බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    ගැබුරු ලිපියක්... හිමින්සීරුවේ කියවලා බලන්න...

    පාසලේදීත් දහම් පාසලේදීත් ගෙදරදීත් පමණක් නොව පන්සලේදීත් අපට බුදුදහම කියා දෙනු ලැබේ. ඒ සෑම අවස්ථාවක දී ම අපට හැඟෙන්නේ බුදුදහම යනු ඉගෙන ගැනීමට ඇති තවත් දැනුම් පද්ධතියක් බව ය. විශේෂයෙන් ම පාසලේ දී දහම් පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී බුදුදහම ඉගෙන ගන්නේත් බුදුදහම පිළිබඳ ඊනියා පර්යෙෂණ කෙරෙන්නේත් ඒ විෂයයක් ලෙස ගනිමිනි.


    එහෙත් අපට බුදුදහම විෂයයක් ලෙස හෝ වඩා පළල්ව ගතහොත් දැනුම් පද්ධතියක් ලෙස හෝ සැලකිය හැකි නො වේ. විශේෂයෙන් ම නිවන සම්බන්ධයෙන් ගත්කල දැනුම් පද්ධති ආකල්පය ඉවත දැමීමට සිදු වෙයි. නිවනට බාධාවන්නේ අද අප අනුගමනය කරන විවිධ දැනුම් පද්ධතීන් බව පැහැදිලි ය.


    නිවන් පසක් කිරීමට දැනුම ද අත්හැරිය යුතු ය. මේ දුටු වහාම බොහෝ උගත්, එනම් බටහිර පන්නයේ උගත්, බෞද්ධයන් කිපෙනු ඇත. එමගින් තව තවත් නිවනෙන් ඈත්වනු ඇත. එහෙත් මෙයින් අදහස් කරන්නේ අපේ එදිනෙදා පැවැත්මට දැනුම අවශ්‍ය නොවන බව නො වේ. ඒ දැනුම අප විසින් නිර්මාණය කරනු ලැබිය යුතු ය. ඒ දැනුම නිවන නිෂ්ඨාව ලෙස ගත යුතු ය. එයින් අදහස් කරන්නේ අප නිර්මාණය කරන දැනුම අනවශ්‍ය ප්‍රමාණයකට මා, මගේ් සහ පෞද්ගලිකත්වය ඉස්මතු නොකළ යුතු ය යන්න ය. අප අද මහත් අගයන බටහිර දැනුම පෞද්ගලිකත්වය වර්ධනය කරයි. බටහිර අධ්‍යාපනය විසින් වර්ධනය කෙරුණු පෞද්ගලිකත්වයක් මට ද වෙයි. අද අප රටේ ද ලෝකයේ ද සිදුවන බොහෝ අපරාධවලට මුල පෞද්ගලිකත්වය ය, මමත්වය ය, මමායනය ය. අවාසනාවකට අපට මග පෙන්වීමට සිටින භික්‍ෂූන් වහන්සේ ට ද මමායනය වෙයි. නූගතුන් යැයි කියන්නන්ට වඩා උගතුන් යැයි කියන්නන් අතර මමායනය අධික ය. මට ද මමායනයක් ඇත. ඊනියා උගතකු ය යන හැඟීම අඩු කර ගැනීම මමායනය අඩු කර ගැනීමට එක් හේතුවක් වන්නේ යැයි සිතමි.


    මා මේ ලිපිය ලියන්නේ ඇයි? මාස කිහිපයකට පෙර වෙසක් හඬ සඟරාවට ලිපිය ලියන විට නම් මට සිතුනේ මා දරණ මතය අනෙක් අයට ඒත්තු ගැන්වීම ය. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ මා කර ඇත්තේ ගඟට ඉණි කැපීමක් බව අවබෝධ විය. අපි විජයගෙන් සංකේත වන වෛදික ආක්‍රමණයෙන් හා අශෝක සංස්කෘතික ආක්‍රමණයෙන් පසු අපේ අදීනත්වය බොහෝ දුරට නැතිකර ගත්තෙමු. අශෝක කෙළේ සංස්කෘතික ආක්‍රමණයක් යැයි කීම මගින් මා සමාජයෙන් කොන්වනු ඇත. එහෙත් මට දැන් එය ප්‍රශ්නයක් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයන්ට අත් වූ ඉරණම මට ද අත්වීම ගැන මා කම්පා වන්නේ කුමකට ද? අශෝක සංස්කෘතික ආක්‍රමණය පස්වැනි සියවසේ දී පමණ මස්තකප්‍රාප්ත විය. විවිධ කරුණු එයට බලපා ඇත. දඹදිවෙන් බුදුදහම, විශේෂයෙන් ම තුන්වැනි සංගායනාවේ බුදුදහම, අහෝසි වන තැනට කරුණු යෙදීම ද එක් ප්‍රධාන හේතුවක් විය.


    වෙසක් දින කිහිපයෙහි අප ගත කෙළේ දෙහිඅත්තකණ්ඩිය හා දිඹුලාගල අතර ඊනියා මහවැලි කලාපයෙහි ය. එහි වැසි, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් යැයි කිවහැකි අයට ද ඇත්තේ අපට කියා දෙන ඉතිහාසයම ය. තමන්ගේ මුතුන් මිත්තන් බුදුන් වහන්සේ විසින් පන්නා දමනු ලැබූ බව ඔවුහු ද විශ්වාස කරති. යක්‍ෂ ගෝත්‍රිකයන් අතර බුදුන් වහන්සේගේ කාලයේ සිට ම බෞද්ධයන් වූ බවට සාක්‍ෂි ඇත. ඔවුන් අතර රහතන් වහන්සේ පමණක් නොව රහත් මෙහෙණින් වහන්සේ ද වැඩ වාසය කර ඇත. යක්‍ෂ ගෝත්‍රික ඉතිහාස පොතකට අනුව (බටහිර අර්ථයෙන් ඉතිහාස පොතක් නොවිය හැකි ය) කුවේණිය ලෙස මහාවංසයෙහි හැඳින්වෙන තැනැත්තියගේ මව ද රහත් ඵලයට එළඹී ඇත. එහෙත් ඊනියා මහවැලි කලාපයෙහි යක්‍ෂ ගෝත්‍රිකයන් යැයි කිව අය ඒ බවවත් මාදුරුඔයේ සොරොව්ව විජය පැමිණීමට පෙර තිබෙන්නට ඇති බවත් නො දනිති. ඒ නොදැනීම ඔවුන්ගේ දැනුමෙහි කොටසකි.


    දැනුම් පද්ධතියක් යනු කුමක් ද? අප අතර විවිධ දැනුම් පද්ධති ඇත. ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි මෙන් ම ඒ ඒ සංස්කෘතියෙහි ද විවිධ දැනුම් පද්ධති වෙයි. වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි දැනුම් පද්ධති කෘෂි ක්‍ෂෙත්‍රයෙහි දැනුම් පද්ධතිවලින් වෙනස් වෙයි. ඒ අතර බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි දැනුම් පද්ධති සිංහල පාරම්පරික වෙදකමෙහි දැනුම් පද්ධතිවලින් වෙනස් වෙයි. දැනුම් පද්ධතියකින් කෙරෙන්නේ යම් ක්‍ෂෙත්‍රයක ලෝකය පිළිබඳ අවබෝධය ලබාගැනීම යැයි බොහෝ විට කියැවෙයි.


    එහි දී උපකල්පනය කෙරෙන කරුණු අතර අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි. ඇතැම් දැනුම් පද්ධතියක ලෝකය ඊනියා වාස්තවික යථාර්ථයක් බවත් එකී ලෝකය ක්‍රියාත්මක වන්නේ යම් නියමවලට එකඟ ව බවත් උපකල්පනය කෙරෙයි. එමෙන් ම ඒ නියම කවරේ දැයි අපට දැනගත හැකි බවත් උපකල්පනය කෙරෙයි.


    මෙයින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් කරුණු අනුව නම් අප ලෝකය පිළිබඳ දැනුමක් ලබාගන්නා බව ය. එය පංචෙන්ද්‍රියන්ගේ ආධාරයෙන් ලබාගන්නා බව බොහෝ විට කියැවෙයි. එහෙත් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් දැනුම ලබාගැනීමට හා දැනුම් පද්ධතියක් ගොඩනගා ගැනීමට නොහැකි බව මේ කොයි කවුරුත් පාහේ දන්නා, එහෙත් බටහිර අවශ්‍යතා අනුව අමතක කරන කරුණකි. එහි දී මනස ද අවශ්‍ය වෙයි. මනසෙහි ඇති මේ වැදගත්කම බොහෝ දෙනා නොසලකා හරිති. ඇතැමුන්ට අනුව පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා සංජානන මනසෙන් ස්වායත්ත ය. එහෙත් කිසිම සංජානනයක් මනසෙන් නිර්මාණය කෙරෙන සංකල්පවලින් ස්වායත්ත නො වේ.


    අනෙක් අතට අපට ඉන්ද්‍රිය පහක් වෙනුවට හතරක් හෝ හයක් හෝ වෙනත් සංඛ්‍යාවක් හෝ තිබිණි නම් අපේ ලෝකය (ලෝක) කෙසේ නිර්මාණය වීමට තිබිණි ද? අප පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන මෙතරම් අවධාරණයක් කරන්නේ සත්ත්වයනට තිබිය හැක්කේ ඉන්ද්‍රිය පහක් පමණක් යන ස්ථාවරයේ පිහිටා ද? අපේ ඉන්ද්‍රිය පහේ ඇති අඩුපාඩු අපි දනිමු. ඒ ඉන්ද්‍රිය පහෙන් වුව ද මිනිසුන්ට වඩා සංවේදී සත්ත්වයෝ අප දන්නා පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි ම සිටිති. අපට ගෝචර වන ලෝකය පමණක්, එනම් අප නිර්මාණය කරන ලෝකය පමණක් ඇතැයි කීමට තරම් අපි උද්ධච්ඡ වෙමු ද? පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් නිර්මාණය කරන ලෝක තිබිය නොහැකි බව අප උපකල්පනය කරන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රිය ඇතිව වුව ද අප ලෝක නිර්මාණය කරන්නේ මනසෙහි ආධාරයෙනි. එනම් සංකල්ප ආධාරයෙනි. මනසෙන් ස්වායත්ත ලෝකයක් පවතින බව හැකි නම් මනසෙන් ස්වායත්ත ව පෙන්වන මෙන් ද්‍රව්‍යවාදීන්ට ආරාධනය කරමි. සංකල්පවලින් ස්වායත්ත සංජානන ඇති බව පෙන්විය හැකි සමතෙක් වේ ද?


    සංජානන සංකල්පවලින් ස්වායත්ත නොවුන ද සංකල්ප සංජානනවලින් ස්වායත්ත විය හැකි ය. මනසට සංකල්පයක් නිර්මාණය කිරීමට පංචෙන්ද්‍රිය අවශ්‍ය ම නො වේ. මනසට පංචෙන්ද්‍රියවලින් ස්වායත්ත ව නිර්මාණය කරන යම් යම් සංකල්ප මවාගත හැකි අතර ඇතැම් සංකල්ප මවාගත නො හැකි ය. අප දැක නැතත් අපට දිව්‍ය ලෝකය, එහි ඇති දිව්‍ය විමාන, පරසතු මල්, දිව්‍ය රථ ආදිය සිතෙන් මවාගත හැකි ය. ඒ මවාගැනීම් නිවැරදි ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ.


    එහෙත් සරල රේඛාවක් කිසිවකුට මනසෙන් නිර්මාණය කළ නො හැකි ය, සිතෙන් මවාගත නො හැකි ය. දිගක් පමණක් ඇති එහෙත් පළලක් ඝනකමක් නැති සරල රේඛාවක් සිතෙන් මවාගත හැක්කේ කාහට ද? ඇතැම් පඬියකු සරල රේඛාවක් යනු සීමාකාරී අවස්ථාවක් යැයි කියන්නේ ගණිතය හදාරා නො වේ. ගණිතය තේරුම් ගැනීමෙන් තොරව ඒ පිළිබඳ ව කියවීම ගණිතය හැදෑරීමක් නො වේ. ඒ පඬියන් සරල රේඛාව සීමාකාරි වන්නේ කිනම් ගණිතමය සංකල්පයක ද යන්න ද පැහැදිලි කරන්නේ නම් මැනවි. සරල රේඛාව වැනි සංකල්ප වියුක්ත සංකල්ප වෙයි. බටහිර ගණිතය වියුක්ත සංකල්පවලින් සමන්විත වෙයි. සරල රේඛාව කිනම් ආකාරයකින් බටහිර ගණිතයෙහි අර්ථදැක්වුව ද ඒ වියුක්ත සංකල්පයකි. ඒ සිතෙන් මවාගත නො හැකි ය. ඒ යුදෙවු ක්‍රිස්තියානි හා ඉස්ලාම් සංස්කෘතීන්හි දෙවියන් වහන්සේ මෙනි. කිසිවකුට දෙවියන් වහන්සේ සිතෙන් මවාගත හැකි නො වේ. එබැවින් දෙවියන් වහන්සේගේ චිත්‍ර පිළිම ආදිය නැත. මුස්ලිම් පල්ලිවල දෙවියන් වහන්සේගේ චිත්‍ර හෝ පිළිම හෝ නැත. යුදෙවුවෝ වෙනත් සංස්කෘතීන්හි දේව පිළිම කඩා දැමූහ.


    බටහිර විද්‍යාවෙහි පංචෙන්ද්‍රියන් ඇසුරෙන් නිර්මාණය කරන සංසිද්ධි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පවලින් තේරුම් කෙරෙයි. එහි ම පරස්පරයක් නො වේ ද? පංචෙන්ද්‍රිය ගෝචර නොවන ලෝකයක් ගැන විශ්වාස නොකරන බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ප්‍රවාද (කතන්දර) යොදා ගනිති. පොල්ගෙඩි පොළොවට වැටීම යන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණ බලය යන සංකල්පය හා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමිනි. පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන බැවින් ඒ සංසිද්ධිය මනසෙන් ස්වායත්ත යැයි අපි සිතමු. එහෙත් ඒ එසේ නො වේ. මනස නොමැතිව අපට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. මනසක් නොමැති කැමරාවකට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. ඇස් තිබූ පමණින් අපට යමක් නොපෙනෙයි. එහි දී චක්ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි. මේ සියල්ල ද දැනුමක් නොවේ දැයි කිසිවකු අසනු ඇත. එය ද දැනුමකි. ඒ දැනුම සම්‍යක්දෘෂ්ටියෙහි කොටසකි. අප සම්‍යක් දෘෂ්ටිය යැයි කියන්න බුදුන් වහන්සේ බුදු ඇසින් (නුවණින්) පසක් කළහ. උන්වහන්සේ පෘථග්ජන අපට එය වචනවලින් විස්තර කළහ. එය දෘෂ්ටියක් වන්නෛ් පෘථග්ජන අපට ය. එය නිවන් අවබෝධය සඳහා වැදගත් ය. එය සම්‍යක් දෘෂ්ටියක් වන්නේ එබැවිනි. එහෙත් අප ඒ දැනුම් පද්ධතියක් ලෙස නොසැලකිය යුතු ය. නිවන් අවබෝධයෙහි දී සියළු දෘෂ්ටි ඉවත දැමිය යුතු ය.


    සංජානන සංකල්පවලින් ස්වායත්ත බවට සැලකීමේ ප්‍රතිඵලය වී ඇත්තේ අප බාහිර යැයි කියන ලෝකයකින් අපට ලැබෙන සංඥා ඇතැයි උපකල්පනය කිරීම ය. එහෙත් අපෙන් තොර වූ බාහිර ලෝකයක් වේ ද? අප එකිනෙකාට ඇත්තේ එකිනෙකාගේ ලෝක ය. පුටුව පිළිබඳ වැඩිහිටියකුගේ සංකල්පය දරුවකුගේ ඒ පිළිබඳ සංකල්පයෙන් වෙනස් විය හැකි ය. දරුවකු බසයේ ආසනවලට ද පුටු යැයි කීමට පෙළඹෙනු ඇත. එ දරුවාගේ පුටුව පිළිබඳ සංකල්පයට වැඩිහිටියන්ගේ පුටු නොවන ආසන ද ඇතුල් වී තිබීම හේතුවෙනි. ඇතැම් නිවෙස්වල ඇති උඩැක්කි වැනි ආසන ඒ කිසිදාක නුදුටු අයකුට අසුනක් නො වේ. එවැන්නකු උඩැක්කිය වැනි අසුන ගෘහිණියගේ විලාසිතා භාණ්ඩයක් ලෙස ගැනීමට ද ඉඩ ඇත. අවුරුදු විසිහයකට පමණ පෙර මේ ඇතැම් කරුණු මගේ ලෝකය කෘතියෙහි විස්තර කෙරිණි.


    බුදුන් වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළ ම පැණවූහ. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස් වෙයි. මා මියගිය පසු මගේ ලෝකය නැත. එවිට ඇත්තේ ජීවත්වන්නවුන්ගේ ලෝක ය. අප බොහෝ දෙනාට ඇත්තේ එක ම ආකාරයේ පංචෙන්ද්‍රිය වෙයි. එමෙන් ම එක ම සංස්කෘතියක ජීවත්වන්නන්ගේ මනස් ද එක ම ආකාරයකට මෙන් ක්‍රියාකරයි. අපි අපේ සංකල්ප හා වෙනත් දැනුම් අප වැනි ම වූ දෙමවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන්, පඬිවරුන් ලියන පොතපතින්, ඔවුන් ප්‍රකාශ කරන දෙයින් ආදී වශයෙන් ලබාගනිමු. පෘථග්ජන දැනුම සළායතනවලට (අවශ්‍ය නම් පංචෙන්ද්‍රියවලට හා මනසට) හා සංස්කෘතියට සාපේක්‍ෂ ය.


    එබැවින් එක ම සංස්කෘතියක ජීවත්වන්නන්ගේ සංකල්ප හා වෙනත් දැනුම් අතර සාම්‍යයක් දැකිය හැකි ය. මේ සාම්‍යය හේතුකොටගෙන අප දකින්නේ එක ම ලෝකය යැයි අපි සිතමු. මගේ පොල් ගස ඔබේ පොල් ගසෙන් වෙනස් නොවන්නේ යැයි අපි සිතමු. මේ සාම්‍යය අප නොමග යවයි. මා මිය ගිය පසු ද ඔබ දකින පොල් ගස මා දුටු පොල්ගස යැයි සිතෙන බැවින් මා මිය ගිය පසු ද ඒ පොල් ගස මගෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි අපි සිතමු. ඇතැමුන් නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ ඊනියා වාස්තවික යථාර්ථයක් ගැන විශ්වාසයක් තබන්නේ එබැවිනි.


    එහෙත් වෙනස් සංස්කෘතීන්හි ජීවත්වන්නන්ගේ සංකල්ප හා දැනුම් වෙනස් වෙයි. සිංහලයන්ට පොල් ගස් ඇත. මගේ පොල් ගස ඔබේ පොල් ගසෙන් වෙනස් නොවන්නේ යැයි අපි සිතමු. එහෙත් එක ම සංස්කෘතියෙහි වුව ද එය එසේ නො වේ. පොල් වතු හිමියකුගේ පොල් ගස ආදායම උපදවන වස්තුවකි. පොල් ගස් නගින්්නාගේ පොල් ගස මගේ පොල් ගසෙන් වෙනස් වෙයි. ගස් නගින්නාට මට නොමැති සාර ගස් හා අසාර ගස් ඇත. ඔහුට පහසුවෙන් නැගීමට හැකි ගස් හා නැගීමට අපහසු ගස් වෙයි. පොල් ගස් ගැන මට නැති වර්ගීකරණයක් ඔහුට වෙයි. ඔහුට මට වඩා පොහොසත් සංකල්පයක් පොල් ගස සම්බන්ධයෙන් වෙයි.


    සිංහල සංස්කෘතියෙහි පොල් ගස ඉංගිරිසි සංස්කෘතියෙහි පොල් ගසෙන් වෙනස් වෙයි. අපට ඇත්තේ පොල් ගස් ය. එහෙත් ඉංගිරිසින්ට ඇත්තේ පොල් ගෙඩි ගස් (කොකනට් ට්‍රීස්) ය. ඔවුන්ට ප්‍රධාන වන්නේ පොල් ගෙඩිය මිස ගස නො වේ. පොල් ගෙඩි හටගන්නා ගස පොල් ගෙඩි ගස වෙයි. අපට පොල් ගෙඩි හටගන්නේ පොල් ගස්වල ය. එහි දී ගස හෝ ගෙඩිය හෝ අපට අනෙකට වඩා ප්‍රධාන නො වේ. අපේ මූලික සංකල්පය පොල් ය. ඉංගිරිසින්ගේ මූලික සංකල්පය පොල් ගෙඩිය ය.


    මෙයින් මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ දැනුම යනු නිර්මාණයක් බවත් එය ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියවලට), සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂ බවත් ය. සියළු දැනුම් මනසෙහි නිර්මාණ වෙයි. මනස ඇතැම් විට පංචෙන්ද්‍රිය සමග එකතු වී ද, ඇතැම් විට ස්වායත්ත ව ද දැනුම නිර්මාණය කරයි. දැනුම් නිර්මාණයට වචන අවශ්‍ය ම නො වේ. ළදරුවන්ගේ දැනුම වචනවලින් ස්වායත්ත ය. එහෙත් සෑම දැනුමක ම සංකල්ප වෙයි.


    අප පංචෙන්ද්‍රිය ආශ්‍රයෙන් කරන්නේ වර්ණය, හැඩය, හඬ, තද බව මොළොක් බව ආදී ඇතැම් ගුණ මනස විසින් නිර්මාණය කරගනු ලැබීම ය. එහෙත් අපට පංචෙන්ද්‍රිය ඇසුරෙන් කෝප්පයක් නිර්මාණය කරගත (දැනගත) නො හැකි ය. අප කෝප්පය නිර්මාණය කරන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියයක් ආධාරයෙන් ද? කෝප්පය යන්න මනසෙහි පමණක් නිර්මාණයකි. මනස, තද බව, හැඩය, වර්ණය ආදී අපට පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කරගත හැකි ගුණ එකතු කර කෝප්පය නම් සංකල්පය නිර්මාණය කරයි. ඊනියා කෝප්පයෙහි අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන වෙනත් සතුන්ගේ ඉන්ද්‍රියවලට ගෝචර වන ගුණ තිබිය හැකි ද?


    බටහිර භෞතික විද්‍යාවට අනුව අපට ප්‍රේක්‍ෂාවලියෙන් ග්‍රහණය කර ගත හැක්කේ සීමිත පරාසයක් පමණකි. (මෙය බටහිර විද්‍යාව සත්‍යයක් ලෙස ගැනීමක් නොව බොහෝ උගතුනට තේරෙන උදාහරණයක් ගැනීමක් පමණකි.) අප සියලු දෙනාට ම පාහේ ග්‍රහණය කර ගත හැක්කේ එක ම පරාසයකි. කෝප්පය නිල් පාට යැයි අපි කියමු. එයින් කියැවෙන්නේ කෝප්පයට නිල් පාට යනුවෙන් අපෙන් ස්වායත්ත වූ නෛසර්ගික ගුණයක් තිබෙන බව නො වේ. බටහිර භෞතික විද්‍යාව අනුව කියන්නේ නම් අපි කෝප්පයේ විවිධ විද්‍යුත් චුම්බක විකිරණ අතරෙන් අප සියල්ලන්ට ප්‍රධාන වශයෙන් ග්‍රහණය කරගත හැකි පරාසය පමණක් හඳුනා ගනිමු. එහෙත් ප්‍රශ්නයක් මතුවෙයි. කෝප්පයට ඒ අනෙක් විකිරණ ද ඇතලු ගුණ නෛසර්ගික ව තිබේ ද? එහෙත් ප්‍රශ්නයෙහි ම වරදක් ඇත. අප බටහිර භෞතික විද්‍යාවෙහි ද යම් දැනුමක් නිර්මාණය කර ඇත. එය ඊනියා සත්‍යයක් නො වේ. අප බටහිර භෞතික විද්‍යාවේ නිර්මාණය කෙරී ඇති දැනුමක් යොදා ගත්තා පමණකි. අපි ඉන් ඔබ්බට නො යමු.


    ඒ සංකල්ප ඒ ඒ පුද්ගලයා විසින් නිර්මාණය කෙරුණේ වෙයි. අප වැඩිහිටියකුගෙන් හො ගුරුවරයකුගෙන් හෝ පොතපතින්, ජනමාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ලබාගන්නා සංකල්පයක් වුව ද එය අපේ බවට පත්වන්නේ අපට ම ආවේණික වූ නිර්මාණයක් මගින් ය. මිනිසුන්ට පමණක් නොව විඤ්ඤාණයක් සහිත ඕනෑම සත්ත්වයකුට මේ ක්‍රියාදාමය වලංගු වෙයි. සියළු සත්ත්වයන් විසින් නිර්මාණය කෙරී ඇති භයානක ම සංකල්පය මා යන්න ය. අප සංසාරයේ සැරිසරන්නේ මා යන සංකල්පය ද ඇතුළත් දැනුම නිසා ය. මා නොවන්නට මා සසරෙහි නැත. මා සසර සැරිසරන්නේ මා නිසා ය. ( මා යනු මා නම් සංකල්පය බව මෙහි පරස්පර සොයා මට බුදුදහම පිළිබඳ මූලික දැනුමවත් නැතැයි කීමට උත්සාහ ගන්නා අය තේරුම් ගන්නේ නම් මැනවි. මට බුදුදහම හෝ ගණිතය හෝ වෙනත් විෂයයක් ගැන හෝ දැනුමක් ඇතැයි පෙන්වීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් බටහිර දැනුමෙහි ආධිපත්‍යයට මම අභියෝග කරමි. එවිට ඇතැම් කරුණු පිළිබඳ මා දරණ මතය ප්‍රකාශ කිරීමට සිදුවෙයි.)


    බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ මූලික වශයෙන් සියලු දැනුම් බොරු නිසාත් එහි ඉහත සඳහන් පරිදි සංයුක්ත පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්ත කතන්දර මගින් තේරුම් කරන නිසාත් ය. වියුක්ත කතන්දර අපට කිසිසේත්ම පංචෙන්ද්‍රියවලට ගෝචර කරගත නො හැකි ය. වියුක්ත කතන්දරවලින් නිගමනය කළ හැක්කේ වියුක්ත ප්‍රතිඵල ය. ඒ වියුක්ත ප්‍රතිඵලයක් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් සමග සංසන්දනය කිරීමට නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාඥයෝ එසේ කළ හැකි යැයි සිතති. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් නිගමනය කළ හැක්කේ ඕනෑම වියුක්ත වස්තුවක් අදාළ අවශ්‍යතා සපුරාලන්නේ නම් තවත් යම්කිසි වියුක්ත වස්තුවක් වියුක්ත නාභියෙහි පිහිටන ලෙස අචල වියුක්ත ඉලිප්සයක චලනය වන බව ය. එය සංයුක්ත ව සූර්යයා වටා චලනය වන ග්‍රහ වස්තු සඳහා යොදා ගැනීම තාර්කික වශයෙන් නිවැරදි නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයෝ එසේ කරති. එයින් ඒ නිවැරදි යැයි ගම්‍ය නො වේ. බුදුන් වහන්සේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් වක්‍ර වූ කතන්දර (ඊනියා ප්‍රවාද) ආශ්‍රිත වක්‍ර දැනුම නොව ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය පිළිගැනීමට අනුබල දුන්හ. එහෙත් එයින් අදහස් කරන්නේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ඊනියා සත්‍ය බව නො වේ.


    බුදුදහමෙහි කෙරෙන්නේ මේ සියළු සංකල්ප ඇතුළත් දැනුම (දැනුම් පද්ධතීන්) බොරු බව කියා දීම ය. එහෙත් ඒ කිරීම සඳහා මුල දී දැනුමක් ලබා දීම අවශ්‍ය වෙයි. අවසානයේ දී වඩා වැදගත් වන්නේ විදර්ශනාව යැයි සිතමි. විදර්ශනය යනු දර්ශනය නැති කිරීම යැයි ද සිතමි. බුදුන් වහන්සේ ඒ මුල් දැනුම ඇතැමුනට දීම සඳහා ත්‍රිලක්‍ෂණය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පදාය, ධම්මචක්ක පවත්තන සූත්‍රය ඇතුළු විවිධ දැනුම් ඒ ඒ පුද්ගලයාට සරිලන ආකාරයෙන් දේශනා කළහ. ඒ දැනුම් හා අප ලබාගන්නා අනෙක් දැනුම් අතර ප්‍රධාන වෙනසක් වෙයි. අනෙක් දැනුම්වල අරමුණ ඊනියා ලෝකය තේරුම් ගැනීම ය. එහෙත් බුදුදහමෙහි කියැවෙන්නේ මා නමැති බොරුව තේරුම් ගන්නා ආකාරය ය. මනස නමැති බොරුව තේරුම් ගන්නා ආකාරය ය. ලෝකය නමැති බොරුව තේරුම් ගන්නා ආකාරය ය. දැනුම බොරුවක් බව තේරුම් ගන්නා ආකාරය ය. මනස යන්න ද ඒ ඒ පුද්ගලයාගේ නිර්මාණයකි. අපට බුදුදහමෙන් කියැවෙන්නේ මේ නිර්මාණයක් පමණක් වූ මනස බොරුවක් බව මනසක් නැති බව තේරුම් ගැනීමට ය. එය කරන්නේ කෙසේ ද යන්න ද බුදුදහමෙහි කියැවෙයි. මනසක් ඇතැයි අප සිතන නිසා මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි අපි සිතමු. මා යනුවෙන් අවසානයේ දී මා හඳුනාගන්නේ මගේ අත පය හෝ වෙනත් ඉන්ද්‍රියක් හෝ නොව මගේ මනස ය. මනසෙන් තොරව මා කෙනකු ගැන හෝ මා යන සංකල්පයෙන් තොරව මනසක් ගැන හෝ සිතිය හැකි ද? මෙහි දී දී මනස යන්න ද මගෙන් ස්වායත්ත ව පවත්නා ඊනියා වාස්තවික මනසක් නොව මගේ මනස ය.


    මනසක් යනුවෙන් හෝ මා යනුවෙන් හෝ යමක් නැතැයි දේශනා කළහොත් කී දෙනකුට ඒ බව පසක් වේ ද? (අනෙක් පසක් වීම් හා තේරුම් ගැනීම් මෙන් නොව මනසක් නැති බව පසක් වීම කෙරෙන්නේ මනසින් නම් විය නො හැකි ය) එබැවින් බුදුන් වහන්සේ දුකට හේතුව තණ්හාව ය ආදී වශයෙන් වදාළ සේක. තණ්හාව නැති කිරීම යනු අවසානයේ දී මා යනුවෙන් කෙනකු නැති බව පසක් කර ගැනීම ය. අපට තණ්හාව ඇතිවන්නේ මා යනුවෙන් කෙනකු ඇතැයි අප සිතන බැවිනි. මා යනුවෙන් කෙනකු නැති බව පසක් කළ අයකුට තණ්හාවක් නැත. අනෙක් අතට තණ්හාවක් නැත්නම් මා යන සංකල්පය ද නැත.


    පිළිකුල් භාවනාව නිසා සිදුවන්නේ ද මා නම් සංකල්පයට ඇති ආශාව නැති කිරීම ය. එය තවත් දියුණු කළහොත් මා නම් සංකල්පය ම මුසාවක් බව වැටහෙන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේගේ සියළු දේශනාවල අරමුණ මා යන්න වැරදි බව තේරුම් කර දීමත් මා යන්න මුසාවක් බව අවබෝධ කරවීමත් ය. මුල දී ඒ කෙරෙන්නේ දැනුමක් ලෙස බව සැබෑ ය. එසේ නොමැතිව ඒ මුසාවක් බව හඳුන්වා දීමට නො හැකි ය.


    සළායතනවලට හා සංස්කෘතියට සාපේක්‍ෂ නොවූ ඊනියා යථාර්ථයක් වේ ද යන ප්‍රශ්නය බොහෝ ථෙරවාදී බෞද්ධයනට ඇත. ලෝකය යනු පෘථග්ජන අපේ නිර්මාණයක් වූ කල එසේ තිබෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නගී. බුදුන්වහන්සේ ඇතැම් අවස්ථාවල ලෝකය පවතින්නේ යැයි ගැනීම ද නොපවතින්නේ යැයි ගැනීම ද වැරදි බව දේශනා කර ඇත. බොහෝ ථෙරවාදී උගතුන් ලෝකය නොපවතින්නේ යැයි ගැනීම වැරදි ය යන්නෙහි එල්ලී ලෝකයක් පවතින බව කීමට උත්සාහ දරනු පෙනෙයි. එහෙත් ලෝකය පවතින්නේ ය යන්න ද වැරදි බව ඔවුහු අමතක කරති. මට තේරෙන පරිදි ලෝකයක් ඇත. එහෙත් ඒ බුදුන් වහන්සේට ය. ඒ ලෝකය යනු ත්‍රිලක්‍ෂණ ය. මේ ත්‍රිලක්‍ෂණය ඊනියා යථාර්ථයක් නො වේ. ත්‍රිලක්‍ෂණය තේරුම් නොගන්නා අපි (ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දේශනා කර තිබුණ ද අප ඒ වචනවල එල්ලිය යුතු නො වේ. අනිත්‍ය යනු නිත්‍ය නොවන්න නො වේ යැයි මම සිතමි. අනිත්‍ය යනු නිත්‍ය නොවේ යැයි දැනගත් පමණින් කිසිවකුට නිවන් පසක් නො වේ. දුක්ඛ යනු කුමක් ද? ඒ යම් කිසි අයකුට දැනෙන දෙයක් විය නො හැකි ය. දුක්ඛ යන්න අනිත්‍ය හා අනාත්ම අතර ඇත්තේ ඇයි දැයි සිතා බලන්න. වැඩිම වුවහොත් දුක්ඛ යන්නෙන් දුක උපදවයි වැනි දෙයක් කියන්නේ යැයි සිතමි. දුක්ඛ යන්න ඉංගිරිසියට සෆරින්, ස්ටේ‍රස් ආදී වශයෙන් පරිවර්තනය කෙරී තවත් අවුල් වී ඇත) සළායතනවලට හා සංස්කෘතියට සාප්ක්‍ෂව විවිධ දැනුම් පද්ධති ගොඩ නගමු. ඒ සියල්ල බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ ඒ වියුක්ත වීම නිසා ම පමණක් නො වේ. අපේ ම නිරමාණ වූ ද බොරු වූ ද සංයුක්ත සංසිද්ධීන් තේරුම් ගැනීමට යැයි කියමින් එහි වියුක්ත කතන්දර ගෙතෙන බැවිනි.

    continue....
    http://www1.kalaya.org/2015/05/blog-post_90.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ....

    පටිච්චසමුප්පදායෙහි අවිජ්ජා යනු ත්‍රිලක්‍ෂණය තේරුම් නොගෙනීම යැයි සිතීමට බොහෝ දුරට ඉඩ ඇත. විජ්ජා යනු එවිට ත්‍රිලක්‍ෂණය තේරුම් ගැනී ම ය. යක්‍ෂ ගෝත්‍රික භාෂාවෙහි සෙප්පඩ විජ්ජා යන යෙදුම දක්නට ඇත. එය බුදුන්වහන්සේගේ විජ්ජා නොවන බව යක්‍ෂ ගෝත්‍රික බෞද්ධයන් දැන සිටින්නට ඇත. ඔවුන්ගේ සෙප්පඩ විජ්ජාවන්ට ග්‍රහ වස්තු අතර ගමන් වැනි දැනුම ද ඇතුළත් වී ඇත. අද සිංහලයෙහි සෙප්පඩ විජ්ජා යන්න බොරු යන අර්ථයෙන් ව්‍යවහාර කෙරෙයි. බටහිර විද්‍යාව වැඩිම වුහොත් සෙපප්ඩ විජ්ජාවකි.


    බුදුන්වහන්සේගේ යථාවාදය ත්‍රිලක්‍ෂණය හා සම්බන්ධ යැයි සිතමි. එය වත්මන් ඇතැම් ථෙරවාදීන් අටුවාව අනුව යමින් නූතනවාදීන්ගේ යථාර්ථය හා පශ්චාත්නූතනවාදීන්ගේ යථාව සමග සංසන්දනය කිරීම තවත් සෙප්පඩ විජ්ජාවක් පමණකි. උගත් සිංහල බෞද්ධයන්ගෙන් බුදුදහම බේරාගැනීමට සිදු වී ඇත. ඔවුහු බුදුදහම බටහිර විද්‍යාව ද ඇතුළු සෙප්පඩ විජ්ජා වූ පට්ටපල් බොරු සමග සංසන්දනය කරති.


    බුදුදහමෙහි අරමුණ මා යන සංකල්පය ද මගේ මනස යන සංකල්පය ද ඇතුළු දැනුම මුසාවක් බව පැහැදිලි කිරීම ය. මුල දී ඒ දැනුමක් වුවත් එය තවත් දැනුමක් ලෙස නූගැන්විය යුතු ය. දැනුම යනු මුසාවක් බව කියැවෙන බුදුදහම දැනුමක් ලෙස ගතහොත් නිවන තවත් ඈතට යනු ඇත. නිවන පසක් කිරීම යනු යම්කිසි දැනුමක් පසක් කිරීමක් නො වේ. නිවන පසක් කෙරෙන්නේ මනස ඇතුළු දැනුම් බොරු බව පසක් කිරීමෙනි. එය මනසෙන් කරන පසක් කිරීමක් විය නො හැකි ය. පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය. නිවන් අවබෝධ කිරීමෙන් අප යන නිවනක් නැත. නිවන යනු අපට යෑමට ඇති තවත් තැනක් නො වේ. නිවන් අවබෝධය යනු සියළු පෘථග්ජන දැනුම් මායා බව, බොරු බව, සෙප්පඩ විජ්ජා බව, අවිජ්ජා බව පසක් කිරීම ය.


    සියල්ලෝ ම හැකි ඉක්මණින් දැනුමෙන් මිදෙත්වා!


    නලින් ද සිල්වා

    2559 වෙසක් පුන් පොහෝ දින යක්‍ෂ ගෝත්‍රික ගම්මානයක් අසළ දී

    source : http://www1.kalaya.org/2015/05/blog-post_90.html
     
    • Like
    Reactions: MNV

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ 1. මූලික වශයෙන් සියලු දැනුම් බොරු නිසාත් එහි ඉහත සඳහන් පරිදි 2. සංයුක්ත පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්ත කතන්දර මගින් තේරුම් කරන නිසාත් ය. වියුක්ත කතන්දර අපට කිසිසේත්ම පංචෙන්ද්‍රියවලට ගෝචර කරගත නො හැකි ය. වියුක්ත කතන්දරවලින් නිගමනය කළ හැක්කේ වියුක්ත ප්‍රතිඵල ය. ඒ වියුක්ත ප්‍රතිඵලයක් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් සමග සංසන්දනය කිරීමට නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාඥයෝ එසේ කළ හැකි යැයි සිතති."

    මේ ටික දැන් දහස් වතාවකට වැඩිය මේ මනුස්සය නැවත නැවත කියල ඇති. නමුත් තාමත් එක එකා ලියනවා "මූ කියන්නේ බටහිර විද්‍යාව බොරු කියල, එතකොට කොම්පුටර් බොරුද? internet බොරුද?.... කොහෙද යන පිස්සෙක්..! ...Bla Bla Bla... " :rolleyes:

    (මෙහි 1. තේරුම් ගැනීමට බෞද්ධ විය යුතුය. එනම් මේ කතාව බෞද්ධ නොවන අයට අදාළ නොවේ. 2. තේරුම් ගැනීමට දර්ශණය ගැන යම් දැනුමක් තිබීම හෝ කාලයක් නලින් මහතාගේ ලිපි කියවා තිබීම අවශ්‍ය වේ.)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ 1. මූලික වශයෙන් සියලු දැනුම් බොරු නිසාත් එහි ඉහත සඳහන් පරිදි 2. සංයුක්ත පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්ත කතන්දර මගින් තේරුම් කරන නිසාත් ය. වියුක්ත කතන්දර අපට කිසිසේත්ම පංචෙන්ද්‍රියවලට ගෝචර කරගත නො හැකි ය. වියුක්ත කතන්දරවලින් නිගමනය කළ හැක්කේ වියුක්ත ප්‍රතිඵල ය. ඒ වියුක්ත ප්‍රතිඵලයක් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් සමග සංසන්දනය කිරීමට නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාඥයෝ එසේ කළ හැකි යැයි සිතති."

    මේ ටික දැන් දහස් වතාවකට වැඩිය මේ මනුස්සය නැවත නැවත කියල ඇති. නමුත් තාමත් එක එකා ලියනවා "මූ කියන්නේ බටහිර විද්‍යාව බොරු කියල, එතකොට කොම්පුටර් බොරුද? internet බොරුද?.... කොහෙද යන පිස්සෙක්..! ...Bla Bla Bla... " :rolleyes:

    (මෙහි 1. තේරුම් ගැනීමට බෞද්ධ විය යුතුය. එනම් මේ කතාව බෞද්ධ නොවන අයට අදාළ නොවේ. 2. තේරුම් ගැනීමට දර්ශණය ගැන යම් දැනුමක් තිබීම හෝ කාලයක් නලින් මහතාගේ ලිපි කියවා තිබීම අවශ්‍ය වේ.)

    "මූ කියන්නේ බටහිර විද්‍යාව බොරු කියල, එතකොට කොම්පුටර් බොරුද? internet බොරුද?....

    ඔයා හැමදාම කියවල, අහල, දැකල ඇත්තේ ඔය වචන පේලිය විතරයි... ඒක එහෙම වෙන්නේ ඇයි කියල දහස් වතාවක් මෙතුමා ම පැහැදිලි කරලා දීලත් ඇති... ඒ පැහැදිලි කිරීම ගැන කණකින් අහන්නේ නැතුව, ඇහැකින් දකින්නේ නැතුව, වඩා ආශ්වාදජනක වචන පේළියක හිරවීම ගැන මට කනගාටුයි....:no:

    අනිත් දේ, මේ තරම් දිග ලිපියක සමස්ත හරය වටහාගන්නේ නැතුව, තමන්ට විවේචනය කරන්න පුළුවන් තැනක් හොයාගෙන, ඒ වචන පුන පුනා කියන එක ගැන ඊට වඩා කනගාටුයි....:no::no:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    952.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    summarize karanam watinawa.poddak digayi.

    ඒක නම් ඇත්ත... නමුත් මං හිතනවා එකම දේ උදාහරණ ගොඩක් අරගෙන කියල තියෙන්නේ, මේක කියවන අයට හරියටම අවබෝධ වෙන්න හිතල වෙන්න ඇති....
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔයා හැමදාම කියවල, අහල, දැකල ඇත්තේ ඔය වචන පේලිය විතරයි... ඒක එහෙම වෙන්නේ ඇයි කියල දහස් වතාවක් මෙතුමා ම පැහැදිලි කරලා දීලත් ඇති... ඒ පැහැදිලි කිරීම ගැන කණකින් අහන්නේ නැතුව, ඇහැකින් දකින්නේ නැතුව, වඩා ආශ්වාදජනක වචන පේළියක හිරවීම ගැන මට කනගාටුයි....:no:

    *Facedesk*
    මම කිව්වේ මම ගැන නෙවෙයි (අර දත් දොස්තර මහාචාර්ය තුමා ඇතුළු) එහෙම ලියන උන් ගැන. මම අවු 17 විතර ඉඳල නලින් මහතාගේ ලිපි කියවන කෙනෙක්. පොඩ්ඩක් හිමීට comment එක කියවල බලන්න.:lol:

    (අවාසනාවකට වගේ "සියලු දැනුම බොරු වේ" කියන එක පිළිගන්න පුළුවන් භක්තිමත් බෞද්ධයන්ට පවා "බටහිර විද්‍යාව පට්ටපල් බොරු වේ" කියූ විට මල පනී.)
     
    Last edited:

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    Thanks for sharing. Good post. This is the best line "පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය."
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Thanks for sharing. Good post. This is the best line "පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය."

    this is very true :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලට නලින් ද කියනදේවල් තේරෙනවද බන්... ප්‍රශ්නයක් දෙකක් අහන්ඩ ඕනෙ.

    1. "බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?
    2. යම්කිසි කාරණයක් බොරුවක් යයි කියන්නට සත්‍යය කුමක්දැයි දැනගත යුතුයි නේද?
    3. සත්‍ය මොකක්ද?

    දන්නව නම් කෙටියෙන් පිලිතුරු දෙන්න. පස්සෙ විස්තර අහන්න පුලුවන්නෙ
     

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    උඹලට නලින් ද කියනදේවල් තේරෙනවද බන්... ප්‍රශ්නයක් දෙකක් අහන්ඩ ඕනෙ.

    1. "බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?
    2. යම්කිසි කාරණයක් බොරුවක් යයි කියන්නට සත්‍යය කුමක්දැයි දැනගත යුතුයි නේද?
    3. සත්‍ය මොකක්ද?

    දන්නව නම් කෙටියෙන් පිලිතුරු දෙන්න. පස්සෙ විස්තර අහන්න පුලුවන්නෙ

    මට තේරෙන විදිහ :

    "බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?

    "අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි."

    මෙය තමා බටහිර විද්‍යාවේ ප්‍රධාන සංකල්පය. මෙය වැරදි (බොරු) බවයි නලින් ද සිල්වා මහතා කියන්නේ.


    සත්‍ය මොකක්ද?
    "බුදුන් වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළ ම පැණවූහ. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස් වෙයි. මා මියගිය පසු මගේ ලෝකය නැත."

    එනම් අපගේ සය ඉන්ද්‍රියන්ගෙන් වියුක්ත වූ ලෝකයක් නොමැත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තේරෙන විදිහ :

    "බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?

    "අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි."

    මෙය තමා බටහිර විද්‍යාවේ ප්‍රධාන සංකල්පය. මෙය වැරදි (බොරු) බවයි නලින් ද සිල්වා මහතා කියන්නේ.


    සත්‍ය මොකක්ද?
    "බුදුන් වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළ ම පැණවූහ. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස් වෙයි. මා මියගිය පසු මගේ ලෝකය නැත."

    එනම් අපගේ සය ඉන්ද්‍රියන්ගෙන් වියුක්ත වූ ලෝකයක් නොමැත.

    එතකොට මගේ ලෝකය කියන්නෙ එකක් තව කෙනෙක්ගෙ (ඔබේ) ලෝකය කියන්නෙ වෙන එකක්. එහෙම නෙ කියන්නෙ?