හරි හොයා ගන්නවා. සමහරු ඉන්නවා කතා කරොත් රට ජාතිය ආගම එහා මිසක් මෙහා දෙයක් නෑ, දාගෙන ඉන්නේ සින්හලේ ඇවටරේ හැබයි බුදු හාමුදුරුවොත් ඌරු මස් වැලඳුවානේ කියලා බොහොම ශ්‍රද්ධාවෙන් කියනවා. තමන්ව ජස්ටිෆයි කරගන්න සියළු ලෝක සත්වයාට කරුණාවෙන් මෛත්‍රියෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වෙලා අනුවත් සසරෙන් එගොඩ කරන්න මග පෙන්නපු උත්තමයෙකුට මෙහෙම කතා කරන කාලයක සාසනේ තව කොච්චර කාලයක් පවතීද බන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කවුද උබට ඔහොම එකක් කිව්වේ? :shocked::shocked:

    බල්ලෝ බළල්ලු කපුටෝ ඕවා සල්ලි දීලා ගන්න එන්න නෑනේ. මිනිස්සු සල්ලි දීලා ගන්න නිසා තමයි සත්තුන්ව මරලා විකුනන්නේ. මිනිස්සු ගන්නේ නැත්නම්, බඩු විකිනෙන්නේ නැත්නම්, ඒ බිස්නස් එක දිගටම කරන්න උන්ට පිස්සුවක් නෑනේ.

    එකඟයි මචං.අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .

    සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා

    බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.

    ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .