බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

මේ සටහන "Damith Kariyawasam" නමැති පුද්ගලයා තමන් "රහත් වෙලා" කියල කියාගනිමින්, බුදු දහමේ නාමයෙන් විවිධ විකෘති කරුණු පළකරමින්, අන් අයව මුළා කිරීමටත් අවසානයේ සැබෑ බුදුදහම විනාශ කිරීමටත් කටයුතු කිරීම පිළිබඳවයි.

මෙන්න මොහු රහත් වෙලා කියල කියාගන්න ආකාරය:
රහත්වෙච්ච අය අනික් අයට කියන්නේ නෑ! මාර්ග ඵල ලබපු උදවිය අනික් අයට කියන්නේ නෑ! (කිව්වොත් ඵල රහිත වෙනවා... රහත්වෙලා ගිහිගෙයි ඉන්න බෑ... ගිහියන්ට ඕව බෑ...) කියල කතන්දර ගොඩක් තියනවා නේද?? මේ... මම අනික් අය ගැන දන්නේ නෑ!! හැබැයි මං නම් අඬබෙර ගහලම කියනවා!!! අවශ්‍ය උනොත් හොම්බට ඇනලත් කියනවා!!! මොකද නැත්නම් හුඟාක් මෝඩ, ඔලමොට්ටල මිනිස්සුන්ගේ ඇස් අරවන්න / මොලේ පාදන්න බෑ!!!


ඒත් මේ "රහත් වුණා" කියන පුද්ගලයට "සැලකිය යුතු මුදලක් හම්බ වෙන වැඩක් සෙට් වෙලා", "ටික දවසකට බිසි වුණ" හැටි මෙන්න:
'මං' කියන එකා ගොඩාක් පම්පෝරි ගහල ගහල, shape එකේ මාරු උනා වෙන්න ඇති කියල හිතන අයත් ඇති නේ... නේද?? වැරදියි!!! 'ඌ' [මං] සැහෙන busy උනා!! ... සැලකිය යුතු මිලක් හම්බකරගන්න පුළුවන් වැඩක් ලැබුණ... වැඩේ බාරදුන්න කෙනත් බලාපොරොත්තු උනේ උදව්වක්... ඒ හන්ද කරලා දෙන්න බර ගත්ත.


මෙන්න මේ "රහත් වුණා" කියන එක්කෙනා සින්දු ඉල්ලන හැටි:
me sindu deka hoyala denawada? ...
dewani eka gaayikaawak kiyanne. eke kiyawenawa 'ran wan eran maala gelatath aran enna... indunila manik thodu kanatath aran enna... mage pancha kalyaana roope balan inna... obatayi priye adambare... obatayi priye aadambare...' kiyala.
puluwan weyida balanna me deka hoyala denna.


මම දන්න බුදු දමෙනම් රහතන් වහන්සේල "බිසි" වෙන්නෙවත් සින්දු හොයහොය අහන්නෙවත් නෑ...

මේ පුද්ගලය හිතාගෙන ඉන්නෙ එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දක්ෂයි කියලා. බුදුහාමුදුරුවො කළේ ධර්මය පහදා දීම. පින, බුද්ධිය සහ වසනා ගුණය ඇති අය එයින් නිවන් අවබෝධ කළා. ඒත් මේ Damith Kariyawasam ට පුළුවන්ලු බටයක් දිගේ අමුද්‍රව්‍ය යවල නිශ්පාදන හදනව වගේ අපිව ක්ශ්ණිකව නිවන් "දක්කවන්න". මෙන්න ඒක එයාගෙම වචන වලින්:

මේ ලෑස්ති වෙන්නේ අමුතුම වැඩකට... කවදාවත් අහල නැති, extaraodinary, වැඩකට!! ඔය උදවිය හැමෝම සංසාර දුකින් එතෙර කරන්න... කොටින්ම කිව්වොත්, කට්ටියම 'ණිවන් දක්කන්න' !!!.....
බලන්නකෝ මම කරපු වැඩේ!!! මම සංසාරේ අනුභව කළා!!! දැන් ආයේ සෑහෙන කාලෙකට ලෝකේ උපදින දෙවි මිනිසුන්ට සංසාරේ යාමක් නෑ!!! ඔය උදවිය හැම දෙනාමත් එක්ක, ඒ මතු උපදින උදවියත් සසර දුකින් සදහටම එතෙර වේවි!!! මම ධර්ම මාර්ගය 'බටයක්' වගේ කළා... මේ කෙලවරින් ඔබන නිකම්ම නිකම් හිස් පුද්ගලයත් අනික් කෙලවරින් මාර්ගඵල ලාභියෙක් හැටියට ණිවනට යොමුවෙනවා මිසක්, ආයේ මැද්දෙන් පැනල, වැඩ වරද්දගෙන, කැලේ පනින්න දැන් කිසිම ඉඩක් නෑ!!!


ධරමාවබෝධයට අවශ්‍ය බුද්ධිය/ වසනාව ලබාගැනීම සඳහා සසර පුරා පින් කර තිබීම අවශ්‍යයි. ඒත් මෙයා කියන විදියට දන් දීම, සිල් රැකීම, පින් කිරීම නිවනට වැඩක් නෑ:
දන් දිදී, සිල් රැක රැක, තව චුට්ටක් වත් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ල නම් වැඩක් වෙන්නේ නෑ!!! එහෙම වෙනවා නම් අපි මේ ගෞතම බුද්ධරාජ්‍යයට වත් එවෙන්නේ නෑ නේ?? මීට කලින් බුදුවරු කොච්චර පහල වෙලා මේ චතුරාර්ය සත්‍යයම තෝර තෝරා කියල දුන්නද??? පින් කොරාම ණිවන් යනවා නම්, මෙලහට එකෙක් දෙතුන් පාරක් ණිවන් දැකල තියෙන්න ඕනේ!!!


මෙයා මානසික රෝගියෙක්ද නැතිනම් කුමන්ත්‍රණකාරී ලෙස බුදුදහම විනාශ කරන්න හදන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් මේ වගේ අයට නිර්මල බුදුදහම විකෘති කරමින් විනාශ කරන්න අපි තවදුරත් ඉඩ දෙනවාද?

එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිල්ලිය;11091491 said:
    දමිත් කාරියවසම් කියන්නෙ "උපුල් ශාන්ත සන්නස්ගල"

    නෑ. මෙයා software industry එකට සම්බන්ධ කෙනෙක්. තලවතුගොඩ පැත්තෙ ඉන්නෙ. වයස 40 ක් විතර. :nerd:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර "මම" ඉන්නෙ කොහෙද කියල ත්‍රෙඩ් එක දාපු පොර නේද? උගේ පෝස්ට් දෙක තුනක් බලද්දිම ඒ දවස වලම මට තේරුණා වැඩේ මොකද්ද කියල. ඒ හින්ද කටවහන් බලන හිටිය ඌට තනියෙන් බුදු වෙන්න දීල :lol:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මම නම් ඒක කියන්න දන්නේ නෑ නමුත් මෙයා කෙලින් උත්තර දෙන්නේ නෑ.
    මගේ ප්‍රශ්ණයෙන් එදා ලස්සනට ලිස්සලා ගියා.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මහමෙව්නා නිවන් ෆැක්ටරියෙන් ආපු තවත් රහත් ප්‍රොඩක්ට් එකක්...අනේ සාධු.

    දැන් පිටිදූවේ සිරිධම්මත් සෝවාන් වෙලා...නමත් වෙනස් කරගෙන...සිරි සමන්තබද්‍ර කියලා.. හ හා..
    බුදු දහම වැනසෙන්නේ සාසනය ඇතුලෙන්ම එන විකෘති තුලින්..
    මේක බලන්න..

    -------------------------------------------------------

    පිරිසිඳු බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ ගැන දැනුවත් වෙමු.


    දුඹුරු පැහැ සිවුරක් පැළඳි පමණින් වත්, බුද්ධ පුත්‍රයෙක් සේ මවා පෑ පමණින් වත් කිසිවෙකුටත් බුදු දහමේ පරම ගාම්භීරත්වය වන ත්‍රිපිටකයේ අංශුමාත්‍රයකුදු ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රයක් අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් සිය පුත්‍රයන් වහන්සේලාට දී නොමැත. බුද්ධ දේශනය නම් එවන් කුමණ්ත්‍රණකාරී භික්ෂූන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් විසින් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරමින් සසරේ සිය ආරක්ෂාව සලසාගත යුතු බවයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් (හෙවත් සෝවාන් වීම පිණිස අපවත් වී අළුතින් ඉපදුන සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ) , තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා මේ කියනලද ප්‍රතික්ෂේප කලයුතු වර්ගයේ අති භයංකාර භික්ෂූන් වහන්සේ නමවල් වන ආකාරය හා විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමණ්ත්‍රන පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් කරන විග්‍රහයන් බෞද්ධ අපි සැවොම නරඹා වහාම දැනුවත් විය යුතුම කාලයකි මේ.
    වගකිවයුතු, මහානායක ආදී විවිධ තානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුවත් කිරීමට නිර්භය නොවන, අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර පර්යේෂණ තුලින් සොයා අපිට හෙළි කරන, මෑත කාලයේ සෝම හිමිපාණන් කෙනෙක් මෙන් වූ මේ උතුමානන් වහන්සේට අපට හැකි සියළු උපකාරයන් කරමු. රත්මලාන ධර්ම පර්යේෂණාල වාසී පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් සියළු පහසු විහරණයන් සලසා රැක ගනිමු.


    ධර්මය විකෘති කිරීම 01 – පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්ලජ්ජී ධර්ම සංහාර



    ධර්මය විකෘති කිරීම් 02 - තමාම අනුබුදු යැයි කියාගන්නා, තමන් රහත් ‍යැයි සිතා ගත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ මිහිදු මහ රහතන් වහන්සේ සංහාරය. නිවන්පුරයේ සිට අද දිනත් පෙම් පත් ලියන නිවන් නොලැබූ අරුම පුදුම රහතන් වහන්සේලා.




    ධර්මය විකෘති කිරීම් 03 – පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන්, තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා, විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමන්ත්‍රණ





    source: http://dharmanidhaana.wordpress.com
     
    • Like
    Reactions: madusha.stranger