බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන් උපන්න තැන හෝ නිදා ගත්ත නිදා ගත්ත තැන හොයනවට වැඩිය නරකද මචන්ලා මිනිහෙක් වෙච්ච එකේ මැරෙන්න කලින් සෝතාපන්න වත් වෙන්න බැලුවොත්.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    anything else you want to know, do feel free to ask. :dull:
    giphy.gif
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුන් උපන්න තැන හෝ නිදා ගත්ත නිදා ගත්ත තැන හොයනවට වැඩිය නරකද මචන්ලා මිනිහෙක් වෙච්ච එකේ මැරෙන්න කලින් සෝතාපන්න වත් වෙන්න බැලුවොත්.
    comment of the day:)
    :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    බොරු බං.. Australia ව හොයාගත්තෙත් 1600-700 ගණන් වල.. ඊට කලින් ඔකේ ඉදල තියෙන්නේ ගෝත්‍රික අය.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියාගන්නා පිරිස කරන්නේ බුදු දහම තුල සිටම බුදු දහම විනාස කිරීමක්. මේ මිනිස්සු බුදුන්ගේ උපත ගැන මිනිසුන්ගේ හිතේ දෙගිඩියාවක් ඇතිකරනවා. ඒ දෙගිඩියාව ඇති කරන්න කෙස් පැලන තර්ක, ඒවා ඔප්පු කිරීමට ඇති තරම් ක්‍රම හෝයා ගන්නවා. මේක ගැටලුවක් වෙන්නේ අදට නෙවෙයි. තව අව්රුදු ගානකින්.
    :yes::yes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචන් මේවගේ දේවල් වලින් වෙන්නෙත් අපිත් මුන් එක්කම එකතු වෙලා පවු පුරවගන්න එක.මොකද නොදැනුවත්ව හරි අපි හෑල්ලු කරන්නෙ බුදුහාමුදුරුවන්ව..මේ යක්කු උන් ඉන්න අදහස් වෙනස් කරන්නෙ නෑ.මීවනපලාන,පිටිදූව,කිරිබත්ගෙඩ, ගලබොඩවත්ත චීවර දාරීන් කරන්නෙ මිනිස්සුව නොමග යවන එක.අපේ ගොඩක් මිනිස්සු ඉතින් අහුවෙනව මොකද අපේ අය හිතන්නෙ බුද්දාගම කියන්නෙ පෝයට පංසල් යන එකයි, පන්සිල් ගන්නෙ එකයි විතරයි කියල.බහුතරේ එතනින් එහාට කිසිදෙයක් කරන්නෙ නෑ. ඔන්න ඕකයි බෞද්ධයගෙ තියන වැරැද්ද...හරියට බැලුවොත් උඹ හරි...ඕස්ට්‍රේලියාවට වන්දනාවෙ ආවට වැරැද්දක් නෑ... මොක්ද මෙහෙ ඉන්නව ලංකාවට වඩා සිල්වත් ගුණවත් අධිඝම ලාභී හාමුදුරුවරු

    අනිවාර්යෙන් මචං. ඔය මනුස්සයා මේ එලකිරියේ කරන්නේ බුදු දහමට නිගාවක්. මම එක ත්‍රෙඩ් එකක දැක්කා ලබන අව්රුද්දෙදි ලංකාවේ 3 2/1 ක්ද කොහෙදෝ මැරෙනවා කියලා දාලා. පිරිසිදු බුදු දහමට බොරුවට නිගා කරනවා මුන්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියාගන්නා පිරිස කරන්නේ බුදු දහම තුල සිටම බුදු දහම විනාස කිරීමක්. මේ මිනිස්සු බුදුන්ගේ උපත ගැන මිනිසුන්ගේ හිතේ දෙගිඩියාවක් ඇතිකරනවා. ඒ දෙගිඩියාව ඇති කරන්න කෙස් පැලන තර්ක, ඒවා ඔප්පු කිරීමට ඇති තරම් ක්‍රම හෝයා ගන්නවා. මේක ගැටලුවක් වෙන්නේ අදට නෙවෙයි. තව අව්රුදු ගානකින්.

    sirawata ban :yes:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ජිංතක ජිල්ලබකිට;20347839 said:
    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.

    4.jpg


    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය
    ]

    45.jpg



    ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

    තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

    කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

    අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

    ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.


    janbudvipaya.jpg


    දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

    කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

    හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

    ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම.
    Niyamai
    • machan
    ***
     
    Last edited: