මේ Thread එකේ කරුණු දක්වල තියෙන අයගෙන්,
යමෙකුට, රට - ජාතිය - ඉතිහාසය ගැන කැක්කුමක් ඇති වන්නේ "අතීත ගති පුරුද්දෙන්" මය.
- කොටසක් තොරතුරු නොදැන කතා කරයි - අදහස් නොදැක්වීම වඩා හොඳය.
- ඇතැමෙක් දන්නා තරමින් කතා කරයි - සාපේක්ෂව බුද්ධිමත්ය (නොදන්නා කරුණු නොකියන තරමට)
- තවත් අයෙක් ඔහේ තර්ක කිරීමට, අනෙත් අයගේ වැරදි සොයයි - මෝඩ උත්සාහයක යෙදෙයි.
ඇතැම් අයට ඔවුන් පිස්සන් සේ පෙනිය හැක.
එවැනි උතුම් (ලෞකික වුවත්) අරමුණු සහිත මිනිසුන් රටක සුදුසු කාලයේදී පහළ වන්නේ "ධර්ම නියමයෙන්" මය.
ඔවුන්ගේ උත්සාහය වැලැක්වීමට කිසිඳු බලවේගයක් සමත් නොවෙත්.
කිසිඳු ලෞකික ප්‍රතිලාභයක් නොතකා ලෝකයට සත්‍ය පසක් කරන එතුමන්ගේ අදහස් වලට සිනාසෙන/ උරණ වන/ වෛර කරන පිරිසක් සිටීමද ලෝක ස්වභාවය බව බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතුය.
සත්‍යය කෙසේ හෝ ඉස්මතු වීම වැළැක්විය නොහැක.
අද එය සියලු සාක්ෂි සමඟින් ලෝකය ඉදිරියේ විවර වෙමින් පවතී.
හිස් අදහස් දැක්වීම් පසෙක තබා, මේ ගැන දැනගන්න විශාල උවමනාවක් තියෙනවනම් හොඳින් කරුණු සොයා බලා මනස පාවිච්චි කරලා බුද්ධිමත්ව හිතලා තමන්ගේ මතය - ස්ථාවරය ගොඩනගා ගන්න.
ඒත් ඒක අනුන්ගේ මතය කරන්න උත්සහ කරාට හැම කෙනෙක්ම එකඟ වෙයි කියල හිතන්න එපා.
කෙසේ වුවද බොහෝ කලක් යටපත් වී තිබූ "නිවන් දැකීමට උපකාරී වන" "පරම පවිත්‍ර සිරි සද්ධර්මය" නැවත වරක් ඉස්මතු වී ඇති මෙවන් වාසනාවන්ත දුර්ලභ යුගයක මිනිස් ජීවිත ලබා "මේ සිරිලක් දෙරණ මත උපන්" ඔබත් මමත් අප්‍රමාදව කල යුතු වැදගත්ම කාරණය වන්නේ,
මේ සංසාර ගමන තුළ ඇති "අති භයානක තත්ත්වය" තේරුම් ගෙන,
මායාකාරී ලෞකික සැප සම්පත් පසුපස හඹා යාමෙන් මිදී,
සැබෑ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය,
ඒ අමාමෑණි සිරි සම්මා සම්බුදු රජාණන් විසින් දෙසූ බණ,
අරිය උත්තමයෙකුගෙන් අසා දැනගෙන,
පරතෝගෝෂික ප්‍රත්‍ය ලබාගනිමින් ඛණ සම්පත්තිය උදා කරගෙන,
මාර පුත්‍රයකු ලෙසින් "මාර ප්‍රතිපදාව" තුළ ගමන් කළ අන්ධ බාල පෘතග්ජන ලේබලයෙන් මිදී,
සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙසින් "අරිය ප්‍රතිපදාව" වෙත වෙනස් කරගැනීමයි.
එහිදී බුදුන් දකින ඔබ, ලෝකයෙන් මිදී සැබෑ ජයග්‍රාහකයා බවට පත්වනු ඇත.
සංසාර ගමන පුරාවට ලෝකය තුළ ලැබිය හැකි සියලු ජයග්‍රහණ කිහිප වරක් ලබා ඇති අප මේ උත්සහ කරන්නේ නැවතත් වෙහෙස මහන්සි වී ඒ ජයග්‍රහණයම නැවත ලබන්නය. කී පාරක් කරලද නවතින්න හදන්නේ ?
මේ මොහොත දුර්ලභ අවස්ථා අතර ඇති "අති දුර්ලභ අවස්ථාවකි" මග හැරියොත්, මාරයා ඔබව තවත් කල්ප කෝටි ගණනක් දුක් ගොඩක් මැද අතරමන් කරනු ඇත.
අවසාන වශයෙන් ජ'පුර මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය ඉදිරියේ ඇති කවියක් මතක් කරන්නම්...
ඔබ මෙහි ආවේ කුමකටද ?
ආවකු විලස යන්නද ?
නොආවකු විලස යන්නද ?
කිසිවක් තබා යන්නද ?
කිසිවක් රැගෙන යන්නද ?
යන තෙක් රැඳෙන්නද ?
නොරැඳී රැඳී ඉන්නද ?
2-3 පාරක් මෙය කියවා සරසවි වරම් ලද පළමු වසර සිසුවා යමක් සිතට ගනී...
ලැබූ දුර්ලභ අවස්ථාවෙන් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගනී...
සුළු පිරිසක් මෙහි ආවේ කුමකටද ? නොදනී...
නොරැඳී රැඳී ඉන්නා ඔවුන්, නොආවකු විලසම යන්න යයි...
මා මේ ප්‍රශ්න ටිකම මගෙන්ම විමසුවේ මීට මාස කීපයකට ප්‍රථමය...
එහෙත් ඒ වෙනත් මා ලද ඇති දුර්ලභ අවස්ථාවක් පිලිබඳවය...
ඒ අන් කිසිවක් නොව ඇති උතුම් මිනිස් ජීවිතය පිලිබඳවයි ...
එහිදී මගේ උත්තරය වුයේ... අප බහුතරයකගේ හදවතින් නැගෙන ලජ්ජාශීලී උත්තරයම තමයි...
මා කලකිරුණේ මා ගැනමයි... ධර්මය සොයා යාම එහි ප්‍රතිඵලයක්...
කළ යුතු දේ පෙනෙන්නට තිබියදී, කරන්නටවනදේ පසුපස හඹා ගොස් ලැබෙන හෝ ලබාගත් දෙයක් නැත...
ඒ උතුම් "පරම පවිත්‍ර සිරි සද්ධර්මය" ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න...
- ඔබ සැමට නිවන් සුව ලැබේවා -
