බුදුන් පොරක්ද...?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    බුදුන් පොරක්ද...?

    "බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය.

    මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය.
    නමුත් මේ ප්‍රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි.

    ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරන්නට පෙළඹුනෙමි.

    පහත සංවාදය මා කියවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.

    වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය:

    "ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

    පිළිතුර "ඔව්."

    එවිට බුදුන්ගේ පිළිතුර:

    "ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

    මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගණනකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!

    අධ්‍යාත්මික සංවර්ධනය, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?

    කලක් ගතවී ප්‍රථම උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධියක් හැදැරීමට තීරණය කළෙමි. විද්‍යාත්මක දර්ශනය එහි අනිවාර්ය විෂයයක් විය. මා විවිධ විද්‍යාඥයින් පළකළ දාර්ශනික අදහස් ගැන කියවන්නට පටන් ගතිමි. පහත අදහස් මට කියවන්නට ලැබුණේ අහම්බෙනි.

    "මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි."

    "සම්ප්‍රදායිකව පිළිගත් දෙය යනු පරම සත්‍යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්‍යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්‍රදායයි. විද්‍යාව නම් ක්ෂේත්‍රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද?
    නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්‍යාණුකූල යයි ප්‍රගුණ කළ සහ පිළිගත් ක්‍රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්‍රය විද්‍යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය."

    "මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්‍රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්‍යාත්මක ක්‍රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද පැතුරුවෙමි."

    "මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්‍රොයිඩ් වාද යි.
    මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්‍යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්‍රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය.
    ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි."

    "ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
    දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
    නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
    කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

    -බර්ට්‍රන්ඩ් රසල්




    පසුකාළීනව සමාජ සම්බන්ධතා කෙමෙන් දළුලා වැඩෙත්ම විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණවල නියුතු පර්යේෂකයින් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.

    විද්‍යාත්මක ලෝකයේ Cognitive Science නම් ක්ෂේත්‍රයක් ඇති බව දැනගත්තා පමණක් නොව ඇමරිකාවේ හා යුරෝපයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ඒ පිළිබඳව පර්යේෂණ කරන ලාංකිකයින් පවා හඳුනා ගැනීමට හැකිවිය.

    Cognitive Science Hexagon

    ඔවුන් පවසන අන්දමට, නවතම ප්‍රවණතාව වන්නේ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල (MIT, Stanford, Princeton, Carnegie Mellon, Amsterdam ...etc.) සියල්ලගේම පාහේ පර්යේෂකයින්ගේ උනන්දුව සහ නැඹුරුව පවතින්නේ Cognitive Science පිළිබඳවය. කොටින්ම මෙවැනි පර්යේෂණ දෙස අවඥාවෙන් බැලූ අන්තවාදී ලෙස භෞතිකවාදී ආකල්ප දැරූ පර්යේෂණ ආයතන පවා දැන් දැන් අළුතින් මේ පිළිබඳව පර්යේෂණාගාර පිහිටුවමින්, අධි තාක්ෂණික උපකරණ නිපදවමින් සිටිති.

    විවිධ ආගමික හා දාර්ශනික පරිසර වල ආභාෂය ලැබූ, විවිධ රටවල් නියෝජනය කරන අමුතුම මාදිලියේ විද්‍යාඥයින් ඒ අතර සිටීලු.

    නමුත් ඔවුන් සියල්ලන්ම එකහෙළාම තමන් පර්යේෂණ කරන මෙම Cognitive Science නම් ක්ෂේත්‍රයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පර්යේෂකයා ලෙසට අවිවාදයෙන් පිළිගන්නා 'පොරක්' සිටී.

    ඒ ගෞතම සිද්ධාර්ථ ය.


    FROM fb
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ අසන ප්‍රශ්නයට කෙටි පිළිතුර ඔව් යන්නය.
    බුදුන් “පොර“කි.....
    එයට හේතුව වන්නේ මෙතරම් විද්‍යාව දියුණුවීත්, වසර දෙදහස් ගණනකට පෙර ඒ “පොර“ කිව් දේ තාමත් බොරු නොවී පැවතීම නිසා ය. එපමණක් නොව ඒ කියූ දේ වද්‍යාෙවන් පහදා දිය හැකි නිසා ය.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ඔබ අසන ප්‍රශ්නයට කෙටි පිළිතුර ඔව් යන්නය.
    බුදුන් “පොර“කි.....
    එයට හේතුව වන්නේ මෙතරම් විද්‍යාව දියුණුවීත්, වසර දෙදහස් ගණනකට පෙර ඒ “පොර“ කිව් දේ තාමත් බොරු නොවී පැවතීම නිසා ය. එපමණක් නොව ඒ කියූ දේ වද්‍යාෙවන් පහදා දිය හැකි නිසා ය.

    :eek: වරදවා වටහාගෙන වගේ :eek:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    "ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

    පිළිතුර "ඔව්."

    එවිට බුදුන්ගේ පිළිතුර:

    "ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

    ත්‍රිපිටකයේ මේක තියෙන තැන පෙන්නන පුළුවන් නම් වටිනවා
     
    • Like
    Reactions: blood_brotha

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Gautama buddha re-founded the lost knowledge.The knowledge have been discovered by yogis thousand of years ago too.so he's not the only "pora":)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,976
    4,572
    113
    gauthama budurajanan wahanse, uthun nirwanaya soyaganna ladhii, ema maargaya kiya dunha. ema nisa gauthama wanneya
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    gauthama budurajanan wahanse, uthun nirwanaya soyaganna ladhii, ema maargaya kiya dunha. ema nisa gauthama wanneya

    Gautama is his birth name.Because he re-discovered the lost knowledge alone he's one of those perfectly enlightened.So he's samma sambuddha.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    "ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
    දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
    නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
    කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය.
    "


    බුදුදහමෙන් කියවෙන්නේ ලෝකයේ සෑම දෙයක්ම සිදු වෙන්නේ හේතු ඵලවාදයකට අනුව කියලා නේ .ඒ දෙය නිසා තමයි මෙහෙම කියලා තියෙන්නේ
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය:confused::confused::confused::confused::confused::confused:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ජෝතිශයට පාරක් වදිනව නේද ඕකෙන්?:)

    ඕක ගැන නම් වෙනමම ත්‍රෙඩ් එකක් දාලා ජ්‍යෝතිෂය ගැන දන්නා අය එක්ක සෙට් වෙලා සාකච්චා කරන්න ඕන මාතෘකාවක් :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    Gautama buddha re-founded the lost knowledge.The knowledge have been discovered by yogis thousand of years ago too.so he's not the only "pora":)

    ඔව් මචන් භාවනාවෙන් ධ්‍යාන ලබපු අයට ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්.
    නමුත් බුදුන් වහන්සේ කියන්නෙ මිනිස්සුන්ට ජීවිතයේ සත්‍ය පෙන්නල,සසරින් එතෙර කරන්න පහල වෙන කෙනෙක්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් මචන් භාවනාවෙන් ධ්‍යාන ලබපු අයට ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්.
    නමුත් බුදුන් වහන්සේ කියන්නෙ මිනිස්සුන්ට ජීවිතයේ සත්‍ය පෙන්නල,සසරින් එතෙර කරන්න පහල වෙන කෙනෙක්.

    :yes:He's a rare buddha.dharmaya nethi wenakota hoyaganna ipadena kenek.samma sambuddha
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ත්‍රිපිටකයේ මේක තියෙන තැන පෙන්නන පුළුවන් නම් වටිනවා

    මම හරියම මේක තියෙන තැන නම් දන්නෙ නෑ. ඒත් අග්ඥ සූත්‍රයෙ උන් වහන්සේ විශ්වය සහ පරිණාමය ගැන දේශනා කරල තියෙනව.(විශ්වය පිම්බෙනව හැකිලෙනව(big bang theory),මන්දාකිණි වගේ දේවල්)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ජෝතිශයට පාරක් වදිනව නේද ඕකෙන්?:)

    මේ පේන ගොඩක් තරු ඔය දැන් නෑ කියල අපි කොහොමත් දන්නවනෙ බන්.(මම කියන්නෙ විද්යාත්මකව) :confused:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න තව තවත් සනාථවන එකම දහම බුදු දහම පමණි.
    -ආතර් සී ක්ලාක්-
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Gautama buddha re-founded the lost knowledge.The knowledge have been discovered by yogis thousand of years ago too.so he's not the only "pora":)

    yogis didint found that knowlede.. only a buddha or pase buddha can bring back that truth to the world.. again it will fade away after few thousand yrs.. thats da cycle. yogis tried to find a eternity but.. their path is wrong..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජෝතිශයට පාරක් වදිනව නේද ඕකෙන්?:)

    ඕක ගැන නම් වෙනමම ත්‍රෙඩ් එකක් දාලා ජ්‍යෝතිෂය ගැන දන්නා අය එක්ක සෙට් වෙලා සාකච්චා කරන්න ඕන මාතෘකාවක් :)

    ජෝතිශයට පාරක් vadain na oken, ජෝතිශයට thiyenne erath ekath ekka sambanda grahayo 9 denaai irai hadai gana vitharai :D

    ඔය ගැන වාද කරන්න දෙයක් නෑ.
    බුදුහාමුදුරුවෝ පැහැදිලිවම, ඕන කෙනෙක්ට තේරෙන විදිහට, සරලව දීල තියනව උත්තරයක්.

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා

    නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?


    මිනිහෙක් ඉපදෙන කොට, ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම, සංසාරෙම ඒ වෙලාවෙ පායල තිබ්බ තරු මත තීරණය වෙනවනම්, බුදු හාමුදුරුවො බුදු වෙලා නිවන් මග හොයාගත්ත එකේ වැඩක් තියනවද කියල අපි පෝඩ්ඩක් හිතන්න ඕන බෞද්ධයෝ විදිහට.


    බුදුහාමුදුරුවො ජීවමානව ඉන්නකොටත් කෙලින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක් තමයි නක්ෂත්‍රය. නිවනට මග අහුරන විද්‍යාවන් ගණයට තමයි ඕක දාල තියෙන්නෙ.