බුද්ධ ලේබලය තුල අද ඇති අධර්මය

noble

Member
Mar 16, 2011
96
21
0
බුද්ධ ලේබලය තුල අද ඇති අධර්මය

ar-5.jpg


අද මේ වංචාකාර ජීවිතයක් ගත කරන සමහර පැවදි උදවිය, අනුන්වත් රවටා, තමන්වත් රවටාගෙන, බුදුරදුන් දුන් ශ්‍රේෂ්ඨම දායාදය "ප්‍රායෝගික ආර්ය බ්‍රහ්ම චර්යාව" නැතිව සිටිති. එය නොදැන සිටිති.

සියළු දුක් නැති කොට නිවන් ක්ෂාක්සාත් කර ගැනීමට බුදු චීවරය පොරවා ගත් මේ සමහර පැවදි උදවිය ඊලඟට කරන්නේ ඒ අරමුණ කරා යාමද? එහෙම නැතිව අපා ගත වීමට යාමද?

කවුරු හරි ඔහුන්ගෙන් නිවන් දකින්න අද පුළුවන්ද කියල ඇහුව්වොත් කියන්නේ, හා දැන් නිවන් දකින්න බැහැ, මාර්ගය අන්තර්ධාන වෙලා, අධිගම අන්තර්ධාන වෙලා, මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්න ඕන, කියලයි.

අබුද්ධෝත්පාද කාලයන්හි පවා පසේ බුදු රහතන් වහන්සේලා බිහි වූවද, මේ බුද්ධෝත්පාද කාලයේ නිවන් දකින්ට බැරිය කියනා අයවළුන් යන්නේ කුමන ලෝකයටදැයි නොදනිමි.

බුදුරදුන්, ලෝකානුකම්පාවෙන්, දෙවි මිනිසුන්ට , අර්ථය හිත, සුව, පිණිස රහතන් වහන්සේලාට දේශනා කළේ

1. මුල (ශීලය )
2. මැද (සමාධිය )
3. අග (ප්‍රඥාව )


සහිත මේ ප්‍රයෝගික බ්‍රහ්ම චර්යාව කියා දීමටයි.

එහෙත් අද සමහර පැවදි උදවිය ඒ අවශ්‍ය දේම නොකර, බුදුරදුන් අනුදැන නොවදාල, සියළුම දේ කරමින්, බෞද්ධ භික්ෂූන් සේ පෙනී සිටිති. ඔහුන්ගේ වෙනසකට ඇත්තේ ඇඳුම පමණි. ගිහියන් මෙන් රක්ෂා කරති. හිගියන් විසින් කරන කියන සෑම දේම ඔහුනුත් කරති.

ඔවුහූ දේශපාලනය කරමින් ශ්‍රව්‍ය, දෘෂ්‍ය, මුද්‍රිත මාධ්‍යයට පූර්ණ වශයෙන් අරක්ගෙන, දේශපාලකයින්ට අනුශාසනා කරමින් මහා ඉහලින් වැජඹෙති. බුදු සිවුර (සඝ ධජය ) දරා, අබෞද්ධ කටයුතු කරමින්, මිච්ජා ජීවනයක රැඳී සිටිති. ඉදින් ඊ ලඟට, යන අපාය ගැන මඳක් මොහුන් සිතුවොත් ඒ ඔහුන්ට බොහෝ කාලයට හිත සුව පිණිස වේ.

මේ අතරම බුදුසසුන උදෙසාම කැපවූ භික්ෂු පරපුරක්ද දක්නට ඇත. ඒ ආර්ය මහ සංඝයාට මාගේ නමස්කාරය වේවා!

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!