ඉංග්‍රීසියෙන් science කියන්නේ බුද්ධ දර්ශනයෙ එන "විද්‍යා" ම නෙමෙයි නේද? ඔතන ඉංග්‍රීසි-සිංහල පරිවර්නයේ ගැටලුවක් වගේ.
නැහැ. නමුත් සමහර අය, විශේෂයෙන් බටහිර විද්‍යාව අනුව උපාධිධාරී උගතුන්, බුද්ධ ධර්මයේ ඇති කරුණු බටහිර විද්‍යාව අනුව නිර්වචනය කිරීමට, පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. ඇතැම් අය ප්‍රසිද්ධ හාමුදුරුවරුන්. එසේ පැහැදිලි කර ගත හැකි අවස්ථා බොහෝ ඇති නමුත්, ඇතැම් දේවල් ඒ විදිහට පැහැදිලි කරන්න පුලුවන් දේවල් නොවෙයි. එතකොට මේ විදිහට බටහිර ඇසින් ධර්මය දිහා බලන්න පුරුදු වුණු කෙනෙක්, බටහිර විද්‍යාවට ගෝචර නොවන හැම දෙයක්ම පිළිකෙව් කිරීමට ඉඩ තියෙනවා. ඒ වගේම බටහිර විද්‍යා දැණුමට අනුරූප වන ලෙස බුද්ධ ධර්මය විග්රහ කිරීම නිසා වැරදි ආකාරයට තේරුම් ගන්නත් ඉඩ තියෙනවා.
ඒ විදිහට ධර්මය අවබෝධ කරන්න බැහැ. සමහර තැන් පැහැදිලි කරගෙන ප්‍රසාදයක් ඇති කරගන්න පුලුවන්. නමුත්
ඒ මතම යැපෙන එක සුදුසු නැහැ. ධර්මය තේරුම් ගැනීමටනම් එය පිළිපැද බැලිය යුතුයි. නුවණින් විමසා බැලිය යුතුයි. විශේෂයෙන් සිතේ දියුණුවට අදාල බොහෝ කරුණු විස්තර කරන්න අවශ්‍ය වචනවත් අපි දන්නෙ නැහැ. පෙරදිග වැසියන් ලෙස ධර්මය, කර්මය, දුක, නිවන ආදී සංකල්ප අපට තේරුම් යන තරම් හොඳට බටහිර භාෂාවලට පරිවර්තනය කරන්න ගියාම වැටහෙන්නෙ නෑ. මුල් කාලීන ඉංග්‍රීසි පරිවර්තනවල බොහෝ අඩුලුහුඬුකම් තියෙන්නෙත් ඒ නිසයි.
ඔයා කියනවා වගේ පෙරදිග බසින් විද්‍යාව කියන වචනය පුලුල් අර්ථයක් ගෙන දෙනවා. නමුත් මං හිතන්නෙ ලේඛකයාට අවශ්‍ය වෙන්න ඇත්තෙ අර පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවො වගේ බටහිර විද්යාවෙන්ම ඔක්කොම පැහැදිලි කරන්න හදන අයට උත්තර දෙන්න.
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේ ගැන මෙහෙම කියල තිබුණා- රතන සූත්රයෙදි අපි පිළි ගන්නවනම් ධර්මය හා සමාන වෙනත් රත්නයක් නැත කියල, අපි අදහාගන්නවනම් බුද්ධ රත්නය හා සමාන රත්නයක් නැත කියල, වෙනත් එකක් එක්ක සන්සන්දනය කරන්න හිතන්නෙ නෑ. නමුත් ඒක අදාල වෙන්නෙ ශ්‍රද්ධාව ඇති අයට. ශ්‍රද්ධාව නැති කෙනා සන්සන්දනය කරනව.