සාමාන්‍යයෙන් ධර්මය දන්නා බෞද්ධයෙක් නම් පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට වුව ද බුද්ධ පූජාවක් සිදු කරන්නේ ජීවමාන සංඥාවෙනි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා සේ සලකා ගෙනය.
බුද්ධ පූජාවේ නිවැරැදි ක්‍රමය එයයි.
දානයෙන් පසු මුඛයේ ඉතුරුවන ආහාර කොටස් ඉවත් කිරීමට දැහැටි කූරු පිළිගැන්වීම අතීතයේ සිට පැවත එන සිරිතකි.
දළදා මාලිගාවේ පවා දළදා වහන්සේ උදෙසා අදත් තේවාවේදී රනින් සෑදූ දැහැටි කූරු පිලිගැන්වෙයි.
සිදුව ඇත්තේ දැහැටි කූරු වෙනුවට එම කාර්යයම සිදු කරන ටූත් පික්ස් ආදේශ වීම පමණි.
ගැටලුවක් හෝ අනවශ්‍ය දෙයක් සිදුව නැත. සාදු කියා සතුටු සිටින් අනුමෝදන් විය යුතු කුසලයක් නම් සිදුව තිබේ
