බුදුන්ගේ මණරම් සිතුවිලි

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    බුදුන්ගේ මණරම් සිතුවිලි

    බුදුන්ගේ මණරම් සිතුවිලි

    දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
    ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,

    “මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”

    44601.jpg


    අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
    ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.
    එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,

    52402.jpg


    “මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”

    එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,

    “තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”

    අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව
    නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.
    ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ
    තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.
    ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව
    නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.
    මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්
    දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.
    ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.

    48303.jpg


    තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,

    30204.jpg


    “ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත.
    කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
    එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

    “ඔබේ මනසද මෙසේමය.
    එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
    එයට කුඩා කාලයක් ලබා දෙන්න.
    එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
    එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
    එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

    මනස සංසුන් කරවීම මහත් පරිශ්‍රමයක් දරා කළයුතුතක් නොවෙති.
    එය නිරුත්සාහි ක්‍රියාවළියකි.....!!!

    සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
    කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න
    මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජණක අයකු වන නිසාය.

    37405.jpg


    https://groups.google.com/d/topic/lankawebnet/6gIrD57FSmw/discussion

    Rep me ++ if you like this
     
    • Like
    Reactions: Gouken

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඉතම වටිනා අදහසක්,වටිනාකම ගැන කියන්න වචන නෑ,මේ විදියට උන්වහන්සේ ප්‍රයෝගිකව උදාහරන වලින්ම පිලිතුරු දුන් අවස්ථා බොහෝමයක් තියෙනවා,මෙවන් කරනා එවන් උත්තමයෙකුට ඇරෙන්න වෙන කාටනම් පෙන්වාදියහැකිද ???

    Thanks for shearing
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මේ කථන්දරය තියෙන්නේ මහාපරිනිබ්බාණ සූත්‍රයේ. හැබැයි ඔයිට වඩා ටිකක් වෙනස්ත නමුත් මන් අගය කරනවා. හොඳ දේ කවුරු කලත් හොඳයි. ධර්මය ප්‍රසිද්ධ කරන්න අපිත් එකක් එක් වෙන්න... හැබැයි ධර්මය වෙනස් කරන්නවත් අර්ථ වෙනස් කරන්නවත් එපා.
    එහෙම කලොත් වෙන්නෙ මොකක්ද කියලාත් බුදුහාමුදුරුවො පරිනිබ්බාණ සූත්‍රයේදිම දේශනා කරලා තියෙනවා. ඒ වගේම අනෙක් අයගේ දේවල් දාද්දිත් පරිස්සමෙන් යාළුවා.

    http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/16-mahaparinibbana-s.html