හිතාගන්න බෑ නෙවෙයි නෙ මම කිව්වෙ කරපු විදිය නෑ කියන එකනෙ. ඒ දෙක පැහැදිලිවම දෙකක් නෙ. හිතාගන්නකොට අපි ගන්නෙ උපකල්පනනෙ ඒව හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්නෙ.
කරපු විදිය කොහෙද නැත්තේ ??
දැන් ඒවා වල පාවිච්චි කරල තියෙන්නේ දැන් තියන ගඩොල් හැඩේ ගඩොල් නෙවෙයි ද ? ඒ ගඩොල් එකිනෙක තියන්නේ දැන් ගඩොල් තියන විදියට නෙවෙයි ද ? ඒ ගඩොල් අතර බදාම දාල නැද්ද දැන් දානව වගේ ??
ඔය ඔක්කොම අදටත් කරනවා. මොකද්ද අවුල ?
අද ඊට වඩා ලේසි විදියට, තක්ශනේ පාවිච්චි කරල ඒ දේවල් කරන්න පුලුවන්.
වාරි මාර්ග වල තියන අද ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති කෑල්ල මොකද්ද ?
අනුරාධපුර පොළොන්නරු කාලේ නෙවෙයි ලෝකේ ඉතින්හාසේ මිනිස්සු ජනාවාස හදාගත්තේ වාරිමාර්ග දියණු කරගන්න ගමන් තමයි .
ඔය ආගම් වල තියන බයිලා නම් අද ප්‍රතිපල දකින්න බැරි බයිලා. ඒවාට දැනුම නෙවෙයි කියන්නේ කතන්දර. ඒවා ඇතුලෙත් තියනව අවබෝදයෙන් කියපු දේවල්. හැබැයි ගොඩක් තියෙන්නේ කියන උන්ටවත් හරියට පැහැදිලි කරගන්න බැරි, කතන්දර.