බුදුදහම ශූන්‍යවාදි ද? නීට්ශේට පිළිතුරක්
සි වැනි සියවසෙහි යුරෝපයේ චින්තනයට ‘නිට්ශේ’ ගේ දර්ශනය ඇති කළේ නොමඳ බලපෑමකි. ඔහුගේ සුවිශේෂ අවධානයට ‘බුදුදහම’ ද බොහෝ විට බඳුන් විය. ‘උතුම් මානව හිතවාදි ආගමක්’ හැටියට බුදුදහම අගයන අතර ම ඔහු එය හැඳින්වූයේ ‘ශූන්‍යතාවාදය (Nihilism) යටපත් කිරීමට මඟක් නොදැක්වූ දර්ශනයක්’ වශයෙනි. නීට්ශේගේ දර්ශනය හා බුදුදහම පිළිබඳ අධ්‍යයනයක යෙදෙන එංගලන්තයේ චෙස්ටර් සරසවියේ බෞද්ධ අධ්‍යයන පිළිබඳ ආචාර්ය රොබට් මොරිසන්, නීට්ශේ සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනය ‘ශූන්‍යවාදි’ දර්ශනයක් නොවන බව පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි, බුදුදහම වඩාත් හොඳින් අවබෝධ කරගත් කාලයක නීට්ශේ ජීවත් වූයේ නම් හෙතෙම තමන් විසින් උපකල්පිත ‘උත්තම මනුෂ්‍ය’(Ubermenseh) සංකල්පයට බුදු රජාණන් වහන්සේ ආදර්ශයක් සපයන බව වටහාගන්නවා නිසැක ය. මෙහි පළ වනුයේ ආචාර්ය මොරිසන්ගේ ‘නීට්ශේ සහ බුදුදහම’ කෘතියේ එන ලිපියක පරිවර්තනයකි.
ආචාර්ය රොබට් මොරිසන්
බුදුදහම, අක්‍රීය ශූන්‍යවාදයක් දැ? යි ප්‍රශ්න කිරිම වනාහි බුදුදහමේ සඳහන් ‘පරම සැපත’ වන ‘නිර්වාණය’ අක්‍රිය ශූන්‍යවාදයක් දැ? යි ප්‍රශ්න කිරීම වේ. නිර්වාණය, දුර්වල බවෙහි සලකුණක් ද? ලෝකයට තිබේ යැ යි අප විශ්වාස කළ වටිනාකම එහි නොමැති බව වටහාගැනීමෙන් පසු ඇති වන පරිහානි තත්ත්වයක් ද? නිර්වාණයට ළඟා වීම ස්වයං විනාශය පිළිබඳ වූ හැඟීමක් ද?
ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නම් බුදුන් වහන්සේ දේශනා කළ, ‘චතුරාර්ය සත්‍යය’ අධ්‍යයනය කළ යුතු වේ. දුකෙහි නැවැත්වීම, එනම්, ‘නිරෝධ සත්‍යය’ නිර්වාණ ය යි. දුක නිසා හටගන්නා වේදනාවේ සිට නිර්වාණය නම් ‘ප්‍රාචීන හිස් බව’ වෙත පසුබැස යෑම බුදුදහමේ අරමුණ යි.
නිට්ශේ විසින් රචිත ‘සරතුස්ත්‍රා’ ග්‍රන්ථයේ (Zarathustra) සඳහන් වන පරිදි බුදුදහම ‘ඉතිහාසය විසින් මනුෂ්‍ය වර්ගයාට පෙන්වූ එකම අනුභූතතිකවාදී ආගම’ (Positivistic Religion) ලෙස හඳුන්වයි. ඒ මන් ද යත්, බුදුදහම ‘පව’ ගැන පමණක් ම කතා කරන ආගමක් නොවන නිසා ය.
දුක නැති කිරීමේ මාර්ගය චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් ය. චතුරාර්ය සත්‍යය යනු ‘ආර්යයන්’ ලෝකය දක්නා ආකාරය යි; සර්වඥත්වයට පත් වූවන් ලෝකය දකින ආකාරය යි. බුදුන් වහන්සේ වදාළ ‘දුක්ඛ’ යන්න තුළ වාච්‍යාර්ථය ඉක්මවා ගිය අදහසක් ගැබ් වී ඇත.
සූත්‍ර පිටකයට අනුව ‘දුක්ඛ’ තෙවැදෑරුම් ය:
1. දුක්ඛ දුක්ඛ
2. විපරිණාම දුක්ඛ
3. සංකාර දුක්ඛ
‘දුක’ යනු සත්ත්වයින්ට ම ආවේණික වූ දෙයක් නොව, එක් එක් පුද්ගලයා ලෝකය ප්‍රත්‍යක්ෂ කරගන්නා ආකාරය යි. උදාහරණයක් ලෙස, නොයෙකුත් නරකාදියන්හි වෙසෙන සත්ත්වයන්ගේ ‘දුකට’ සාපේක්ෂ ව මනුෂ්‍ය ලෝකයෙහි ‘දුක’ සැපතක් වේ. මනුෂ්‍ය ලෝකයෙහි ‘දුකට’ සාපේක්ෂව නොයෙකුත් දෙව්ලෝවල වෙසෙන දෙවිවරුන්ගේ ‘දුක’ සැපතක් වේ. ‘භවග්‍ර’ ලෝකයෙහි සත්ත්වයකුගේ ආයු කාලය 80,000 කල්පයකි (පෘථිවියේ වසර බිලියනයකට සමාන වේ). එය ‘දුකක්’ ලෙස සලකනු ලැබේ. මේ අනුව සලකා බලන කල්හි බුදුදහම ඍණාත්මක යැ යි නීට්ශේගේ අදහස සාවද්‍ය ය. අභිධර්මයේ සාකච්ඡා වන සිත් 121 අතුරින් සිත් 63ක් පී‍්‍රතිය පෙරටු කරගත් අතර, සිත් 55ක් මධ්‍යස්ථ වෙයි. සිත් 3ක් පමණක් වේදනාකාරී වේ (කර්ම, විපාක, ක්‍රියා සිත්).
බුදුන් වහන්සේ මෘදු, යටහත් පහත් පෞරුෂයක් හෙබි ගුරුවරයෙක් ද?
බුදුන් වහන්සේගේ හා උපක ආජීවකගේ මුණගැසීම හුවා දක්වන සමහරුන්ගේ මතය වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු තමන් වහන්සේගේ සමකාලීන ආගමික නායකයින්ට බලපෑමක් ඇතිකිරීමට අපොහොසත් වූවකු ලෙසිනි.
බෞද්ධ සාහිත්‍යයෙහි බුදුන් වහන්සේ හට වෘෂභ (Usabha), හස්ති (Naga) හා සිංහ (Siha) යන විශේෂණ පද භාවිත කරනු ලැබේ. මන් ද යත්, උන් වහන්සේ හස්තියකු සහ වෘෂභයකු මෙන් තමන් වහන්සේ වටා ඇති සසර බැමි කඩාබිඳදමා නිදහස් වූ නිසාත්, සිංහයකු මෙන් නිර්භය වූ හා සීහනාද කරන්නා වූ නිසාත් ය.
නීට්ශේ යම් අවස්ථාවක බුදුරදුන් හඳුන්වා දෙන්නේ ‘මෘදු, යටහත් පහත්, ශාන්ත ගෞතම’ ලෙස යි (gentle Gotama, meek and mild). එහෙත් සිදුහත් කුමරාගේ උත්පත්තියෙන් පසු බමුණන් ප්‍රකාශ කර සිටියේ සිදුහත් කුමරා ගිහිගෙයි සිටිය හොත් චක්‍රවර්ති/ සක්විති රජ වන බව යි. කුමරාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විමසා බැලූ ඔවුන් ප්‍රකාශ කර සිටියේ, කුමරා ගිහිගෙයින් නික්මුණ හොත් අරහත් භාවයට පත් වන බව යි. මේ අනුව බුදුන් වහන්සේ කිසිදු විටෙක දුර්වල පෞරුෂයකින් හෙබි උතුමෙක් නො වේ.
තව ද, ‘නිර්වාණය’ දුර්වලයන්ට සුදුසු අරමුණක් නො වේ. කිසිදු ප්‍රමාදියකුටවත් (slacker), දුර්වල පුද්ගලයකුට වත් නිවනට ළඟා විය නොහැකි ය.
‘බුද්ධ’ යනු හුදෙක් ජීවිතය පිළිබඳ විඩාවට පත් පුද්ගලයෙක් නො වේ. පාළි පොත පතෙහි සඳහන් අයුරින් බුදුන් වහන්සේ ශක්තිමත්, දැඩි ආත්ම විශ්වාසයක් ඇති මහා පුරුෂයෙකි.
බුදුරදුන්ගේ බහුතරයක් අනුගාමිකයෝ තරුණ පිරිස් ය. ඔවුන් බුදුරදුන් වටා රැස් වූයේ තම ධනය, සුඛෝපභෝගී ජීවිතය හා තරුණ බිරින්දෑවරුන් හැරදමා ය. මොවුන් බුදුරදුන් වෙත පැමිණියේ ජීවිතය දුකක් හා තේරුමක් නැති දෙයක් ලෙස අවබෝධ කරගෙන විය නොහැකි ය. ඔවුන් බුදුරදුන් වෙත ආකර්ෂණය වූයේ උන් වහන්සේ දේශනා කළ දේටත් වඩා උන් වහන්සේගේ බාහිර රූප ශෝභාව හා පෞරුෂය හේතුවෙනි. බුදුන් වහන්සේ සාමකාමී බියගුලු, විඩාපත් වුණි නම් මේ සා විශාල පිරිසක් - ලෞකික ජිවිතයට බර, විනෝදකාමී, කාමභෝගී තරුණ කැලක් ආකර්ෂණය කරගත නොහැකි ය. පෙර සඳහන් කළ පරිදි දඹදිව තරුණ පිරිස් බුදුන් වහන්සේ වටා එකතු වූයේ තම ලෞකික ජිවිතය දුක් සහගත බව අවබෝධ වූ නිසා නො වේ. වඩා අර්ථවත් වූ ද, තෘප්තිමත් වූ ද, වික්‍රමාන්විත ජීවිතයකට මඟක් ඔවුන් බුදු රදුන්ගේ දේශනාවලින් වටහාගත් බැවිනි.
ලෞකික සංතෘප්තියට එහා ගිය ජීවිතයක් බුදු රදුන් දඹදිව තරුණ පිරිස් වෙත පෙන්වා දුන් සේක. යටහත් පහත් පෞරුෂයකින් හෙබි වූයේ නම් බුදුන් වහන්සේට කාමභෝගී ජීවිතයක් ගත කරන තරුණ පිරිස් තම ලෞකික ජීවිතය අතහැර අවසාන අරමුණ සංදෘෂ්ටිකවාදි සියදිවි නසාගැනීමකට (existential sucide) සමාන ‘නිවන’ අරමුණු කොටගත් භෞතික වශයෙන් ඉතා චාම්, කර්කශ ආගමික ජීවිතයකට නැඹුරු කරගැනීමට හැකි නො වේ.
කෙසේ වෙතත් කිසිදු තරුණයෙක් භික්ෂු ජීවිතයක් ලිංගික ජීවිතයකින් තොර, පිඬු සිඟා වැඩීමෙන් ලැබෙන එක් ආහාර වේලකින් තෘප්තිමත් වන, සිවුරු තුනක් හා පාත්තරයක් හැර වෙනත් කිසිදු වස්තුවක් නොමැති ජීවිතක් ගත කිරිමට සතුටු නො වේ. බුදුරදුන් එදා පෙන්වා දුන් ‘නිර්වාණය’ සහජාසනීය ස්වංවිනාශයක් නො වේ (instinct of self-destruction). බුදුරදුන් එදා පෙන්වා දී සිටියේ මිනිසුන් ගත කළ කාමභෝගී දිවිය, පැවිදි දිවියට සාපේක්ෂ ව අසතුටුදායී ‘දුක්ඛ’ බව යි. බුදුරදුන් පෙන්වා දුන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුට පත් විය හැකි පරමාදර්ශී ජීවිතයකි.
බුදුන් වහන්සේ ජීවමාන කලට පෙර සිට ම ඉන්දීය හින්දු සමාජය ‘පුනර්භවය’ පිළිබඳව විශ්වාස කළහ. සසර ගමන කෙළවරක් දැකීමට හැකි ආගමක්/ දර්ශනයක් වන බුද්ධාගමට ඉන්දීය සමාජය ආකර්ෂණය වූවා නිසැක ය. නිට්ශේ සඳහන් කළ අයුරින් බෞද්ධාගම අනෙකුත් ආගම්වලට වඩා මිනිසාගේ බලාපොරොත්තු සඵල කරයි. මන් ද යත්, මිනිසාගේ විඩාපත් බව, අසහනය මැඩපවත්වාගෙන තෘප්තිමත් සන්තෘෂ්ටිමත් ජීවිතයක් ළඟා කරගැනීමට රුකුල් දෙන බැවිනි.
‘නිර්වාණය’ අවබෝධයෙන් පසු මිනිසා ඍණාත්මක හෝ අලස ජීවිතයක් නො ගෙවයි. බුදුරදහු නිවන් අවබෝධයෙන් පසු පුරා වසර 45ක් ලෝක සත්ත්වයා පිළිබඳ කරුණාවෙන් ඉතාමත් ක්‍රියාශීලි ජීවිතයක් ගත කළහ. උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියා සිටියේ,
“මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද හිත සුව පිණිස, ගමක් ගමක් පාසා චාරිකාවේ යෙදෙන්න...” යනුවෙනි.
මෙහිදී පරස්පර විරෝධී අදහසක් මතු වේ. එනම්, නිවන යන්න ක්‍රියාවට විරාමයක් නො වේ (a state of non-action). බුදුරදුන් ජීවමාන ව සිටි කාලයේදී පවා බුදුරදුන් ශූන්‍යවාදියකු/ උච්ඡේදවාදියකු ලෙස බොහෝ දෙන චෝදනා නැගූහ. උච්ඡේදවාදය යනු භෞතිකවාදියකු වූ අජිත කේශකම්බල හා බැඳුණු ධර්මයකි.
බුදුරදුන් වදාළ උච්ඡේද දෘෂ්ටිය (annihilationism) විප්ලවකාරිය; සංසාරයෙහි වෙළී සිටින මනුෂ්‍යයන්ට ගෝචර නො වේ. එය අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණි. බ්‍රහ්මජාල සූත්‍රයට අනුව (Brahmajala Sutta) උච්ඡේදවාදයෙහි උපවර්ග හතක් ඇත. ඒ සියලු උපවර්ගයන් මිථ්‍යා දෘෂ්ටීන් යැ යි බුදුහු ප්‍රතික්ෂේප කළහ.