බුදුන් වදින අලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    mbbs හොර දොස්තරයෙක් වෙන්නේ හරි විදියට නැතුව හොරට පෙනී හිටියම. හොර දොස්තරව හොයාගන්න පුලුවන් අදාළ සහතික ටික චෙක් කරා නම් .
    දැන් ඔය වගේ ප්‍රොසෙස් එකක් සිංහල වෙදකමේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    දැන් ඔය වගේ ප්‍රොසෙස් එකක් සිංහල වෙදකමේ නැත්තේ මොකද?
    තියනව නේ. වෙදෙක් අදුරගන්න විදියක් තියනව. පරමපාරික වෙදෙක් උනත් දැන් රෙජිස්ටර් වෙන්න ඕනේ මම දන්නා විදියට. ටෙස්ට් වගයක් ඇති..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    තියනව නේ. වෙදෙක් අදුරගන්න විදියක් තියනව. පරමපාරික වෙදෙක් උනත් දැන් රෙජිස්ටර් වෙන්න ඕනේ මම දන්නා විදියට. ටෙස්ට් වගයක් ඇති..
    අයි අලුත් විදියක් ඕනි වෙන්නේ සාමාන්‍යයෙන් ඕනිම වෘතියක එහෙම හොර අය අඳුරගන්න ක්‍රම තියෙනවනේ
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පරිණාමය දන්නේ නැති බිජ්ජා නේද මේ? :rofl:
    මෙන්න මෙයත් තොප්පිය දාගෙන. 🤭

    මං ඉතිං උඹේ නම කියලා මෝඩයා කිව්වෙ නෑනෙ. උඹම පිළිගත්තා නම් ඉතිං මට කරන්න දේකුත් නෑ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අපිට වෙලා තියෙන්නෙ දැනුම හැදෙන විදිය මිසින් වෙච්ච එකක් අනුරාධපුර පොලොන්නරු යුග වලින් පස්සෙ. ස්පෙල්බයින්ඩර් එකේ ඕක හොදට පෙන්නල දෙනව උන්ගෙ මූලික ක්‍රම වලට හැදුන දැනුම ඊට පස්සෙ මැජික් එකක් වෙන හැටි මූලික කාරණා ටික මිස් උනාම. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අවුට්පුට් ටික විතරයි දැන් එකයි මේ ගොඩක්ම අවුල.


    මේකෙ සරලව ගත්තොත් යමි "දැනුම් පද්දතියක" පදනම නැතිවීම එහෙමත් නැත්නම් දැනුම් පද්ධතිය ගොඩනැගෙන්න හේතු වුන මිනිස් අත්දැකීම් සහ චින්තන වල අභාවයට යාම ඒ ඒ දැනුම් පද්ධති ටික ටික අභාවයට යාමට හේතුවෙනවා කියන එකනම්, ඒක නිවැරදියි කියලා මමත් හිතනවා. ඒ වාගෙම විවිධ චින්තන වලින් නිපදවන දැනුම විවිධාකාරයි කියන එකත් අපිට ලෝකය දිහා බලද්දි පැහැදිලිවම දකින්න පුලුවන්.

    උදාහරණයකට; නයීව් රියලිස්ට් චින්තනයක් තියන අයෙක්ට බාහිර පේන ගස්කොළන්, යාන වාහන ඇතුලු "දේවල්" බාහිර පරිසරයේ පවතින දේවල්.

    විඥ්ඥානවාදී චින්තනයක් තියන අයෙක්ට බාහිරින් පෙනෙන ගස්කොළන්, යාන වාහන ඇතුලු "දේවල්" හුදු මනසේ පවතින දේවල්.

    බුදුදහම වගේ ආගමක් සතු චින්තයක් තියෙන අයෙක්ට බාහිරින් පෙනෙන ගස්කොළන්, යාන වාහන ඇතුලු "දේවල්" හුදු අත්දකිනා මොහොතේ අත්දකිනා දේවල්.

    මෙතනින් විඥ්ඥානවාදී චින්තනයක් තිබෙන අයෙක් ලෝකය (ඔන්ටොලොජි, එපිස්ටමෝලොජි, එතික්ස්....) ගැන කතා කරද්දි අර මුලින් කියපු පදනම මත ඉඳගෙන තමා ලෝකය විවරණය කරන්නෙ. අනෙක් දෙකත් එහෙමයි. එතකොට ඒ ඒ අය සමහරවිට එකම අත්දැකීම පැහැදිලි කරන්නෙ ක්‍රම තුනකට. එතකොට මේ ක්‍රම එහෙමත් නැතිනම් දැනුම් තුනෙන් කෝකද හරි එක කියලා බලනවාට වඩා කෝකද ප්‍රයෝජනවත් දැනුම කියලා බලන එකයි වඩාත් සුදුසු කියලයි මම හිතන්නෙ. එතකොට අවස්ථානුකූලව ඔය තුනම භාවිතා කරන්න පුලුවන් ජීවිතය පහසු කරගන්න. කාලයේ වැලිතලාවට වැහිලා ගිය චින්තනයක් ආයෙ මතුකර ගන්න නම් ඒ චින්තනය ගැන ඒ චින්තනය තුල හිඳිමින්ම හදාරන්න වෙයි කියලයි මට හැඟෙන්නෙ. එහෙම නැතිව එක චින්තනයකින් තවත් චින්තනයක් මනින්න ගියොත් අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැතිවෙන්න පුලුවන්. මේකට හොඳම උදාහරණය බුදුදහම විද්‍යාත්මකයි කියලා කියවන අය.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    තෙරුන් නෑ . උදාහරණයක් කියන්න.
    ප්‍රයෝගික නැති හුදු කතන්දර වලට විතරක් මිනිස්සු එච්චර වටිනාකමක් දෙන්නේ නෑ අද නම්. විශ්වාස විදියට දාල තියෙන්නේ.
    අනිත් මිනිස්සුත් ඒවා විශ්වාස කරන්න ඕනේ වගේ දෙයක් ද උබ කියන්නේ කිසි හේතුවක් නැතුව ?
    ලංකාවේ සිද්දියක් කිව්වොත් ශ්‍රීපති වගේ මිනිස්සුන්ට වෙච්ච දේ දැක්කනෙ.
    ප්‍රායෝගික කියන්නෙ මොකුත් නොකර ඉන්න එක නෙවේ.
    අතීත දැනුම සම්පූර්ණයෙන්ම හරියි හෝ භාගයක් හරියි හෝ සමහර තැන් විතරයි හරියි හෝ සේරම වැරදියි කියලා හිතන සේරම විශ්වාසයන් තමයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    උබල කිව්වට පිරමීඩ හදපු දැනුම වර්තමානය වෙනකොට තියෙනව කියල ඒක නෑ. අඩුම ඔය මමියක් හදපු විදියත් තාම පරික්ෂණ කර කර හොයනව කොහොමද කරේ කියන එක. අද වෙනකොට කරන්න පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි අපි කතා කරපු ප්‍රශ්නෙ උනේ

    කව්ද උඹට ඕව කියන්නේ? :baffled:

    මෙන්න මෙයත් තොප්පිය දාගෙන. 🤭

    මං ඉතිං උඹේ නම කියලා මෝඩයා කිව්වෙ නෑනෙ. උඹම පිළිගත්තා නම් ඉතිං මට කරන්න දේකුත් නෑ.

    ගිහින් පරිණාමය ඉගනගෙන වරෙන් ලොකු ටෝක්ස් දෙන්න කලින් :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    තියෙනව නන් එහෙම ක්‍රමයක් දාන්න බලන්න දැනගන්න
    දැන් උඹ කියන්නේ මමී හදපු හැටි අපි දන්නේ නෑ කියලද?

    මමී නම් දැනුත් පේන්න තියනවා කියමුකෝ, එතකොට ඔය පොල් තෙල් වෙදාගේ මන්තර ඉස්සර වැඩ කරා කියල කියන්න තියන සාක්ෂි මොනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    දැන් උඹ කියන්නේ මමී හදපු හැටි අපි දන්නේ නෑ කියලද?

    මමී නම් දැනුත් පේන්න තියනවා කියමුකෝ, එතකොට ඔය පොල් තෙල් වෙදාගේ මන්තර ඉස්සර වැඩ කරා කියල කියන්න තියන සාක්ෂි මොනවද?
    මම ඒ උදාහරණෙන් අයින් උනා
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    වාරි තාක්ෂණය
    ඒවගේ කරපු විදිහ හොයන්න බැරිකමක් නෑනේ?

    අපේ මුතුන්මිත්තෝ වාරි තාක්ෂනය පැත්තෙන් ඉස්සරහින් හිටිය කියන එකේ ඉතින් තර්ක කරන්න දේකුත් නෑනේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒවගේ කරපු විදිහ හොයන්න බැරිකමක් නෑනේ?

    අපේ මුතුන්මිත්තෝ වාරි තාක්ෂනය පැත්තෙන් ඉස්සරහින් හිටිය කියන එකේ ඉතින් තර්ක කරන්න දේකුත් නෑනේ?
    බැරිකමක් නැති එකක් ගැන නෙවෙයිනෙ අපි කතා කරේ. ඒ මුලාශ්‍ර පිටින්ම නැති වෙච්ච එක ගැනනෙ. ඔය එල්ලන්ගා පද්ධති එහෙම අවුර්දු 1000ක් විතර එක දිගට ඩිවලොප් වෙච්චනෙ. වැව් අතන මෙතන හදන්නෙ නැතුව පිලිවෙලකට තනි ප්‍රොජෙක්ට් එකක් විදියට අවුරුදු 1000ක් විතර යන්න ඇත්තෙ මොකක් හරි ක්‍රමයකටනෙ. ඒ වගේ මිසින් වෙච්ච දේවල් ගැන කතා කරේ.
     
    • Like
    Reactions: S_M_S

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරියටම දනෙනෙ නෑ බන්. දේවාලෙක එකෙක් නම් චේන් දාලා අනිවා කකුල් තුවාල කරලා තියෙන්න ඕනේ. මූගෙ එහෙම නෑ කියන්නෙ ගොඩක් වෙලාවට රැලෙන් වෙන් වෙලා, මිනිස්සු දෙන දෙයක් කාලා රෑට කැලෑ වැදිලා ආයේ උදේට මිනිස්සු බලන්න එන එකෙක් වෙන්න ඕනේ.
    දන්න තරමින් කැබිලිත්ත දේවලය හරියෙ අලි තුන්දෙනෙක් ඉන්නවා. උන් වල් අලි. කැබිලිත්ත දේවලෙ ස්ථිරවම ඉන්න කෙනෙක් නෑ. වන්දනා නඩ එනකොට කපුවෙක් එක්කං එනනා කොහෙන්හරි. ඔය අලි ටයිමිං වලට හැමදාම ෂිෆ්ට් එකට වගේ දේවාලෙ හරියෙ ගැවසෙනවා කියල මට ගියපු අය කියල තියනවා.
     
    • Like
    Reactions: S_M_S and ruchira55

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    බැරිකමක් නැති එකක් ගැන නෙවෙයිනෙ අපි කතා කරේ. ඒ මුලාශ්‍ර පිටින්ම නැති වෙච්ච එක ගැනනෙ. ඔය එල්ලන්ගා පද්ධති එහෙම අවුර්දු 1000ක් විතර එක දිගට ඩිවලොප් වෙච්චනෙ. වැව් අතන මෙතන හදන්නෙ නැතුව පිලිවෙලකට තනි ප්‍රොජෙක්ට් එකක් විදියට අවුරුදු 1000ක් විතර යන්න ඇත්තෙ මොකක් හරි ක්‍රමයකටනෙ. ඒ වගේ මිසින් වෙච්ච දේවල් ගැන කතා කරේ.
    ඉතින් වැව් හදපු විදිහේ එහෙම දඩ mystery එකක් වත් වර්තමාන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් වත් නෑනේ? වාරි තාක්ෂනය ගැන මූලාශ්‍ර සැහෙන්න තියනවා.

    ඔය මන්තර ගුරුකම් එක්ක ඒවා compare කරන්න බෑනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඉතින් වැව් හදපු විදිහේ එහෙම දඩ mystery එකක් වත් වර්තමාන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් වත් නෑනේ? වාරි තාක්ෂනය ගැන මූලාශ්‍ර සැහෙන්න තියනවා.

    ඔය මන්තර ගුරුකම් එක්ක ඒවා compare කරන්න බෑනේ
    "විද්‍යාවෙන්"
    මෙතන විද්‍යාව කියල අදහස් කරන්නෙ මොන විද්‍යාවද?
     
    • Like
    Reactions: S_M_S