බුදුන්ගේ මණරම් සිතුවිලි.....

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    බුදුන්ගේ මණරම් සිතුවිලි.....

    දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
    ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,

    “මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”

    අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
    ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.
    එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,


    “මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”

    එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,

    “තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”

    අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව
    නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.
    ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ
    තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.
    ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව
    නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.
    මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්
    දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.
    ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.

    තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,


    “ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත.
    කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
    එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

    “ඔබේ මනසද මෙසේමය.
    එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
    එයට කුඩා කාලයක් ලබා දෙන්න.
    එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
    එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
    එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

    මනස සංසුන් කරවීම මහත් පරිශ්‍රමයක් දරා කළයුතුතක් නොවෙති.
    එය නිරුත්සාහි ක්‍රියාවළියකි.....!!!

    සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
    කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න
    මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජණක අයකු වන නිසාය.
     
    • Like
    Reactions: Helo1

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
    ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.

    වැවක් උඩින් ගොන් කරත්තයක් ගියා?

    මේක ගොතපු කතාවක්, මේ කතාවෙන් ආදර්ශයක් ගන්න පුළුවන් හිතනවානම් මෝඩකමක්. සැබෑ සිදුවීම පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා.

    තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ. එ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළැඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේගේ මහර්ද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ. ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළැඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ” යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළැඹියාහ. එළැඹ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළැඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා” යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළැඳූ සේක.

    http://www.thripitakaya.org/tipitakaya/Index/65?s=21
    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන අවබෝධයෙන් සත්වයාගේ පැවැත්ම නැවත්වීම මිසක් පැවැත්ම හොඳ වෙනතුරු බලා සිටීම නෙවෙයි. එහෙම බලා සිටීමෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සසර පැවැත්ම තමන්ට හොඳයි කියල හිතෙන විදිහට ස්ථිර කරගැනීමක් මිසක් නැවැත්වීමක් නෙවෙයි.

    තමනුත් මුලාවෙලා අනිත් අයවත් මුලාකරන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳයි නේද?

    “ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත.
    කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
    එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

    “ඔබේ මනසද මෙසේමය.
    එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
    එයට කුඩා කාලයක් ලබා දෙන්න.
    එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
    එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
    එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

    මනස සංසුන් කරවීම මහත් පරිශ්‍රමයක් දරා කළයුතුතක් නොවෙති.
    එය නිරුත්සාහි ක්‍රියාවළියකි.....!!!

    සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
    කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න
    මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජණක අයකු වන නිසාය.